Pages

Showing posts with label කථා යාළුවන්ගේ. Show all posts
Showing posts with label කථා යාළුවන්ගේ. Show all posts

Saturday, September 12, 2015

..........මළවුන්ගෙන් නැඟිට ආ කුමරිය.............

මළවුන්ගෙන් නැඟිට ආ කුමරිය
දනිම නුඹට මා හැරයා නොහැකි බව
කෙතරම් කලක් වුවද ජිවත් වන මටද නොහැකි විය

ළඟින් හිද දුක සැප බැලු කාලය මෙන්ම
මිය ගියද නුඹේ සෙනෙහස හරිම පුදුමය
දනිමි ආදරය නොකෙරුවට ලොවට පෙනෙන්නට
ඔය හිත තුල තිබූ ආදරයක තරම

ඉදහිට තනිව ඉකිබිඳන විට
නුඹත් ඉකිබිඳින හඬ ඇසේ මට
හැකිනම් එකවරක් වත් ආයෙම
ඔය අතින් අල්ලා හිනැහෙන්නට

මුහුණට මුහුණ බලාගෙන
ඉගෙන ගත් හැටි එක මේසෙයේ දෙපසම
මටත් වඩා නුඹට මතක ඇති
හැමදාම හෝදන විට පෙනෙන
සපත්තුපාර හන්දම

නුඹ ගිය දවස ඉදලම
දනිමි නුඹ මා අත්නොහැරිය බවට
තනියෙම යනෙන ගමනකදි
ඇසේ නුඹෙ පියවර හඬ පසුපසින් එන

ඉද හිටක රෑ මා නිදි විටක
නුඹ කථා කරන හඬ ඇසුන උන්
නිරන්තරයෙන් අසයි
කවිරුන්ද නුඹ වග

හැම රෑකම නොවරදවාම
ඇවිත් යන්නට ඒන මගේ හීනෙට
ඇදගෙන එන සුදු සාරිය
ලස්සනයි නුඹ හිටියට වඩා අද

නුඹ නිසාවට හඬන්නට එපා කියුවට
නුඹ මං නිසාම හඬපු තරම දනිමි මම
වෙන උන්ගෙන් දන්නවද නුඹෙ ඇති වෙනස
කඳුළු බිඳු කිහිපයකට පසුව
අමතක කර නොදැම්මිය මෙතුවක් කලකට

කිහිප සැරයකම මියෙන්නට ලං වු විට
ජිවිත් විය යුතුයැයි කියා තව කල්
ඇයිද හමුවීම දුරස් කලේ තව

Tuesday, January 27, 2015

..............මතකයන්...........තවමත් රිඳුම් දෙන...............


මොහොතින් මොහොත මොහොතින් මොහොත 
වැටහෙමින් ඇත තදින් සිත පතුලට
ගැලවිය නොහැකි බව මේ හැඟිමෙන් මට
පසුතැවිම අතීයෙන් හමා එන

තනිව පසුවෙන හැම මොහොතකදිම
නැවත නැවතත් ප්‍රතිරාවදෙමින් හිතතුල
හඬ නඟයි හිත මා වැරදි කරුවෙකු බව
නුඹට ඇවැසිම මොහොතක ලගින් නොසිටිය

අවසන් සුසුමට නුඹ ගැනම මතකයන් ඇත
අන්සියල්ලම පරදා මතුව එන
කඳුලක් හෝ සුසුමක් නොහෙලනු මැන 
පොරොන්දුව රකිමි ඒ මතකයන් විලසටම

දිනක් දිනක් නෑරම නොවරදවාම
සෑම සිහිනෙකටම ඇතුලුව 
සොයන්නේ නුඹ අමතකව ඇති වගද?
එකවරක් කියපන් නුඹේ හඬින්ම මට
එතරම් අකමැතිද නුඹ 
මගේ මතකයෙන් ඇත්ව හිඳිනට

හැඳුනුමක් නැති බැඳිම බිඳිනට
වෙන්උනත් නුඹ අකමැතිව ඇති හැටි
නින්ද මගෙන් උදුරාගෙන ගිහින් ඇත

මගේම යැයි දකින හැම හීනෙකදිම
නුඹත් පසෙකින් සිනාසෙන විට
සත්තකයි මියදුනත් අද හෙට 
වෙනසක් නොවේ කිසිලෙසකට

දනිමි අදද හෙටටද
නුඹ බලාපොරොත්තුවෙන් පසුවන බව
ළගින් හිඳ මේ හිතට ඒබී බලනට
මොහොතකටවත් ආපහු සැබැවට හමුවන්නට

තවත් බිඳුවක් ඉවසා ඉදින් ළබැදිය
වැඩි ඇතක විය නොහැක ඒ මොහොත
මාද පැමිණෙන මතකයන් හුඟක් අරගෙන
පරණ විලසටම මහ හඬින් සිනාසෙන

Thursday, April 25, 2013

............ස්තුතියි හැමදේටම, පුළුවන් උනොත් ආයෙත් එන්නම්..............


ස්තුතියි හැමදේටම, පුළුවන් උනොත් ආයෙත් එන්නම්.


උඹ අන්තිමට කෑගහලා කියපු වචන ටික මට තාම උඹේ කට හඬින්ම මතකයි.

මිටර් පනහක් දුවන්න මම මොකට එච්චර වෙලා ගත්තද මට තව තප්පර තිහකට කලින් එතනට දුවා ගන්න තිබුන නම් උඹ තාම අපිත් එක්ක' මොනා කරන්නද උඹේ හිත දුර්වලයි කියලා දන්නවා, ඒත් උඹට තව ටිකක් ඉවසන්න තිබුනා.
අද වගේ මතකයි උඹ හැමදාම කියනවා උඹේ ජිවිතය අයිති උඹට නෙමෙයි කියලා, කකුලෙනුයි අත් දෙකෙනුයි උඹව උස්සලා ත්‍රී වීල් එකකට දාලා ලේ බේරෙන උඹ ලඟින්  ඉදගන්න මිනිහෙක් නැතුව ඉද්දි උඹව උස්සලා උකුලෙන් තියාගත්තු ඒ කෙල්ලට කියලා. ඒ කෙල්ල නිසාවත් උඹට නවතින්න බැරි උනාද
උඹේ කථාවේ උඹේ කොටසට උඹම තිත තියා ගත්තු මොහොතෙම ඒ කෙල්ලත් එ කෙල්ලගෙ කොටසට තිත තියාගන්න තිබුනා මමත් එතනම නොහිටිය නමි
තව කොච්චර කාලයක් ගියත් උඹලා දෙන්නා ගැන මතකේ මට අමතක වෙන එකක් නෑ. ඒ මොහොත අමතක වෙන එකක් නෑ, උඹ පස්සෙන් එන්න හදපු ඒ කෙල්ලව මම නවත්තන්න අතින් අල්ලපු වෙලාවේ තමයි මට දැනුනේ ආදරෙට කෙනෙක්ව කොච්චර ශක්තිමත් කරන්න පුළුවන්ද කියලා.
අපි බට්ටී බට්ටී කියලා විහිළු කරපු ඒ කෙල්ලගෙ අතට තප්පරයෙන් දාහන් එකකදි පොලු කෑල්ලක් කොහෙන් අහු උනාද කියලා මට මතක නෑ. උඹට ආදරේ කරපු ඒ කෙල්ල උඹව මතක හිටින්න සලකුනක් මගේ වම් අතේ හොදට පේන්නම තිබ්බා
උඹලගේ කථාවට මම කොහෙන් ආවද කියලා මට හරියටම මතක නෑ මතකය හරි නමි උඹේ පුංචි කෙල්ල නිසාම තමයි මම උඹලගේ කථාවට ආවේ  අපේ යාළුකම් උඹේ බැඳීමි හැමදෙයක්ම තිබුනේ උඹෙන් ගලාගෙන ගියපු ලේ වල බන් උඹව උකුලට ගත්තු කෙල්ල ඉස්පිරිතාලෙන් එලියට බැස්සේ ඒකිගේ ජීවිතේ උඹම වෙයි කියලා හිතලවත් උඹලා දෙන්නට ඉන්න හොඳම යාළුවත් දෙන්නම එකම සිද්දියකින් හමිබවෙයි කියලා හිතාගෙන නෙමෙයි වෙන්න ඇති
උඹේ ලේ ගවුමේ ගාගෙන ඉස්පිරිතාලෙන් එලියට බැහැපු උඹෙ පුංච් කෙල්ල ගෙදර යන්න වට පිට බලපු විදිහ දැක්කම මට කථා කරන්න හිතුනා බයෙන් බයෙන් කථා කරපු කෙල්ලට ගෙදර යන්න තිබුන සල්ලිත් උඹෙ රතුපාට කරලා තිබුනා අදටත් ඒ කොළ ටික එ කෙල්ල පරිස්සමි කරනවා ඇති. ඒ කෙල්ලට එදා සල්ලි දුන්නේ උඹවගේ හොඳ යාළුවො දෙන්නෙක් ලැබෙයි කියලා හිතලා නෙමෙයි
කොච්චර හොඳ යාළුකම් උනත් මොකටද මගේ හොඳම යාළුවවත් හොඳම යෙහෙලියගේ ආදරේවත් බේරගන්න බැරි උන කොට

ප.ලි :-  වීදී දරුවො ව්‍යාපෘතිට සඳහා විස්තර සෙවිමට පුනුරුත්තාපන කඳවුරට ගිය අවස්ථාවේ අවුරුදු විසිදෙකකට  පමණ කලින් මත් කුඩුවලට ඇබ්බැහිවීම නිසා පොලිසිය මගින් පුනුරුත්තාපන කදවුරට බාරදී පුනුරුත්තාපන කාලය අවසන් වූ පසුද ගෙදර යාමව අකමැති වි එම පුනුරුත්තාපන කඳවුරෙම සේවයට බැදි මුදල් නොලබන සේවයක් ඉටු කරන පුද්ගයෙක්ගේ සැබෑ කථාවකි.

ප.ප.ලි:- සැබැ නමි යොදා නොගත්තේ අදාල පුද්ගලයා හා එම කාන්තාව දැනටත් ජීවත් වන බැවින් බැවි සලකන්න. මනංකල්පිත නම් යොදා නොගත්තේ ඒ චරිත වලට මම කැමති නමි යෙදිමෙන් අසාධාරණයක් සිදුවේ යැයි සිතුනු බැවින් බැවි සලකන්න

Wednesday, December 5, 2012

...........සුන්දර මතක...........


     


      මන් මේ ලෝකේ ඉන්න ආසම තැන් ගැන ඇහුවොත් එකක් ගෙදර, ඒක අපි හැමෝටම පොදුයි ඕනී කෙනෙක් කැමතියි තමන්ගේ ගෙදර ඉන්න. ඊට වඩා තැනක් කොහෙද තියෙන්නේ ඔහොම කිව්වට මට නමි ඒක එච්චරටම ඇත්ත නෙමෙයි. මම ඉන්න කැමතිම තැනක් කිව්ව ගමන් මට මතක් වෙන්නේ මම ගේ යාළුවෙක්ගේ ගෙදරක්. දහය වසරින් මගේ පරණ ස්කෝලෙන් ආවට. මම තාමත් මාස දෙක තුනකට සැරයක් උන්ගේ ගෙදර යන්නේ මම ආසම තැන්වලින් එකක් ඒක නිසා. උගේ නම මධුක ලේසියට ඉතිං මධු තමා කියන්නේ මම  ආසම තැනේ හැටි කියන්නම්කෝ ඉස්සෙල්ලම.

   මහ ලොකු තැනක් නෙමේ, ඒත් මගේ හිතට නම් එහෙ රජමාලිගාවකට වඩා සැනසීමයි කාමර් දෙකක් තියෙන පුංච් ගෙයක් මැටි ගහලා උළු හෙවිල්ලලා තියෙන්නේ. සාමාන්‍ය ප්‍රමානයකට ස්ථිරව හදපු ගෙයක්, ගේ තියෙන පැත්ත ගැන කියනව නමි, අව්රුද්දකට මාස තුන හතරක් විතරක් වහින පැත්තක් ටිකක් විතර රස්නෙයි. තව පොඩ්ඩෙන් ගේ ගැන කියන්න අමතක වෙනවා. ගෙයි මහලොකු බඩු ගොඩක් නෑ ටීවි එකක් කැබිනට් එකක් අල්මාරියක් විතරයි ඔය ගේ ඇතුලේ තියෙන්නේ කුස්සිය තියෙන්නෙ ගෙයින් එලියේ වෙනම හදලා ඒකත් ඉතිං මැටිම තමා.

      ඒ ගෙදර මිනිස්සු කරන්නේ වගා කරන එක, වගා කරන දෙයක් පොලට ගෙනිහින් විකනලා කීයක් හරි හම්බ කර ගන්නවා. ඒ ලොකු ආසාවල් නෑ තමන්ගේ වත්තේ වගා කරනවා. තුන්වේලට කනවා. ඒච්චරයි, තට්ටු මාලිගා හදන්න සැප වාහන ගන්න වගේ වදදෙන ආසාවල් ඒ මිනිස්සුන්ගේ හිත්වල නෑ, ඒක ඒ පැත්තේ හැම මිනිහෙක්ගෙම හැටි කොහොම මොනවා උනත් දවසකට කොච්චර වැඩ කලත්, කොච්චර මහන්සි උනත්, කාස්ටක අව්වට කර උනත්, ඒ හිත්වල තියෙනවා මොකද්දෝ මන්දා අමුතු ලෙන්ගතු කමක් අන්න ඒ නිසයි මම ඒ ගෙදරට එච්චර කැමති .

    දවල්ට තම තමන් ගේ වැඩ වල ඇලිලා ඉන්න පවුලේ හැමෝම හවස හත වෙන කොට ගෙදර එක ඉතිං අපේ ගෙදර වෙන්නේ නැති වැඩක් නිසා මම එහෙට කැමති වෙන්න තව හේතුවක්.

     වැඩියෙන්ම මම ආස කෑම සාලයක් නැති මධුවගේ ගෙදර හැමෝම කෑම කන්නේ කුස්සිය ගාවම තියෙන සියඔලා ගහයට වෙච්ච එකට. ආ තව වැවෙන් ඒ පැත්තටම වතුර දෙන මහ ඇල තියෙන්නේ ගේ ළඟ ඉදලා මිටර් සීයක් දෙසීයක් විතර දුරින්. වැව් මාළු ටිකක් කවදාවත් එහෙ නැතිවෙන්නේ නෑ, වැව් මාළු කිව්වට උන් අල්ලන්නේ ඇලෙන් වියදමක් නෑ, ගමේ කව්රු මාළු ඇල්ලුවත් මධුවගේ ගෙදරට හම්බ වෙනවමයි. ඒ ඉතිං ගමේ හැම වැඩකටම කියන්නත් කලින් මධුවගේ තාත්තා දුවන් යන නිසා තමයි. වතුර සද්දේ රැහැයියොන්ගේ සද්දේ එක්ක රෑ සීතල සුළඟ වැදි වැදි කැකුළු හාල් බත් එක්ක වැවි මාලු, හතු බැදුමක්, කොළ ජාතියක්, මෑකරල් මාළුවක්, උණු උණුවේ කන්නකොට දැනෙන හැඟිම වෙන්න ඇති මාව ඒ පරිසරයට ඇද ගන්නේ.

   කොච්චර නැති බැරි කම් තිබුනත් බෙදා හදාගෙන කන එක නම් ඒ මිනිස්සුන්ගේ අඩුවක් නැතුව තියෙනවා. බඩ ඉරිඟු කාලේට මධුවලගේ හේනේ ඉරිඟු දානවා. තාත්තා හැමදම ගෙදර එන කොට බයිසිකලේ පිටිපස්සේ බඩ ඉරිඟු කරල් විස්සක් විතර බැඳගෙන එනවා, හවස පහට විතර තඩ් මුට්ට්යක් ලිපේ තියලා බඩ ඉරිඟු තම්බන අම්මා  මධුවට කියනවා ගමේ ඉන්න මධුවගේ යාළුවන්ට එන්න කියන්න කියලා. හවසට සෙල්ලමි කරන්න යන හැම කොල්ලම ඉතිං සෙල්ලම් කරලා ඇලෙන් නාගෙන කෙලින්ම මධුවගේ ගෙදර බඩ ඉරිඟු කන්න .

   නාලා කාලා නිදියන එකත් ඉතිං සැප වැඩක් තමා. මැටි පොලවේ පන් පැඳුරක් උඩින් රෙදි දෙකතුනක් දාලා නිදා ගත්තම බිම සීතලට වැටුන ගමන් නින්ද යනවා. ඒ නින්ද අතර මගදි බැරි වෙලාවත් කැඩෙන නින්දක් නෙමෙයි එච්චරටම සැපයි.

     දවස් දෙකක් තුනක් ඉදලා අන්තිමට එහෙන් එන්න ලෝබයි. යන්න හදනකොට අම්මා හැමදාම කියන්නේ පුතා ලබන සතියෙත් එන්න හරි යට මේ සතියේ දුන්නු කරදර මදි වගේ. 

Thursday, September 6, 2012

.........ඇය රුවිනි..........




         ජීවිතය කියන්නේ අපි හිතන පතන දේවලුත් එක්කම නොහිතන නොපතන දේවල් ගොඩත් තුරුළු කරගත්ත ගමනක් අපේ ජීවිත වල බැබලෙන මාළිගා වලට වඩා බිඳවැටුනු නටඹූන් අනන්තයි ඒවගේම ජීවිතය රඳාපවතින්නේ ආදරය මත බවයි මගේ හැඟිම. ජීවිතයත් ආදරයත් එකට බැඳුනු දෙයක් .සමහර වෙලාවට හිතට දරාගන්න බැරි තරම් සතුටක් වගේම හිතට දරා ගන්න බැරි තරමි වේදනාවක්. 



        මේ ලෝකේ ඉන්නවා කියන දෙවියෝ කවදාවත්ම කෙනෙකුගේ ජිවිතය පුරාවටම හිතන පතන දේ ඉටු කරන්නේ නෑ. මගේ ජිවිතය තුළ මම පැතුව එකම පැතුමවත් මට ලබලා දුන්නේ නෑ.  මගේ සතුටට හේතු වෙලා තිබුන හැම දෙයක්ම හරිම අකාරුණික විදිහට මගෙන් උදුර ගත්තා. මම හිතන්නේ ඒක තමයි මම මේ ලෝකේ ලබපු ලොකුම වේදනාව. ප්‍රසාද් මට මුණගැහෙද්දි මට වයස අවුරුදු දාසයයි. මම ඒ වන විට මේ පලාතේ ජනප්‍රියම බාලිකා පාසලක ඉගෙනුම ලබනවා. ප්‍රසාද්ගේ ජොබ් එක තමයි ප්‍රයිවට් බස් එකක  කන්ඩක්ටර් වැඩේ. එයාගේ ඉරුණු ටී ෂර්ට් එකට, ගෙවි ගිය රබර් සෙරෙප්පු දෙකට මට ගොඩක් දුක හිතුනා. මම ඉස්කෝලේ ආවේ ගියේ ප්‍රසාද් වැඩ කරපු බස් එකේ. ඒ වෙලාවට එයා මගේ ඇස් දෙක ළඟ හරි අහිංසක විදිහට ඇවිත් නතර වෙනවා. මම ඉල්ලලා බලෙන්ම එයාගේ හිතට ඇතුල් උනා. එයාගේ දුප්පත්කම මගේ හිතට බරක් උනේ නෑ. ඒ වගේම මගේ අම්මට තාත්තට තිබුනුවත් පොහොසත්කම්වත් මට සිහි උනේ නෑ. ඒ මං එයාට මගේ මුළු හදවතින්ම ආදරය කරපු නිසා. ප්‍රසාද් මං ගැන විස්තර දැනගෙන මට ආදරේ කරන්න බය උනා. අපි දෙන්නා අහසට පෙළොව වගේ කියලා එයා කිව්වා. ඒ උනත් මගේ හිතේ එයා වෙනුවෙන් ඉපුදුනු ආදරේ කවදාවත් පර උනේ නෑ. එයාගේ ඇස්වල තිබුණු අහිංසක කමට, අසරණ දුප්පත් කමට මං තව තවත් එයාගේ හිතට ලං වුනා. අපි දෙන්නා එකම බස් එකේ ගියත් මගේ ගෙවල් ළඟ ළමයි ඒ බස් එකේ හිටපු නිසා අපි කථා කලේ නෑ. හිත්වල තියෙන ආදරේ හදවත ඇතුලේ තෙරපගෙන අපි නන්නාඳුනන අය වගේ හිටියා. ඒත් සමහර දවස් වලට මම ඉස්කෝලේ ඇරුණු ගමන් ටවුමට දුවගෙන එනවා එයා එක්ක කථා කරන්න. එහෙම වෙලාවට විනාඩි දහයක් විස්සක් අපි ස්ටැන්ඩ් එකේ කථා කර කර ඉන්නවා. හිතේ තිබුණු ආසාවට, ආදරේට මම කැමැත්තෙන් හිටියේ එයා එක්ක කොහෙට හරි වෙලා ටිකක් තනිවෙලා කථා කරන්න.

       ඒත් මමවත් නොසිතුව තරම් ඉක්මනට අපේ සම්බන්දෙට කරදර බාදක ආවා. ඒ අපි දෙන්නගේ සම්බන්ධය ගෙදරට පුදුම තරම් ඉක්මනට ආරංච් වෙලා තිබුණා. අමිමයි තාත්තයි මට හොඳටම ගැහුවා, පවුලේ එකම ළමයා කියලා නවදාවත් මට නොගහපු අම්මත් මට එදා හොඳටම ගැහුවා. ඒත් මම මොන තරමි වද වේදනා වින්දත් මගේ ආදරේ නවත්තන්න මගේ තුන්හිතකවත් තිබුනේ නෑ . මම o/l කරපු ගමන්ම මගේ දෙමවුපියෝ මාව ගෙදර හිරකාරියක් කරගත්තා. අපේ සම්බන්ධය නවතින්නේම නැති නිසා අපේ තාත්තා මැරයින් ලවා ප්‍රසාද්ට හොඳටම ගස්සලා තිබුනා. මගේ දෙමවුපියෝ සල්ලි බලෙන් ඕනෑම  පහත්  වැඩක් කරනවා. ඒ අසරණ කොල්ලා රෝහලට අරගෙන ගිහින් තිබුනේ සිහිය නැතුව ඉන්න කොට. මට මගේ දුක ඉවසගන්න බැරිම තැන මම ගෙදරින් යන්න තීරණය කළා. දවසක් අමිමා ටවුමට ගිය වෙලාවක මම ගෙදරට හොරෙන් ප්‍රසාද්ව නවත්තලා හිටපු රෝහලට ගියා. ඒත කොට ප්‍රසාද්ගේ අමිමාත් රෝහලේ හිටියා ප්‍රසාද්ව ගෙදර එක්කන් යන්න ඇවිත්, මම ප්‍රසාද්ගේ අමිමට වැඳලා කිව්වා අනේ අමිමේ යන තැනකට මාවත් එක්කගෙන යන්න ප්‍රසාද් නැතුව මට ඉඳලා වැඩක් නෑ කියලා. ප්‍රසාද්ගේ අමිමා මට කිව්වා දුවේ හැමදෙයක්ම අමතක කරලා ගෙදර යන්න. මේවා නිසා මරණ කීයක් වෙයිද දන්නේ නෑ කියලා. ඒත් මට ප්‍රසාද් අමතක කරලා දාලා යන්න බැරි උනා. ප්‍රසාද්ගේ අමිමගේ කීම අහන්නේ නැතුව අපි දෙන්නා විවාහ උනා. ඒ දවස් වල ඉඳලා අපි දුක් වින්දා. ඒ අපිට කන්න බොන්න නැතුව නෙවෙයි මගේ දෙමවුලියන්ගෙන් ආපු කරදර හිරිහැර නිසා. ප්‍රසාද්ට රස්සාවවත් කර ගන්න එයාලා ඉඩ තිබ්බේ නෑ.ප්‍රසාද්ට රස්සාවක් නැති නිසා ප්‍රසාද් පතලෙක වැඩට ගියා. එයා ගෙදර ආවේ සතියකට සැරයයි. මම හැමදාම දෙවියන්ගෙන් වැඳ වැඳ ඉල්ලුවේ එයාව ආරක්ෂා කරන්න කියලා මම සල්ලිකාර පවුලක සැපවින්ඳ කෙල්ලෙක් . ඒ සැප මට ප්‍රසාද්ගේ දුප්පත් පැලේදි ලැබුනේ නෑ. පොඩ් පැල්පත පැඳුරු කෑල්ල මට කොහොම සැප උනාද මන්දා. අපේ ජීවිත අඟහිඟකම් වලින් වැහිලා තිබුනත් මම ගෙදරදි වින්ද දුකට වඩා මගේ ජීවිතේ සතුට හැමදේම පිරිලා තියන පැල මට මාළිඟාවක් උනා. හිතට සුවයක් දෙන ආදරෙත් එක්ක මම හුඟාක් සතුටින් හිටියා. 

     ඒත් ඒ සතුටට වැඩි ආයුශ තිබුනේ නෑ . මගේ පැතුමි සතුට හැමදේම ඇහිපිල්ලමක වේගෙන් මගෙන් ඇතට ගියා. රුවිනි නංගි ඊයේ පතලේ දෝනාව කඩන් වැටිලා ප්‍රසාද් මල්ලී යට උනා අපි එයාව බේරගන්න බැළුවා ඒත් බැරි උනා තාම අපිට මිනියවත් හොයා ගන්න බැරි උනා. මට ඒ කථාව අදහගන්න බෑ එහෙම වෙන්නේ කොහෙමද මගේ ජීවිතේ කොහොමද එහෙම නැති වෙන්නේ එක වෙන්න බෑ..දවස් ගානක් බලන් හිටියත් එයාගේ මිනියවත් හොයා ගන්න බැරි උනා. අන්තිම වතාවට වත් මට ප්‍රසාද්ගේ අහිංසක මූණ බලන්න බැරි උනා. මම ඇඬුවා අඬන්න මගේ ඇහේ කඳුළු නැතිවෙනකමිම මැරෙන එක මෝඩකමක් නිසා මම තවමත් ජීවත් වෙනවා. මං නිසා ජීවත් වෙන ප්‍රසාද්ගේ අමිමවත් මරා ගන්න මට ඕනී කමක් නෑ. ආයේ දවසක ප්‍රසාද් මගේ ලඟට එයි කියලා බොරු හීනයක් මවා ගෙන ජිවත් වෙනවා. ඒ හීනේ මම මැරෙන තුරාවටම හීනයක්ම උනත් මම ආසාවෙන් ඒ හීනේ දිහා බලාගෙන ඉන්නවා...





ප.ලි:- ආදරේ කියන්නේ ඉස්කෝලේ යනකම් දකින්න ඔනී නැති නපුරු හීනයක් එක තමයි මගේ අදහස. රුවිනි ප්‍රසාද් එක්ක යාළුවෙන්නේ වයස අවුරුදු දාසයේදි ආදරේ විතරක් නෙමෙයි ජීවිතේ සරලම දේවත් නොතේරෙන වයසක්, ඒ වයස හින්දම තමා ගොඩක් අයි ජීවිතේ වරද්ද ගන්නේ උඩ්න් තියන කථාව රුවිනිම ලියපු රුවිනිගේ ඇත්තම ජීවිත කථාව එදා රුවිනි ආදරේ කියලා බොරු දෙයක් බදානොගත්තා නමි අදටත් ප්‍රසාද් ජීවතුන් අතර රුවිනි සැපවත් ජීවිතයක් ගත කරනවා. එක මෙහොතක ආශාවකට ජීවිත කීයක් විනාස කරන්න පුළුවන්ද. මෙහෙම ආදරේ කියලා දෙයක් පුංචි කාලෙදිම එන්නේ ඔය මල් කථා හින්දා කියන එක මගේ හැඟිම. මගේ අදහස නමි ඒ වගේ නවකථා පොත් නියමිත කාලය එනකම් ළමයිට බලන්න නොදිය යුතුයි විශේෂයෙන්ම ගෑණු ළමයිට. ගෑණු ළමයි හැම දෙයක්ම ඔනිවටත් එහා සංවේදිව දකින නිසා. පොඩ් කාලෙදිම ආදරේ කියලා බොරුවකට රැවටෙනවා.සමාජයේ වෙන ගොඩක් අපයෝජන වලා පිටිපස්සේ තියෙන්නේ ඔය වගේ කථා කියවලා හිතේ ඇති කරගත්ත හීන ලෝකේ සැබෑ සමාජයේ හොයන්න ගිහින් අතරමං උන සිද්දි..
කියවීම මිනිසා සමිපුර්ණ කරයි වගේම අනිත් පැත්තත් ලෙසටම ඉටුකරනවා.............

Friday, July 6, 2012

................ඉමී.................


      අද පුංච් කථාවක් කියන්න යන්නනේ කථාවක් කියන්නේ කෙනෙක්ගේ ජීවිත කථාවක් ඒ මම දන්න අක්කා කෙනෙක්ගේ ආදාල චරිතය සමාජයේ හොයා ගන්නට බැරි වේවි. ඒ ඇයි කියලා මම අන්තිමට කියන්නම්. 


       එයාගේ නම ඉමේෂිකා, ඉස්කෝලේ හැමෝම එයාට කියන්නේ ඉමේෂි කියලා මම කියන්නේ ඉමී කියලා මොකද ඒහෙම කිව්වම එයාට පොඩ්ඩක් තරහා යන නිසා නිතරම ඉස්කෝලෙදි සාහිත්‍ය සංගමයේ වැඩ වලට මට උදවි වෙනේ මේ අක්කා ඉතිං එයා මට ගොඩක් හිතවත් ඒ වගේම හොඳම ගතිගුන තිබිබ. ඉස්කෝලේ හැමදේකදිම ඉස්සරහින් ඉදපු කෙනෙක් හොඳ කථිකාවියක් වගේම ලස්සනට සින්දු කියන්නත් පුළුවන් උප ප්‍රධාන ශිෂ්‍ය නායිකාව .(දැන් කට්ටිය හිතනවා ඇති මම මේ අක්කත් එකක් යාළුවෙලා කියලා නෑ යකුනේ මට සහෝදරියෝ නැති නිසා මම සහෝදරි තනතුරේ තියාගෙන හිටපු අක්කා ගැන මේ කියන්න යන්නේ ) 

     හැබැයි මේ අක්කා හරිම දුප්පත් ඉස්කෝලේ මිස් කෙනෙක් තමා අක්කට හැම අවුරුද්දෙම අඳින්න රෙදි අරන් දෙන්නේ. ඉස්කෝලෙන් දෙන ගවුමි රෙද්ද මිස් ගිනිහින් අක්කට ගවුමි තුනක් මහලා ගෙනත් දෙනවා.  හැමදාම හොඳලා මැඳලා ලස්සනට ඇඳන් එනවා ඔය කොච්චර සල්ලි තියන කෙල්ලෙක්වත් ඒ අක්කා මඳිනවා වගේ පිළිවෙලට ගවුම මදින්නෑ, අඩුම තරමින් මම යාළුවෙලා හිටපු කෙල්ලටවත් එච්චර හරියක් කරන්න බෑ ,පොල්කටු ඉස්තිරික්කෙන් එහෙම ගානට රෙදි මදින්නේ කොහෙමද කියලා මම හැමදාම අහනවා එතකොට කියන්නේ ජීවීතේට තියන කරදර වැඩි වෙන කොට ඒ ජීවීත පිළිවෙල හැඩගැහෙනවා මල්ලී කියලා විතරයි.
ඇත්තටම කියනව නමි මම කවදාවත් ඒ අක්කගේ ප්‍රශ්ණ ගැන අහලා නෑ, ඒක මගේ පුරුද්දක් කාව හරි ආස්ස්‍රය කරන කොට ඒ අය ගැන හොයලා බලන පුරුද්දක් මට නැති නිසා නෙවෙන්න ඇති (අදටත් මගේ හොඳ යාළුවෝ ඉන්නවා මගෙන් උන්ගේ සමිපුර්න නම ඇහුවොත් කියන්න දන්නැ ) 
 මේ තියෙන්නේ හැදීන්වීම ,

            මට කියන්න ඕනී උනු කථාව පටන් ගන්නේ දැන් ඒ ඉමී අක්කා කොල්ලේක් එක්ක ඉස්කෝලේ ඇඳුම පිට්න්ම රූමි එකක ඉඳලා පොලීස්සියට අහුවෙලා පොලීස්සියෙන් ඒ අක්කව ඉස්කෝලෙට බාර දිලා ඉස්කෝලෙන් විනය පියවරක් අරගෙන දෙමවුපියන්ට කියලා පරිවාස කඳවුරකට බාර දෙන්න කියලා.
            ඉස්කෝලෙන් කරපු එකමදේ අක්කගේ අමිමව ඉස්කෝලෙට ගෙනවලා ඉස්කෝලෙන් අස් කරලා දැමිම එක විතරයි. ඒ වෙලාවේ ඉමීගේ අමිමාගේ මුනේ තිබුන බැල්ම මට නමි කවදාවත් අමතක වෙන්නේ නැතිවෙයි ,විනය බාර සර් පට්ට වේසී කියලා ඉමීට බනින වෙලාවේ ඒ ඉමිගේ අමිමා එතනම මැරෙයි කියලා මට හිතුනා .
ඒත් අන්තිමට යනකොට මම ඉමීව හමිබ උනා ඉමි අඬ අඬා යන්නමි මල්ලී කියලා විතරයි කිවිවේ.  ඒ කටහඬෙ තිබුනේ ඔක්කොම ඉවරයි කියන ස්වරයක්, මට ඒ  වෙලාවේ ඇත්තටම බය හිතුනා ඉමී ජීවිතය නැති කරගනීයි කියලා ..
ඉමිගේ අමිමත් ළඟ ඉන්න නිසා මට වැඩිය මොකුත් කියන්න බැරි නිසා ,
ඉමි මොන ප්‍රශ්නේ ආවත් ජීවත් වෙන්න ජීවිතෙන් පැනලා යන්න හදන්න නමි එපා කියලා කිවිවා
ජීවිතේ මට කරපු දේවල් එක්ක මේක තව එක පොඩි දෙයක් විතරයි මල්ලී අමිමා ඉන්න කමි මම කොහොමත් මැරෙන්ණේනෑ
කියලා ආයෙමත් අඬන්න පටන් ගත්තා
ඉමීගේ අමිමා සුසුමක් හෙළලා මා දිහා බැලුවේ හරියට අමිමට කියා ගන්න බැරුව හිටපු දෙයක් මම කිවිවා වගේ
මොනවා කරන්නද පුතේ මෙකිගේ තියන අවාසනාවතමා  කියලා දෙන්නම යන්න ගියා
වෙන අමිමා කෙනෙක් නමි මෙලහට ඉමීට ගහලා බැනලා මරන්න හදනවා. ඒත් කවිරු මොනවා කිවිවත් ඉමීගේ අමිමා නෙමෙයි ඉමීට වචනයක් වත් කිව්වේ අන්තිමට කියලා ගියපු එකකත් මට ලොකු ප්‍රශ්ණයක් ඉතුරු කරා,
ඊට මාස ගානකට පස්සේ මට උන හැදිලා ඉස්පිරිතාලේ නවත්තපු වෙලාවේ අහන්බෙන් වගේ බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙට ආපු ඉමීව මට හමිබ උනා.
මම දුවලා ගිහින් ඉමීත් එකක් කතා කලේ මග ඇරුනොත් ආයේ කවදා හමිබ වෙන්න වෙයිද දන්නේ නෑති නිසා
ඉමීත් එක්ක ඉස්පිරිතාලේ බංකුවක් උඩින් වාඩි උනේ ටිකක් කථා කරන්න මයි
ඒත් ඉමී ටිකක් ඈතින් වාඩි උනා, මාත් ඉතිං ගණන් ගන්නැතුවෙ මෙහායින් වාඩි උනා මොනවා උනත් ඉස්පිරිතාලයක්නේ එතනින් යන යන නර්ස්ලා අපි දිහා අමුතු විදිහට බලා ගෙනයනවා. මම ඒක දැක්කත් ගණන් ගත්තේ නෑ යකෝ සහෝදරියක් එක්කවත් කතා කරන් බැරිහැටි කියලා උන්ට ඔරව ඔරව හිටියා, ඒත් ඉමීම කියන්න පටන් ගත්තා 

මල්ලී මම ඉක්මනට යන්නමි මම මෙතන හිටියොත් මල්ලිට හොඳනෑ

මොන පිස්සුද අක්කේ අක්කා ඔන්න ඔහේ ඉන්න අපි ඉතිං කොහොමත් කොල්ලොනේ
 නැ මල්ලී බලන්න මෙතනීන් යන හැම නර්ස් කෙනාම ඔයා දිහා බලන හැටි ඒකයි මම කිවිවේ
අනේ මේ අක්කේ ඔය අමිමන්ඩ්ලා කොහොම බැලුවත් මට මොකද අපි කතා කරමු

මල්ලී දන්නවද ඇයි ඒ අය ඔහොම බලන්නේ කියලා

අනේ මන්දා කෙල්ලෙක් එක්ක කථා කරන නිසා වෙන්න ඇති

නෑ මල්ලි ඒ අය මාව දන්නවා මම නිතරම බෙහෙත් ගන්න මෙහෙට එනවා මට ඒඩ්ස් හැදිලා

තියෙන්නේ ඒකයි ඒ අය මල්ලී දිහා අමුතු විදිහට බලන්නේ

ඉමී ඒ කියපු ටිකට මට ඇඩෙන්න ඔන්න මෙන්න මගේ අක්කා වගේ හිටපු කෙනා මම ජීවිතේ

ඉගෙන ගත්ත ඉමීගෙන් ඒ ඉමී ඒ වගේ ලෙඩක්

අක්කට මේ මොකද උනේ ඇයි අක්කේ මේහෙම උනේ අක්කා ලස්සනට ජීවත් උනු කෙනෙක්නේ

නෑ මල්ලී, ඒ මල්ලී දන්න හැටි මගේ ජීවිතේම අපායක් මල්ලී කවදාවත් මගෙන් මං ගැන ඇහුවේ නෑනේ ඇහුවනමි මම මල්ලිට හැම දෙයක්ම කියනවා සමහරක් විට එහෙම කිවිව නමි මල්ලී මාව ආස්සරය කරන්නේ නෑති වෙන්නත් ඉඩ තිබුනා

අන්න අක්කා මං ගැන හිතන් ඉන්න විදිහ මම අක්කාව ආස්සරය කලේ මගේම අක්කා කෙනෙක් විදිහට මට අක්කාගේ ජීවිතේ වැඩක්නෑ දන්න ඉමී අක්කාව මගේම අක්කා කරගෙන මම හිටියේ

මම දන්නවා මල්ලී, මල්ලීට වෙන හැම දෙයක්ම මට ඇවිත් කිව්වට මගේ මොකවත්  මම නොකියන කොට මල්ලී අහන්නේ නැත්තේ මට දුක හිතෙයි කියලා බව මම දන්නවා මල්ලී මාත් එකක් කථා කරන හැම වෙලාවෙම කථා කලේ හරි පරිස්සමෙන් මට දුක හිතෙයි කියලා හිතලා මම ඒක දන්නවා

ඉතිං අක්කේ අක්කගෙන් මම අහපු නැති දේවල් ටික මට කියන්න මම අහන්න කැමතියි ඕනි එකියක්, ඕනි එකක් දිහා බලාගෙන, ඕනි මඟුලක් කියපු දෙන් මට කමක් නෑ මට ඕනී වෙලාව තියනවා අක්කා වෙනුවෙන්

මම ගැන කියන්න කොහෙන් පටන් ගන්නද කියලා මම දන්නෑ මල්ලී, මටත් වඩා දුක් විදලා තියෙන්නේ මගේ රත්තරං අමිමා ඒ වෙනකාගෙන්වත් නෙමෙයි මාව අමිමගේ බඩට දීලා ගිය මගේම තාත්තාගෙන්. තාත්තා කිවිවට ඒ මිනිහා මහ නරුමයෙක් මල්ලී ඒ මිනිහා මගේ අමිමව කාසාද බැන්ඳට වැඩි හරියක් ඉන්නේ වෙන ගෑණුත් එක්ක. ඒ මිනිහා අමිමා ඉන්න ගෙදරට එන්නේ වෙන මිනිස්සුත් එක්ක බොන්න විතරයි. අමිමට කියලා බයිටි එකකුත් හදාගෙන ඒ නරුමයා එක්ක එන මිනිහෙකුට අමිමව විකුණනවලු අමිමා එන එන මිනිහත් එක්ක නිදා ගන්න ඕනීලු,
නැත්නමි අමිමට ගහනවලු, පුච්චනවලු, අමිමට මැරෙන්න හිතුනත් මැරුණේ නැත්තේ මම හින්දලු අමිමා මාව හම්බවෙන්න ලංවෙලා හිටුපු දවස් වලත් වෙන මිනිස්සුත් එක්ක නිදා ගන්න උනාලු. ඒ වෙලාවට හිතෙනවලු අමිමයි මායි දෙන්නම මැරෙයි කියලා. මම ඉපදිලා අවුරුද්දක් විතර ගියාට පස්සේ ඒ නරුමයා බීලා ඇවිල්ලා පාලම පල්ලට වැටිලා මැරුණලු. අමිමට ටිකක් හරි සැනසීමක් හමිබ වෙලා තියෙන්නේ ඊට පස්සේ මම ටිකක් ලොකු උනාට පස්සේ මගේ කරුමේ ආයෙමත් පඩ්සන් දෙන්න පටන් ගත්තා. තාත්තට හිටපු අනික් ගෑනිගේ පුතා තාත්තා වගේම නරුමයෙක්, නෑදෑකමට මම වෙන්නේ ඒ නරුමයට නංගි, ඌ මාව කසාද බඳින්න ඕනිලු එක තාත්තලගේ ළමයි වෙලත් උට කිසිම ගානක් නෑ අමිමා පොලිස්සියේ පැමිණිල්ලකුත් දැමිමා ඌ ගැන කියලා. ඌ ඒවට බය නෑ  මල්ලි මම මුලින්ම ගෑණියෙක් උනෙත් උගේ අතින් අමිමා නැති වෙලාවක ගෙදරට පැණලා මාව විනාස කරලා තර්ජනය කරලා ගියා. කාට හරි කිව්වොත් අමිමිව මරනවා කියලා ඌ වගේ අමනයෙක්ට ඒදේ කරන්න බැරි කමකුත් නැති නිසා මම කට වහගෙන හිටියා මල්ලී ඒත් මම මේ දේවල් මගේ ඉගෙනීමත් එක්ක ගාව ගත්තේ. නෑ මම පුළුවන් තරමි හොඳට ඉගෙන ගත්තා අම්මා මේක දැනගෙන මන්නයක් අරගෙන ඌව මරණවා කියලා උගේ ගෙදරට ගිය වෙලාවේ. ඌ අමිමට හොඳටම ගහලා කිවිවලු, අමිමවයි මාවයි දෙන්නම මරණවා කියලා ඌ ඉට පස්සේ ඕනී ඕනී හැමවෙලාවකම ගෙදරට ආවා මාව පාවිච්චි කරලා යන්න.
එදා මාව පොලිස්සීයට අහු උනු දවසේ මම ඉස්කෝලේ යන්න එනකොට ඌ මාව බලෙන්ම ඇඳගෙන ත්‍රීවිලර් එකක දාගෙන අරන් ගියා. උගේ යාළුවෙකුට දෙන්න ඒ යාළුවත් එක්ක ඉද්දි තමා පොලීස්සියෙන් පැනලා ඇල්ලුවේ මාව ඉස්කෝලෙන් අස්කරාට පස්සේ. ඌයි උගෙ යාළුවොයි කෙලින්ම ගෙදරට ආවා එහෙම ආපු එකෙක් ගෙන් තමයි මට මේ ලෙඩේ බෝ වෙලා තියෙන්නේ දැන් මලිලී මගේ ජීවිතේ නාස්ති වෙලා ඉවරයි
            පෙර පිනකට මගේ බඩට ළමෙක් එන්න කලින් මේහෙම වෙලා හරි නැවතුනේ නැත්නමි මම වගේ තව කෙල්ලෙක් හරි අරුවගේ තව කරුමයෙන් හරි මේ ලෝකෙට එනවා

අක්කේ මට මොනවද අක්කා වෙනුවෙන් කරන්න පුළුවන්

දැන් මම වෙනුවෙන් කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ මල්ලී කොහොමත් තව ටික දවසකින් මම මැරිලා යාවී අනික මල්ලී මේවට ගෑවිලා වැඩක්නෑ මම යන්නමි මල්ලී

 එහෙම කියලා නැගිටලා ගිය ඉමී මට ඊට පස්සේ කවදාවත් හමිබ උනේ නෑ මම ඒ ඉස්කෝලෙන් අස්වෙලා වෙන දුර ඉස්කෝලෙකට ආපු නිසා
            දැනට අවුරුදු තුනකට විතර කලින් ඉමියි අමිමයි ගිණි තියාගෙන මැරුණ. හැබැයි කිසිම ටිවී චැනල් එකක් මේ ගැන කිවිවෙ නමි නෑ දැන් හැමෝටම ඒ මරණ අමතක නිසා තමයි මම කථාව කියන්න හිතුවේ. මුලින්ම මේ චරිත දැන් හොයා ගන්න බෑ කියලා කිවිවෙත් ඒක නිසා තමයි.

Tuesday, May 15, 2012

................. මචෝ උඹ...............


           

                 මචෝ අද උඹේ උපන්දිනේ මට අමතක උනේ නෑ, උදේ කෝල් කරලා හැපි  බර්ත් ඩේ කිවිවම උඹ ඇහුවේ උඹට තාම මගේ උපන් දිනේ මතකද කියලා මතකයි මචෝ මතකයි මගේ හොඳම යාළුවා වෙච්ච උඹේ උපන්දිනේ අමතක කලොත් මම මොකෙද්ද බන්. සතියට එක දවසක් ඉස්කොලේ ආපු උඹ, මගේ හොඳම යාළුවා උනේ කොහොමද කියලා මට මතක නෑ බන් ඒච්චරටම අපේ යාළුකමි පරණයි නේද, අද උඹ කොහෙද මම කොහෙද , සතියට එක දවසක් ඉස්කෝලෙට ආපු උඹට හිටියෙත් යාළුවො දෙන්නයි ඒ දෙන්නගෙන් කෙනෙක් මම උන කොට මම කොහොමද බන් උඹේ උපන්දිනේ අමතක කරන්නේ. මගේ නොමිබරේ වත් දන්නැති උඹ මම කොල් කරලා හලෝ කියපු ගමන් අඩෝ ජිංජි උඹට කොහොමද කියලා ඇහුවේ. උඹට හැපි බර්ත් ඩේ කියන්නත් කලින් .
            උඹ සතියට ඒක දවසක් ඉස්කෝලේ ආවේ මැටි ගෙදරට උඹේ නංගිලා දෙන්නම කොටු කරලා තියන්න බැරි නිසා කියලා කාටත් වඩා හොඳට මම දන්නවා බන්. සර් හැමදාම අළුත් පොතක් ගේන්න කියපු කවමදාවක වත් උඹ ගෙනාවේ නැත්තේ උඹ වෙනුවෙන් වියදමි කරන සල්ලි නංගිලා දෙන්නා වෙනුවෙන් වියදමි කරන්න ඕනි නිසා කියලා මම දන්නවා ඒ හැම දවසකම අහමිඹෙන් වගේ මා ගාව අළුත් පොත් දෙකක් තිබුනා නේද මචෝ.
හැමදාම මටත් එක්ක උඹ ගාව තියනවා කොහොමද බන් ඒ
උඹ එහෙම අහපු වෙලාවල්  අනන්තවත් ඇති නේද බන්
උඹට හැමදාම කෝල් කරාම කියන්නේ මචන් මේ ගේ පුරාම උඹලා ඉන්නවා බන් කියලා. ඒ උඹ වෙනුවෙන් හදපු ගෙදරට ගඩොල් හදලා පුච්චලා බිත්ති බැන්දෙත් අපේ පන්තියේ උන්ම නිසා. උඹ අදටත් මට ස්තුති කරනවා එදා කටිටියව එක්කගෙන  ආවට.
            මචෝ උඹ ස්තුති කරන්න ඕනි අද උඹ ලඟ හෙවනැල්ලක් වගේ ඉන්න උඹේ ආදරණි බිරිඳට  උඹට පන්තියේ හිටපු යාළුවෝ දෙන්නගෙන් අනිත් කෙනා ඒයාට තමයි උඹ ස්තූති කරන්න ඕනී .
            එදා උඹලගේ ගෙදර වැඩට උදව් වෙන්න ආපු දවසට කලින් දවසේ. පන්තියේ හැමෝගෙන්ම මම ඇහුවා ගඩොල් හදන වැඩේට උදවි වෙන්න මාත් එක්ක යන්න එන්නේ කවිද කියලා ඒ වෙලාවේ එක එකා එක එක දේවල් කියද්දි අද උඹේ ආදරණිය බිරිඳ ඒකි නැගිටලා කිවිවා කවිරු ආවේ නැතත් එයා එනවා කියලා ඒ වෙලාවේ මගේ හිතට ඒක ලොකු දෙයක් උනා බන්. උඹ වෙනු වෙන් තව එක්කෙනෙක් හරි ඉන්නවා කියලා දැනුනාම කවිරුවත් ආවේ නැතත් මම තනියම මට පුළුවන් දේට තව ටිකක් වැඩියෙන් කරනවා කියලා හිතුවා බන් ඇත්තමයි.
            ඒකි කෙල්ලෙක් වෙලත් එන එකේ කොල්ලෝ උනු උඹලටවත් එන්න බැරි උඹලා ගෑණුන්ට වඩා අන්තයි කියලා වටේම පන්තිවලටත් ඇහෙන්න කෑගහලා  ඒකිට පහුවදා එන්න කියලා ඉස්කොලෙන් පැනලා බෝඩිමට ආවේ මුන් හැටි මෙහෙම නමි මම මැරුණු දවසක මුන් මළ ගෙදරවත් එන එකක් නෑ කියලා හිතාගෙන.
            එදා මම ගියාට පස්සේ ඒකි හැම එකාටම කථා කරලා ගොඩක් කොල්ලන් ගෙන් වල් කථා අහගෙන අඬඅඩා කටිටිය එකතු කලා කියලා මම දැන ගත්තේ ඊට ගොඩාක් දවසකට පස්සේ. පහුවදා ඒකියි මායි හරි උඹ උදව්වට ඉන්නවනේ කියලා හිත හදාගෙන ඒකිව එක්ක යන්න ආපුවාම ඉස්කෝලේ ඇඳුමෙන්ම පන්තියේ ඔක්කොම කොල්ලෝ ටිකයි කෙල්ලෝ ටික ගෙන් ගොඩක් දෙනෙකුයි ඇවිල්ලා ඉන්නවා දැක්කම මට හිතුනේ. උනේ ගුරු තරුව ඔබයි පොතේ ඒ සර්ට පන්තියේ ළමයි දැක්කම හිතට කොච්චර සතුටක් දැනෙන්න ඇද්ද කියලා බන් ඇත්තමයි ඒක මම ගොඩක් කල් හිතපු ප්‍රශ්නෙට උත්තරයක් ලැබුනු වෙලාවක් බන්.
            යාළුකමි ගැන ලියන්න නමි තව දේවල් කොච්චර තිබුනත් ලියන්නේ කොහොමද බන්. මගේ ඇඟිලි රිදෙනවා ටයිප් කරලා මේ ලියපු ටික මදි උනත් යාන්මට හරි ඇති කියලා ඔන්න ඔහේ හිත හදා ගන්නවා. ඇත්තටම බන් උඹ කොහොමද දැන ගෙන හිටියේ උඹේ උපන් දිනේට මම අනිවාර්යෙන්ම කෝල් කරයි කියලා. උඹලගේ පුංචි පැටියා ගැන සුභ ආරන්චිය කියන්න මම කොල් කරන කමි හිටියා නේද. මන් දන්නවා උඹලගේ පුංචි පැටියත් උඹලා දෙන්නා වගේම එලකිරි ඩයල් එකක් වෙයි කියලා. ඒ පුංචි පැටියට කියපන් උඹලගේ ලෝකේ එලිය කරන්න පැටියා මේ ලෝකෙට එන දවසට පැටියව බලන්න ජිංජි මාමා බරටම තෑගි අරන් එනවා කියලා. ඇත්තමයි මම කොහේ හිටියත් එදාට එනවමයි.

මිතුරුකමි රුවල් නැව
සුළඟත් සමඟ දියත් වු පසු
කාලයේ රැල්ල සැඩ පරුෂ උනි නමි
ජිවිත දියඹෙන් නැඟුනු ගල්පර
නැවි පතුල සිඳින්නට වෙර දැරුවද
දක්ෂ නැවියෙකු නුඹ නමි
මිතුරුකමි නැව තවමත් පදවන

Monday, March 5, 2012

ඇමිඩා විත් ෆේරෙන්ඩි ඔන් ද ටිරී



ඇම්ඩන් කථා සිරියස් එකක් ආපහු  යන නිසා මාත් අහපු ඇම්ඩාගේ කථාවක් ලියන්න හිතුනා
කථාව කිව්වේ තිබ්බට්ටා කියලා එකෙක් කථාව කියන වෙලාවේ අපි දෙන්නා හුරේ රන් එකක්. දුවන ගමන් මු මට කථාව කිව්වේ.
ඇමිඩගේ කථාවට කලින් අපිට දුවන්න උනු සීන් එක කියලා ඉන්නමි.
අපි රගර් ප්‍රැක්ට්ස් වලට සතියට දවස් තුනක් ඉස්කෝලෙදි හවස නවතිනවා මායි තිබ්බට්ටයි ‍ප්‍රැක්ටිස් එකේ අයිස් පාර ගහලා පැත්තකටවෙලා පොඩි කයියක් දාගෙන ඉන්න කොට වීකියා ඇවිත් කිවිවා වරෙන් යන්න ඇඹරැල්ලා කඩන්න යන්න කියලා මුට දොලදුක හැදිලා. පවිනේ කොල්ලා කියලා ගියා මුත් එක්ක.  පිට්නියට එහා පැත්තේ ගෙදර තමයි ඉස්කෝලෙට ව්ද්‍යාපීටෙන් එන මිස්ලා හැමෝම නැවතිලා ඉන්නේ, ඔය ඇඹරැල්ලා ගහ තියෙන්නෙත් ඒ වත්ත මායිමේම තමයි අ‍පිට නෙමෙයිනේ දොල දුක උඹටනේ කියලා විකියවම ගහේ යැව්වා, ඇඹරැල්ලා ගෙඩි දෙකක් කඩලා දැමිමා බිමට, වැටෙන්නත් කලින් මායි තිබිබට්ටයි ගෙඩ් දෙකම කාලා බුවාට මල පැනලා ගහේ ඉදමිම කනවා. අපි දෙන්නත් තව එනකම් බලා ඉන්නවා. මු හැලහොල්මනක් නැතුව බලා ඉන්නවා ම්ස්ලගේ බෝඩිම දිහා. තිබිබට්ටට මල පැනලා ගත්තා කෝල් එකක් විකියට ගහ උඩට
"මොකද *ත්තෝ රීලා *ක හෝදන්න වතුර එනකමි වගේ ඉස්සි ඉස්සි බලන්නේ "
විකියා සද්ද කරන්න එපා කියලා සිග්නල් එකක් දිලා කියපි.
"අඩෝ බන් අර ජිංගියගේ පන්තියට ඉතිහාසය උගන්නන්න ආපු අළුත් මිස් බාත් රෑමි එකේ නානවා බන් හොම් තියටරේ දැමිමා වගේ ලොකුවට පැහැදිලිව ඔක්කොම පේනවා ආසාවේ බෑ ඕයි"
ඔන්න දැන් තිබ්බට්ටට මෝල ගහලා මුත් නගිනවා ඇඹරැල්ලා ගහටම, මොනවා පෙනුනත් උගන්නපු මිස්නේ කියලා මම බිමට වෙලා හිටියා තිබිබට්ටා අඩි දහයයි උඩට නැග්ගේ  අත්තකුත් කඩා ගෙන මගේ ඇඟ උඩටම පත බෑඋනේ නැතැයි. සද්දේ ඇහිලා පොඩි හෝදිස්සියක් දාපු මිස් ගහ උඩ ඉන්න විකියව දැකලා කෑගහනවා
"මොන *න්නයද ගහ උඩට වෙලා කෙල්ලෝ නානවා බලන් ඉන්නේ "
වැට්ලත් කට වහගෙ ඉන්න බැරි තිබිබට්ටා මචෝ දුවපන් කියලා මට කියලා මිස්ගේ බෝඩිම පැත්තට හැරිලා කෑගහනවා
අනේ *ත්ති නානවා බලන්න උඹ හෙන *ඩුවනේ
අලියා ගැහුවා මදිවට පුක කඩියා කැවා කිවිවලු,
අහු උනොත් වසලා හමාරයි *ත්තෝ කියාගෙන මාත් දුවනවා හැටට හැටේ
ඉස්කොලේ ඒහා පැත්තේ වැටෙන් පැනලා බස් යන පාරට සැහෙන්න දුර දුවන්න ඕනී ඕන්න ඔහොම දුවන ගමන් තමයි තිබිබට්ටා ඇහුවේ
" සැහෙන්න දුර දුවන්න තියනවානේ ඇමි‍ඩාගේ කථාවක් තියනවා කියන්නද බන්"
තොගේ කට හින්දා හෙට හොද හොටලයකින් කන්න වෙනවා කියන්න තියන ඒවා අදම කිලා ඉවර කරපන් කියලා මාත් අවසර දුන්නා මු කථාව පටන් ගත්තා
ඔන්න ජිංජියෝ ඇමිඩා කසාද බැදලා ඇමිඩට කොල්ලෝ දෙන්නෙකුයි කෙල්ලෙකුයි ඉන්නවලු
පොඩිම එකා කොල්ලෙක්ලු මුට බඩගිනි හැදිලා ගිහින් ඇමිඩාගේ ගෑනිගෙන් ඒ කියන්නේ උගේ අමිමාගෙන් ඇහුවලු
අමිමේ මට කිරී දෙන්නකෝ කියලා
අහපු ගමන් අමිමා මැරුනලු,
මු අක්කගෙන් ඇහුවලු
අක්කේ මට කිරි දෙන්න කෝ
අක්කත් මැරුනලු,
මූ අයිගෙනුත් ගිහින් ඇහුවලු
අක්කේ මට කිරි දෙන්න කෝ
අයියත් මලා ලු, ඔන්න දැන් පොඩ් එකා එනවලු ඇමිඩා දිහාවට ඇම්ඩාගේ කකුල් දෙක මැඩලින් ගහනවලු ඇයි හත්දෙයියනේ මු කිරි බොන්න අහපු ගමන් ඇමිඩටත් බඩු බනිස් කියලා අනිවා නේ
ඔන්න පොඩ් එකා ඇමිඩගෙන් ඇහුවලු මාරක වාක්‍ය
තාත්තේ මට කිරි දෙන්නකෝ
ඇමිඩා ඇස්දෙකත් වහගෙන බලන් ඉන්නවලු මාරයා ඇවිත් මේ ආත්මේ කරපු කුපාඩි වැඩ ටිකට දඩුවමි කරනකමි
ඇමිඩාට ඇහෙනවලු ඝන්ටාරයක් හිටු තියලා ගහනවා ඇමිඩා කල්පනා කොරනවාලු ,අපායේ ඝන්ටාරයක් වත් තියනවද, මේකේ සද්දේත් හරියට පන්නලේ ඝන්ටාරේ සද්දේමයි, කරපු වලත්ත වැඩවල හැටියට දිව්‍යලෝකේ යන්නත් බෑ,
එත කොටම මිදුලේ ඉදලා අල්ලපු ගෙදර එකා කැගහනවලු ඇමිඩා අයියේ පන්සලේ ලොකු හාමුදුරුවෝ අපවත් වෙලාලු වරෙන් පන්සල පැත්තට යන්න,
"ඒ ඇයි බන් ඌ අහපු ගමන් හැමෝම මැරුනේ"
"මන් කොහොමද දන්නේ *ත්තෝ ඌ විකියා වගේ කාලකන්නියෙක් වෙන්න ඇති"
අමිමට හුඩු වල් *රියෝ තෝ කෑගැහුවේ විකියා උඩ ඉද්දිනේද අනිවා ඌ මාට්ටු වෙන්න ඇති
"තෝයි මායි මාට්ටු නෑනේ අනික දොල දුක හැදුනේ උට, හැම එකක්ම දැක්කේත් ඌ, අපි මොකවත් දැක්කෙත් නෑ, ඒ නිසා අපි නිර්දෝෂයි. කෑනොගහා ගෙදර යමන්"
කියලා ඌ බස් එකේ නැගලා ගෙදර ගියා මාත් මගේ පාඩුවේ ගෙදර ආවා
.
.
.
ප.ලි - පඳුර වටේට තැලිමේ කලාව උගත්තේ ඔබා මාමා කථා වලිනි. එහෙයින් ඔබට කථාව කියව්මේදි යම් මුස්පේන්තු කමක් දැනුනානම් ඒ පිළිබද දෝෂාරෝපණ කරුණා කර ඔබා මාමාගේ එකවුන්ට් එකට බැර කරන්න ස්තුතියි.
මීට,
හිතවත්,
ජිංජි.

Saturday, March 3, 2012

.....බුතයෝ එක්ක අපි...........





ෆේක් ලෝකයේ හැමදාම කථාවෙන සිද්ධි ආතල් සිද්ධි වෙනුවට ට්කක් බැරෑරුමි කැටගරි එකක් පොඩි කථා බහක් ඇති උනා ලඟදි දවසක
ඒ හොල්මන් ගැන හොල්මන් වලට කරන්න පුළුවන් දේවල් ගැන
හැබැයි හොල්මන් කරපු කුජීත වැඩ ගැන නොවයි හොල්මන් මිනිහෙක්ගේ සිරුරට ඇතුල් වෙලා කරණ වැඩ ගැන
මේ කථා බහෙදි කිහිප දෙනෙක් තමන් අත්විදපු  සත්‍ය අත්දැකීමි ටිකක් ඉදිරිපත් කලා
මේ අය තමන්ගේ නමි පල කරනවට තරයේ විරුද්ධ උනේ මේ ගැන ප්‍රකාශ කල ගොඩක් අයව මානසික රෝගීන් යැයි හංවඩු ගැසු මෝඩ අඳබාලයන් නිසයි, මේ මාතෘකාව ගැන පරීයේෂණ කරපු ව්ද්‍යාඥ්ඥයන් විෂාල ප්‍රමාණයක් පෙර අපර දිග රට වල් වල සිටි
ටම්ම ව්ද්‍යාඥ්ඥයන් එවැනි කොඨටාෂයක් සිටින බව විවිධ පරීක්ෂණ මගින් සනාත කොට ගෙන තිබේ.
........................................................................................................................................................
කිහිප දෙනෙක් තමන් අත්විදපු  සත්‍ය අත්දැකීමි විස්කර කලේ පහක ආකාරයෙනි
..............................................................................................................................................................
මෙක හොල්මන් ගෑන මම ලබපු අත්දෑකිමක්..............මිට සතියකට උඩදි....මමයි තව යාලුවො 5 දෙනෙකුයි.....ගියා කුරුණෑගලට අසන්නයේ මම හිතන්නෙ පොල්ගහවෙල...හරියෙ...හොල්මනගෙදරකට.....මෙ ගෙදර හිටපු පවුලක් (අම්මා,තාත්තා,දුව )කපලා කොටලා මරාදාලා........දෑන් හොල්මන් කරනවයි කියලා කියපු ගෙදරකට මේකේ විශේෂය කියන්නෙ මෙකෙ මහ දවල්ටත්.........මිනිස්සු කතාකරන හිනාවේන....මරබියෙ කෑගහන සද්ද ඈහෙනවාලු.........(ගොඩක්ම ඈහෙන්නෙ අර මරාදාපු දුවගෙ සද්දයලු )තව කුස්සිය පෑත්තෙන් රෑට......සුදු චායාවක් එහා මෙහා යනවත් දෑකලා තියනවාලු......තව පොඩි ලමයෙක් සෙල්ලම්( අර මෑරුන දුව කියලයි කියන්නෙ ) කරන සද්ද ඈහෙනවාලු.........
ඉතින් අපි ඔය ගෙදර...බලන්න යනකොට....මග හිටපු ගෑනු කෙනෙක් ඈහුවා අපෙන්.......පුතාල ඔය ගෙදර බොඩ් වෙන්නද ??? යන්නෙ කියලා .....මම ඈහෑව්වා ඈයි එහෙම අහන්නෙ කියලා....එ ගමන මේ ගෑනු කෙනා කිව්වා...පුතාලා මන් ගෑන විහිලුවට හිතන්න එපා ඔය ගෙදර මෙහෙමයි කියලා ඔය විස්තර ටික කිව්වා.......අපි ඉතින් එවත් අහගෙන අර ගෙදරට....ගිහින් කුරුසෙ ඈදලා ඈතුල් උනා.....එතකොට දවල් 2කට විතර ඈති.........ඈතුලට ගියාට පස්සෙ හිතුනා අපි කරගත්ත....පුත්තලම් බුරු වෑඩෙ ගෑන හෑමොටම ඔන උනෙ ආපහු එලියට් එන්න එත් ඈතුලෙ මෙලො හොල්මනක් තිබුනෙ නෑ...තිබුනෙ නෑ එත් අපි අවටින් අපිට නොපෙනෙන දෙයක් සෑරිසරනවා දෑනුනා..........තව දෙයක්.......අර අපි ඈරන් ගිය දොරත් පරන හින්දා තදට ඉබෙ වෑහිලා තිබුනා...........අපි අපහු ඉක්මනින්....දොර ඈරන් එලියට අවා....ඈවිත්.......හති ඈරලා....ආපහු කෑබ් එකට නෑගලා යනකොට අපෙ යාලුවෙක් දෑකලා තියනවා..... එ ගෙදර උඩ තට්ටුවෙ සුදු පාට ගෑනු හෙවනෑල්ලක් අපි දිහා බලන් ඉන්නවා එත් ඌ අපිට එක එවෙලෙ කිවෙ නෑත්තෙ අපි බය වෙවි කියලා...........පස්සෙ අපි ගෙදර ඈවිත් කරපු මොඩකම් ආයෙ නොකරන්න හිතාගත්ත.........එත් අපේ යාලුවෙක් පස්සෙ කිව්ව.......එ ගෙදරවත්තෙ ජම්බොල ගහ ලග කවුරු හරි හිටිය කියලා.......
යාලුවනෙ.....මම ඔයාලට කියන්නෙ....විහිලුවටවත් අපි කරපු වෑඩ කරන්න එපා...මට මතකයි මම ඉස්කොලෙ යන කාලෙ කාසියෙ භුතයා කියලා හොල්මන් වෑඩක්...කලා තව විදුරුවෙ භුතයා....කියලා......වෑඩකුත් කලා...... (අනික තමයි මේ කතාව බොරුවක්ද??? නෑත්තනම් ඈත්තක්ද?? කියන එක තිරණය කරන්න නිදහස් කෑමෑත්ත ඔයාලට තියනවා ආයෙ මේ කතාව මගෙන් අහන්න එපා ඔය සිද්දියෙන් පස්සෙ මම ගොල්ඩ්ලිෆ් සිගරෑට් පෙට්ටි 2ක් ඉවර කලා........අඩුම ගානේ මගෙ අම්මා තාත්තාවත් මෙක දන්නෙ නෑ )


................................................................................................................................................................


අපෙ අම්මාට අපෙ අයියා .......ලෑබිලා.......ඒ වේදනාවටම සිහිය නෑතිවෙලා තියනවා ඉස්පිරිතාලෙදි............එයා ඈදෙ ඉද්දි එයාගෙ ආත්මෙ ඈගෙන් එලියට ගිහින් එයාට එයාගෙ ඈගම උඩ ඉදන් දෑකලා තියනවා............පස්සෙ අපෙ අම්මා......මුලු ඉස්පිරිතාලෙ වටෙම පාවේලා ගිහින් තියනවා.........එතකොට අපෙ අම්මා දෑකලා තියනවා අපෙ අම්මා වගෙම තව ආත්ම් ඉස්පිරිතාලෙ ඉන්නවා........පෙලක් ආත්ම කලුයිලු එයාලා අඩනවාලු..........පෙලෙක් ආත්ම සුදුයිලු අපෙ අම්මා වගෙ එයාලා හරි සතුටින් පාවෙනවාලු................ඊට පස්සෙ එක පාරටම අපෙ අම්මව..............ගහගෙන ගිහින්.......ආපහු ඈගට ඈවිත් .......සිහිය ඈවිල්ලා තියනවා අපෙ අම්මා වටෙ ඔලුව කරකවලා හෙව්වාලු කො අනිත් අය කො කියලා..........

..............................................................................................................................................................




සීන් එක මෙහෙමයි මචන් අපි ට්‍රීප් එකක් ගියා නුවර එළියට. මීට අවුරුදු තුනකට කලින්. අපි හිටියේ ගෙස්ට් හවුස් එකක ඒක හරි අමුතු තැනක්. අපි ගිහින් එතන එලියේ ෆොටොස් ගත්තා, එහෙම ගද්දි අපේ යාළුවෙක්ගෙ කකුලෙන් කවුරු හරි ඇදලා එතන තිබ්බ බෑවුමට ගත්තා, ඌ ලිස්සලා වැටුනේ නැ ඒක හොඳටම ෂුවර් ඌ වටුන විදිහ දැක්කම ඕන පොඩි එකෙක්ට තේරෙනවා ඌව කවුරු හරි ඇද්දා කියලා, ඒ හවස අපි ඕක වැඩිය ගණන් ගත්තේ නැ
ඊට පස්සේ රෑ හෝමි ගහන්න පටන් ගත්තා, හෝමි ගගහා ඉද්දි මන් ඉපදුන අවුරුද්ද ගැන ප්‍රශ්නයක් ඇදුනා, ඒතනින් තමා හැමදේම පටන් ගත්තේ...
ඒ එක්කම අපේ වෑන් එක එලවපු ඩ්‍රයිවර්ගේ හැසීරීම අමුතු වුනා එයා ඉන්ග්‍රීසියෙන් කථා කරන්න පටන් ගත්තා. පොඩ්ඩක් හිතපන් ඉස්කෝලෙ ගියෙවත් නැති ඉන්ග්‍රීසි ෆිල්ම් එකක්වත් බලලා නැති එකෙක් ඉන්ග්‍රීසි කතා කරනවා කිව්වම. එයා මට එක එක දේවල් ඉන්ග්‍රීසියෙන් කිව්වා ඒ කිව්වෙ සාමාන්‍යෙන් ලන්කාවේ මනුස්සයෙක් ඉන්ග්‍රිසී කථා කරන විදිහට නෙමෙයි එයා කතා කලේ සුද්දෙක් විදිහට
ඊට පස්සේ මිනිහා එක පාරටම ඇඳට වැටුනා ඌ නිදි වගේ සිහිය නැති වුනා.  ඌට වැහුනේ සුද්දෙක්ව ඒක මන් අන්තීමට කියන්නන්
ඊට පසේ මගේ යාළුවෙක්ගේ හැසිරීම අමුතු වුනා එයා වෙන භාෂාවක් කථා කලා ඒක දෙමළ වලට සමාන වෙනත් භාෂාවක් මන් දන්නේ නැ ඒ මොකක්ද කියලා හැබැයි ඒ දෙමළ නෙමෙයි මොකද මට හොඳටම දෙමළ කථා කරන්න පුළුවන්. එයා විකාරෙන් එක එක දේවල් කියෙව්වා අපි ඔක්කොමලා භය වුනා කාට්ටියම පිටි පස්සට ගියා. ඊට පස්සේ මිනිහා ආයේ අර සිහිය නැති ඩ්‍රයිවර් ගාවට ගිහි ඌට ගැහුවා
ඒත් එක්කම අර යාළුවා ටොයිලට් එකට ගියා ඌ මොකටද ගියේ කියලා දන්නේ නැති නිසා අපිත් ගියා බලන්න අපිට පට්ට කුණුහරුපෙන් බැන්නා. ඩ්‍රයිවර්ට ගැහුවේ ඇයි කියලා ඌට අන්තීමට 
ඒත් එක්කම වගේ මගේ ලඟ හිටපු තව යාළුවෙක් කෙල්ලෙක්ගේ කට හඩකින් කෑ ගහන්න පටන් ගත්තා. විශ්වාස කරනවානන් කරන්න එයාට වැහිලා තිබුනේ කෙල්ලෙක්ව. ඊට පස්සේ ඌ මාව බදාගත්තා මන් හිතුවා මාව මැරුවා තමයි කියලා ඒත් ඌ මාව බදාගෙන තියෙන්නෙ භයට මොකද ඌගෙ ඇඟේ ඉන්නේ කෙල්ලෙක් නිසා
ඊට පස්සේ අර අමුතු භාෂාවක් කථා කරපු යාළුවා තව වෙනත් මොකක්ද තේරෙන්නෙ නැති වචන වගයක් කිව්වා. එතකොට එයා හැසිරුනේ වෙනමම කෙනෙක් විදිහට ඒ කියන්නේ එතකොට එයාගේ ඇඟේ හිටියේ අර කලින් එයාගේ ඇඟට ඇතුල් වෙච්ච කෙනා නෙමෙයි
ඒ වගේම අර කෙල්ලෙක් ඇඟට ආපුයාළුවත් වෙනස් වුනා. ඌ කකුළක් නොන්ඩි ගගහා මුළු කාමරේම දුවන්න ගත්තා. අපිට හිතාගන්න බැරුව ගියා මේ මොකක්ද වෙන්නෙ කියලා
ඌගෙ ඇඟට ආයේ තව කකුලක් නැති ආත්මයක් ඇතුල් වෙලා....
මට එතනින් පස්සේ මතක නැ, ඔතනින් පස්සේ වුන දේවල් මට යාළුවෝ තමයි කිව්වෙ. මොකද මන් මැරුනා
මට තේරුනේ මගේ සිහිය නැති වෙනවා වගේ අප්‍රාණික ගතියක්, ඒත් එක්කම තේරුනා මගේ ආත්මේ මගේ ඇඟෙන් ගමන් කරනවා. ඊට පස්සේ මට මතක මන් නුගේගොඩ ගුවන් පාළම උඩ ඉඳන් රොටරි එක පැත්ත දිහා බලන් ඉන්නවා. ටිකක් වෙලා මන් එතන ඉඳලා මගේ ගර්ල් ෆ්‍රේන්ඩ් ගාවට ගියා එතකොට එයා නිදි මන් එයාගේ කොන්ඩේ අතින් ඇල්ලුවා... එයාගේ කොන්ඩේ අතගෑවා
ඊට පස්සේ මන් මගේ යාළුවෙක් ගාවට ගියා යද්දි එයත් නිදි. පුදුමෙ කියන්නේ අපි ට්‍රීප් එක ගිහින් ආවම ඌට අපි මේ ගැන මුකුත් කියන්නත් කලින්  කිව්වා ඌ මාව ඊයේ රෑ හීනෙන් දැක්කා කියලා
ඔවා ඔහොම වෙද්දි අර මුලින්ම ආරුඩ වුනා එකා කියලා තියෙනවා මගේ ලඟ හිටපු තව යාළුවෙක්ට මන් මැරිලා ඉන්නේ කියලා ඒ කියලා තියෙන්නෙ ඌගේ ඇඟේ ඉන්න හොල්මන. එතකොට අනිත් යාලූවෝ ටික මගේ හුස්ම තියෙනවාද කියලා බලලා තියෙනවා. මගේ හුස්ම තිබිලා නෑලු මන් මැරිලලු ඒ වෙලාවේ අපේ අනිත් උන්ට පිස්සු හැදුනලු හිතලා බලහන් ඔහොම දෙයක් වුනාම මොනවා හිතෙන්න ඇද්ද කියලා
ඊට පස්සේ ඌම කියලා තියෙනවා මාව කෙලින් කරන්න කියලා. අනිත් යාළුවෝ භය වෙලා මොකද මිනියක් කෙලින් කරන්න කාට වුනත් භයයිනේ. ඒ වෙලාවේ එකෙක් ඇරෙන්න ඔක්කොම උන් අඩලා. ඊට පස්සේ අරුම ඇවිත් මාව කෙලින් කරලා මගේ පපුවට හයියෙන් එකක් ගහලා ඒත් වෙනසක් වෙලා නැ ඊට පස්සේ එක දිගටම ගහගෙන ගහගෙන ගිහින් එතකොට මට කැස්සක් එක්කම පන ඇවිත්
අපි ඊට පස්සේ උදේ වෙනකන්ම ඇහැරිලා හිටියා මොකක් කරන්නද කියලා හිතා ගන්න බැ. උදේම යන්න කථා වුනා. කොහොමහරි උදේ වෙලාව අටට විතර ඇති අපි යන්න ලෑස්ති වුනා ඒත් ජනේලයෙන් එහා පැත්ත බලද්දි මට මාර අමුතුයි. ඒ පැත්ත ඕන කමින් බලද්දි කව්දෝ පෙනෙන නොපෙනෙන චායාවකින් එතන ඉන්නවා ඒ කෙල්ලෙක් කකුල නෑ එයාගේ
එයා තමයි අර කලීන් කියපු යාළුවට වැහිලා තිබුනේ. මට ඒ කෙල්ල කාමරෙන් එළියට යන්න දුන්නේම නැ මාව ජනේලෙ ලඟටම ගන්නවා. එතන තමයි මන අර ඉස්සෙල්ලාම කියපු යාළුවගේ කකුළෙන් ඇදපු තැන.
ඊට පස්සේ මාව අනිත් යාලූවෝ කොහොමහරි කාමරෙන් එලියට ගත්තා. අපි ඔය සීන් එක ගේස්ට් හවුස් එකේ එකාට කිව්වා. ඌ ඊට පස්සේ අපිට ඔය සීන් එක පැහැදිලි කලා
මේකයි සීන් එක ඉස්සර සුද්දෝ හිටපු කාලේ එක සුද්දෙක් කකුලක් නැති කෙල්ලෙක්ව දූෂනය කරලා තියෙනවා ඒ පැත්තේ. ඒ කෙල්ල ඉන්දියාවෙ ඉදලා මෙහෙට ආපු කෙල්ලෙක්. අර අමුතු භාෂාව කථා කරලා තියෙන්නෙ එයාගේ අයියා. ඕක ඔය ගෙස්ට් හවුස් එකට එන අයට සිද්ධ වෙන සාමාන්‍ය දෙයක්ලු ඒක අපිට වැඩිය ගණන් ගන්න එපා කිව්වා. ඔහොම කිඅය්ද්දි අපිට මොනවා හිතෙන්න ඇද්ද කියලා හිතලා බලහන්. ඌ අර විදිහට කියලා කට ගන්නවාත් එක්කම අපේ එකෙක් ඌට කම්මුලට ඇරලා ඉවරයි. ඊට පස්සේ තව දෙන්නෙකුත් ඌට අම්භානෙක ගැහුවා. අපි හිටපු සල්ලි දුන්නෙත් නැ. ඔහොම සීන් තියෙනවානන් ඇයි ඕවා මිනිස්සුන්ට දෙන්නෙ...
ඊට පස්සේ තමයි පුදුම දේවල් වුනේ... අපි වෑන් එකේ එන්න පටන් ගත්තා, ඒතකොටත් එකෙක්ගෙ ඇඟේ තාම අරයා ඉන්නවා, ඩ්‍රයිවරුයි අනිත් එකයි අවුලක් නැ. ඔහොම එද්දි අරු එක එක දේවල් කියෙව්වා ඒ කිව්වෙ පැහැදිලි දෙමලෙන්. ඒ කිව්ව හැමදේම හරි ගියා, ඌ එන්න පටන් ගද්දිම කිව්වා ඔය ඉස්සරහෙන් බයිසිකලේ කැඩිච්ච පොලිස් කාරයෝ දෙන්නෙක් ඉන්නවා කියලා ඒක ඒ විදිහටම වුනා

ඔය වගේ තව ගොඩක් දේවල් කිව්වා ඒ හැමදේම හරියටම හරි ගියා. අර නුවර එලියේ ඉදලා එද්දි තියෙන්නෙ බන් පාළමක් දෙපැත්තෙ කඩවල් තියෙන තැනක් මට එතන්ට කියන නම මතක නැ. එතන අපි වාහනේ නැවැත්තුවා. මමයි තව එකෙකුයි බැහැලා ගිහින් ඒ පාළමේ වැට උඩින් ඉඳගත්තා පිටිපස්සට වැටුනොත් සොරිම තමා කෑලිත් හොයා ගන්න බැ. අන්න එතන මගේ පර්ස් එක තුන් සැරයක්ම බිමට වැටුනා මගේ සාක්කුවෙන් කවදාවත්ම පර්ස් එක වැටිලා නැ එදා තමයි එකම දවස එහෙම වුන ඒ වැටුනේ අර වැටෙන් එහා පැත්තට හැබැයි ඒ තුන් පාරම මට පර්ස් එක ගන්න පූලුවන් විදිහට පල්ලමට වැටෙන්න ඔන්න මෙන්න තිබුනේ. ඒත් ඒ පල්ලමේ යට මොකක්දෝ අමුත්තක් හිතට දැනුනා හිත කිව්වෙම යටට ඔළුව දාලා බලන්න කියලා ඒත් මන් එහෙම කලේ නැ. බෝතලෙන් වතුර ටිකක් වක් කරගෙන මූන හොද ගත්තා
යාළුවෙක් එවෙලේ අපි ෆොටො ගත්ත කැම් එක අරන් නිකන් ෆොටෝස් බැලුවා, එතකොට එක ෆොටෝ එකක් තිබුනා කිලෝ මීටර් ගණන සදහන් කරපු පුන්චි කණුවක. ඒකේ කිලෝ මීටර් ගණන විදිහට තිබුනේ මන් ඉපදුන අවුරුද්දේ අන්තීම ඉලක්කම් දෙක. අපි කවුරුවත්ම එහෙම ෆොටෝ එකක් ගත්තෙත් නැ එහෙම කණුවක් ගැන මතකයකුත් නැ. මතකද මන් මුලින් කිව්වා හෝමි ගගහා ඉද්දි මගේ උපන් අවුරුද්ද අහලයි ඔය සීන් එක පටන් ගත්තේ කියලා
තව ගෙදරට එනකන්ම ඔය වගේ සීන් වුනා. ගෙදර ආවට පස්සේ ඔය සීන් එක කිව්වම පුන්චි මාව මෙන්ටල් ඩොක්ටර් කෙනෙක් ගාවට ගෙනිච්චා. මාත් එක්ක එවෙලෙ හිටපු අය ඇරෙන්න ඔය සීන් එක අදටත් කවුරුත් විශ්වාස කරන්නේ නැ... අර මුලින්ම ඇඟට ආපු යාළුවව එයාගේ අම්මා කට්ටඩියෙක් ගාවට ගෙනිහින් තිබුනා එයා කියලා තිබුනා මෙයාගේ ඇඟට අමුනුශ්‍ය ආත්ම හතක් ඇතුල් වෙලා කියලා. ඒ ආවට පස්සෙත් අර යාළුවා යද්දි එයාගේ ඇඟට කිසිම හේතුවක් නැතුව බල්ලෝ බුර බුර පනින්න පටන් ගත්තා

.................................................................................................................................................................
මේ වගේ තවත් කථා තියනවා පුනර්භවය හා පුනුරුප්පත්තිය කියන පොතේ ඒ ගැන කරපු පරීක්ෂණත් සමඟම
............................................................................................................................................................