Pages

Thursday, February 16, 2012

පරණ ආදරේ



අද පන්තියේ මගේ අතීතයක් හම්බ උනා
අතීතයක් කිවිවේ පරණ ගෑණු ළමයා 
කාලෙකින් දැකපු සතුටට වචන දෙක තුනක් ලියලා විවේක කාලයේ දුන්නා
පරණ පුරුද්දට වගේ එයත් පැණපු ගමන් සුටුසු ගාලා ගත්තා, කියෙව්වා මා දිහා බැලුවා,
බැග් එක ගත්තා ගෙදර යන්න ගියා, පන්තියේ ඉතුරු ටිකට හිට්යෙත් නෑ
මාත් ඉතින් මගේ මොකද කියලා පන්තියේ ඉතුරු ටිකටත් ඉදලා ගෙදර ආවා
කථාව කිව්වට කවිය කියන්න බැරි උනානේ,
මට හිතාගන්න බැරි ඒකේ එච්චරටම මොනාද තිබුනේ කියලා

නිසල ජල තල 
සසල කළ නුඹ
නිසල වන්නට 
ජලයට ඉඩනොදේ
ඇසේන නොඇසෙන තරමට
ඉකිබිදින රළ පෙල
නිසල කර මට දෙනු මැනේ
නිසල ජල තල සසල කරලත්
නුඹේ හිතට නමි මදි වගේ
නිසල තුරු පත්
සසල කරනට ගොස්
අතරමං වුනිද නුඹ
කදු පන්තියේ

6 comments:

  1. කාලයක් බලාපොරොත්තු වුනු දෙයක් හිතපු නැති විදියට දැක්කම හිතෙන හැඟීම හරි වෙනස්

    ReplyDelete
    Replies
    1. හරිම වෙනස් සමහර ව්ට ඒ මොහොත අපිව වෙස් කරනවා අපිවත් බලාපොරොත්තු නොවුන විදිහකට

      Delete
  2. apo matanam ehema kenekwa nodaka innawanam thamai hoda.. galapapu jiwithe aapahu winaasha wenawaa eken :/

    ReplyDelete
    Replies
    1. වර්ණා ඔය කිව්වේ හරියට ජිවිතෙන් පැනලා යනවා වගේ දෙයක් නේද

      Delete
  3. ඔයා නම් ආයේ එයාව මුණ ගැහෙන බව දන්නවා... එහෙම නොදැන එක පාරටම අතීත මතකයක් අලුත් උණොත්... මට එහෙම වෙලා තියෙනවා... මුණ ගැහෙයි කියල හීනෙන් වත නොහිතපු වෙලාවක...

    ReplyDelete
    Replies
    1. ඉස්කෝල හෙන ලිස්ට් එකක මට ඔය දේ නිතරම වෙනවා දැන්නමි ඒක පුරුද්දට ගිහින් තියෙන්නේ

      Delete