Pages

Monday, February 20, 2012

මාළුවාගේ පාඩම


මාළු ටැංකියටම උන්නු
කඩවසමිම මාළුවා උනු එක,
උඹ හරිම ආඩමිබරයි නේද උඹ ගැන?
ඇත්තමයි මාළුවෝ උඹේ ආඩමිබරකමි මට
බලා ඉන්නට හැකි නෙතු නොසලා දවසක් වුවත්
ඒක දවසක්

උඹේ ආඩමිබර කමටද?
පණ්ඩිත කමටද?
නිසොස්මනේ හිටි
කළු ගලට අභියෝගයක් කලේ
කළු ගල් කිට් කිටියේ නුඹව තද කරන විට,

ගැලවි ගිය නුඹේ දිලිසෙන කොරපොතු,

ඉරීගිය නුඹේ වරල්,

මොහොතකින් නුඹේ ලස්සන
ගිලිහි ගිය අන්දම?

 ඇසින් වැටුනු කඳුළු බින්දු,
ටැංකිය උතුරා යවමින්
නුඹේ දිවිය බේරාගත් බව,

මාළුවෝ නුඹ ටැංකිය කෙලවරට වී
සිතනවාද තවමත් එය සිදුවූ හැටි

දන්නවාද?
 .
 .
අදටත් මම
ආසම මාළුවා නුඹ බව
අළුතින් ආවත් කෙතරමි ලස්සන

හැකිවේද?

උනුන්ට!

මට උගන්වනට නුඹ ලෙසකින්
හිත තුල පැලපදියමි වන
ජීවිතයේ දුක් බරම පාඩම.

2 comments:

  1. මට උගන්වනට නුඹ ලෙසකින්
    හිත තුල පැලපදියමි වන
    ජීවිතයේ දුක් බරම පාඩම..

    අපිටත් පාඩමක් ඉගැන්නුව
    මාළුවගෙ අපූරු අඹ යාළුවෙක්..!

    ReplyDelete
    Replies
    1. නන්ඳු ස්තුතියි මේපැත්තට ආවට
      ඇත්තටම මන් ආසම දේ තමයි මාළුදිහා බලා ඉන්න එක උන් කරන වැඩ අපේ ජිවිත වලට කොච්චර ලඟද

      Delete