Pages

Thursday, April 25, 2013

............ස්තුතියි හැමදේටම, පුළුවන් උනොත් ආයෙත් එන්නම්..............


ස්තුතියි හැමදේටම, පුළුවන් උනොත් ආයෙත් එන්නම්.


උඹ අන්තිමට කෑගහලා කියපු වචන ටික මට තාම උඹේ කට හඬින්ම මතකයි.

මිටර් පනහක් දුවන්න මම මොකට එච්චර වෙලා ගත්තද මට තව තප්පර තිහකට කලින් එතනට දුවා ගන්න තිබුන නම් උඹ තාම අපිත් එක්ක' මොනා කරන්නද උඹේ හිත දුර්වලයි කියලා දන්නවා, ඒත් උඹට තව ටිකක් ඉවසන්න තිබුනා.
අද වගේ මතකයි උඹ හැමදාම කියනවා උඹේ ජිවිතය අයිති උඹට නෙමෙයි කියලා, කකුලෙනුයි අත් දෙකෙනුයි උඹව උස්සලා ත්‍රී වීල් එකකට දාලා ලේ බේරෙන උඹ ලඟින්  ඉදගන්න මිනිහෙක් නැතුව ඉද්දි උඹව උස්සලා උකුලෙන් තියාගත්තු ඒ කෙල්ලට කියලා. ඒ කෙල්ල නිසාවත් උඹට නවතින්න බැරි උනාද
උඹේ කථාවේ උඹේ කොටසට උඹම තිත තියා ගත්තු මොහොතෙම ඒ කෙල්ලත් එ කෙල්ලගෙ කොටසට තිත තියාගන්න තිබුනා මමත් එතනම නොහිටිය නමි
තව කොච්චර කාලයක් ගියත් උඹලා දෙන්නා ගැන මතකේ මට අමතක වෙන එකක් නෑ. ඒ මොහොත අමතක වෙන එකක් නෑ, උඹ පස්සෙන් එන්න හදපු ඒ කෙල්ලව මම නවත්තන්න අතින් අල්ලපු වෙලාවේ තමයි මට දැනුනේ ආදරෙට කෙනෙක්ව කොච්චර ශක්තිමත් කරන්න පුළුවන්ද කියලා.
අපි බට්ටී බට්ටී කියලා විහිළු කරපු ඒ කෙල්ලගෙ අතට තප්පරයෙන් දාහන් එකකදි පොලු කෑල්ලක් කොහෙන් අහු උනාද කියලා මට මතක නෑ. උඹට ආදරේ කරපු ඒ කෙල්ල උඹව මතක හිටින්න සලකුනක් මගේ වම් අතේ හොදට පේන්නම තිබ්බා
උඹලගේ කථාවට මම කොහෙන් ආවද කියලා මට හරියටම මතක නෑ මතකය හරි නමි උඹේ පුංචි කෙල්ල නිසාම තමයි මම උඹලගේ කථාවට ආවේ  අපේ යාළුකම් උඹේ බැඳීමි හැමදෙයක්ම තිබුනේ උඹෙන් ගලාගෙන ගියපු ලේ වල බන් උඹව උකුලට ගත්තු කෙල්ල ඉස්පිරිතාලෙන් එලියට බැස්සේ ඒකිගේ ජීවිතේ උඹම වෙයි කියලා හිතලවත් උඹලා දෙන්නට ඉන්න හොඳම යාළුවත් දෙන්නම එකම සිද්දියකින් හමිබවෙයි කියලා හිතාගෙන නෙමෙයි වෙන්න ඇති
උඹේ ලේ ගවුමේ ගාගෙන ඉස්පිරිතාලෙන් එලියට බැහැපු උඹෙ පුංච් කෙල්ල ගෙදර යන්න වට පිට බලපු විදිහ දැක්කම මට කථා කරන්න හිතුනා බයෙන් බයෙන් කථා කරපු කෙල්ලට ගෙදර යන්න තිබුන සල්ලිත් උඹෙ රතුපාට කරලා තිබුනා අදටත් ඒ කොළ ටික එ කෙල්ල පරිස්සමි කරනවා ඇති. ඒ කෙල්ලට එදා සල්ලි දුන්නේ උඹවගේ හොඳ යාළුවො දෙන්නෙක් ලැබෙයි කියලා හිතලා නෙමෙයි
කොච්චර හොඳ යාළුකම් උනත් මොකටද මගේ හොඳම යාළුවවත් හොඳම යෙහෙලියගේ ආදරේවත් බේරගන්න බැරි උන කොට

ප.ලි :-  වීදී දරුවො ව්‍යාපෘතිට සඳහා විස්තර සෙවිමට පුනුරුත්තාපන කඳවුරට ගිය අවස්ථාවේ අවුරුදු විසිදෙකකට  පමණ කලින් මත් කුඩුවලට ඇබ්බැහිවීම නිසා පොලිසිය මගින් පුනුරුත්තාපන කදවුරට බාරදී පුනුරුත්තාපන කාලය අවසන් වූ පසුද ගෙදර යාමව අකමැති වි එම පුනුරුත්තාපන කඳවුරෙම සේවයට බැදි මුදල් නොලබන සේවයක් ඉටු කරන පුද්ගයෙක්ගේ සැබෑ කථාවකි.

ප.ප.ලි:- සැබැ නමි යොදා නොගත්තේ අදාල පුද්ගලයා හා එම කාන්තාව දැනටත් ජීවත් වන බැවින් බැවි සලකන්න. මනංකල්පිත නම් යොදා නොගත්තේ ඒ චරිත වලට මම කැමති නමි යෙදිමෙන් අසාධාරණයක් සිදුවේ යැයි සිතුනු බැවින් බැවි සලකන්න

25 comments:

  1. මගුලයි තව නූලෙන් රට පටලෝ ගන්නවා පලි කෑල්ල නොතිබෙන්න හික්ස්

    ReplyDelete
  2. පසුතැවීම කියන්නේ ජීවිතේ විඳවන්න අමාරුම දෙයක් බං.... විශේෂයෙන් තමන් අතින් සිද්ධ වෙච්ච ජීවිත කාලය තුළ හරි ගස්සගන්න බැරි වැරැද්දකදි.... හිරගෙවල් තුළ, පුනරුත්ථාපන කඳවුරු වල මේ වගේ කතා අනන්තවත් අහන්න, දකින්න තියෙනවා....

    ReplyDelete
    Replies
    1. ඇත්ත එවා දැනගන්න තරමට තමයි අපිටත් දැනෙන්නේ ජිවිතේ කොච්චර අමාරුද කියලා

      Delete
  3. උඹත් මාර ව්‍යාපෘතිනේ බන් කරන්නේ?
    ඔය වගේ මිනිස්සු තාමත් අපි අතරේ ඉන්න එක ගැන සතුටු වෙන්න ඕන බන්!

    ReplyDelete
    Replies
    1. පරම්පරාවෙන් ආපු ව්‍යාපෘතියක් බන් ඕක මම තව ටිකක් එකතු කලා විතරයි

      Delete
  4. පලි තියන නිසා මේ කතාවේ අනුවේදනීයත්වය මැනවින් පේනවා මිත්‍රයා...

    ReplyDelete
    Replies
    1. පලි දැම්මේ කට්ටිය පටලෝ ගන්නවටනේ අයියා

      Delete
  5. Replies
    1. මොකෝ සෑම් නෝ කමෙන්ට්ස්ද

      Delete
  6. Replies
    1. නාඩියගේ නාඩි නතර උනාද

      Delete
  7. ඇඩෙනවා නේද?

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. තනි ඇහැට බන් තනි ඇහැට

      Delete
  8. කතාවක් ඇතුලේ කතාවක් කියන එකාගේ කතාවක්.. පට්ටයි බන් ...
    - කිරියා @ අ.පේ -

    ReplyDelete
    Replies
    1. තැන්කු ආ මේ පැත්තට ආවට

      Delete
  9. කොච්චර හොඳ යාළුකම් උනත් මොකටද මගේ හොඳම යාළුවවත් හොඳම යෙහෙලියගේ ආදරේවත් බේරගන්න බැරි උන කොට

    ජීවිතේ හැම දෙයක්ම මේ වගෙයි ජිංජි.. අපි ඒක ඒ වෙලාවෙ දකින්නෙ නෑ එච්චරයි..

    ReplyDelete
    Replies
    1. //අපි ඒක ඒ වෙලාවෙ දකින්නෙ නෑ එච්චරයි..//
      ඇත්තටම එච්චරමද සරත් අයියේ නැත්තමි අපි ඒක දකින්න උත්සහ කරන්නේ නැද්ද

      Delete
  10. ජීවිතේ කියන්නෙ හරි පුදුම දෙයක්.... ලැබෙන්න ඕන වෙලාවට හැමදේම ලැබෙනව.... ඒ වගේමයි අනිත් පැත්තටත්....

    ReplyDelete
    Replies
    1. ඒ නිසාම නේන් නමි ජිවිතේ සමබර
      ස්තූතියි ඔබට

      Delete
  11. Replies
    1. හුඟක් ස්තුතියි අරුන්දතී ආවට

      Delete
  12. මන් හිතන්නේ ඔය ගිහින් තියෙන්නේ නිට්ටඹුවේ තියෙන එකට වෙන්න ඇති....

    ReplyDelete