Pages

Thursday, October 18, 2012

.......මට ඕනී ආදරේ කරන්න.........





ආදරය කියන්නේ මොකද්ද මට ඒකට අර්ථකතනයක් දෙන්නට බෑ  කොහොමටවත්, හැබැයි මාත් ඒ ආදරය කියන දෙය කලා කාලයක්ම ආදරය කියන දෙය ජිවිතේම කරගෙන. ඒත් මම ආදරය කියලා ලබන්න බලාපොරොත්තු වෙන දෙය කාගෙන්වත් ලබා ගන්න බැරි බව නමි මම දැනගත්තා. එක පාරක් නෙමෙයි පිට පිටම හුඟ සැරයක් මායාවකට අහු උනා. කාගෙන්වත් ආදරය කියන දේ නම් අශුමාත්‍රයක් වත් ලබා ගන්න බැරි උනා. ඒ හැම කෙල්ලම ආදරේ කියලා කියන්නේ වෙන මොනවදෝ දේවල් ටිකකට. සමහර අයට තමුසේ කියන වචනෙවත් ප්‍රශ්නයක්, උන්ට ඕනි උනේ කථා පොත්වල ඉන්න සුදු තීන්ත ගාපු ආදරවන්තයෝ සුදු, රත්තරං, වගේ බොළද වචන වලටයි උන් ආදරේ කලේ. උන්ට බැරි උනා උන්ගේ හීන ලෝක වලින් මිදිලා සැබැම මට ආදරය කරන්න. සමහර උන්ට ඕනී උනේ ලස්සන කොල්ලෙක් එක්ක පාරේ යන්න. එහෙම උන් සතියක් දෙකක් මාත් එක්ක ඉඳලා මටත් වැඩිය ලස්සන කොල්ලෙක් එක්ක ගියා. හැබැයි ඒ කෙල්ලන්ට නමි අමාරුවෙන් උනත් සමාව දුන්නා කැත දේවල් වලට කෙල්ලෝ කොහොමත් කැමති නෑනේ.  මම ඉතිං කොහොමත් එච්චර ලස්සන කොල්ලෙක්වත් කථා කර කර ඉන්න තරමි ප්‍රිය මනාප කොල්ලෙකුත් නෙමෙයි. ගිය උන් ගියාවේ කියලා මම උන්නා එකම එක ආදර කථාවක් වත් තිත තියලා ඉවර කලේ මම නෙමෙයි. උන්ම තමයි උන්ගේ ආදර කථාවට තිත තියා ගත්තේ සමහර ආදර කථා උන්ම පටන් අරගෙන උන් තියාගෙන ගිහින් උන්ම ඉවර කලා. උන් කියන්නේ මම මෝඩ කොල්ලෙක්ලු ,වෙන්න ඇති. හැබැයි සමාජට මම  කෙල්ලෝ මාරු කරන වල් කොල්ලෙක් උන් දන්නවද මට වෙන දේවල් කෙල්ලෝ හැමදාම උන්ගේ අහිංසක දුබලකමි ඇතුලේ උන්ගේ චාටර් දේවල් ටික හංග ගන්නවා.
   මම බලන් හිටියා මම ආදරේ කියන හැගිමට ආදරේ කරන එකියක් හරි එයි කියලා එතනින් තමයි මම මෝඩ උනේ. කාමරයක එකියක් එක්ක රිංගලා මාත් මගේ වැඩේ කරගෙන මාරු උනා නම් හරි. කොහෙද උපන් මෝඩ කමට ගියානේ මාත් ලව් කරන්න. නෙදකින්, කෙල්ලෝ ඔක්කොම එහෙමයි කියන්න මම ලෝකේ හැම කෙල්ලම ඒක්ක ලව් කරේ නෑනේ. කර ගත්ත ටික හොඳටම ඇති නිසා මාත් තිරනය කලා ආයේ ආදරය නොකර ඉන්න. හැබැයි ඊට කලින් ආපහු සැරයක් මම පහුකරගෙන ආපු චරිත ටික දිහා බැළුවා. මට දුක් වෙන්න තරම් දෙයක් මගේ අතින් වෙලා තියනවද කියලා. එහෙම උනොත් ඒක හරි ගස්සන්න හිතන්. පුහ්, ලෝකේ දැන් හරි දියුණුයි අතීතේ දිහා හැරිලා බලන උන් නෑ. උන් ආයෙත් උන්ගෙම ප්‍රේම ලෝක හදාගෙන මම මඟ ඉඳගෙන මොකද්ද මඟුලක් කරනවා .
ඒ මම හිතුවා මගේ මොකක් හරි වැරද්දක් ඇති නැත්නමි මෙහෙම  වෙයිද කියලා. නිකමට වගේ එක බත්පත බෙදා ගෙන කන හොඳම යෙහෙලියගෙන් ඇහුවා.
උඹෙන් ආදරේ ඉල්ලුවොත් උඹ මට ආදරේ කරනවද උඹ තරම් මාව දන්න වෙන එකියක්  නෑ මට ආදරේ කරපන්,
අනේ මෙහෙමත් මෝඩ මම. එකීත් අරුන්ගේ ජාතියෙම කෙල්ලෙක් කියලා මෙච්චර ආස්සරය කරලත් දැනගන්න බැරි උන හැටි. ඒකී හොයන ලස්සනවත් ගතිගුණවත් මං ගාව නැහැල්ලු අනික අතීතයත් හොඳනැහැල්ලු මගේ යකේ හිත හැදෙන්නවත් කියපන්කෝ මම දැන්ම ආදරයක් ගැන හිතලා නෑ බන් කියලා.
බළාගෙන යන කොට පිරිමි අපි නේ මෝඩ. කෙල්ල කලින් කාත් එක්ක හරි ලව් කරලා තිබුනට කමක් නෑ කියලා දෝතට ගන්නවා ඒත් මුන් ෂීක් විතරක්,
තනිකම හොදයි ලව් එක දුක් වැඩ් හින්දා කියලා හිතා ගත්තා ආයේ නම් එක කෙල්ලෙකුටවත් ඔය ලව් මඟුල කරන්න යන්නේ නෑ කියලා ෂේප් එකේ සුපුරුදු ලයිෆ් එකටම වැටුනා කොල්ලෝ ටිකත් එක්ක පොඩ් ෆන් එකක් දාලා පොඩ් අඩියක් හැන්දෑවට ගහලා ජිවත් වෙනවා කියලා කොහෙද?
යකෝ මුන්ට තියෙන්නේ දැවෙන ප්‍රශ්ණනේ. ඩෝප් වෙලා කට්ටියගේ කරටි කැඩෙන කොට මුන් සේරම අනංගයගෙන් ලව් ඩිග්රිය ගත්ත සිරා ඩයල්, මට ආදරේ කරන හැටි යාළුප්‍රේමයෙන් කියලා දෙනවා.
අඩෝ ජිංජියෝ ඔහෝම ලව් කරන නිසා තමයි බන් උඹට හැමදාම කෙල වෙන්නේ යකෝ කෙල්ල දාගත්තට පස්සේ සතියක් දෙකක් ඇතුලත කෙල්ලට ෂොට් එක දිපන් එතකොට එකිට කොහෙවත් වෙන එකෙක් එක්ක යන්න බැ ගියත් හැරෙන තෑපැලෙන් ආයේ උඹ ලඟ, යකෝ කෙල්ලොට ආතල් ටික දුන්නේ නැත්නම් ඒකි පිට යනවා. මෝඩ වෙන්න එපා ආයේ ලස්සන කෑල්ලකට ටෝක් කරලා දාගෙන ෂොට් එක දීපන්, ජිවිතේම මල් ආදරේ අපි ලග හැමදාටම ඒකිට හැරෙන්නත් බෑ උඹට හැරෙන්නත් බෑ ලව් ලව්ම තමා.

අනේ හු*යි නන්නානේ යකෝ එහෙම කරන්න ඕනී නමි මුන් වගේ ගොන් පරයන්ගෙන් උපදෙස් ගන්න ඕනීයැ. මාත් දන්නවා ඒක කරන්න, මට ඕනී උනේ ආදරේ කරන්න මිසක් ඒකියක් එක්ක නිදිවදින්න නෙවෙයි කියලා මුන්ට තේරෙන්නේ නැති හැටි.
අනික මට එහෙම එකක් කරන්න ඕනී නමි අමාරුවෙන් ලව් කර කර එකම කෙල්ලට ඕක කරන්න ඕනි යෑ සල්ලි දිලා ගණිකාවක් අරන් ඒකිත් එක්ක නිදි වදිනවනේ ඇයි යකෝ එතකොට මට පව් පිරෙන්නේත් නෑ ඒ ගෑණිගේ අතට කියක් හරි හම්බ වෙලා පවුලක බඩවල් තුන හතරක් හරි පිරෙනවනේ. එහෙම නැතත් ප්‍රපෝසල් එකකින් ලස්සන කෙල්ලෙක් හොයලා කසාද බඳිනවනේ එතකොට කොහොමත් මට ඔය වැඩේ නීත්‍යානුකූලව හැමදාම ඒකිට කරන්න පුළුවන්නේ .
මුන්ට මෙවිවා කිව්වාම කියන්නේ අළුත් පැකින් එකක් කඩලා ගන්න ආතල් එක ඕවගේ නෑ බන්
අනේ මුන්නම් මානසික ලෙඩ්ඩු අළුත් පැකින් කඩලා උගේ අහවල් එකේ ලේ ටිකක් ගාගත්තාම මුන්ට එන අමුතුම වින්ඳනේ මොකද්ද දන්නෑ. එකත් ඉතිං හැමදාම කරන්න පුළුවනෑ එක පාරයිනේ ඒ ලේ බින්ඳු දෙක තුනත් එන්නේ. ලේ බැංකුවෙන් ලේ පයින්ට් එකක් අරන් ගිහින් ෆ්‍රිජ් එක් තියාගෙන ටික ටික දාගෙන වැඩේ කර ගත්තනම් ඉවරයිනේ. එනවා මෙතන හොඳට ඉන්න උන්ගේ මොලේ අවුල් කරන්න හැම කොල්ලම වලත්තයෝ වෙන්නේ මුන් වගේ උන් නිසා තමයි නැත්නම් කොල්ලන්ගේ ඔළුවලට ඕනා උඩින් පාත්වෙනවා යැ.
අනේ මන්දා මගේ කරුමෙද කියලා මුන්ට තේරෙන්නෙත් නෑ කෙල්ලොන්ට තේරෙන්නෙත් නෑ මට ඕනී දේ
යකෝ මට ඕනී අහවල් එකේ සැප නෙමෙයි හිතට දැනෙන්න ඇත්තම ඇත්ත ආදරේ කියන හැඟිම විදින්න ආදරේ ආදරේ විඳිහටම විඳින්න උඹලා ඔය කියන දේ තියෙන්නේ ලිස්ට් එකේ ආදරේට හුගක් පහලින්


Tuesday, October 9, 2012

........පන්හිඳක දෝංකාරය.........





           හුදෙක් මා පෞද්ගලිකව කාලාන්තරයක් තිස්සේ එල්බගෙන සිටි මතයක් වනුයේ, ''සාර්ථක කතුවරයන් මිස අසාර්ථක කතුවරයන් ගෙන් කිසිම ප්‍රයෝජවත් යමක් කියවන්නාට නොවන බව''

                  එහෙත් සාර්ථක කතුවරයෙක් ඔහුගේ පන්හිද මගින් බිහිකල නිර්මාණයකින් මා දැරිය නොහැකි සිත්තැවුලකට පත්විය. ඒය මාගේ මානසික මට්ටම මත මදනම් ඌවක් උවද, එම සිත්තැවුල පලවා හැරිම කිසිම භෞතික දෙයකට කල නොහැක්කක් විය. මේ ජීවිතයෙන් පැන දිවිමට තරමි බරපතල ලෙස, ඔහුගේ පන්හිදේ ඝට්ටනයන් මා සිතුපතුලේ දෝංකාර දෙන්නට විනි. මා සිටි නිස්කලංක පරිසරයද තනිකමද මේ තත්වයට වඩාත් බලපාන්නට මඟහසර එළිකරන්නට ඇත.

         එහෙත් කලකට පෙර මා අඩක් කියවා අතහැර දැමු අසාර්ථක ලියවිල්ලක් මා නෙත ගැටුනේ යම් කිසි දේව ප්‍රාථීහාර්යකිනි. කතුවරයාගේ අසාර්ථක භාවය මත එය තවත් බොළඳ ලියවිලකි,  මා ප්‍රකෘති තත්වයේ සිටියා නමි එය එසේ විමට ඉඩතිබිනි.  පුදුමයකි කිවිම ආරමිභකර මොහොතකින් එම ලියවිල්ල තව දුරටත් බොළඳ නොවුනි. ආශ්චර්යකි, එය මා තුළ ආකාස්මිකව මතුවූ සිතුවිලි සියල්ල භක්ෂනය කර දැමු සැටියකි. තවදුරටත් මා තුල එම සිත්තැවුලට ඉඩනොමැත සිත්මඬල උදාසිණ කිරිමට ශ්‍රේෂ්ඨයෙකු අතින් බිහිවුනු අනර්ඝ ඖෂධයක් වැනිය.

             අවසන එම මතය තවදුරටත් මා සෙවනැල්ල තුළ ආරක්ෂා නොවේ. සෙවනැල්ල තුල සැඟවි සිටි දුෂ්ඨ බලවේගයන් හිරු රශ්මියේ දවා හලු කෙලෙමි. දැන් මා පවිත්‍රය අසාර්ථක යැයි හංවඩු ගැසු ලියැවිලි කිසිත් නොමැතිය සියල්ලෝම ශ්‍රේෂ්ඨයෝය.

Thursday, October 4, 2012

........එක වගේ අය..........




ලොකේ එක වගේ හත් දෙනෙක් ඉන්නවා කියලා කියනවා නේද
එ හත් දෙනා හැබැයි එක වගේ වෙන්නේ පෙනුමෙන් නමි නෙමෙයි
එගොල්ලෝ එක වගේ වෙන්නේ අදහස් වලින්
එහෙම එක අදහස් තියන අය කොල්ලෝම හත් දෙනෙක් හරි කෙල්ලොම හත් දෙනෙක්
හරි නෙමයි
ඒ හත් දෙනාගේ එකවගේ අදහස් කොල්ලෝ කෙල්ලෝ දෙපැත්තෙන්ම ඉන්නවා
එහෙම ඉන්නේ ආදරේ කරන්න එකිනෙකාට ගැලපෙන්න
එත් ඉතින් ඉන්නේ හත් දෙනෙක්නේ
එක් කෙනෙක් ඉතුරුවෙනවා
එක හරිම අසාදාරණයි කියලා හිතෙනවා ඇති
හැබැයි එතනින් තමයි ස්භාවධර්මයා ලෝකේ සමතුලිත කරලා තියෙන්නේ එ ඉතුරු වෙන අය තමයි මේ ලෝකේ අලුත් දේවල් හොයා ගන්නේ
ලස්සන නිර්මාණ කරන්නේ
මොකද ඒ අයට හිතන්න වෙලාව ඕනි තරමි තියනවා
අනිත් හය දෙනාට එ වෙලාව ලැබෙන්නේ හරි අඩුවෙන්
හැබැයි එ ඉතුරු කෙනත් හැමදාම තනියෙන් ඉන්නෑ
එයාටත් දවසක කෙනෙක් හමිබ වෙනවා
හැබැයි ටිකක් පරක්කු වෙලා හොදේ