Pages

Monday, February 20, 2012

.....පලවෙනි එක...........




කාටද මතක තමන් ලියපු පළවෙනි කවිය
මට මතක් උනා මගේ පලවෙනි කවියක් වගේ එක
මෙන්න පළවෙනි  එක 
උත්තරත් එක්කම

බසයෙදි හමු උනු ඈට
හිත ගියා මගේ
එක මොහොතකටම
ලියවුනා කොළයක මෙහෙම
හිමි උනා ඇගේ දැතට එහෙම

ඔබද?
මමද?
ඔබ මගේද?
ඔහු හිතේද?

අහඹුවකි පසු දිනයෙහිද
ඈ ඇත එම බසයෙහිම
දිව ගියා මගේ හිත ඈ වෙත
හිමි උනා පිළිතුරු මෙහෙම

අපි අපේය
මා ඔබේය
ඔබ හිතේය

පළමු පද ලියවුනේය
ඇගේ පිළිතුරු හිමි උනේය
මගේ ලෝකය හෙල වුනේය
ඈ මගේ හැමදෙය උනේය

මල් කැකුලන් පිබිදුනේය
මඳ සුළඟට වැනුනාමය
විහගුන් ගී ගැයුවාමය
ආදරේ මට දැනුනාමය

2 comments:

  1. කවි ගැන නම් ජීනිට තරම් දැනුමක් මට නෑ බං.. මොනවා වුනත් මේ රැඩිකල් සයිලියට මං ලාවට වගේ කැමතියි

    මේ වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කලොත් කමෙන්ට් කරන්න ලේසියි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ජිනියස් මේ පැත්තට ආවාට
      ඒක අයින් කරන්නම් ඉන්මනටම

      Delete