Pages

Thursday, March 19, 2015

................අපිරිසිදුව ගිය සිතුවිලි මියයාම සතුටකි.............



හිතත් හරියට වතුරෙන් පිරුනු වැවක් වගේමය
පිරිසිදුවට පෙනුනට පතුලෙහි මඩ අඩි ගණන් දරා ඇති
මගේ හිත  දියකඩිත්තකි කව්රුන් හෝ 

අැරඹුවද කිසිදා නිමා නොකල

යනෙන ගමනක නන්නාඳුන්නෙකු


ගලෙක බැඳ විසි කල ඕලු අලයක
එකම පැලයක් ජල තය වසාගෙන් ඇත
ඉද හිට මල් පිපී පරවගිය

හුළඟ අරන් එන කුණු රොඩු තොග ගණන් ගොඩ
වැහි වතුර එනකොට තැගි ගෙනාව මඩ
තවත් හුඟක් දේවල් යනෙන අය විසිකල
අඩියෙම නිදන් කොට තබා ඇත සුරක්ෂිතව


දෙතුන් දෙනෙකුගේ තිත්ත පැටවි රැල
ඉදහිට කොහෙන්දෝ ඇවිදින්
පීහිනා එක්වරම  අතුරුදහන් උන

හිතත් හරියට පුංච් විලක් වගෙයි මං බාගෙට හදාපු



 මඩ එක්ක රොඩු බෝතල් කටු කම්බි
 හැම දෙයක්ම අඩියේම තිබ්බට  

කෙනෙකුන් ඉදහිට දාහය නිවා ගත්තු
වතුර පැහැදිලි පිරිසිදුයි නිසල හන්දම

හිටි හැටියෙම දවසකදි වැස්සක
වැසි වතුරෙන් දිය අපැහැදිලි උනාම
තරහට කෙනෙකුන් අත දමා අඩියට
දින ගණන් ගෙවා පතුලෙම සැඟවුන
කුණු සියල්ලම කලතා මතු පිට වෙත ගෙනාව

මල් පිපෙන්නට ඉඳ හිට වෙර දරාපු
ඕළු අල ඉදිරිලා මිය ගිය
දෙතුන් වතාවක් ඇවිත් ගිය සතුටින් පිහිනා ගිය

තිත්තයන් බොරදිය දරාගත නොහී මියැදුන


අකමැතිය මම බොර දිය දරා සිටුමට
දියෙන් මඩ වෙන් කෙරුම නොහැකිය
මලකුණත් තවම මතුපිට ගඳගසා පාවෙන


ආයෙම පැහැදිලි දිය මතුව එනතුරු
බලාසිටිනු නොහැකිය ආයෙම දිගු කලක්
දුක මතුපිට දරාගෙන
 
ටිකින් ටික විසිකරමි බොර දිය
අවසන දිය සිඳි හිස්ව යනතුරු
ඉරි තලා ගිය පතුලට කෑගසා කියමි මම
නියඟයයි අද සිට යලි කිසිදාක වැසි නොලබන





Wednesday, March 11, 2015

.......බැඳිමි ආත්මාර්ථකාමි ආදරයෙන් ගසාගෙන යන විට..........


අවුරුදු ගානකට පස්සේ කරන්ට් එක නැතුව දවසක් ඉන්න උනා රෑ වෙලා කරන්න දෙයක් නැතුව කල්පනා කරද්දි පුංචි කාලේ නිතරම කරපු දෙයක් මතක් උනා ඒ තරු බලන්න දවසේ හොඳකමද මගේ වාසනාවද මන්දා සති ගානකට පස්සේ පැහැදිලි අහසකුත් තිබුනා
මේ තරු අපේ පොඩි කාලේ මතක් කරනවා පොඩි කිව්වේ සාමාන්‍ය පෙල කරන කාලේ පොඩිමත් නෑ
ඉස්සර මායි දෙවනි අයියයි හැමදාම රෑ අට වෙනකොට පැඳුරක් කොට්ටයක් අරගෙන වහලේ උඩට නඟින්නේ තරු බලන්න  කියලා හිතාගෙන හැබැයි අන්තිමට දෙන්න පැදුරට රන්ඩු වෙලා තමයි වහලෙන් බහින්නේ
දැන් අපි ලොකු ලමයි ඇත්තටම ලොකු ළමයි නෙමෙයි අපි වෙනස් වෙලා අපි ජිවත් වෙන ජිවන රටාව වෙනස් වෙලා කියලා හිත හදා ගත්තට ඇත්තටම මේ වෙනස් වීම් හුඟකට මුල සමාජ රටාව කියලා කියන්න මට නම් බෑ
සහෝදර බැඳිම් යාළුකම් වලින් පවා අපිව ගොඩාක්ම ඈත් කරන්නේ ආදරය
ඇත්තටම හැම දෙයක්ම කැරකිලා ඇවිත් නවතින්නේ ආදරේ ගාවින්
ආදරේ වෙනුවෙන් බැඳිම් නැති කරලා දානවා කියලා නෙමෙයි මම මේ කියන්න හදන්නේ
අපි නොදැනුවත්ම අපෙන් අතපසු වෙන නොසැලකිලිමති කම නිසා අපෙන් ඈත් වෙන දේවල් ටිකක් ගැන
ආදරේ කියන බැඳිමට අපි කොච්චර මුල් තැන දෙනවද කියනව නම් අපි අනිත් බැඳිම් වෙනුවෙන් යොදවන කාලයත් ආදරේ කියන බැඳිම වෙනුවෙන් වෙන් කරනවා
ඔව් ඇත්තටම වෙන අය ගැන කියන්න මං දන්නේ නැ ඇත්තටම මන් මේ කියන්නේ මන් ගැන
මම කියන්නේ එක පුද්ගලයෙක් විතරයි මගෙන්වත් මගේ අයියගෙන්වත් අපි දෙන්නගේ සහොදරකමෙන්වත් මේ මුළු සමාජෙම පෙන්නන්නේ නෑ මේ කියන්න යන දේවල් මං කියන කෙනාට විතරක් අයිති දේවල්
අයියයි මමයි ගත්තොත් මුලින්ම ආදරේ කරන්න පටන් ගත්තේ අයියා ඊට පස්සේ මම
 කෝල්, මැසේජ්, ස්කයිප්, ෆේස් බුක්, ඊමෙල්, මේ හැමදේකින්ම ආදරේට තියන දුර අඩු කලා විතරක් නෙමෙයි සහෝදර බැදිමෙන් අපි දෙන්නව ඒ තරමටම ඇත් කලා
ඉඩක් හම්බ වෙන හැම වෙලාම ආදරේ වෙනුවෙන් වෙන් කරනවා මිසක් වෙන දෙයක් වෙනුවෙන් යොදවන්න ඕනී කියන හැඟිම හිතට දැනෙන්නැ
ටිකක් වෙලාව අරගෙන හිතල බලන්න ඕනී ඒ ඇයි කියලා
ප්‍රශ්ණේ ලේසියි උත්තරෙත් පේන්න තියෙනවා හැබැයි උත්තරදෙන්න අමාරුයි
ආදරේ කියන්නේ බලාපොරොත්තු ගොඩක එකතුවත් ඒ බලාපොරොත්තු එකින් එක අරගෙන කුඩු කරලා හලලා බැලුවොත් පෙනෙයි ආදරේ හැදුන බලාපොරොත්තු හැදිලා තියෙන්නේ ආත්මාර්ථකාමිකම් ගොඩක එකතුවකින් විතරක් කියලා
ඒ ආත්මාර්ථකාමිකම නිසා තමයි අපි වෙන කිසිම බැඳිමකට නොදෙන තරම් වටිනාකමක් කාලයක් ඒ බැඳිම වෙනුවෙන් ලබා දෙන්නේ
ඇත්තටම ආදරේ සහොදරකම් යාළුකම්වල වටිනාකමයි ඒ ඒ බැඳිම් වලින් අපි බලාපොරොත්තු වෙන දේවල් ගැන බැලුවොත් ආදරේ කියන බැඳිමේ තියෙන්නේ අඩු වටිනාකමකුයි බලාපොරොත්තු මහ ගොඩකුයි
සහොදරකම් යාළුකම් තියෙන්නේ එකේම අනිත් පැත්තට වටිනාකම වැඩි උනාට ඒ බැඳිම් වෙනුවෙන් තියෙන බලාපොරොත්තු ප්‍රමාණය අඩු නිසා අපි ආදරේ වෙනුවෙන් වැඩි කාලයක් වැය කරනවා
වැඩි කාලයක් වෙන්කරන වැඩියෙන්ම හිතන බලාපොරොත්තු මහ ගොඩකින් පිරුණ තනිකරම ආත්මාර්ථකාමි හැඟිමි වලින් පණ දෙන ආදරේ සතුටට වඩා වැඩිපුරම දුකයි කේන්තියයි එක්කමයි ගෙවෙන්නේ
දුකයි කේන්තියයි හැම ආදරේකම සතුට වගේම තියෙන අනිවාර්ය අංගයක්
ආදරෙන් තොර ජිවිත නැ වගේම දුකයි කේන්තියයි නැති ආදරේකුත් නෑ
ආත්මාර්ථකාමි හැඟිම් වලින් ඈත් නොවෙන තාක්කල් කේන්තියත් එක්ක දුක පස්සෙන්ම ඒවි ඒ හැම දෙයක්ම අපිව වටිනා කියන බැඳිම් ගොඩකින් හුඟාක් කල් යනකම් අපිව ඈත් කරලා තියේවී




අපිට වැඩියෙන්ම ඕනී වෙන වෙලාව වෙද්දි වටිනාම බැඳිම් ගොඩාකින් ආත්මාර්ථකාමි ආදරේ වෙනුවෙන් අපි ඈත් වෙලා ඉදිවී

Friday, March 6, 2015

...........හෙම්න් එන.. හැමදාම නවතින ආදරය ............


ලියන්න දහස් ගණනින් දේවල් තිබ්බත් ඉස්සර තරම් ලියන්න උනන්දුවක් නෑ 
සමහරක් විට ඒ හිතට නිදහසක් නැති නිසා වෙන්න ඇති
ජිවිතේ කොච්චර අස්තාවරද හිත කොච්චර අස්ථාවරද හිතේ හයියට තව කෙනෙක් වෙනුවෙන් දෙයක් 
අත්හරින්න හිතුවට ජිවිතේ රුඳිලා තියෙන අත්තිවාරම අයින් කරලා ඒ වෙනුවට වෙන කෙනෙක්ට ඉඩ දෙන්න කොහෙමද කියලා තාම හිතා ගන්න බෑ. හිතා ගන්න බැරිද නැත්තම් හිත ඒ වෙනුවෙන් සුදානම් නැද්ද කියන්න ඇත්තටම මං දන්නේ නැ .
කොතනින් පටන් ගන්න ද මොනවා ගැන කියන්නද? 
ඇත්තමට ජිවිතය ගැන කියන්න තවමත් මන් ජිවිතය අත්විදලා නැද්ද කියලා හිතෙනවා 
දහස් ගණනින් චරිත ඒ අයගේ ජිවිත මාරුවේන් මාරුවට මතක් වෙවි අමතක වෙනවා 

මොන අත්දැක්ම් තිබ්බත් අලුත් ආදරයකදි  ඒ ආදරයට අපි කෝඩුකාරයි 
ඇත්තටම කෙනෙක්ව වෙනස් කරන්න ආදරයක් ඕනිමයි ඒ ආදරය ප්‍රකාශිත අයිති කරගත් ආදරයක් වෙන්න ඕනිම නෑ,
ඇත්තටම පළවෙනි ආදරේ කියන්නේ මන මුලින්ම ආදරෙයි කියලා කියපු කෙනාද කියලා දහස් සැරයක් මගෙන්ම ඇහුවා.

 නැ පළවෙනි ආදරේ ඇත්තටම ආදරයක්ද කියන්න අදටත් මන් දන්නෑ. ඒ වගේම දෙවනි ආදරයත්, තුන්වෙනි ආදරයත්, ඇත්තටම ආදරයක්ද, නැත්තම් තවකාලික හැඟිමක්ද කියලා ඇත්තටම මට මගෙන් උත්තරයක් ගන්න බැරි උනේ තමෙ හිතේ තියෙන පළවෙනි ආදරේ නිසාදෝ කියලා හිතෙද්දි මන් තුන්වෙනි ආදරෙන් පැනලා දිව්වා හුඟක් ඇතට.
 ඇත්තට අපි ඇයි ආදරේ කියන අපේකරගන්න බැරි දේවල් ලං කරගන්නේ කියලා කොහෙද මන්දා පැටලිලා තිබ්බ හැඟිමක් හිතට එනවා. 
ඇත්තට මගේ පළවෙනි ආදරය ප්‍රකාශිත ආදරයක් නෙමෙයි හැබැයි පළවෙනි ආදරෙ මගේ වාසනාවටද, නැත්තම් අවාසනාවටද මන්දා ප්‍රකාශිත නොවිච්ච ද්වීපාර්ෂවික ආදරයක් 

ඇත්තටම කියනව නම් මගේ ජිවිතේ පළවෙනි හොඳම යාළුවා මගේ පළවෙනි ආදරය 
අදටත් හොඳම යාළුවා මම කියන කෙනා නැත්තම් මං ඇත්තටම මොන වගේද කියලා දන්නේ ඒ පළවෙනි ආදරේ විතරයි 
හිතේ තියෙන්නේ මොනවද කියලා මුණ දිහා බලලා කියන් පුළුවන් තරම් යාළුකමක් අපි අතරේ තිබ්බා ඒකට හේතුව මොන දෙයක් උනත් කථා කරන්න පුළුවන් කමක් තිබුන යාළුකම. 

ඇත්තටම මං අදටත් මගේ ජිවිතෙන් ණය ඒ කෙල්ලට විතරයි
අද ඉන්න තත්වෙන එන්න හිනා වෙලා ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න ඉගැන්වුනේ ඒ යාළුකම නිසා  
ආදරේ කියලා ලං උන කිසිම කෙනෙක් ලඟදි මං හිතන විදිහ ගැන ඇත්ත කථා කරන්න බැරි උනේ 
ඒ පළවෙනි ආදරේ තාම හිත ඇතුලේ තියෙන නිසාද කියන එක ගැන මං මගෙන්ම ප්‍රශ්ණ කලේ 
මං ඇත්තටම නියම ආදරවන්තයෙක් නෙමෙයි කියන ප්‍රශ්නෙට සැරින් සැරේ මගේ හෘදසාක්ෂිය කැගහලා මගෙන්  උත්තර ඉල්ලන නිසා
හැම අලුත් ආදරේකදිම අපි කෝඩුකාරයි ඒ කෝඩුකාර ආදරේ නිසා හැම වෙලේම උත්සහ කරන්නේ ආදරේ කරන කෙනා කැමති විදිහට හිතන්න 
ඇත්තටම ඔයා කැමති විදිහේ කෙනෙක් නෙමෙයි මම කියන්න තරම් හිතට ශක්තියක් නැත්තේ 
 ඒදේ පිලිගන්න එයා අකමැති කියලා දන්න නිසාත් තමන් අකමැති විදිහේ කෙනෙක්ට ආදරෙ කරන්න තියෙන අකමැත්ත කොච්චරද කියලා දන්න නිසයි
විවෘත වෙන්න තියෙන බය, නැත්තම් නිදහසක් නැති ආදරේ දිර්ඝකාලිනව පවත්ව ගන්න අමාරුයි
අතීතය අවුස්සලා පළවෙනි ආදරේ හොයා ගන්න පුළුවන් උනාට ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ ඒ ආදරේ හිතින් අයින් කරන්නේ කොහොමද කියන එකයි 
අමතක වෙන තරමට තවත් කෙනෙක්ට ආදරේ කරන්න නම් දෙන්නම හොදටම අදුරගන්න ඔන ආදරේ මුලින්ම ආවොත් රැදෙන්නේ හුඟක් කලාතුරකින් 
යාළුකම් මුලින් ඇවිත් ආදරේ දෙවනුව ආවොත් අමතක කරන්න බැරි තරමට ඒ ආදරේ හිතේ මුල්බැහැ ගන්නවා

 දෙන්නම ආදරේ හිත්වල තියන් දෙන්න වෙනුවෙන් දෙන්නම කාලයක් බලා ඉදලා එන ආදරේ ස්ථිරයි ඇත්තටම තේරුම් ගැනිම කරන්න අමාරු දෙයක් එකට කාලය ඔන 
ආදරේට හදිස්සි නෑ ආදරේ හරිම මන්දගාමියි 
ආදරේ පවතින්න නම් ආදරේ ඇති වෙන්න කල් ගත වෙන්න ඕන 
ළගින් යන්න, අතින් අල්ලන්න, පළවෙනි කිස් එක දෙන්න, හදිස්සි නමි 
ආදරේ නැති වෙලා යන්නත් ඒ තරම්ම හදිස්සි වේවී 
ආදරේ හෙමින් ළං වෙන තරමට ඈත් වෙන්නෙත් හෙමින් 
හෙමින් ඈත් වෙද්දි අපිට ඈත්විම තේරුම් අරන් ආයේ ආදරේ ලගට ගන්න කාලය ඉතුරු වෙනවා 
ඉක්මනින් එන ආදරය ඉක්මනින් යද්දි ඒ ආදරේ ඈතට යන වේගය වැඩි නිසා අපි දැනගන්නත් කලින් ආදරේ ඈතට ගිහින් තියෙවි 
ඉක්මනින් ආපු ගමන ඉක්මනින් ඉවර වෙලා
සදාකල් නවතින පසුතැවිමක් විතරක් ඉතුරු වෙයි