Pages

Monday, July 23, 2012

.....පුංච් කේස් එකක්..........



දැන් ජීවත් වෙන්නේ
පට්ට ගේමක් දීලා
හිත කියන්නෙම
මැරියන් කියලා
ඒත් මොළේ හිත එක්ක සටනක
මට ජිවත් වෙයන්ලු
මම වෙනුවෙන් නොවුනත්
මගෙන් යම් දෙයක් බලාපොරොත්තු වෙන අය වෙනුවෙන්
ඒත් මං දන්නවා
මගේ මොළේට වඩා
හිත ශක්තිමත් කියලා
දවසක මේ සටනින්
හිත දිනනවා
එදාට මට හිතට ඕනී දේ කරන්න වෙයි
එතකම් මං බලන් ඉන්නවා
මගේ දඩබ්බර හිත
මෙල්ල කරන්න පුළුවන්
කව්රු හරි ආවොත්
සමහරක් ව්ට හැමදේම වෙනස් වෙයි
ඒත් අනේ මන්දා
මේ දඩබ්බර හිත
මූ පට්ට ආඩම්බරයි
හිතේ දේවල් වෙනස් කරන් පුළුවන් කෙනෙක් ගැන දැනුනොත්
එයාට හිත අහලකින්වත් යන්න දෙන්නෑ
මොළේ කවදාවත් දැනන් හිට්යේ නෑ
හිත වෙනස් කරන්න පුළුවන් විදිහ
මොළේ උඹ හින්දා
හිත දවසක අපි තුන්දෙනාවම මරණවා

Friday, July 6, 2012

................ඉමී.................


      අද පුංච් කථාවක් කියන්න යන්නනේ කථාවක් කියන්නේ කෙනෙක්ගේ ජීවිත කථාවක් ඒ මම දන්න අක්කා කෙනෙක්ගේ ආදාල චරිතය සමාජයේ හොයා ගන්නට බැරි වේවි. ඒ ඇයි කියලා මම අන්තිමට කියන්නම්. 


       එයාගේ නම ඉමේෂිකා, ඉස්කෝලේ හැමෝම එයාට කියන්නේ ඉමේෂි කියලා මම කියන්නේ ඉමී කියලා මොකද ඒහෙම කිව්වම එයාට පොඩ්ඩක් තරහා යන නිසා නිතරම ඉස්කෝලෙදි සාහිත්‍ය සංගමයේ වැඩ වලට මට උදවි වෙනේ මේ අක්කා ඉතිං එයා මට ගොඩක් හිතවත් ඒ වගේම හොඳම ගතිගුන තිබිබ. ඉස්කෝලේ හැමදේකදිම ඉස්සරහින් ඉදපු කෙනෙක් හොඳ කථිකාවියක් වගේම ලස්සනට සින්දු කියන්නත් පුළුවන් උප ප්‍රධාන ශිෂ්‍ය නායිකාව .(දැන් කට්ටිය හිතනවා ඇති මම මේ අක්කත් එකක් යාළුවෙලා කියලා නෑ යකුනේ මට සහෝදරියෝ නැති නිසා මම සහෝදරි තනතුරේ තියාගෙන හිටපු අක්කා ගැන මේ කියන්න යන්නේ ) 

     හැබැයි මේ අක්කා හරිම දුප්පත් ඉස්කෝලේ මිස් කෙනෙක් තමා අක්කට හැම අවුරුද්දෙම අඳින්න රෙදි අරන් දෙන්නේ. ඉස්කෝලෙන් දෙන ගවුමි රෙද්ද මිස් ගිනිහින් අක්කට ගවුමි තුනක් මහලා ගෙනත් දෙනවා.  හැමදාම හොඳලා මැඳලා ලස්සනට ඇඳන් එනවා ඔය කොච්චර සල්ලි තියන කෙල්ලෙක්වත් ඒ අක්කා මඳිනවා වගේ පිළිවෙලට ගවුම මදින්නෑ, අඩුම තරමින් මම යාළුවෙලා හිටපු කෙල්ලටවත් එච්චර හරියක් කරන්න බෑ ,පොල්කටු ඉස්තිරික්කෙන් එහෙම ගානට රෙදි මදින්නේ කොහෙමද කියලා මම හැමදාම අහනවා එතකොට කියන්නේ ජීවීතේට තියන කරදර වැඩි වෙන කොට ඒ ජීවීත පිළිවෙල හැඩගැහෙනවා මල්ලී කියලා විතරයි.
ඇත්තටම කියනව නමි මම කවදාවත් ඒ අක්කගේ ප්‍රශ්ණ ගැන අහලා නෑ, ඒක මගේ පුරුද්දක් කාව හරි ආස්ස්‍රය කරන කොට ඒ අය ගැන හොයලා බලන පුරුද්දක් මට නැති නිසා නෙවෙන්න ඇති (අදටත් මගේ හොඳ යාළුවෝ ඉන්නවා මගෙන් උන්ගේ සමිපුර්න නම ඇහුවොත් කියන්න දන්නැ ) 
 මේ තියෙන්නේ හැදීන්වීම ,

            මට කියන්න ඕනී උනු කථාව පටන් ගන්නේ දැන් ඒ ඉමී අක්කා කොල්ලේක් එක්ක ඉස්කෝලේ ඇඳුම පිට්න්ම රූමි එකක ඉඳලා පොලීස්සියට අහුවෙලා පොලීස්සියෙන් ඒ අක්කව ඉස්කෝලෙට බාර දිලා ඉස්කෝලෙන් විනය පියවරක් අරගෙන දෙමවුපියන්ට කියලා පරිවාස කඳවුරකට බාර දෙන්න කියලා.
            ඉස්කෝලෙන් කරපු එකමදේ අක්කගේ අමිමව ඉස්කෝලෙට ගෙනවලා ඉස්කෝලෙන් අස් කරලා දැමිම එක විතරයි. ඒ වෙලාවේ ඉමීගේ අමිමාගේ මුනේ තිබුන බැල්ම මට නමි කවදාවත් අමතක වෙන්නේ නැතිවෙයි ,විනය බාර සර් පට්ට වේසී කියලා ඉමීට බනින වෙලාවේ ඒ ඉමිගේ අමිමා එතනම මැරෙයි කියලා මට හිතුනා .
ඒත් අන්තිමට යනකොට මම ඉමීව හමිබ උනා ඉමි අඬ අඬා යන්නමි මල්ලී කියලා විතරයි කිවිවේ.  ඒ කටහඬෙ තිබුනේ ඔක්කොම ඉවරයි කියන ස්වරයක්, මට ඒ  වෙලාවේ ඇත්තටම බය හිතුනා ඉමී ජීවිතය නැති කරගනීයි කියලා ..
ඉමිගේ අමිමත් ළඟ ඉන්න නිසා මට වැඩිය මොකුත් කියන්න බැරි නිසා ,
ඉමි මොන ප්‍රශ්නේ ආවත් ජීවත් වෙන්න ජීවිතෙන් පැනලා යන්න හදන්න නමි එපා කියලා කිවිවා
ජීවිතේ මට කරපු දේවල් එක්ක මේක තව එක පොඩි දෙයක් විතරයි මල්ලී අමිමා ඉන්න කමි මම කොහොමත් මැරෙන්ණේනෑ
කියලා ආයෙමත් අඬන්න පටන් ගත්තා
ඉමීගේ අමිමා සුසුමක් හෙළලා මා දිහා බැලුවේ හරියට අමිමට කියා ගන්න බැරුව හිටපු දෙයක් මම කිවිවා වගේ
මොනවා කරන්නද පුතේ මෙකිගේ තියන අවාසනාවතමා  කියලා දෙන්නම යන්න ගියා
වෙන අමිමා කෙනෙක් නමි මෙලහට ඉමීට ගහලා බැනලා මරන්න හදනවා. ඒත් කවිරු මොනවා කිවිවත් ඉමීගේ අමිමා නෙමෙයි ඉමීට වචනයක් වත් කිව්වේ අන්තිමට කියලා ගියපු එකකත් මට ලොකු ප්‍රශ්ණයක් ඉතුරු කරා,
ඊට මාස ගානකට පස්සේ මට උන හැදිලා ඉස්පිරිතාලේ නවත්තපු වෙලාවේ අහන්බෙන් වගේ බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙට ආපු ඉමීව මට හමිබ උනා.
මම දුවලා ගිහින් ඉමීත් එකක් කතා කලේ මග ඇරුනොත් ආයේ කවදා හමිබ වෙන්න වෙයිද දන්නේ නෑති නිසා
ඉමීත් එක්ක ඉස්පිරිතාලේ බංකුවක් උඩින් වාඩි උනේ ටිකක් කථා කරන්න මයි
ඒත් ඉමී ටිකක් ඈතින් වාඩි උනා, මාත් ඉතිං ගණන් ගන්නැතුවෙ මෙහායින් වාඩි උනා මොනවා උනත් ඉස්පිරිතාලයක්නේ එතනින් යන යන නර්ස්ලා අපි දිහා අමුතු විදිහට බලා ගෙනයනවා. මම ඒක දැක්කත් ගණන් ගත්තේ නෑ යකෝ සහෝදරියක් එක්කවත් කතා කරන් බැරිහැටි කියලා උන්ට ඔරව ඔරව හිටියා, ඒත් ඉමීම කියන්න පටන් ගත්තා 

මල්ලී මම ඉක්මනට යන්නමි මම මෙතන හිටියොත් මල්ලිට හොඳනෑ

මොන පිස්සුද අක්කේ අක්කා ඔන්න ඔහේ ඉන්න අපි ඉතිං කොහොමත් කොල්ලොනේ
 නැ මල්ලී බලන්න මෙතනීන් යන හැම නර්ස් කෙනාම ඔයා දිහා බලන හැටි ඒකයි මම කිවිවේ
අනේ මේ අක්කේ ඔය අමිමන්ඩ්ලා කොහොම බැලුවත් මට මොකද අපි කතා කරමු

මල්ලී දන්නවද ඇයි ඒ අය ඔහොම බලන්නේ කියලා

අනේ මන්දා කෙල්ලෙක් එක්ක කථා කරන නිසා වෙන්න ඇති

නෑ මල්ලි ඒ අය මාව දන්නවා මම නිතරම බෙහෙත් ගන්න මෙහෙට එනවා මට ඒඩ්ස් හැදිලා

තියෙන්නේ ඒකයි ඒ අය මල්ලී දිහා අමුතු විදිහට බලන්නේ

ඉමී ඒ කියපු ටිකට මට ඇඩෙන්න ඔන්න මෙන්න මගේ අක්කා වගේ හිටපු කෙනා මම ජීවිතේ

ඉගෙන ගත්ත ඉමීගෙන් ඒ ඉමී ඒ වගේ ලෙඩක්

අක්කට මේ මොකද උනේ ඇයි අක්කේ මේහෙම උනේ අක්කා ලස්සනට ජීවත් උනු කෙනෙක්නේ

නෑ මල්ලී, ඒ මල්ලී දන්න හැටි මගේ ජීවිතේම අපායක් මල්ලී කවදාවත් මගෙන් මං ගැන ඇහුවේ නෑනේ ඇහුවනමි මම මල්ලිට හැම දෙයක්ම කියනවා සමහරක් විට එහෙම කිවිව නමි මල්ලී මාව ආස්සරය කරන්නේ නෑති වෙන්නත් ඉඩ තිබුනා

අන්න අක්කා මං ගැන හිතන් ඉන්න විදිහ මම අක්කාව ආස්සරය කලේ මගේම අක්කා කෙනෙක් විදිහට මට අක්කාගේ ජීවිතේ වැඩක්නෑ දන්න ඉමී අක්කාව මගේම අක්කා කරගෙන මම හිටියේ

මම දන්නවා මල්ලී, මල්ලීට වෙන හැම දෙයක්ම මට ඇවිත් කිව්වට මගේ මොකවත්  මම නොකියන කොට මල්ලී අහන්නේ නැත්තේ මට දුක හිතෙයි කියලා බව මම දන්නවා මල්ලී මාත් එකක් කථා කරන හැම වෙලාවෙම කථා කලේ හරි පරිස්සමෙන් මට දුක හිතෙයි කියලා හිතලා මම ඒක දන්නවා

ඉතිං අක්කේ අක්කගෙන් මම අහපු නැති දේවල් ටික මට කියන්න මම අහන්න කැමතියි ඕනි එකියක්, ඕනි එකක් දිහා බලාගෙන, ඕනි මඟුලක් කියපු දෙන් මට කමක් නෑ මට ඕනී වෙලාව තියනවා අක්කා වෙනුවෙන්

මම ගැන කියන්න කොහෙන් පටන් ගන්නද කියලා මම දන්නෑ මල්ලී, මටත් වඩා දුක් විදලා තියෙන්නේ මගේ රත්තරං අමිමා ඒ වෙනකාගෙන්වත් නෙමෙයි මාව අමිමගේ බඩට දීලා ගිය මගේම තාත්තාගෙන්. තාත්තා කිවිවට ඒ මිනිහා මහ නරුමයෙක් මල්ලී ඒ මිනිහා මගේ අමිමව කාසාද බැන්ඳට වැඩි හරියක් ඉන්නේ වෙන ගෑණුත් එක්ක. ඒ මිනිහා අමිමා ඉන්න ගෙදරට එන්නේ වෙන මිනිස්සුත් එක්ක බොන්න විතරයි. අමිමට කියලා බයිටි එකකුත් හදාගෙන ඒ නරුමයා එක්ක එන මිනිහෙකුට අමිමව විකුණනවලු අමිමා එන එන මිනිහත් එක්ක නිදා ගන්න ඕනීලු,
නැත්නමි අමිමට ගහනවලු, පුච්චනවලු, අමිමට මැරෙන්න හිතුනත් මැරුණේ නැත්තේ මම හින්දලු අමිමා මාව හම්බවෙන්න ලංවෙලා හිටුපු දවස් වලත් වෙන මිනිස්සුත් එක්ක නිදා ගන්න උනාලු. ඒ වෙලාවට හිතෙනවලු අමිමයි මායි දෙන්නම මැරෙයි කියලා. මම ඉපදිලා අවුරුද්දක් විතර ගියාට පස්සේ ඒ නරුමයා බීලා ඇවිල්ලා පාලම පල්ලට වැටිලා මැරුණලු. අමිමට ටිකක් හරි සැනසීමක් හමිබ වෙලා තියෙන්නේ ඊට පස්සේ මම ටිකක් ලොකු උනාට පස්සේ මගේ කරුමේ ආයෙමත් පඩ්සන් දෙන්න පටන් ගත්තා. තාත්තට හිටපු අනික් ගෑනිගේ පුතා තාත්තා වගේම නරුමයෙක්, නෑදෑකමට මම වෙන්නේ ඒ නරුමයට නංගි, ඌ මාව කසාද බඳින්න ඕනිලු එක තාත්තලගේ ළමයි වෙලත් උට කිසිම ගානක් නෑ අමිමා පොලිස්සියේ පැමිණිල්ලකුත් දැමිමා ඌ ගැන කියලා. ඌ ඒවට බය නෑ  මල්ලි මම මුලින්ම ගෑණියෙක් උනෙත් උගේ අතින් අමිමා නැති වෙලාවක ගෙදරට පැණලා මාව විනාස කරලා තර්ජනය කරලා ගියා. කාට හරි කිව්වොත් අමිමිව මරනවා කියලා ඌ වගේ අමනයෙක්ට ඒදේ කරන්න බැරි කමකුත් නැති නිසා මම කට වහගෙන හිටියා මල්ලී ඒත් මම මේ දේවල් මගේ ඉගෙනීමත් එක්ක ගාව ගත්තේ. නෑ මම පුළුවන් තරමි හොඳට ඉගෙන ගත්තා අම්මා මේක දැනගෙන මන්නයක් අරගෙන ඌව මරණවා කියලා උගේ ගෙදරට ගිය වෙලාවේ. ඌ අමිමට හොඳටම ගහලා කිවිවලු, අමිමවයි මාවයි දෙන්නම මරණවා කියලා ඌ ඉට පස්සේ ඕනී ඕනී හැමවෙලාවකම ගෙදරට ආවා මාව පාවිච්චි කරලා යන්න.
එදා මාව පොලිස්සීයට අහු උනු දවසේ මම ඉස්කෝලේ යන්න එනකොට ඌ මාව බලෙන්ම ඇඳගෙන ත්‍රීවිලර් එකක දාගෙන අරන් ගියා. උගේ යාළුවෙකුට දෙන්න ඒ යාළුවත් එක්ක ඉද්දි තමා පොලීස්සියෙන් පැනලා ඇල්ලුවේ මාව ඉස්කෝලෙන් අස්කරාට පස්සේ. ඌයි උගෙ යාළුවොයි කෙලින්ම ගෙදරට ආවා එහෙම ආපු එකෙක් ගෙන් තමයි මට මේ ලෙඩේ බෝ වෙලා තියෙන්නේ දැන් මලිලී මගේ ජීවිතේ නාස්ති වෙලා ඉවරයි
            පෙර පිනකට මගේ බඩට ළමෙක් එන්න කලින් මේහෙම වෙලා හරි නැවතුනේ නැත්නමි මම වගේ තව කෙල්ලෙක් හරි අරුවගේ තව කරුමයෙන් හරි මේ ලෝකෙට එනවා

අක්කේ මට මොනවද අක්කා වෙනුවෙන් කරන්න පුළුවන්

දැන් මම වෙනුවෙන් කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ මල්ලී කොහොමත් තව ටික දවසකින් මම මැරිලා යාවී අනික මල්ලී මේවට ගෑවිලා වැඩක්නෑ මම යන්නමි මල්ලී

 එහෙම කියලා නැගිටලා ගිය ඉමී මට ඊට පස්සේ කවදාවත් හමිබ උනේ නෑ මම ඒ ඉස්කෝලෙන් අස්වෙලා වෙන දුර ඉස්කෝලෙකට ආපු නිසා
            දැනට අවුරුදු තුනකට විතර කලින් ඉමියි අමිමයි ගිණි තියාගෙන මැරුණ. හැබැයි කිසිම ටිවී චැනල් එකක් මේ ගැන කිවිවෙ නමි නෑ දැන් හැමෝටම ඒ මරණ අමතක නිසා තමයි මම කථාව කියන්න හිතුවේ. මුලින්ම මේ චරිත දැන් හොයා ගන්න බෑ කියලා කිවිවෙත් ඒක නිසා තමයි.