Pages

Saturday, August 29, 2015

........නුඹේ නොවන නුඹ ගැනම මතකය...........


කියමි කවිමත නුඹ සිටිනා වග
දිවුරා කීවත් නුඹ
අනෙකුයැයි යැයි නුඹ නොවන වග
දනිමි සිත මෙන් මමද
ඇයට පෙර නුඹම සිටි වග

ඉඳහිටක ඇයට ලිවි කවියෙද
කොහිම හෝ නුඹත් හිඳ ඇත
මමද හිතද දනිමි හොදහැටි
ඒ දුකද අරන් ගියේ නුඹ බව

ඉඳහිටක නොව හැම විටක
හෙමිහෙමින් විදුහලට පිය නැගුව නුඹ ගැන
මතකයක් ඇත සිත තුලම ඇවිදින
පන්තියක නුඹ ළඟම උගත බව

නෙතු පියා ගත් මොහොතක
පන්තියක නුඹ උදැසනම
ඇවිද එන හැටි බංකු අතරින්
කිසිවෙකුත් නොව 
මා ඇසිපිය නොහෙලාම බැලුව වග
නුඹගෙ නොව මගේම මොහොතක
මතකයක් නොවෙද?

Friday, August 14, 2015

.......මියෙන්නට ළඟයි හිත ..........

වාසනාවකටද අවාසනාවකටද කොහොමද? කියන්න දන්නේ නැති උනාට
අවුරුදු හයකටම මට හොඳම යාළුවෙකුට ඉන්නේ මේ බ්ලොග් එක
ඒ එකම එක හේතුවයි කාටවත් කියන්න බැරි හිත මේ බ්ලොග් එක පුරාමන් ලියන නිසා
නිතරම නොලියන බ්ලොග් එක
වෙනසක් නෑ හරියටම මන් වගේමයි ඒ මම හිටපු හොඳම යාළුවට උනත් නිතරම මගේ හිත විවෘත නොකරපු නිසා
ඇත්තටම මට ලියන්න ඔින බලාපොරොත්තුවක් ගැන බලාපොරොත්තුවක් කිවිවට පහුගිය මාස 3ක් තිස්සේ මන් අරමුණක් කරගෙන පස්සෙන් දුවපු දෙයක් ගැන
අරමුණක් බලාපොරොත්තුවක් මොන නමකින් මන් ඒ ගැන කථා කලත් අන්තිමට මට කියන්න පුළුවන් ඒක තෑග්ගක්
ඔව් තෑග්ගක් ඇදුමක්
බලාපොරොත්තුව හිතේ තියන් හිටියේ මීට අවුරුද්දකට කලින්
ඒ එයාගේ උපන් දින තැග්ග විදිහට දෙන්න
ආසව තිබ්බට ඒ ඇඳුමත් එක්ක ගන්න වෙන ජුවලරිස් දකිනකමි හිතුවේ නෑ තව අවුරුදු 2 කට වත් ඒ තැග්ග එයාට දෙන්න පුළුවන් වෙයි කියලා
මාස අටකට කලින් එ් තෑග්ග දෙන්න තිබ්බ හේතුවෙන් පැනලා ආවට කවදාවත් හිතුවේ නැ එතනින් යන එන හැම සැරේකම ඒ බලාපොරොත්තුව හිතට දුකක් අරන් එයි කියලා
සතියකට සැරයක් ඒ දිහා බලා ගෙන එතනින් ඇවිද එන නිසා මුලු සතියෙම හිතුවේ කව්රුම හරි ඒක අරගෙන ගිහින් එහෙමත් නැත්තමි එතනින් අයින් කරලා තියෙනව නමි කියලා
ඒත් මාස 11ක් තිස්සේ ඒතනම තිබුනේ මන් දකින තරම් ලස්සනක් ඒ ඇඳුමේ තිබ්බේ නැති නිසාද නැත්තම් 1ට පස්සේ තිබ්බ අංක ගාන වැඩි නිසාද නම් කියන්න මන් දන්නේ නෑ
අන්තිමේදි මිට මාස තුනකට කලින් මං තිරණය කලා හේතුවක් නැති උනත් මන් ඒ ඇඳුම ගන්නවා කියලා
අන්තිමේ බලාපොරොත්තුව අරමුණක් වෙලා මන් ඒ වෙනුවෙන් අනිත් හැමදේම අයින් කරා
හැම බලාපොරොත්තුවක්ම සාර්ථක කරගැනිමේ රහස සල්ලි
 අන්තිමේ මන් අඩු වෙන්ම ආශාකරපු දේ මගේ අරමුණ උනා
කාලෙකට කලින් අතහැරලා ආපු ජිවිතෙට මට යන්න උනාත්
 පව්කාර උනත්
මට ඔිනි කරපුදේ ලබා ගන්න නමි ආපහු හැරිලා ගිහින් අතහැරලා ආපු පාරක යන්නම සිද්ධ උනා
අන්තිමේ ඊයේ මට ඔනි කරපු තැග්ග අර ගත්තා
ඒත ඒක අරන් කඩෙන් එලියට එනකම් මට කිසිම අදහසක් තිබ්බේ නෑ මන් ඒකත් එක්ක මොකක් කරන්නද කියලා
දවසම කල්පනා කරලා අන්තිමේදි හිත කියනවා
"හැම දේටම යන්න දෙන්න ඕනි "
ඇය වෙනුවෙන් තිබ්බ බලාපොරොත්තුව ඉෂ්ටකර ගත්තා
හැබැයි බලාපොරොත්තුවේ ප්‍රතිඵලයත් එක්ක මන් මොකක් කරන්නද හිතනන්න වෙලාවක් නැති වෙන්න තරමට මන් ඒ බලාපොරොත්තුව පස්සෙන් දිවිවා
හැමදේටම පස්සේ
අද දවස ගත කලේ මගේ කෙනෙක් වෙනුවෙන් ගත්ත තැග්ග මගේ නොවන කෙනෙකුට දෙන්න
හැබැයි අතහරින්න හිත පොඩ්ඩක්වත් කැමති නෑ හිතට උනා
 ඒ දේ වැඩිම වටිනාකමක් ගේන කෙනෙක්ට දෙන්න
දවස අන්තිමේ ඒ හැමදේටම ගැලපෙන කෙනෙක් හමිබ උනා
දුරයි පැය ගානක ගමනක් උනත් මට ඔිනි ඒ තැග්ග ලැබුනම ඒ කෙනාගේ මුණේ ඇති වෙන සතුටෙන් මගේ හිත පුරව ගන්න
 මන් දැනගෙන හිටියා මේක ලියන වෙලාව වෙනකොට මට මං ගැන කියලා සතුටුු වෙන්න පුලුවන් දේකට තියෙන්නේ ඒ හැඟිම විතරයි කියලා
හැම දේකම අවසානයේ මන් හිතුවේ මේ හැඟිමෙන් හිත විසිරිලා යන්න නොදි ආරක්ෂා කර ගන්න පුළුවන් වෙයි කියලා
ඒත් දැන් බලාපොරොත්තු අරමුණු දුක ආදරය මතකයන් හැමදේකම අන්තිමේ හිතට දැනෙන්නේ පුදුමාකාර හිස් බවක්
අරමුණක් නැති මම තනිකමෙන් පසුතැවිල්ලෙන් හිතේ ජිවය ඈතට පාකරපා ඇරියා
ඒ හැඟිම අත් විඳින ජිවිතේ පලවෙනි වතාව
මගේ හිත මාවම අතහැරලා ගිහින්
මගේම ජිවිතේ පහුකරන් ආපු වරදකාරි හැඟිමක් මගේ මොළයක් එක්ක රන්ඩු කරන කොට
මගේම හිත ඒ කිසිම දෙයක් ගැන නොසලකා හැරලා අහක බලන්න ඉන්නවා
හැමදේකටම පස්සේ
දවස අන්තිමේදි මන් හිතක් නැති
කිසිම හැඟිමක් නැති ගලක්
ජිවිතේ කවමදාවකවත් සිදු නොවුන විදිහට මන් මාවම අතහැරලා
බලාපොරොත්තු, අරමුණ හීන හැඟිම් හැම දේකම අවසානේ
ඔව් මන් හිතක් නැති ඔහේ පාවෙන ආදරවන්තයෙක් හැමදේම අහිමි උන
හරිම විිදිහට කියනව නමි
හැමදේම අහිමි කරගත්ත