Pages

Thursday, December 12, 2013

...............වෙනස් විමක් සොයා යාමද? නැතිනම් මංමුලා වීමද?....................


ජිවිතය ජයගත නොහැකි කඩඉමත් නොවුනද,
 අයාලේ දුවන සිතත් සමග එය දුෂ්කර කාර්යක් වී හමාරය.....

සමහර විටෙක, 
නැවත හැරි බලන්නට සිතෙන නමුදු, 
කිසිදිනෙක හැරිබලනට යමක් ඉතුරු කිරිම පුරුද්දක් නොවන හෙයින්,
එසේ බැලිමෙන්ද ඵලක් නොමැත.......

මතකයන් සමහරක් අමතක වී හමාරය,
නැතිනම්....... උවමනාවෙන් එසේ කරන්නට ඇත. 
නමුත් ඒ පිළිබද පසු විපරමක යෙදිම අනවශ්‍ය. 

මිනිසුන් මතකය, ඔවුන් ගැන උගත්දේද මතකය,
එනමුත් ඔවුන් ගැන උගත්දේ භාවිත කිරිමේදි මා සැමදා අසමත්ය.

මා කිසිදිනක දිනපොතක් ලියා නොමැත,
එසේ ලියාතබන්නට දෙයක් මා තුල නොමැතිකම එයට හේතුව බව නිසැකය.
සමහරක්, විට ලියන්නට නොදත්කම එයට තවත් අනුබල දෙන්නට ඇත.
නැති නම් එය අනවශ්‍ය දෙයක් බව සිතේ කොතැනක හෝ සිට එය වලක්වන්නට ඇත.

මිනිසුන් සමඟ සිටිමට කැමතිය...
එනමුත් හුදකලාවටද එතරම්ම කැමතිය.

සිනාවට නිර්ලෝබී නමුදු, කඳුළට එතරම්ම මසුරුය.
ඒ අන් කිසිවක් නිසා නොව.
මට හිමි දුර්වල හිත කඳුළු තුලින් ලොවට පෙන්විමට ඇති දැඩි නොකැමැත්ත නිසාවටය.

සියල්ලක්ම වෙනස් කිරිම පිළීබද අදහසක්.
කළකට වර බැගින් පැමිණ වෙනස් වීමට ආරම්භයක් ළබාදේයි.
වහලෙකුට නොදෙවෙනි ස්වරූපයෙන් අළුත් ආරම්භය හඹායයි.
කාලය ගතවී නමුදු අළුත් මඟ සුපුරුදු ලෙසක් හැඟේ,
මදකට නතර වී මං සළකුණ නිවැරදිදැයි බැලුවෙම්.
පුරුද්දට ගසාගෙන ආ සිනා රැල්ලට පසු මහ දුකක් හිත වෙලා ගනියි.
පුදුමයක්ද නොව වැරදීමක්ද නොව තවමත්  සිටිතැනමය.
මා වෘර්තාකාර පථයකට අවතීර්ණව ඇත.