Pages

Monday, March 5, 2012

ඇමිඩා විත් ෆේරෙන්ඩි ඔන් ද ටිරී



ඇම්ඩන් කථා සිරියස් එකක් ආපහු  යන නිසා මාත් අහපු ඇම්ඩාගේ කථාවක් ලියන්න හිතුනා
කථාව කිව්වේ තිබ්බට්ටා කියලා එකෙක් කථාව කියන වෙලාවේ අපි දෙන්නා හුරේ රන් එකක්. දුවන ගමන් මු මට කථාව කිව්වේ.
ඇමිඩගේ කථාවට කලින් අපිට දුවන්න උනු සීන් එක කියලා ඉන්නමි.
අපි රගර් ප්‍රැක්ට්ස් වලට සතියට දවස් තුනක් ඉස්කෝලෙදි හවස නවතිනවා මායි තිබ්බට්ටයි ‍ප්‍රැක්ටිස් එකේ අයිස් පාර ගහලා පැත්තකටවෙලා පොඩි කයියක් දාගෙන ඉන්න කොට වීකියා ඇවිත් කිවිවා වරෙන් යන්න ඇඹරැල්ලා කඩන්න යන්න කියලා මුට දොලදුක හැදිලා. පවිනේ කොල්ලා කියලා ගියා මුත් එක්ක.  පිට්නියට එහා පැත්තේ ගෙදර තමයි ඉස්කෝලෙට ව්ද්‍යාපීටෙන් එන මිස්ලා හැමෝම නැවතිලා ඉන්නේ, ඔය ඇඹරැල්ලා ගහ තියෙන්නෙත් ඒ වත්ත මායිමේම තමයි අ‍පිට නෙමෙයිනේ දොල දුක උඹටනේ කියලා විකියවම ගහේ යැව්වා, ඇඹරැල්ලා ගෙඩි දෙකක් කඩලා දැමිමා බිමට, වැටෙන්නත් කලින් මායි තිබිබට්ටයි ගෙඩ් දෙකම කාලා බුවාට මල පැනලා ගහේ ඉදමිම කනවා. අපි දෙන්නත් තව එනකම් බලා ඉන්නවා. මු හැලහොල්මනක් නැතුව බලා ඉන්නවා ම්ස්ලගේ බෝඩිම දිහා. තිබිබට්ටට මල පැනලා ගත්තා කෝල් එකක් විකියට ගහ උඩට
"මොකද *ත්තෝ රීලා *ක හෝදන්න වතුර එනකමි වගේ ඉස්සි ඉස්සි බලන්නේ "
විකියා සද්ද කරන්න එපා කියලා සිග්නල් එකක් දිලා කියපි.
"අඩෝ බන් අර ජිංගියගේ පන්තියට ඉතිහාසය උගන්නන්න ආපු අළුත් මිස් බාත් රෑමි එකේ නානවා බන් හොම් තියටරේ දැමිමා වගේ ලොකුවට පැහැදිලිව ඔක්කොම පේනවා ආසාවේ බෑ ඕයි"
ඔන්න දැන් තිබ්බට්ටට මෝල ගහලා මුත් නගිනවා ඇඹරැල්ලා ගහටම, මොනවා පෙනුනත් උගන්නපු මිස්නේ කියලා මම බිමට වෙලා හිටියා තිබිබට්ටා අඩි දහයයි උඩට නැග්ගේ  අත්තකුත් කඩා ගෙන මගේ ඇඟ උඩටම පත බෑඋනේ නැතැයි. සද්දේ ඇහිලා පොඩි හෝදිස්සියක් දාපු මිස් ගහ උඩ ඉන්න විකියව දැකලා කෑගහනවා
"මොන *න්නයද ගහ උඩට වෙලා කෙල්ලෝ නානවා බලන් ඉන්නේ "
වැට්ලත් කට වහගෙ ඉන්න බැරි තිබිබට්ටා මචෝ දුවපන් කියලා මට කියලා මිස්ගේ බෝඩිම පැත්තට හැරිලා කෑගහනවා
අනේ *ත්ති නානවා බලන්න උඹ හෙන *ඩුවනේ
අලියා ගැහුවා මදිවට පුක කඩියා කැවා කිවිවලු,
අහු උනොත් වසලා හමාරයි *ත්තෝ කියාගෙන මාත් දුවනවා හැටට හැටේ
ඉස්කොලේ ඒහා පැත්තේ වැටෙන් පැනලා බස් යන පාරට සැහෙන්න දුර දුවන්න ඕනී ඕන්න ඔහොම දුවන ගමන් තමයි තිබිබට්ටා ඇහුවේ
" සැහෙන්න දුර දුවන්න තියනවානේ ඇමි‍ඩාගේ කථාවක් තියනවා කියන්නද බන්"
තොගේ කට හින්දා හෙට හොද හොටලයකින් කන්න වෙනවා කියන්න තියන ඒවා අදම කිලා ඉවර කරපන් කියලා මාත් අවසර දුන්නා මු කථාව පටන් ගත්තා
ඔන්න ජිංජියෝ ඇමිඩා කසාද බැදලා ඇමිඩට කොල්ලෝ දෙන්නෙකුයි කෙල්ලෙකුයි ඉන්නවලු
පොඩිම එකා කොල්ලෙක්ලු මුට බඩගිනි හැදිලා ගිහින් ඇමිඩාගේ ගෑනිගෙන් ඒ කියන්නේ උගේ අමිමාගෙන් ඇහුවලු
අමිමේ මට කිරී දෙන්නකෝ කියලා
අහපු ගමන් අමිමා මැරුනලු,
මු අක්කගෙන් ඇහුවලු
අක්කේ මට කිරි දෙන්න කෝ
අක්කත් මැරුනලු,
මූ අයිගෙනුත් ගිහින් ඇහුවලු
අක්කේ මට කිරි දෙන්න කෝ
අයියත් මලා ලු, ඔන්න දැන් පොඩ් එකා එනවලු ඇමිඩා දිහාවට ඇම්ඩාගේ කකුල් දෙක මැඩලින් ගහනවලු ඇයි හත්දෙයියනේ මු කිරි බොන්න අහපු ගමන් ඇමිඩටත් බඩු බනිස් කියලා අනිවා නේ
ඔන්න පොඩ් එකා ඇමිඩගෙන් ඇහුවලු මාරක වාක්‍ය
තාත්තේ මට කිරි දෙන්නකෝ
ඇමිඩා ඇස්දෙකත් වහගෙන බලන් ඉන්නවලු මාරයා ඇවිත් මේ ආත්මේ කරපු කුපාඩි වැඩ ටිකට දඩුවමි කරනකමි
ඇමිඩාට ඇහෙනවලු ඝන්ටාරයක් හිටු තියලා ගහනවා ඇමිඩා කල්පනා කොරනවාලු ,අපායේ ඝන්ටාරයක් වත් තියනවද, මේකේ සද්දේත් හරියට පන්නලේ ඝන්ටාරේ සද්දේමයි, කරපු වලත්ත වැඩවල හැටියට දිව්‍යලෝකේ යන්නත් බෑ,
එත කොටම මිදුලේ ඉදලා අල්ලපු ගෙදර එකා කැගහනවලු ඇමිඩා අයියේ පන්සලේ ලොකු හාමුදුරුවෝ අපවත් වෙලාලු වරෙන් පන්සල පැත්තට යන්න,
"ඒ ඇයි බන් ඌ අහපු ගමන් හැමෝම මැරුනේ"
"මන් කොහොමද දන්නේ *ත්තෝ ඌ විකියා වගේ කාලකන්නියෙක් වෙන්න ඇති"
අමිමට හුඩු වල් *රියෝ තෝ කෑගැහුවේ විකියා උඩ ඉද්දිනේද අනිවා ඌ මාට්ටු වෙන්න ඇති
"තෝයි මායි මාට්ටු නෑනේ අනික දොල දුක හැදුනේ උට, හැම එකක්ම දැක්කේත් ඌ, අපි මොකවත් දැක්කෙත් නෑ, ඒ නිසා අපි නිර්දෝෂයි. කෑනොගහා ගෙදර යමන්"
කියලා ඌ බස් එකේ නැගලා ගෙදර ගියා මාත් මගේ පාඩුවේ ගෙදර ආවා
.
.
.
ප.ලි - පඳුර වටේට තැලිමේ කලාව උගත්තේ ඔබා මාමා කථා වලිනි. එහෙයින් ඔබට කථාව කියව්මේදි යම් මුස්පේන්තු කමක් දැනුනානම් ඒ පිළිබද දෝෂාරෝපණ කරුණා කර ඔබා මාමාගේ එකවුන්ට් එකට බැර කරන්න ස්තුතියි.
මීට,
හිතවත්,
ජිංජි.

2 comments:

  1. මේක 18+ ද මන්ද... හැමතැනම තරු නේ... :)))

    අහල තියෙන කතාවක අළුත් වර්ෂන් එකක්... එල එල...

    ReplyDelete