Pages

Wednesday, February 29, 2012

....මිතුරෙකුගේ ජිවිතයක්....





අව්රුදු  තුනක් විකර පරණ යාළුවෙකි, මුණු පොතේ දි චැටි කොරලා ෆිට් උන එකෙක්,
ඊයේ පෙරෙදා මට හම්බ උනා. පැය දෙකක් විතර අපි දෙන්නා කථා කර කර හිටියා බස් ස්ටැන්ඩ් එකේ,
ඌ මට වඩා අව්රුදු හතක් විතර වැඩිමල් එකෙක්.
බස් ස්ටැන්ඩ් එකේ හිට්ය එක ගෑණු කෙනෙක් ළමයි තුන් දෙනෙක් එක්ක අන් තුන්දෙනා බස් ස්ටැන්ඩ් එක උන්ගේ වගේ සෙල්ලමි කරනවා.
උට එක පාරටම මතක්  උනාලු උගේ පුංචි කාලේ.
ඌගේ වචන වලින්ම කථාව කියන එක ලේසියි.
මෙතැන් සිට උගේ කථාව,

මචන් අපේ පවුලේ ඉන්නේ කොල්ලොම හතර දෙනෙක්,
මායි අයියයි මල්ලිලා දෙන්නයි.
අපි පොඩි කාලෙම අමිමා මාරුනා තාත්තා කොහේ ඉන්නවද තියා තාත්තා කව්ද කියල වත් අපි දන්නෑ
 මචන් අපි හතර දෙනාම හැදුනේ ආච්චි අමිමා ගාව. හැබැයි අච්චි අමිමටයි අපි හතර දෙනාටයි තිබුනේ නුවර බස් ස්ටැන්ඩ් එක විතරයි.
 බස් ස්ටැන්ඩ් එකේ ඉන්නවට ආච්චි මුළු බස් ස්ටැන්ඩ් එකම දවසට දෙපාරක් අතු ගාලා ටොයිලට් එක සුද්ද කරන්න ඕනි, ඒකට අයියයි මියි උදව් වෙනවා.
අයියා ගෙයි මගෙයි අතර වයස් පරතරය අව්රුද්දයි මචන් මල්ලිලා දෙන්නා අතරත් පරතරය අවිරුද්දයි ලොකු මල්ලී මට වඩා අවිරුදු ‍දෙකක් බාලයි,
අයියට එතකොට වයස අව්රුදු හතයි .
මචන් හිටි ගමන් බේබද්දෝ කුඩු කාරයෝ ඇවිත් අපිව මරණවා කියලා ආච්චිගාව තිබුනු රුපියල දෙකත් උදුරගෙන ගිහින් තියනවා, එහෙම උනාම මුළු මාසෙම කන්නේ කුණු ගොඩෙන් විසිකරපු කෑම,
 එතකොට හිටපු පලාත් සභාවේ කව්ද මන්දා එයාගේ වත්තක් අනුරාධපුරේ තියනවා කියලා අපිට එහෙගිහින් නවතින්න කිවිවා. වැඩිය ලොකු වත්තක් නෙමෙයි මචන් පර්චස් හතරක විතර වත්තක්, ඒ වත්තේ තිබුන මැටි ගහපු ගෙදර තමයි අපි ඊට පස්සේ ලොකු උනේ, අයියයි මායි එක එක වැඩ කරලා අපේ චුට්ම මල්ලිට ඒ ජිවිතේ දුක දැනේන්න දුන්නේ නෑ මචන් ඌ අදටත් ඒ දුක දන්නේනෑ මචෝ හැබැයි ලොකු මල්ලිනමි ඒක ටිකක් දැකලා තියනවා. ඊට පස්සේ අපිට හිටපු එකම කෙනා ආච්චිත් මැරිලා ගියා එතකොට මට අව්රුදු 16ක් විතර ඇති.
දවසක් ගෙදරකට බඩුවගයක් ගිහින් දෙන්න උනා, කීයක් හරි හොයා ගන්න මන් කරපු එක වැඩක් තමයි මිනිස්සුන්ට ගෙදරට බඩු ගිහින් දෙන එක,
 ඒ ගෙදර හිටියේ කොමිපියුටර් උගන්වන සර් කෙනෙක් ඒ සර් මොනවා හරී උගන් වන්නමි කියලා මට රෑට සර්ගේ ගෙදර එන්න කිවිවා. දවල්ට මොනවා හරි වැඩක් කරලා රෑට සර්ලගේ ගෙදරින් මොනවා හරි කාලා මම ඒ සර් ගෙන් ඉංග්‍රිසියි කොමිපියුටරුයි ඉගෙන ගත්තා, ඊට පස්සේ ඒ සර්ම හොයලා දුන්නු ජොබ් එකකට ගියා මට අවිරුදු 19 ක් වෙන කොට ඒකේ පඩියෙනුයි ණයකුයි අරගෙන අයියව ඩුබායි යැව්වා , අයියා එහෙ ගෙදරක උයනවා හැම වැඩක්ම කරණවා. අයියා රවපු සල්ලි වලිනුයි මගේ ජොබ් එකේ පඩියෙනුයි අපිටම කියලා ගෙයක් හදා ගත්තා.
උඹ අහලා තියනවාද කථාවක් තියනවා වැඩිපුරම කට්ට කන එකාලු දවසකදි වැඩියෙන්ම සැප විදින්නේ 
ඊට පස්සේ තමයි මචෝ මන් දැන් වැඩ කරන තැන ජොබ් එක හම්බ උනේ, සතියකට දවස් දෙකයි වැඩ බොසා මගේ තාත්තා වගේ මාසයක් වැඩට නොගිහින් හිටියත් පඩිය කලට වෙලාවට බැංකුවට වැටෙනවා
ඉන්න බෝඩිමේ ඉන්නෙත් නිකන් සල්ලි ගන්නෑ මගෙන්, කන්න බොන් හැම දේම ලැබෙනවා පඩියත් අතට ඉතුරුයි මචන්,
අද මම ෆුල් ආතල් එකේ සොමියේ ඉන්නවා. අද මන් වටේ තියන හාම දෙයක්ම මට නිකන් ලැබුන ඒවා මන් මහන්සි වෙලා කරේ ටිකක් ඉගෙන ගත්ත එක විතරයි. අද අපේ චුටි මල්ලී සැප ජීවිතයක් ගත කරනවා
එච්චර තමා ඉතිං මගේ කථාව කියලා ඌ කථාව නැවැත්තුවා.

එකිනෙකාගේ ජිවිත  කථා කොච්චර වෙනස්ද අපිට ඒච්චරම ජිවිතේ බර දැනිලා නෑ ඒත් ජිවිතේ ඕනිවටත් වඩා දරුනු විදිහට දැකපු උන් ඕනි තරමි ඉන්නවා අපි වටේ අපිත් එක්කම. ඒත් ඒ ජිවිත දැකලා තියා අහපුවත් නැති උන් සෙට් එකකුත් උන් එක්කම ඉන්නවා

Monday, February 20, 2012

.....පලවෙනි එක...........




කාටද මතක තමන් ලියපු පළවෙනි කවිය
මට මතක් උනා මගේ පලවෙනි කවියක් වගේ එක
මෙන්න පළවෙනි  එක 
උත්තරත් එක්කම

බසයෙදි හමු උනු ඈට
හිත ගියා මගේ
එක මොහොතකටම
ලියවුනා කොළයක මෙහෙම
හිමි උනා ඇගේ දැතට එහෙම

ඔබද?
මමද?
ඔබ මගේද?
ඔහු හිතේද?

අහඹුවකි පසු දිනයෙහිද
ඈ ඇත එම බසයෙහිම
දිව ගියා මගේ හිත ඈ වෙත
හිමි උනා පිළිතුරු මෙහෙම

අපි අපේය
මා ඔබේය
ඔබ හිතේය

පළමු පද ලියවුනේය
ඇගේ පිළිතුරු හිමි උනේය
මගේ ලෝකය හෙල වුනේය
ඈ මගේ හැමදෙය උනේය

මල් කැකුලන් පිබිදුනේය
මඳ සුළඟට වැනුනාමය
විහගුන් ගී ගැයුවාමය
ආදරේ මට දැනුනාමය

මාළුවාගේ පාඩම


මාළු ටැංකියටම උන්නු
කඩවසමිම මාළුවා උනු එක,
උඹ හරිම ආඩමිබරයි නේද උඹ ගැන?
ඇත්තමයි මාළුවෝ උඹේ ආඩමිබරකමි මට
බලා ඉන්නට හැකි නෙතු නොසලා දවසක් වුවත්
ඒක දවසක්

උඹේ ආඩමිබර කමටද?
පණ්ඩිත කමටද?
නිසොස්මනේ හිටි
කළු ගලට අභියෝගයක් කලේ
කළු ගල් කිට් කිටියේ නුඹව තද කරන විට,

ගැලවි ගිය නුඹේ දිලිසෙන කොරපොතු,

ඉරීගිය නුඹේ වරල්,

මොහොතකින් නුඹේ ලස්සන
ගිලිහි ගිය අන්දම?

 ඇසින් වැටුනු කඳුළු බින්දු,
ටැංකිය උතුරා යවමින්
නුඹේ දිවිය බේරාගත් බව,

මාළුවෝ නුඹ ටැංකිය කෙලවරට වී
සිතනවාද තවමත් එය සිදුවූ හැටි

දන්නවාද?
 .
 .
අදටත් මම
ආසම මාළුවා නුඹ බව
අළුතින් ආවත් කෙතරමි ලස්සන

හැකිවේද?

උනුන්ට!

මට උගන්වනට නුඹ ලෙසකින්
හිත තුල පැලපදියමි වන
ජීවිතයේ දුක් බරම පාඩම.

Thursday, February 16, 2012

පරණ ආදරේ



අද පන්තියේ මගේ අතීතයක් හම්බ උනා
අතීතයක් කිවිවේ පරණ ගෑණු ළමයා 
කාලෙකින් දැකපු සතුටට වචන දෙක තුනක් ලියලා විවේක කාලයේ දුන්නා
පරණ පුරුද්දට වගේ එයත් පැණපු ගමන් සුටුසු ගාලා ගත්තා, කියෙව්වා මා දිහා බැලුවා,
බැග් එක ගත්තා ගෙදර යන්න ගියා, පන්තියේ ඉතුරු ටිකට හිට්යෙත් නෑ
මාත් ඉතින් මගේ මොකද කියලා පන්තියේ ඉතුරු ටිකටත් ඉදලා ගෙදර ආවා
කථාව කිව්වට කවිය කියන්න බැරි උනානේ,
මට හිතාගන්න බැරි ඒකේ එච්චරටම මොනාද තිබුනේ කියලා

නිසල ජල තල 
සසල කළ නුඹ
නිසල වන්නට 
ජලයට ඉඩනොදේ
ඇසේන නොඇසෙන තරමට
ඉකිබිදින රළ පෙල
නිසල කර මට දෙනු මැනේ
නිසල ජල තල සසල කරලත්
නුඹේ හිතට නමි මදි වගේ
නිසල තුරු පත්
සසල කරනට ගොස්
අතරමං වුනිද නුඹ
කදු පන්තියේ

Monday, February 13, 2012

ලියන්න නමි එපා අමිමේ


අද හැම දෙයක්ම
මතක් කර දෙන්නා විලසින්
නුබ අමතක කලොත් දිනක
පහරක් දෙනු මැන
නුබෙන් බීවි රන් කිරි
සිහිවෙනා විලසට

ලස්සනම ලස්සන දිගු නින්දක් 
මට තිබුනා යන්තමින් වගෙ මතකයි
ඔබ මට හිමිකල
නුඹේ හඩින් ගැයෙනනා
දුක් මේ බරම ගීතය
මගෙ නින්දත් අද කොහෙද සඟවා
නින්ද නමි ආපසු නොඑයි නෙතු ලඟ
නුඹෙ මතකය හිත පතුලෙම 
හඬනවා ඇත


ලියන්න නමි එපා
අමිමේ
  නුඹේ
සෙනෙහස
දරන්නට බැරි වෙවි
නුඹේ පුතුට
දැනෙනා පසුතැවිල්ල

...............අනන්තය.............ආදරේ...........


අනන්තය ගැන
ලියන්නේ කොහොමද
ඒකනේ ඒකට අනන්තය කියන්නේ
අනන්තය ගෙන මගෙ
ආදරේ කියන්නමි
මගෙ ආදරේ අනන්තයක් බව
මගේ ආදර අනන්තය
නුඹ ආදරේ කරලම
ඉවර කරන්නට නමි
මේ සංසාරේම
මගේ ළඟ ඉන්න වෙයි.

 --------------------------------------------------------------------------------------------------
අසනි වැසි හඬගා කියන්නේ
මගේ ආදරේ තරමයි
මගේ හදේ තරමි
සදේ නුබත් තවමත් නොදුටුවදෝ
මහ හඩින් නුඹේ කවිය
තවමත් ඇසේනවනේ
මදු සදේ නුබේ නමිනි
මගේ ජීවය ඇත්තේ
මටත් අහිමි මගේ ජීවේ
නුඹ අරගෙන ගොස්නේ

-------------------------------------------------------------------------------------------------
කොතරමි පැතුවත්
ඔය නෙත් දැහැනට
එන්නට
ඔය නෙත් වෙනතක් දකියි
කෙතරමි සිතුවත්
නුඹ ලඟට එන්නට
නුඹ සැමදා මට නමි
දුරයි
අනේ හමන සුලගේ
ඇගේ සුවදත් අරගෙන
හනිකට මා ලඟට වරෙන්
අඩු තරමි මින් ඇගේ
සුවඳවත් විදින්නට
අනේ සුලඟෙ
මට උදවි කරාපන්
--------------------------------------------------------------------------------------------------

හෙමිහිට හඬ දෙන නුබේ ඔය වළලු යුග
නුඹ තාමත් පලදනවාද ප්‍රියේ
දශක ගණන් ගෙවුනත්
මේ වෙන්වීමට
තවමත් මතකයන් අළුතයි
ඊයේ විලසින්
නුඹ දන්නවාද සදේ
ඔය දෙතොලට සැමදා ලං වුන
නුබේම සුසුමක්
තවමත් මා ලඟමයි
දශකයක් වුව නුඹෙ සුසුමි
මේ හදවත තුල සුරැකිවමයි

----------------------------------------------------------------------------------------------------

සිතුවිල්ලක් පමණක්
උනත්
සිතට එය සහනයක්
නිදන විට පෙනෙනා
සුන්දරම සිහිනයක්
සිතුවිල්ලක් පමණක් උනත්
විටක මහ කුණාටුවක්
මහ වැස්සකින් සැදෙනා
මහ ගං වතුරක්
සිතුවිල්ලක් පමණක් උනත්

ආදරේ අමුතුම දෙයක්

පියානනී

අතේ නැතත් කාසි
නුඹ හට සැප විදිනට
මගේ කදුළු දරණු
ඔය හිතට

මුළු සමාජයක් පෙළුවද නුඹව
නොවිනි නුඹට එය ලොකු දෙයක්
ඔය තරමි සවිමත් හිතකට
දරණු බෑ මගේ එක කදුලක්
සතියක් නිදි වැරුවත්
ඔය දැසට
මගේ සිනහව දිව ඔසුවක්
එයයි නුඹගේ සෙනෙහස

කෙලෙසකින් ගෙවමි දෝ මෙවන් ණය
මම සංසාරෙම වෙහෙසුනත් පියානනී.



ලියන්නට නොදත් මාගේ හිත
නුබේ වදනින් සවිමත් වුතරමි
පුද කරන්නමි මාගේ බ්ලොග් පිටුව
නුබේ නමින් මෙලෙසට පියානනී

........ආදරේ......මට හිතුනු විදිහට......

 
        අදත් වෙනදා වගේම නිකන් ඔහේ ගෙවිගෙන ගිය දවසක්.
පුරුද්දට වගේ, අදත් ටීවි එක දිහා බලා ගෙන වේගයෙන් චැනල් මාරු කරනකොට, යාන්තමට පෙනී නොපෙනී ගියා දෙමල චිත්ත්‍රපටියක එක රුප රාමුවක්.
ඒතරමට වේගෙන් මම චැනල් මාරු කරනවා.
ආපහු මීටරේ කරකවලා බැලුවා.
 දමිල චිත්ත්‍රපටියක් ආදරේ ගැන කියවුනු , චිත්ත්‍රපටියේ අන්තිම හරිය ගොඩාක් දේවල් සිද්ද වෙලා, එක පාරටම අමුතුම විදිහකට චිත්ත්‍රපටිය ඉවර උනා.
ඒ මම කවදාවත් ජිවිතයේ නොදැකපු නොහිතපු පැත්තකින්.



එක පාරටම මට හිතුනේ ආදරේ අපි හිතන දකින දේමද කියලා නෑ ඒක ඊට වඩා ගොඩාක් වෙනස් දෙයක්,
ආදරේ කියන දේ වේලාව, තැන, පුද්ගලයා ආදි ගොඩාක් දේවල් මත වෙනස් වන සාපේක්ශ වු දෙයක්.
සමහරු කියන විදිහට ආදරේ පරිත්‍යාගයද, ලැබිමද ,ලබාගැනිමද ඒත් නැත්නමි හිමි විමද
ආදරේ එක මොහොතක හැගිමක්
අනිත් හැගිමි ඉක්මනට අමතක කරන අපි ඒ හැගිම හැමදාටම හිතේ තියාගෙන ඉන්නවා
. ඒ අපි හිතාගෙන ඉන්නේ අපිට මොන දේ නොලැබුනත් ආදරේ කවදාම හරි හමිබවෙනවා ඒ ලැබිම අනිවාර්ය ඌ දෙයක් කියලා නිසා. 


ඒ සමහරු අපිට හිතන්න උරුම කරපු විදිහද මන්දා.
ආදරේ කියලා අපි හැමදාම ලුහුබදින්නේ බොරුවක්, ආදරේ හැමදාම අපිට නොපෙනුණු අපි ලගම තියනවා.
ආදරේ කියන්නේ අපිට කවදාම හරි ලැබෙන දෙයක් නම්, ඇයි අපිට අපි ලගම තිබුනු ආදරේ නොපෙනෙන්නේ? .
ඒ ආදරේ එක හැගිමක් විතරක් නිසා,
ආදරේ අපි ඔය මවන තරම විසාල නොවන දෙයක් උනු නිසාවට.
අනේ මන්දා,
ආදරේ ගැන ලියපු අය ගයපු අය කොච්චරද,
රෝමියෝ ජුලියට්ලට ආදරේ කරන අය කොච්චරද,
ටයිටැනික් වෘතාන්තායේ ජැක් රෝසි කෙනෙක් වෙන්න ඒතරමට ආදරේ වැලද ගන්න හීන දකින අය කොච්චරදක්ද,
     ආදරේ කියන්නේ අපි මවා ගත්තු දෙයක්, ඒත් අපි හිතනවා ඒක ඉබේ ඇතිවන දෙයක් කියලා ඒක නිසයි අපි ආදරේ කියන දෙය බොරුවක් කියලා නොපෙනෙන්නේ.
        
       උඩ ඉදන් පහලට කියවගෙන එනකොට අපිලිවෙලක් දැනුනා නේද මුල, මැද ,අග සමිබන්ධ නෑ වගේ දැනුනා නේද? 
ඒක තමයි ආදරේ, ජිවිතේ, අපි හිතදේ,
මේ හැම දෙයක්ම එකට ගැලපෙන දේවල් නෙමෙයි.
ආදරේ, ජිවිතේ, අපි හිතදේ, කියන්නේ එකිනෙකින් වෙනස් වු මාතෘකා තුනක්. මේ එකකින්වත් තව එකක් පැහැදිලි කරන්න බෑ,
හැබැයි අපිට එකක් තුලින් අනිකක් හොයා ගන්න පුලුවන් වෙයි.
අපි ආදරේ කිය කියා කියන්නේ එකෙක් අනෙකාගෙන් බලාපොරොත්තුවන් දේවල් ටිකක් විතරයි.
උදාහරණයක් විදිහට, එයා මට ශක්තියක් වෙයි. ජිවිත කාලෙම මාත් එක්ක ලගින් ඉදියි. 
    ඉතින් ආදරේ කියන්නේ මොකද්ද ආදරේ කියලා හිතන්න වෙනවා,
වෙනම නමක් දිලා අපි වැලද ගෙන ඉන්නේ අපේ බලාපොරොත්තු සහ ඕනැ එපාකමි ටිකක් විතරයි.
       
        ආදරේ මෙහෙමයි අරහෛමයි කියලා මාත් එක්ක විවාදෙකට ඇවිත් වැඩක් නෑ, මම මුලදිම කියපු විදිහට මේ මම දකින විදිහ අනිත් අය තම තමන් කැමති විදිහට ආදරේ දැකපුවාවේ. මේ කාගෙවත් දැක්මක් වෙනස් කරන්න එවාට බලපැමිකරන්න හැදිමක් නෙමෙයි. මේ මගේ අනන්‍යයතාව ඒ කියන්නේ මගේ දැක්ම.

නන්නාදුනන සිහිනේ


නන්නාදුනන සිහිනේ

නොකියාම ලංවුන විලසින්

නොකියාම ඇයි යන්නේ

ලංවන්න ඉඩදුන්නත්

වෙන්නට බෑ දැන්නමි

නන්නාදුනන සිහිනේ

නුඹයි අද මගේ ජීවේ

කප්පරක් පැතුමන් සුනුවිසුනු කර

නුඹ පියනැගුවෙ

නන්නාදුනන සිහිනේ

ඇයිද මා පිබිදුනේ

ආදරේ ගැන

සුවඳ මල් පෙති පාර වසාගෙන
හිමි මලත් කොතැනද
සැඟවෙලා

මගේ මල නුඹ
සුවඳ නැති නිසාවට
නෙලා ගත්තෙමි දෝත පුරාවට

තරු කැටයක් හෙමිහිට දිලිසිලා
මෙහෙම කිවිවා මගේ
කණට කොදුරා

නුඹේ මල සුවඳ නැති නිසාවට
වෙන බඹරුන්නැ එහි රොන් ගන්නට

දෝත පුරා ඔබ නෙලාගත් මල
නුඹට පමණයි දිවි තුරාවට
......................................................................................................................
පෝයදාට පායන සඳ
ඇයිද නුඹ ඔතරමි පියකරු
හිරුගේ තද රැස්පවා
නුඹ හෙමිහිට මුදුකලා
නුඹෙ මුදු රැස් වලින්
අඳුරෙම කළුගල් දිලිසුනා
ඔය එළියෙන් සඳේ
ගලනවා මේ දිය ගඟේ
විය සිදුරෙන්වත් සඳේ
නුඹේ රුව දකිනාතුරු ඔහේ
........................................................................................................................
මැකියන දසුනන්
දෙනෙතින් මැකී ගියාවේ
බිදී යන පැතුමන්
එලෙසට බීදී ගියාවේ
හමා යන සුලඟට
මතකයන් හසු වී ගියාවේ
නුඹත් පලයන් වෙනතක
අද මා තනි උනාවේ
..........................................................................................................................
වැව් දියක් ලෙස
මල් රැලක්
පිපෙන්නට
හිත පුරා ආදරේ වෙත
ඉඩක් දුන්නා
වැව් දියට
පොඩි මල්
හිමිත් නෑ
වෙන අය
එහි මල්
නෙලනවා
මේ දියෙන්
ඉහලට ඔසවමින් නුඹ
ලස්සන මලක්
ලෙස පිපෙව්වා
වැව් ඉව්රේ
බෝ ගහ යට
මල් අසුන මත
වැව් දියට
හිමි නොවි
පර වුනත් කමිනෑ
අනුන්ගේ සයනක
නොතැලුනා නමි
මල නුඹ
..........................................................................................................................
අට ලෝදහමි විඳ
කදුළු සිනහා
මොහොතකට අමතක කර
දහස් ගනණින් පාරමි පුරා
නිම කලා ධර්මය වෙත මඟක්
අහෝ තවමත්
පෘථක්ජනයෙකු නිසාවට
නුඹ මතුවුනා
ධර්මයේ මඟ අවුරාගෙන
නුඹ දැන් මා ලඟ
ධර්මයේ මඟ වැසි ඇත
කරන්නට වෙන කිසිත් නැත
පින් කරමු දෙදෙනාම
ලබන භවයේදිවත්
ධර්මය වෙත බැදෙන්නට
........................................................................................................................
මලක හීනේ
මල් පැනි දෙන්නට බමරුන්ට
දිය බිදුවක හීනේ
හිමි වන්නට පිපාසෙට
හිරුගේ හීනේ
ගෙන එන්නයි දාවල
සදුගේ හීනේ
රජ වන්නට තරු වලට
නුඹේ හීනේ
හිමිවන්නද මා හට
මගේ හීනේ
තනිවන්නයි නුඹ සමඟ
හීන හීනයන් නිසාවට
නොවෙද මා තවමත්
තනිකඩ
 
 

Saturday, February 11, 2012

ඇල්කොහොල් හොරු

මේකට හිනා යයිද නමි දන්නෑ එච්චර ලොකු කථාවකුත් නෙමෙයි
අටුවා ටීකා ටිප්පනි දාන්න මම දන්නෑ කෙලින්ම කථාවට එන්ටර් වෙමු
ඉස්කොල වල සයන්ස්  ඩේ කියලා ජාතියන් තියනවනේ ඔන්න අපේ සෙට් එකත් ඔකක් කරන්න සෙට්වෙලා අමාරුවෙන් දර දිය ඇදලා සයන්ස් ඩේ එක කලා කියමුකෝ
වැඩෙත් සැරට කෙරුනා ලස්සනයි, ප්‍රියකරුයි බලපු අය අමන්දානන්දයට පත් උනා
ඔක්කොම ඉවර උනාට අපිට තව එන වැඩක් ඉතුරුයි ඒ සයන්ස්  ඩේ එක කරපු සතුට සමරන එක
කට්ටය දිනයක් යොදා ගත්තා සතුට සමරන්න සල්ලී  ඉතින් සයන්ස් ඩේ එකෙන්ම ගහපු බකයා පාර තමයි ජිංජියයි විද්‍යා ශිෂය සංගමයේ ප්‍රබල සාමාජිකයින් නව දෙනෙක් තමයි සෙට් එක ගෙනාවා ගල් බෝතල් තුනයි බියර් හතරයි සෙට් වෙන දවස පාසල් දිනයක් නිසා තැන තමයි ඉස්කෝලේ පාවිච්චි නොකරන කොල්ලන්ගේ ටොයිලට් එක කස්ට්ය පටන් ගත්තා බියර් ටිකෙන්

වැ‍ඩේ බියර් ට්ක බීලා ඉවර වෙල තුන් දෙනාට එක බෝතලේ ගානේ තියාගෙන බෝතල් තුනම කඩාගෙන පටන් ගත්තා වැ‍‍ඩේ එක වටයයි  ගියේ පැන්නා ටික්කෝ සයන්ස් හෙඩ් ඇතුලු තවත් කිහිප දෙනෙක් බඩුත් එක්කම හොරු මාට්ටු සටාන් සටාන් ගාලා කන් වලින් තරු විසිවෙන්න පාරවල් දෙකක් වැදුනා ඇස්දෙක ඇරලා බලනකොට නව දෙනාම ලැබ් එකේ පෝලිමට හිටගෙන නම දෙනාගෙම චරිත හොදයි විභාග වලට ලකුණුත් තියනවා පාසල  වෙනුවෙන් සැහෙන්න දේවල් කරලා තිබුන නිසා වැඩේ ගෙවල් වලට නොගිහින් ගොඩින් බේරුනා ගල් බෝතල් තුන රාජ සන්තක උනා කස්ට්ය ගෙල්වලට යන්න පිටත් වුනා
එත් මටයි මගේ බොක්කේ ෆිට් එක පට්ටියටයි හෙනම අවුල  ඇයි යකෝ කණට තුන හතරකුයි තව වේවැල් පාරවල් තුනකුත් කාලා ඉන්නේ දිපියකෝ බෝතල් තුන ඇගේ අමාරුව යන්න ගහන්න ඉතින් දෙන්නත් එක්ක වැඩක් දෙමු කියල  සෙට් වෙලා ලැබි එක වහන්න කලින් ඒපැත්තට විසිට් එකක් දාලා බැලුවා බෝතල් තුනට මොකද උනේ කියලා සර්ච්පාර දාගෙන යනකොට බඩු අහු උනා අපිදෙන්නගේ සැටලයිට් එකට කෙමෙස්ට්රි ලැබි එකේ මුල්ලක දිලිසි දිලිසි තියෙන්වා අපේ කෙමෙස්ට්රි ලැබි එක තියෙන්නේ තට්ටු තුනේ බිල්ඩිමක උඩම තට්ටුවේ කෙමෙස්ට්රි ලැබි එක කාමර තුනක් හා දොරවල් තුනක් තියේන සිරා පොට් එකක් පලවෙනි දොරෙන් ආවම අපි ප්‍රැක්ට්කල් කරන කැල්ල  ඊලග දොරෙන් ආවම පරීක්ෂණ නල වගේ ‍භෞතිත බඩු තියනකෑල්ල අනිත් දොරෙන් ආවම තියෙන්නේ කෙමිකල් බෝතල් තියන කාමරය අපි දෙයියෝ තුන්දෙනා වැඩ හිටියේ එතන පොට් එක බලාගෙන දෙන්නා මාරු සන් සන් ගාලා
පටිටියයි මායි සෙටි උනා රෑ දහයට විතර ඔය වෙලාවට ඉස්කෝලේ මුරකාරයා කසියා ගහලා ඇවිත් බුදි දපනේ දාලා අපි ඕක දන්නවා පට්ටියා ඇවිත් තිබුනේ තඩි බැග් එකකුත් එල්ලගෙන මොකටද කියලා අපුවාම මූ කියපි “තොට වැඩක් නෑනේ *කෝ එක කට වහගෙන වර” කියලා ඉස්කෝලේ වතුර ටැංකිය හදලා තියෙන්නේ ලැබ් එක ලගමයි වතුර ටැංකිය උඩට ‍නැගපුවාම බහින්න පුලුවන් කෙමෙස්ට්රී ලැබ් එකේ ජනේලේ ගාව කොන්ක්‍රීට් කෑල්ලට අහ් කියන්න අමතක උනා නේ ලැබ් එකේ දෙවෙනි කාමරේ ජනේලක් කැඩිලා තියෙන්නේ ග්‍රීල් එක විතරයි තියෙන්නේ(ග්‍රීල් එක ගලවන්න ගැජට් පට්ටියා ගෙහල්ලා) ග්‍රීල් එක ගලෝ ගෙන දෙන්න‍ ගියා ඇතුලට තුන් වෙනි දොර ඇරගෙන දෙයියෝ වැඩ ඉන්න තැනට ‍9ලැබ් එකේ අගුල් තියෙන්නේ පලවෙනි හා දෙවනි දොරට විතරයි තුන්වෙන් දොර නිකන් වහන්නේ)  කටිට කරුවලයි ඇතුල පට්ටියා අලුත්ම අලුත් කෑලිතුනේ ඇල්.ඊ.ඩී ටෝච් එකක් ගත්ත‍ බෑග් එකෙන් එළියට ” **නයා වගේ බලා ඉන්නැතුව අල්ලපිය **තා ටෝච් එක” (කණට හෙනයක් ගැහුවා වගේ) බෝතල් තුනෙන්ම දැමිමා එක ‍ට්ක ට්ක එන බෝතලයකට දාලා ගත්තා අනික් බෝතලේ (අප්පට සිරි  මු ගල් වල පාටටම  මොනාද හදාගෙන ඇවිත්) බෝතල් තුනටම ටික ටික දාලා පොඩිඩක් ඔහොම හිටපන් මචන් කියලා මු ගියා කෙමිකල් රාක්ක තියන පැත්තට ගිහින් මු  කෙමිකල් බෝතලයක් අරගෙන ඇවිත් මට පෙන්නුවා අපි දුටු සැන අදුනනවා ඒ බෝතලේ 100% ඇල්කොහොල් දන්නවනේ හරහ ලැබ් එකකම තියනවා සරීක්ෂණවලට ගන්න මු දැමිමා බෝතල් තුනටම සැලකිය යුතු ප්‍රමාණය බැගින් දාලා ගත්තු දේවල් ආපහු ඒ ඒ තැන් වලින් තිබිබා අපි දෙන්නගෙන් එකෙක්වත් ලැබ් එකෙන් අපිට අයිති නැති දේවල් අරගත්තේ නෑ අපේ දේ ඇරෙන්න ආපහු ග්‍රීල් එකත් හයිකරලා ගත්තු බෝතලෙත් දෙන්නත් එක්ක ගහලා සද්ද වහලා ගෙදර එනකොට රෑ දෙකයි
පහුවදා දෙන්නම ඉස්කෝලේ ආවා කිසිම කලබල යක් නෑ සියල්ල සාමකාමියි ඔහොම දවස් දෙක තුනක් ගියා අපි දෙන්නා ටච් එකේමයි ඉන්නේ බෝතල් තුන ගැන
වැඩේ වෙලා දවස් හතරකට විතර පස්සේ බෝතල් තුන මිසින් අපි දෙන්නට පට්ට ආතල්
බෝතල් තුන නැතිවුන දවසට පහුවෙනිදා ඉදලා සයන්ස් හෙඩ් ඇතුලු සර්ලා පස්  දෙනෙක් දවස් දෙකක් ලෙඩ නිවාඩු
.

අපිත් ඉතින් හොයන්න ගියේ නෑ අපි කරපු දෙයක් යෑ
.

Friday, February 10, 2012

........මා දුටු නිදහස............






පෙලක් සැදිගෙන පෙරට ආ පුතු
කලක් මවකගේ පොඩි පුතු උනා
මවට ඉන්නට බිමක් දිනනට
අසිපතක් ගෙන යුද බිම වෙත ගියා

බිමක් ලෙස නොව මවක් ලෙස

දැයේ දු පුතුන් නුඹ වදිනවා
මද්දුම පොඩි විරු දුන් හිසින් නෙව
අරගලේ අප පෙරටම ගෙනා

පාපිසින කොට සුද්දගේ කොඩි බිම හෙලා

සිවුරක් දරාගෙන හිමි සිංහයෙකු සේ නද කලා
තෙළිතුඩක් ගෙන හිමි ඔබ ලියු කවි පද
තවමත් සිංහ විරුවන් මුවගින් මුමුනනා

දෙපැත්තක් කැපෙනා අසිපතක් දරනට

සිංහ ලේ බල ගත දරදඬු කලා
සතුරගේ පිටුපසින් නොව ඉදිරියෙන් ගොස්මයි
මියැදුනේ වෙඩි පපුතුල සිර කරන්

යුද බිමක් අද නැත ලේයින් මේ බිම තෙත්වනා

ලේ හෙලු විරුවන් පුදනෙමි මගේ හිස බිමටම නමා
ලේ මලින් සැදි මල් වඩමක් තබමි විරු හැම සිහියට නගා
ඔබ හැම නිසයි මෙලෙසට අප හැට හතරක් සමරනා


නිදහස නිදහස අපි ලැබුව දිනය

පසු උනා එහි සමරු දිනය
එය සමරන්නට මට නිදහසක් නැති හැටි
අමතර පන්තියක් එදිනටම යෙදුනු  හැටි

පෙරදින නිදහස දිනු විරුවන්
එය ලැබුවේ ලේයින් සටන් වදිමින්
මටත් හිමි හෙට නිදහසක් වෙනුවෙන්
සටන් වැදුනා මම පංති නොගොසින්
පර සුද්දා ගෙන ආ ඉගෙනුම නොතිබුනාට
රැක ගත්තා මුත්තන් රට ස්ව්‍යංපෝෂිත කොට
මට ජොබක් නැති උනොත් හෙට පෝසතකු වන්නට
 
අමුඩයක් ගසා බසිමි කුඹුරට රටම අස්වද්දන්නට

Wednesday, February 8, 2012

..............මගේ ආදරේ...............


සුවඳ මල් පෙති පාර වසාගෙන
 
හිමි මලත් කොතැනද
 
සැඟවෙලා
 

මගේ මල නුඹ
 
සුවඳ නැති නිසාවට

නෙලා ගත්තෙමි දෝත පුරාවට

තරු කැටයක් හෙමිහිට දිලිසිලා

මෙහෙම කිවිවා මගේ

කණට කොදුරා

නුඹේ මල සුවඳ නැති නිසාවට

වෙන බඹරුන්නැ එහි රොන් ගන්නට

දෝත පුරා ඔබ නෙලාගත් මල

නුඹට පමණයි දිවි තුරාවට

.................................................................................................................. 
නන්නාදුනන සිහිනේ

නොකියාම ලංවුන විලසින්

නොකියාම ඇයි යන්නේ

ලංවන්න ඉඩදුන්නත්

වෙන්නට බෑ දැන්නමි

නන්නාදුනන සිහිනේ

නුඹයි අද මගේ ජීවේ

කප්පරක් පැතුමන් සුනුවිසුනු කර

නුඹ පියනැගුවෙ

නන්නාදුනන සිහිනේ

ඇයිද මා පිබිදුනේ
....................................................................................................................................................
අනන්තය ගැන කවි ලියන්නේ කොහොමද

ඒකනේ ඒකට අනන්තය කියන්නේ

අනන්තය ගෙන මගෙ

ආදරේ කියන්නමි

මගෙ ආදරේ අනන්තයක් බව

මගේ ආදර අනන්තය

නුඹ ආදරේ කරලම

ඉවර කරන්නට නමි

මේ සංසාරේම

මගේ ළඟ ඉන්න වෙයි.
 ......................................................................................................................
නිමක් නැති

මේ ආකාසේ

මටත් දුර ඈත විහිදෙන්නට

හැකි නමි

හිතේ දුක විතරක් නෙමෙයි

මම මාවමත්

ඔය අහසට

විසුරුවනවා

මම සමාවෙන්න

අහසේ

එ නුඹේ බර

වැඩිකරන්න නමි නෙමෙයි

ඒ දුකට වඩා

මේ දුක වැඩි

හන්ද

..................මගේ දැක්ම ......................

සමහර හිත් දුර්වලයි.......
සමහර හිත් ශක්තිමත්......

එ එ අයට සාපේක්ෂව ජීවිතේ වෙනස්,
අනිත් අය කොහොම උනත්
තමන් ආගම අනුව දෙයක් විෂ්වාස කරලා
සිමාවක් හදාගෙන එසීමාව ඇතුලෙ ඉන්න ඕන
එහෙම නැතුව හැමත් එක්ක ලෝකෙට බැන බැන ඉදලා හරියන්නේ නෑ,
ජිවිතේ තමන්ට වැරැද්ද කලොත්
ඒ හැම වැරැද්දක්ම කලේ තමන් කියලා හිතා ගෙන
තමන් අතින් එ වගෙ දෙයක් නෙවෙන්න බලා ගන්න ඕන
ඒ කියන්නේ ආපහු ඒ වැරැද්දට 
අපේ ජිවිතේට බලපැමි කරන්න ඉඩදෙන්න හොදනෑ

යන්තමින් අදුරන කෙනෙක්ට උනත් උදව්වක් ඕන වුනොත්
දෙපාරක් නොහිතාම උදව් කරන්න 
ඉල්ලපු උදව්ව කරන්න බැරි නමි
උදව්ව ඉල්ලපු කෙනෙට වෙන උදව්වක් කරන්න
හැබැයි කවම කවදාවත් කරපු උදව් හිතේ තියාගෙන ඉන්න එපා

තමන්ගේ දුකකදි කරදරයකදි ගල් වෙන හිත
යාළුවෙකුගේ දුකකදි කරදරයකදි උනු වෙන්න ඕනි
යාළුවගේ දුක ඔබේ කරගෙන 
ඔබේ දුක් හිතේ සගවාගන්න

කිසිම දේකදි අඩන්න එපා
ඇඩුවොත් ඔබ මේ ජිවිතය තුලදි පරාදයි
කදුළු බින්දුවකට වඩා දහඩිය බින්දුවකට 
කරන්න පුළුවන් දේ බොහොමයි


දහඩිය බින්දුවක්
කදුලු බින්දුවක් තරමට ලෙන්ගතු නොවුනට
කදුළු බින්දු වලට දියවෙලා ගිය සතුට
ලං කරගන්න හැලෙන දහඩිය බිනදුවක් බින්දුවක් ගානෙම
ජිවිතය තැන්පත් වෙලා තියනවා

ජිවිතේ හරි ලේසියි හැබැයි
ඒ අපි ජිවිතේ බැරැරුමි කරගන්නකමි විතරයි