මම වැඩිදුර නොහිතනව නුඹේ වචන වලින් කියනව නමි
සැරින් සැරෙට සුළඟ වගේ වෙනස් වෙන්න පුළුවන් උනා නමි නමි වේදිකාවේ රඟපාන විදිහට
ජිවිතේදිත් රඟපාන්න පුළුවන් උනා නමි ගොඩක් දේවල් වෙනස් වෙන්න ඉඩ තිබුනා ඊටත් වඩා මම
සාම්ප්‍රදායික පෙම්වතෙක් උනානම් නුඹට ආදරයේ අංශුමාත්‍රයක්වත් නොලැබෙන්න තිබුනා
කොහොම කියන්නද නුඹ නොතේරෙනවා වගේ ඉන්නවද නැත්නමි ඇත්තටම නොතේරෙනවද?
මිනිස්සු ප්‍රශ්ණයක් උන වෙලාවකට උදවු ඉල්ලන්නේ
තමන්ට වැඩියෙම විස්වාස කෙනාගෙන් නුඹට ප්‍රශ්ණයක් උන වෙලාවේ නුඹව සැරයක් රවට්ටපු
කෙනාව නුඹට මට වඩා විස්වාස උනා ඒ කියන්නේ මාව ඒ තරම්වත් විස්වාස නෑ කියන එක නේද? අපිට
පුළුවන් නමි අපේ හැම හැඟිමක්ම පාලනය කරන්න නුඹට ඔය ලැබෙන තරම් ආදරයක් සමහරක් විට එහෙම
කරපු නුඹ අද කියනවා මට නුඹ ගැන විස්වාසයක් නෑ කියලා ඔනිවටත් වඩා නුඹව විස්වාස කරපු
නිසා තමයි මෙච්චර කාලයක් නුඹ ළඟ හිටියේ
මේක
ආදරයක්ද කියලා දැන්නමි හරියටම අර්ථ දක්වන්න බෑ මට ආදරයකට වඩා දැන් අපේ බැඳිම
යුතුකමක් වෙලා නුඹට කරපුවට නුඹ මට යුතුකම් ඉටු කරනවා උඹේ දෙමව්පියන්ගේ විශ්වාසෙට
මම යුතුකම් ඉටුකරනවා අන්තිමේදි හැම බැඳිමක්ම
ගලා යන්නේ මේ විදිහටද
පරිසරයට ආදරෙත් දැන් දැන් අනුවර්ථනය වෙලාද කොහෙද
හිටි ගමන් අවිස්වාසය නුඹේ හිතට දුවගෙන එනවා ඒකත් භෞතික සාධකයක් නිසානම් මම දෙපාරක්
නොසිතම නුඹව සාධාරණිකරනය කරනවා නුඹ හැම වෙලාවෙම අවිස්වාස කරන්නේ මගේ හිත
නුඹටත් ඕනී බොළඳ ආදරයක්ද වචන වලින් විතරක් දැනෙන
නුඹට ආදරේ දැනෙන්නේ වචන වලින් විතරද මටත් පුළුවන් ඒහෙම වෙන්න හැබැයි මම එහෙම
වෙන්නෑ නුඹට නිදහස තියෙනවා වචන වලින් විඳින පාට තවරපු සීනී බෝල ආදරයක් හොයන්
යන්න කෙනෙකුට බෑ තව කෙනෙකුගේ හිතකට මායිමි
බඳින්න හොයන් පලයන් නුඹේ කැමැත්ත සීනී බෝල ඇතුලෙන් සැබැවක් හොයා ගත්ත දවසට ඇවිත්
කියලා පලයන් කෑගහලා මම වැරදියි කියලා බලන් ඉන්නවා මම ඒ දවස එනකම්
හිතට අවංකවම කියන්නද එක දෙයක් නුඹ ඔය දකින හීනේ
ඇත්තට උනත් නැතත් හැබැවෙනවනම් මම කැමතියි මොකද නුඹේ හීනේ බිඳුන දවසට ආයේ මාව
හොයාගෙන ආවොත් නුඹව පිළිගන්න මට බැරිවෙයි
නුඹ වගේ සැහැල්ලුවට කඳුළු බින්දු තුන හතරකින්
හැමදේකම නිමාවක් දකින්න පුළුවන්නම් මටත් ජිවිතේ හරිම ලේසි වේවි ඒත් නුඹට වගේ
නෙමෙයි මගේ වටේට ඉන්න ජිවිත වලට මම වගකියන්න ඕනී මගේ හිනාවට ශක්තිමත් වෙන සමහර
ජිවිත කඩාවැටෙන්න ඉඩදෙන්න බෑ ඒ සමහරක් ජිවිත පිළිවෙලකට ගලන්නේ මම නිසා කියන එක
අමතක කරන්න බෑ මට හැමදෙයක්ම දාලා දුවන්න බෑ ලෝභ කමට නමි නෙමෙයි තවමත් සමිපුර්ණ
නොකරපු යුතුකමි තියෙන නිසා
මතකද නුඹට පටන් ගැන්මෙම පොරොන්දුවක් උනා මේ කථාවට
නුඹම තිත තියෙනකමි මම කොමාවක්වත් තියන්නේ නෑ කියලා පොරොන්දු තියෙන්නේ කඩන්න කියලා
මම හිනාවෙලා කිව්වට කොහොම හරි පොරොන්දුව ආරක්ෂාවෙලා නුඹට පුළුවන් හිතේ සතුටින් තිත තියන්න