Pages

Wednesday, February 29, 2012

....මිතුරෙකුගේ ජිවිතයක්....





අව්රුදු  තුනක් විකර පරණ යාළුවෙකි, මුණු පොතේ දි චැටි කොරලා ෆිට් උන එකෙක්,
ඊයේ පෙරෙදා මට හම්බ උනා. පැය දෙකක් විතර අපි දෙන්නා කථා කර කර හිටියා බස් ස්ටැන්ඩ් එකේ,
ඌ මට වඩා අව්රුදු හතක් විතර වැඩිමල් එකෙක්.
බස් ස්ටැන්ඩ් එකේ හිට්ය එක ගෑණු කෙනෙක් ළමයි තුන් දෙනෙක් එක්ක අන් තුන්දෙනා බස් ස්ටැන්ඩ් එක උන්ගේ වගේ සෙල්ලමි කරනවා.
උට එක පාරටම මතක්  උනාලු උගේ පුංචි කාලේ.
ඌගේ වචන වලින්ම කථාව කියන එක ලේසියි.
මෙතැන් සිට උගේ කථාව,

මචන් අපේ පවුලේ ඉන්නේ කොල්ලොම හතර දෙනෙක්,
මායි අයියයි මල්ලිලා දෙන්නයි.
අපි පොඩි කාලෙම අමිමා මාරුනා තාත්තා කොහේ ඉන්නවද තියා තාත්තා කව්ද කියල වත් අපි දන්නෑ
 මචන් අපි හතර දෙනාම හැදුනේ ආච්චි අමිමා ගාව. හැබැයි අච්චි අමිමටයි අපි හතර දෙනාටයි තිබුනේ නුවර බස් ස්ටැන්ඩ් එක විතරයි.
 බස් ස්ටැන්ඩ් එකේ ඉන්නවට ආච්චි මුළු බස් ස්ටැන්ඩ් එකම දවසට දෙපාරක් අතු ගාලා ටොයිලට් එක සුද්ද කරන්න ඕනි, ඒකට අයියයි මියි උදව් වෙනවා.
අයියා ගෙයි මගෙයි අතර වයස් පරතරය අව්රුද්දයි මචන් මල්ලිලා දෙන්නා අතරත් පරතරය අවිරුද්දයි ලොකු මල්ලී මට වඩා අවිරුදු ‍දෙකක් බාලයි,
අයියට එතකොට වයස අව්රුදු හතයි .
මචන් හිටි ගමන් බේබද්දෝ කුඩු කාරයෝ ඇවිත් අපිව මරණවා කියලා ආච්චිගාව තිබුනු රුපියල දෙකත් උදුරගෙන ගිහින් තියනවා, එහෙම උනාම මුළු මාසෙම කන්නේ කුණු ගොඩෙන් විසිකරපු කෑම,
 එතකොට හිටපු පලාත් සභාවේ කව්ද මන්දා එයාගේ වත්තක් අනුරාධපුරේ තියනවා කියලා අපිට එහෙගිහින් නවතින්න කිවිවා. වැඩිය ලොකු වත්තක් නෙමෙයි මචන් පර්චස් හතරක විතර වත්තක්, ඒ වත්තේ තිබුන මැටි ගහපු ගෙදර තමයි අපි ඊට පස්සේ ලොකු උනේ, අයියයි මායි එක එක වැඩ කරලා අපේ චුට්ම මල්ලිට ඒ ජිවිතේ දුක දැනේන්න දුන්නේ නෑ මචන් ඌ අදටත් ඒ දුක දන්නේනෑ මචෝ හැබැයි ලොකු මල්ලිනමි ඒක ටිකක් දැකලා තියනවා. ඊට පස්සේ අපිට හිටපු එකම කෙනා ආච්චිත් මැරිලා ගියා එතකොට මට අව්රුදු 16ක් විතර ඇති.
දවසක් ගෙදරකට බඩුවගයක් ගිහින් දෙන්න උනා, කීයක් හරි හොයා ගන්න මන් කරපු එක වැඩක් තමයි මිනිස්සුන්ට ගෙදරට බඩු ගිහින් දෙන එක,
 ඒ ගෙදර හිටියේ කොමිපියුටර් උගන්වන සර් කෙනෙක් ඒ සර් මොනවා හරී උගන් වන්නමි කියලා මට රෑට සර්ගේ ගෙදර එන්න කිවිවා. දවල්ට මොනවා හරි වැඩක් කරලා රෑට සර්ලගේ ගෙදරින් මොනවා හරි කාලා මම ඒ සර් ගෙන් ඉංග්‍රිසියි කොමිපියුටරුයි ඉගෙන ගත්තා, ඊට පස්සේ ඒ සර්ම හොයලා දුන්නු ජොබ් එකකට ගියා මට අවිරුදු 19 ක් වෙන කොට ඒකේ පඩියෙනුයි ණයකුයි අරගෙන අයියව ඩුබායි යැව්වා , අයියා එහෙ ගෙදරක උයනවා හැම වැඩක්ම කරණවා. අයියා රවපු සල්ලි වලිනුයි මගේ ජොබ් එකේ පඩියෙනුයි අපිටම කියලා ගෙයක් හදා ගත්තා.
උඹ අහලා තියනවාද කථාවක් තියනවා වැඩිපුරම කට්ට කන එකාලු දවසකදි වැඩියෙන්ම සැප විදින්නේ 
ඊට පස්සේ තමයි මචෝ මන් දැන් වැඩ කරන තැන ජොබ් එක හම්බ උනේ, සතියකට දවස් දෙකයි වැඩ බොසා මගේ තාත්තා වගේ මාසයක් වැඩට නොගිහින් හිටියත් පඩිය කලට වෙලාවට බැංකුවට වැටෙනවා
ඉන්න බෝඩිමේ ඉන්නෙත් නිකන් සල්ලි ගන්නෑ මගෙන්, කන්න බොන් හැම දේම ලැබෙනවා පඩියත් අතට ඉතුරුයි මචන්,
අද මම ෆුල් ආතල් එකේ සොමියේ ඉන්නවා. අද මන් වටේ තියන හාම දෙයක්ම මට නිකන් ලැබුන ඒවා මන් මහන්සි වෙලා කරේ ටිකක් ඉගෙන ගත්ත එක විතරයි. අද අපේ චුටි මල්ලී සැප ජීවිතයක් ගත කරනවා
එච්චර තමා ඉතිං මගේ කථාව කියලා ඌ කථාව නැවැත්තුවා.

එකිනෙකාගේ ජිවිත  කථා කොච්චර වෙනස්ද අපිට ඒච්චරම ජිවිතේ බර දැනිලා නෑ ඒත් ජිවිතේ ඕනිවටත් වඩා දරුනු විදිහට දැකපු උන් ඕනි තරමි ඉන්නවා අපි වටේ අපිත් එක්කම. ඒත් ඒ ජිවිත දැකලා තියා අහපුවත් නැති උන් සෙට් එකකුත් උන් එක්කම ඉන්නවා

Monday, February 20, 2012

.....පලවෙනි එක...........




කාටද මතක තමන් ලියපු පළවෙනි කවිය
මට මතක් උනා මගේ පලවෙනි කවියක් වගේ එක
මෙන්න පළවෙනි  එක 
උත්තරත් එක්කම

බසයෙදි හමු උනු ඈට
හිත ගියා මගේ
එක මොහොතකටම
ලියවුනා කොළයක මෙහෙම
හිමි උනා ඇගේ දැතට එහෙම

ඔබද?
මමද?
ඔබ මගේද?
ඔහු හිතේද?

අහඹුවකි පසු දිනයෙහිද
ඈ ඇත එම බසයෙහිම
දිව ගියා මගේ හිත ඈ වෙත
හිමි උනා පිළිතුරු මෙහෙම

අපි අපේය
මා ඔබේය
ඔබ හිතේය

පළමු පද ලියවුනේය
ඇගේ පිළිතුරු හිමි උනේය
මගේ ලෝකය හෙල වුනේය
ඈ මගේ හැමදෙය උනේය

මල් කැකුලන් පිබිදුනේය
මඳ සුළඟට වැනුනාමය
විහගුන් ගී ගැයුවාමය
ආදරේ මට දැනුනාමය

මාළුවාගේ පාඩම


මාළු ටැංකියටම උන්නු
කඩවසමිම මාළුවා උනු එක,
උඹ හරිම ආඩමිබරයි නේද උඹ ගැන?
ඇත්තමයි මාළුවෝ උඹේ ආඩමිබරකමි මට
බලා ඉන්නට හැකි නෙතු නොසලා දවසක් වුවත්
ඒක දවසක්

උඹේ ආඩමිබර කමටද?
පණ්ඩිත කමටද?
නිසොස්මනේ හිටි
කළු ගලට අභියෝගයක් කලේ
කළු ගල් කිට් කිටියේ නුඹව තද කරන විට,

ගැලවි ගිය නුඹේ දිලිසෙන කොරපොතු,

ඉරීගිය නුඹේ වරල්,

මොහොතකින් නුඹේ ලස්සන
ගිලිහි ගිය අන්දම?

 ඇසින් වැටුනු කඳුළු බින්දු,
ටැංකිය උතුරා යවමින්
නුඹේ දිවිය බේරාගත් බව,

මාළුවෝ නුඹ ටැංකිය කෙලවරට වී
සිතනවාද තවමත් එය සිදුවූ හැටි

දන්නවාද?
 .
 .
අදටත් මම
ආසම මාළුවා නුඹ බව
අළුතින් ආවත් කෙතරමි ලස්සන

හැකිවේද?

උනුන්ට!

මට උගන්වනට නුඹ ලෙසකින්
හිත තුල පැලපදියමි වන
ජීවිතයේ දුක් බරම පාඩම.

Thursday, February 16, 2012

පරණ ආදරේ



අද පන්තියේ මගේ අතීතයක් හම්බ උනා
අතීතයක් කිවිවේ පරණ ගෑණු ළමයා 
කාලෙකින් දැකපු සතුටට වචන දෙක තුනක් ලියලා විවේක කාලයේ දුන්නා
පරණ පුරුද්දට වගේ එයත් පැණපු ගමන් සුටුසු ගාලා ගත්තා, කියෙව්වා මා දිහා බැලුවා,
බැග් එක ගත්තා ගෙදර යන්න ගියා, පන්තියේ ඉතුරු ටිකට හිට්යෙත් නෑ
මාත් ඉතින් මගේ මොකද කියලා පන්තියේ ඉතුරු ටිකටත් ඉදලා ගෙදර ආවා
කථාව කිව්වට කවිය කියන්න බැරි උනානේ,
මට හිතාගන්න බැරි ඒකේ එච්චරටම මොනාද තිබුනේ කියලා

නිසල ජල තල 
සසල කළ නුඹ
නිසල වන්නට 
ජලයට ඉඩනොදේ
ඇසේන නොඇසෙන තරමට
ඉකිබිදින රළ පෙල
නිසල කර මට දෙනු මැනේ
නිසල ජල තල සසල කරලත්
නුඹේ හිතට නමි මදි වගේ
නිසල තුරු පත්
සසල කරනට ගොස්
අතරමං වුනිද නුඹ
කදු පන්තියේ

Monday, February 13, 2012

ලියන්න නමි එපා අමිමේ


අද හැම දෙයක්ම
මතක් කර දෙන්නා විලසින්
නුබ අමතක කලොත් දිනක
පහරක් දෙනු මැන
නුබෙන් බීවි රන් කිරි
සිහිවෙනා විලසට

ලස්සනම ලස්සන දිගු නින්දක් 
මට තිබුනා යන්තමින් වගෙ මතකයි
ඔබ මට හිමිකල
නුඹේ හඩින් ගැයෙනනා
දුක් මේ බරම ගීතය
මගෙ නින්දත් අද කොහෙද සඟවා
නින්ද නමි ආපසු නොඑයි නෙතු ලඟ
නුඹෙ මතකය හිත පතුලෙම 
හඬනවා ඇත


ලියන්න නමි එපා
අමිමේ
  නුඹේ
සෙනෙහස
දරන්නට බැරි වෙවි
නුඹේ පුතුට
දැනෙනා පසුතැවිල්ල

...............අනන්තය.............ආදරේ...........


අනන්තය ගැන
ලියන්නේ කොහොමද
ඒකනේ ඒකට අනන්තය කියන්නේ
අනන්තය ගෙන මගෙ
ආදරේ කියන්නමි
මගෙ ආදරේ අනන්තයක් බව
මගේ ආදර අනන්තය
නුඹ ආදරේ කරලම
ඉවර කරන්නට නමි
මේ සංසාරේම
මගේ ළඟ ඉන්න වෙයි.

 --------------------------------------------------------------------------------------------------
අසනි වැසි හඬගා කියන්නේ
මගේ ආදරේ තරමයි
මගේ හදේ තරමි
සදේ නුබත් තවමත් නොදුටුවදෝ
මහ හඩින් නුඹේ කවිය
තවමත් ඇසේනවනේ
මදු සදේ නුබේ නමිනි
මගේ ජීවය ඇත්තේ
මටත් අහිමි මගේ ජීවේ
නුඹ අරගෙන ගොස්නේ

-------------------------------------------------------------------------------------------------
කොතරමි පැතුවත්
ඔය නෙත් දැහැනට
එන්නට
ඔය නෙත් වෙනතක් දකියි
කෙතරමි සිතුවත්
නුඹ ලඟට එන්නට
නුඹ සැමදා මට නමි
දුරයි
අනේ හමන සුලගේ
ඇගේ සුවදත් අරගෙන
හනිකට මා ලඟට වරෙන්
අඩු තරමි මින් ඇගේ
සුවඳවත් විදින්නට
අනේ සුලඟෙ
මට උදවි කරාපන්
--------------------------------------------------------------------------------------------------

හෙමිහිට හඬ දෙන නුබේ ඔය වළලු යුග
නුඹ තාමත් පලදනවාද ප්‍රියේ
දශක ගණන් ගෙවුනත්
මේ වෙන්වීමට
තවමත් මතකයන් අළුතයි
ඊයේ විලසින්
නුඹ දන්නවාද සදේ
ඔය දෙතොලට සැමදා ලං වුන
නුබේම සුසුමක්
තවමත් මා ලඟමයි
දශකයක් වුව නුඹෙ සුසුමි
මේ හදවත තුල සුරැකිවමයි

----------------------------------------------------------------------------------------------------

සිතුවිල්ලක් පමණක්
උනත්
සිතට එය සහනයක්
නිදන විට පෙනෙනා
සුන්දරම සිහිනයක්
සිතුවිල්ලක් පමණක් උනත්
විටක මහ කුණාටුවක්
මහ වැස්සකින් සැදෙනා
මහ ගං වතුරක්
සිතුවිල්ලක් පමණක් උනත්

ආදරේ අමුතුම දෙයක්

පියානනී

අතේ නැතත් කාසි
නුඹ හට සැප විදිනට
මගේ කදුළු දරණු
ඔය හිතට

මුළු සමාජයක් පෙළුවද නුඹව
නොවිනි නුඹට එය ලොකු දෙයක්
ඔය තරමි සවිමත් හිතකට
දරණු බෑ මගේ එක කදුලක්
සතියක් නිදි වැරුවත්
ඔය දැසට
මගේ සිනහව දිව ඔසුවක්
එයයි නුඹගේ සෙනෙහස

කෙලෙසකින් ගෙවමි දෝ මෙවන් ණය
මම සංසාරෙම වෙහෙසුනත් පියානනී.



ලියන්නට නොදත් මාගේ හිත
නුබේ වදනින් සවිමත් වුතරමි
පුද කරන්නමි මාගේ බ්ලොග් පිටුව
නුබේ නමින් මෙලෙසට පියානනී