Pages

Monday, September 17, 2012

.............නුඹ දන්නවද?...........

තව කෙනෙකු ඇති
ඔය හිත ඉල්ලන
මටත් වඩා
දහස් ගුණයක් හොඳ
මොනවත් නොකියමි
නුඹ යන්නම ගියාට

දන්නවද
ගෙවපු දිවි මඟ තුල
දැන ගතිමී මම
ජීවත් වනු කෙලෙසද වග

තවත් කෙතරම් කල් ගෙවුනත්
මීටත් වඩා නරකවත්
මීටත් වඩා හොඳවත්
නොවී තිබේවී මම
ඒ ජීවිත පන්නරය
මා ගෙනවිත් නවතා තැබූ තැන

දනිමී මම
ඔය සිත තවම
පෙරලි කරනා වග
නැවතිය යුතු තැන නුඹ තවම නොදන්නා වග

සිතන්නට එපා ඒ ගැන
තලා පෙලමින් නුඹේ සිත
අද දැනෙනා දෙය පමණක්
කරන්නට දීපන් හිත වෙත

එක යම් දවසකදි
හැරි බැලුවොත් ආ මඟ දෙස
පෙනේවී දුර ඈතක
තවමත් මා හිඳිනා වඟ.......


නුඹ දන්නවද?

මට එන්නට බැරි උනාට
ඔය හිත ළඟට

ඈත ඉදන් ඔය හිතට තට්ටු කරන්න
පුළුවනි මට

ඒත් කවදාවත්ම මට නොඇරෙන 
ඔය හිතට

තට්ටු කරාට, පලක් වේද මට

අනේ මන්දා ඔය හිතට තට්ටු කරපු
මගේ හිතත් තුවාල වෙලා

ඒ තුවාලෙන්ම මම මැරෙනකම්
බලන් ඉන්නවද නුඹ

හිතන්න බැරි හැටි වෙන
අනාගතයක් ගැන

ඔය හිත දිහා බැලූ බැල්මටම
මගේ හිත මියැදුනාවේ.........!!!

Thursday, September 6, 2012

.........ඇය රුවිනි..........




         ජීවිතය කියන්නේ අපි හිතන පතන දේවලුත් එක්කම නොහිතන නොපතන දේවල් ගොඩත් තුරුළු කරගත්ත ගමනක් අපේ ජීවිත වල බැබලෙන මාළිගා වලට වඩා බිඳවැටුනු නටඹූන් අනන්තයි ඒවගේම ජීවිතය රඳාපවතින්නේ ආදරය මත බවයි මගේ හැඟිම. ජීවිතයත් ආදරයත් එකට බැඳුනු දෙයක් .සමහර වෙලාවට හිතට දරාගන්න බැරි තරම් සතුටක් වගේම හිතට දරා ගන්න බැරි තරමි වේදනාවක්. 



        මේ ලෝකේ ඉන්නවා කියන දෙවියෝ කවදාවත්ම කෙනෙකුගේ ජිවිතය පුරාවටම හිතන පතන දේ ඉටු කරන්නේ නෑ. මගේ ජිවිතය තුළ මම පැතුව එකම පැතුමවත් මට ලබලා දුන්නේ නෑ.  මගේ සතුටට හේතු වෙලා තිබුන හැම දෙයක්ම හරිම අකාරුණික විදිහට මගෙන් උදුර ගත්තා. මම හිතන්නේ ඒක තමයි මම මේ ලෝකේ ලබපු ලොකුම වේදනාව. ප්‍රසාද් මට මුණගැහෙද්දි මට වයස අවුරුදු දාසයයි. මම ඒ වන විට මේ පලාතේ ජනප්‍රියම බාලිකා පාසලක ඉගෙනුම ලබනවා. ප්‍රසාද්ගේ ජොබ් එක තමයි ප්‍රයිවට් බස් එකක  කන්ඩක්ටර් වැඩේ. එයාගේ ඉරුණු ටී ෂර්ට් එකට, ගෙවි ගිය රබර් සෙරෙප්පු දෙකට මට ගොඩක් දුක හිතුනා. මම ඉස්කෝලේ ආවේ ගියේ ප්‍රසාද් වැඩ කරපු බස් එකේ. ඒ වෙලාවට එයා මගේ ඇස් දෙක ළඟ හරි අහිංසක විදිහට ඇවිත් නතර වෙනවා. මම ඉල්ලලා බලෙන්ම එයාගේ හිතට ඇතුල් උනා. එයාගේ දුප්පත්කම මගේ හිතට බරක් උනේ නෑ. ඒ වගේම මගේ අම්මට තාත්තට තිබුනුවත් පොහොසත්කම්වත් මට සිහි උනේ නෑ. ඒ මං එයාට මගේ මුළු හදවතින්ම ආදරය කරපු නිසා. ප්‍රසාද් මං ගැන විස්තර දැනගෙන මට ආදරේ කරන්න බය උනා. අපි දෙන්නා අහසට පෙළොව වගේ කියලා එයා කිව්වා. ඒ උනත් මගේ හිතේ එයා වෙනුවෙන් ඉපුදුනු ආදරේ කවදාවත් පර උනේ නෑ. එයාගේ ඇස්වල තිබුණු අහිංසක කමට, අසරණ දුප්පත් කමට මං තව තවත් එයාගේ හිතට ලං වුනා. අපි දෙන්නා එකම බස් එකේ ගියත් මගේ ගෙවල් ළඟ ළමයි ඒ බස් එකේ හිටපු නිසා අපි කථා කලේ නෑ. හිත්වල තියෙන ආදරේ හදවත ඇතුලේ තෙරපගෙන අපි නන්නාඳුනන අය වගේ හිටියා. ඒත් සමහර දවස් වලට මම ඉස්කෝලේ ඇරුණු ගමන් ටවුමට දුවගෙන එනවා එයා එක්ක කථා කරන්න. එහෙම වෙලාවට විනාඩි දහයක් විස්සක් අපි ස්ටැන්ඩ් එකේ කථා කර කර ඉන්නවා. හිතේ තිබුණු ආසාවට, ආදරේට මම කැමැත්තෙන් හිටියේ එයා එක්ක කොහෙට හරි වෙලා ටිකක් තනිවෙලා කථා කරන්න.

       ඒත් මමවත් නොසිතුව තරම් ඉක්මනට අපේ සම්බන්දෙට කරදර බාදක ආවා. ඒ අපි දෙන්නගේ සම්බන්ධය ගෙදරට පුදුම තරම් ඉක්මනට ආරංච් වෙලා තිබුණා. අමිමයි තාත්තයි මට හොඳටම ගැහුවා, පවුලේ එකම ළමයා කියලා නවදාවත් මට නොගහපු අම්මත් මට එදා හොඳටම ගැහුවා. ඒත් මම මොන තරමි වද වේදනා වින්දත් මගේ ආදරේ නවත්තන්න මගේ තුන්හිතකවත් තිබුනේ නෑ . මම o/l කරපු ගමන්ම මගේ දෙමවුපියෝ මාව ගෙදර හිරකාරියක් කරගත්තා. අපේ සම්බන්ධය නවතින්නේම නැති නිසා අපේ තාත්තා මැරයින් ලවා ප්‍රසාද්ට හොඳටම ගස්සලා තිබුනා. මගේ දෙමවුපියෝ සල්ලි බලෙන් ඕනෑම  පහත්  වැඩක් කරනවා. ඒ අසරණ කොල්ලා රෝහලට අරගෙන ගිහින් තිබුනේ සිහිය නැතුව ඉන්න කොට. මට මගේ දුක ඉවසගන්න බැරිම තැන මම ගෙදරින් යන්න තීරණය කළා. දවසක් අමිමා ටවුමට ගිය වෙලාවක මම ගෙදරට හොරෙන් ප්‍රසාද්ව නවත්තලා හිටපු රෝහලට ගියා. ඒත කොට ප්‍රසාද්ගේ අමිමාත් රෝහලේ හිටියා ප්‍රසාද්ව ගෙදර එක්කන් යන්න ඇවිත්, මම ප්‍රසාද්ගේ අමිමට වැඳලා කිව්වා අනේ අමිමේ යන තැනකට මාවත් එක්කගෙන යන්න ප්‍රසාද් නැතුව මට ඉඳලා වැඩක් නෑ කියලා. ප්‍රසාද්ගේ අමිමා මට කිව්වා දුවේ හැමදෙයක්ම අමතක කරලා ගෙදර යන්න. මේවා නිසා මරණ කීයක් වෙයිද දන්නේ නෑ කියලා. ඒත් මට ප්‍රසාද් අමතක කරලා දාලා යන්න බැරි උනා. ප්‍රසාද්ගේ අමිමගේ කීම අහන්නේ නැතුව අපි දෙන්නා විවාහ උනා. ඒ දවස් වල ඉඳලා අපි දුක් වින්දා. ඒ අපිට කන්න බොන්න නැතුව නෙවෙයි මගේ දෙමවුලියන්ගෙන් ආපු කරදර හිරිහැර නිසා. ප්‍රසාද්ට රස්සාවවත් කර ගන්න එයාලා ඉඩ තිබ්බේ නෑ.ප්‍රසාද්ට රස්සාවක් නැති නිසා ප්‍රසාද් පතලෙක වැඩට ගියා. එයා ගෙදර ආවේ සතියකට සැරයයි. මම හැමදාම දෙවියන්ගෙන් වැඳ වැඳ ඉල්ලුවේ එයාව ආරක්ෂා කරන්න කියලා මම සල්ලිකාර පවුලක සැපවින්ඳ කෙල්ලෙක් . ඒ සැප මට ප්‍රසාද්ගේ දුප්පත් පැලේදි ලැබුනේ නෑ. පොඩ් පැල්පත පැඳුරු කෑල්ල මට කොහොම සැප උනාද මන්දා. අපේ ජීවිත අඟහිඟකම් වලින් වැහිලා තිබුනත් මම ගෙදරදි වින්ද දුකට වඩා මගේ ජීවිතේ සතුට හැමදේම පිරිලා තියන පැල මට මාළිඟාවක් උනා. හිතට සුවයක් දෙන ආදරෙත් එක්ක මම හුඟාක් සතුටින් හිටියා. 

     ඒත් ඒ සතුටට වැඩි ආයුශ තිබුනේ නෑ . මගේ පැතුමි සතුට හැමදේම ඇහිපිල්ලමක වේගෙන් මගෙන් ඇතට ගියා. රුවිනි නංගි ඊයේ පතලේ දෝනාව කඩන් වැටිලා ප්‍රසාද් මල්ලී යට උනා අපි එයාව බේරගන්න බැළුවා ඒත් බැරි උනා තාම අපිට මිනියවත් හොයා ගන්න බැරි උනා. මට ඒ කථාව අදහගන්න බෑ එහෙම වෙන්නේ කොහෙමද මගේ ජීවිතේ කොහොමද එහෙම නැති වෙන්නේ එක වෙන්න බෑ..දවස් ගානක් බලන් හිටියත් එයාගේ මිනියවත් හොයා ගන්න බැරි උනා. අන්තිම වතාවට වත් මට ප්‍රසාද්ගේ අහිංසක මූණ බලන්න බැරි උනා. මම ඇඬුවා අඬන්න මගේ ඇහේ කඳුළු නැතිවෙනකමිම මැරෙන එක මෝඩකමක් නිසා මම තවමත් ජීවත් වෙනවා. මං නිසා ජීවත් වෙන ප්‍රසාද්ගේ අමිමවත් මරා ගන්න මට ඕනී කමක් නෑ. ආයේ දවසක ප්‍රසාද් මගේ ලඟට එයි කියලා බොරු හීනයක් මවා ගෙන ජිවත් වෙනවා. ඒ හීනේ මම මැරෙන තුරාවටම හීනයක්ම උනත් මම ආසාවෙන් ඒ හීනේ දිහා බලාගෙන ඉන්නවා...





ප.ලි:- ආදරේ කියන්නේ ඉස්කෝලේ යනකම් දකින්න ඔනී නැති නපුරු හීනයක් එක තමයි මගේ අදහස. රුවිනි ප්‍රසාද් එක්ක යාළුවෙන්නේ වයස අවුරුදු දාසයේදි ආදරේ විතරක් නෙමෙයි ජීවිතේ සරලම දේවත් නොතේරෙන වයසක්, ඒ වයස හින්දම තමා ගොඩක් අයි ජීවිතේ වරද්ද ගන්නේ උඩ්න් තියන කථාව රුවිනිම ලියපු රුවිනිගේ ඇත්තම ජීවිත කථාව එදා රුවිනි ආදරේ කියලා බොරු දෙයක් බදානොගත්තා නමි අදටත් ප්‍රසාද් ජීවතුන් අතර රුවිනි සැපවත් ජීවිතයක් ගත කරනවා. එක මෙහොතක ආශාවකට ජීවිත කීයක් විනාස කරන්න පුළුවන්ද. මෙහෙම ආදරේ කියලා දෙයක් පුංචි කාලෙදිම එන්නේ ඔය මල් කථා හින්දා කියන එක මගේ හැඟිම. මගේ අදහස නමි ඒ වගේ නවකථා පොත් නියමිත කාලය එනකම් ළමයිට බලන්න නොදිය යුතුයි විශේෂයෙන්ම ගෑණු ළමයිට. ගෑණු ළමයි හැම දෙයක්ම ඔනිවටත් එහා සංවේදිව දකින නිසා. පොඩ් කාලෙදිම ආදරේ කියලා බොරුවකට රැවටෙනවා.සමාජයේ වෙන ගොඩක් අපයෝජන වලා පිටිපස්සේ තියෙන්නේ ඔය වගේ කථා කියවලා හිතේ ඇති කරගත්ත හීන ලෝකේ සැබෑ සමාජයේ හොයන්න ගිහින් අතරමං උන සිද්දි..
කියවීම මිනිසා සමිපුර්ණ කරයි වගේම අනිත් පැත්තත් ලෙසටම ඉටුකරනවා.............