Pages

Friday, March 6, 2015

...........හෙම්න් එන.. හැමදාම නවතින ආදරය ............


ලියන්න දහස් ගණනින් දේවල් තිබ්බත් ඉස්සර තරම් ලියන්න උනන්දුවක් නෑ 
සමහරක් විට ඒ හිතට නිදහසක් නැති නිසා වෙන්න ඇති
ජිවිතේ කොච්චර අස්තාවරද හිත කොච්චර අස්ථාවරද හිතේ හයියට තව කෙනෙක් වෙනුවෙන් දෙයක් 
අත්හරින්න හිතුවට ජිවිතේ රුඳිලා තියෙන අත්තිවාරම අයින් කරලා ඒ වෙනුවට වෙන කෙනෙක්ට ඉඩ දෙන්න කොහෙමද කියලා තාම හිතා ගන්න බෑ. හිතා ගන්න බැරිද නැත්තම් හිත ඒ වෙනුවෙන් සුදානම් නැද්ද කියන්න ඇත්තටම මං දන්නේ නැ .
කොතනින් පටන් ගන්න ද මොනවා ගැන කියන්නද? 
ඇත්තමට ජිවිතය ගැන කියන්න තවමත් මන් ජිවිතය අත්විදලා නැද්ද කියලා හිතෙනවා 
දහස් ගණනින් චරිත ඒ අයගේ ජිවිත මාරුවේන් මාරුවට මතක් වෙවි අමතක වෙනවා 

මොන අත්දැක්ම් තිබ්බත් අලුත් ආදරයකදි  ඒ ආදරයට අපි කෝඩුකාරයි 
ඇත්තටම කෙනෙක්ව වෙනස් කරන්න ආදරයක් ඕනිමයි ඒ ආදරය ප්‍රකාශිත අයිති කරගත් ආදරයක් වෙන්න ඕනිම නෑ,
ඇත්තටම පළවෙනි ආදරේ කියන්නේ මන මුලින්ම ආදරෙයි කියලා කියපු කෙනාද කියලා දහස් සැරයක් මගෙන්ම ඇහුවා.

 නැ පළවෙනි ආදරේ ඇත්තටම ආදරයක්ද කියන්න අදටත් මන් දන්නෑ. ඒ වගේම දෙවනි ආදරයත්, තුන්වෙනි ආදරයත්, ඇත්තටම ආදරයක්ද, නැත්තම් තවකාලික හැඟිමක්ද කියලා ඇත්තටම මට මගෙන් උත්තරයක් ගන්න බැරි උනේ තමෙ හිතේ තියෙන පළවෙනි ආදරේ නිසාදෝ කියලා හිතෙද්දි මන් තුන්වෙනි ආදරෙන් පැනලා දිව්වා හුඟක් ඇතට.
 ඇත්තට අපි ඇයි ආදරේ කියන අපේකරගන්න බැරි දේවල් ලං කරගන්නේ කියලා කොහෙද මන්දා පැටලිලා තිබ්බ හැඟිමක් හිතට එනවා. 
ඇත්තට මගේ පළවෙනි ආදරය ප්‍රකාශිත ආදරයක් නෙමෙයි හැබැයි පළවෙනි ආදරෙ මගේ වාසනාවටද, නැත්තම් අවාසනාවටද මන්දා ප්‍රකාශිත නොවිච්ච ද්වීපාර්ෂවික ආදරයක් 

ඇත්තටම කියනව නම් මගේ ජිවිතේ පළවෙනි හොඳම යාළුවා මගේ පළවෙනි ආදරය 
අදටත් හොඳම යාළුවා මම කියන කෙනා නැත්තම් මං ඇත්තටම මොන වගේද කියලා දන්නේ ඒ පළවෙනි ආදරේ විතරයි 
හිතේ තියෙන්නේ මොනවද කියලා මුණ දිහා බලලා කියන් පුළුවන් තරම් යාළුකමක් අපි අතරේ තිබ්බා ඒකට හේතුව මොන දෙයක් උනත් කථා කරන්න පුළුවන් කමක් තිබුන යාළුකම. 

ඇත්තටම මං අදටත් මගේ ජිවිතෙන් ණය ඒ කෙල්ලට විතරයි
අද ඉන්න තත්වෙන එන්න හිනා වෙලා ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න ඉගැන්වුනේ ඒ යාළුකම නිසා  
ආදරේ කියලා ලං උන කිසිම කෙනෙක් ලඟදි මං හිතන විදිහ ගැන ඇත්ත කථා කරන්න බැරි උනේ 
ඒ පළවෙනි ආදරේ තාම හිත ඇතුලේ තියෙන නිසාද කියන එක ගැන මං මගෙන්ම ප්‍රශ්ණ කලේ 
මං ඇත්තටම නියම ආදරවන්තයෙක් නෙමෙයි කියන ප්‍රශ්නෙට සැරින් සැරේ මගේ හෘදසාක්ෂිය කැගහලා මගෙන්  උත්තර ඉල්ලන නිසා
හැම අලුත් ආදරේකදිම අපි කෝඩුකාරයි ඒ කෝඩුකාර ආදරේ නිසා හැම වෙලේම උත්සහ කරන්නේ ආදරේ කරන කෙනා කැමති විදිහට හිතන්න 
ඇත්තටම ඔයා කැමති විදිහේ කෙනෙක් නෙමෙයි මම කියන්න තරම් හිතට ශක්තියක් නැත්තේ 
 ඒදේ පිලිගන්න එයා අකමැති කියලා දන්න නිසාත් තමන් අකමැති විදිහේ කෙනෙක්ට ආදරෙ කරන්න තියෙන අකමැත්ත කොච්චරද කියලා දන්න නිසයි
විවෘත වෙන්න තියෙන බය, නැත්තම් නිදහසක් නැති ආදරේ දිර්ඝකාලිනව පවත්ව ගන්න අමාරුයි
අතීතය අවුස්සලා පළවෙනි ආදරේ හොයා ගන්න පුළුවන් උනාට ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ ඒ ආදරේ හිතින් අයින් කරන්නේ කොහොමද කියන එකයි 
අමතක වෙන තරමට තවත් කෙනෙක්ට ආදරේ කරන්න නම් දෙන්නම හොදටම අදුරගන්න ඔන ආදරේ මුලින්ම ආවොත් රැදෙන්නේ හුඟක් කලාතුරකින් 
යාළුකම් මුලින් ඇවිත් ආදරේ දෙවනුව ආවොත් අමතක කරන්න බැරි තරමට ඒ ආදරේ හිතේ මුල්බැහැ ගන්නවා

 දෙන්නම ආදරේ හිත්වල තියන් දෙන්න වෙනුවෙන් දෙන්නම කාලයක් බලා ඉදලා එන ආදරේ ස්ථිරයි ඇත්තටම තේරුම් ගැනිම කරන්න අමාරු දෙයක් එකට කාලය ඔන 
ආදරේට හදිස්සි නෑ ආදරේ හරිම මන්දගාමියි 
ආදරේ පවතින්න නම් ආදරේ ඇති වෙන්න කල් ගත වෙන්න ඕන 
ළගින් යන්න, අතින් අල්ලන්න, පළවෙනි කිස් එක දෙන්න, හදිස්සි නමි 
ආදරේ නැති වෙලා යන්නත් ඒ තරම්ම හදිස්සි වේවී 
ආදරේ හෙමින් ළං වෙන තරමට ඈත් වෙන්නෙත් හෙමින් 
හෙමින් ඈත් වෙද්දි අපිට ඈත්විම තේරුම් අරන් ආයේ ආදරේ ලගට ගන්න කාලය ඉතුරු වෙනවා 
ඉක්මනින් එන ආදරය ඉක්මනින් යද්දි ඒ ආදරේ ඈතට යන වේගය වැඩි නිසා අපි දැනගන්නත් කලින් ආදරේ ඈතට ගිහින් තියෙවි 
ඉක්මනින් ආපු ගමන ඉක්මනින් ඉවර වෙලා
සදාකල් නවතින පසුතැවිමක් විතරක් ඉතුරු වෙයි

2 comments:

  1. අඩන්න එපා බං. යූ ටර්න් එකක් ගහල ආතල් එකේ හිටු

    ReplyDelete
  2. U ටර්න් ඒකක් ගහපියෝ......................

    ReplyDelete