Wednesday, February 29, 2012
....මිතුරෙකුගේ ජිවිතයක්....
අව්රුදු තුනක් විකර පරණ යාළුවෙකි, මුණු පොතේ දි චැටි කොරලා ෆිට් උන එකෙක්,
ඊයේ පෙරෙදා මට හම්බ උනා. පැය දෙකක් විතර අපි දෙන්නා කථා කර කර හිටියා බස් ස්ටැන්ඩ් එකේ,
ඌ මට වඩා අව්රුදු හතක් විතර වැඩිමල් එකෙක්.
බස් ස්ටැන්ඩ් එකේ හිට්ය එක ගෑණු කෙනෙක් ළමයි තුන් දෙනෙක් එක්ක අන් තුන්දෙනා බස් ස්ටැන්ඩ් එක උන්ගේ වගේ සෙල්ලමි කරනවා.
උට එක පාරටම මතක් උනාලු උගේ පුංචි කාලේ.
ඌගේ වචන වලින්ම කථාව කියන එක ලේසියි.
මෙතැන් සිට උගේ කථාව,
මචන් අපේ පවුලේ ඉන්නේ කොල්ලොම හතර දෙනෙක්,
මායි අයියයි මල්ලිලා දෙන්නයි.
අපි පොඩි කාලෙම අමිමා මාරුනා තාත්තා කොහේ ඉන්නවද තියා තාත්තා කව්ද කියල වත් අපි දන්නෑ
මචන් අපි හතර දෙනාම හැදුනේ ආච්චි අමිමා ගාව. හැබැයි අච්චි අමිමටයි අපි හතර දෙනාටයි තිබුනේ නුවර බස් ස්ටැන්ඩ් එක විතරයි.
බස් ස්ටැන්ඩ් එකේ ඉන්නවට ආච්චි මුළු බස් ස්ටැන්ඩ් එකම දවසට දෙපාරක් අතු ගාලා ටොයිලට් එක සුද්ද කරන්න ඕනි, ඒකට අයියයි මියි උදව් වෙනවා.
අයියා ගෙයි මගෙයි අතර වයස් පරතරය අව්රුද්දයි මචන් මල්ලිලා දෙන්නා අතරත් පරතරය අවිරුද්දයි ලොකු මල්ලී මට වඩා අවිරුදු දෙකක් බාලයි,
අයියට එතකොට වයස අව්රුදු හතයි .
මචන් හිටි ගමන් බේබද්දෝ කුඩු කාරයෝ ඇවිත් අපිව මරණවා කියලා ආච්චිගාව තිබුනු රුපියල දෙකත් උදුරගෙන ගිහින් තියනවා, එහෙම උනාම මුළු මාසෙම කන්නේ කුණු ගොඩෙන් විසිකරපු කෑම,
එතකොට හිටපු පලාත් සභාවේ කව්ද මන්දා එයාගේ වත්තක් අනුරාධපුරේ තියනවා කියලා අපිට එහෙගිහින් නවතින්න කිවිවා. වැඩිය ලොකු වත්තක් නෙමෙයි මචන් පර්චස් හතරක විතර වත්තක්, ඒ වත්තේ තිබුන මැටි ගහපු ගෙදර තමයි අපි ඊට පස්සේ ලොකු උනේ, අයියයි මායි එක එක වැඩ කරලා අපේ චුට්ම මල්ලිට ඒ ජිවිතේ දුක දැනේන්න දුන්නේ නෑ මචන් ඌ අදටත් ඒ දුක දන්නේනෑ මචෝ හැබැයි ලොකු මල්ලිනමි ඒක ටිකක් දැකලා තියනවා. ඊට පස්සේ අපිට හිටපු එකම කෙනා ආච්චිත් මැරිලා ගියා එතකොට මට අව්රුදු 16ක් විතර ඇති.
දවසක් ගෙදරකට බඩුවගයක් ගිහින් දෙන්න උනා, කීයක් හරි හොයා ගන්න මන් කරපු එක වැඩක් තමයි මිනිස්සුන්ට ගෙදරට බඩු ගිහින් දෙන එක,
ඒ ගෙදර හිටියේ කොමිපියුටර් උගන්වන සර් කෙනෙක් ඒ සර් මොනවා හරී උගන් වන්නමි කියලා මට රෑට සර්ගේ ගෙදර එන්න කිවිවා. දවල්ට මොනවා හරි වැඩක් කරලා රෑට සර්ලගේ ගෙදරින් මොනවා හරි කාලා මම ඒ සර් ගෙන් ඉංග්‍රිසියි කොමිපියුටරුයි ඉගෙන ගත්තා, ඊට පස්සේ ඒ සර්ම හොයලා දුන්නු ජොබ් එකකට ගියා මට අවිරුදු 19 ක් වෙන කොට ඒකේ පඩියෙනුයි ණයකුයි අරගෙන අයියව ඩුබායි යැව්වා , අයියා එහෙ ගෙදරක උයනවා හැම වැඩක්ම කරණවා. අයියා රවපු සල්ලි වලිනුයි මගේ ජොබ් එකේ පඩියෙනුයි අපිටම කියලා ගෙයක් හදා ගත්තා.
උඹ අහලා තියනවාද කථාවක් තියනවා වැඩිපුරම කට්ට කන එකාලු දවසකදි වැඩියෙන්ම සැප විදින්නේ
ඊට පස්සේ තමයි මචෝ මන් දැන් වැඩ කරන තැන ජොබ් එක හම්බ උනේ, සතියකට දවස් දෙකයි වැඩ බොසා මගේ තාත්තා වගේ මාසයක් වැඩට නොගිහින් හිටියත් පඩිය කලට වෙලාවට බැංකුවට වැටෙනවා
ඉන්න බෝඩිමේ ඉන්නෙත් නිකන් සල්ලි ගන්නෑ මගෙන්, කන්න බොන් හැම දේම ලැබෙනවා පඩියත් අතට ඉතුරුයි මචන්,
අද මම ෆුල් ආතල් එකේ සොමියේ ඉන්නවා. අද මන් වටේ තියන හාම දෙයක්ම මට නිකන් ලැබුන ඒවා මන් මහන්සි වෙලා කරේ ටිකක් ඉගෙන ගත්ත එක විතරයි. අද අපේ චුටි මල්ලී සැප ජීවිතයක් ගත කරනවා
එච්චර තමා ඉතිං මගේ කථාව කියලා ඌ කථාව නැවැත්තුවා.
එකිනෙකාගේ ජිවිත කථා කොච්චර වෙනස්ද අපිට ඒච්චරම ජිවිතේ බර දැනිලා නෑ ඒත් ජිවිතේ ඕනිවටත් වඩා දරුනු විදිහට දැකපු උන් ඕනි තරමි ඉන්නවා අපි වටේ අපිත් එක්කම. ඒත් ඒ ජිවිත දැකලා තියා අහපුවත් නැති උන් සෙට් එකකුත් උන් එක්කම ඉන්නවා
Labels:
කථා යාළුවන්ගේ
Subscribe to:
Post Comments (Atom)
හරිම ආසයි ඒ අයියගෙ කතාව අහද්දී... ඉගෙන ගත්තු නිසයි මේ හැමදේම එයාට ලැබුණේ.."පොඩි කාලේ ඉඳං දුක් විඳින්න පුරුදු උණු එකාට කෝකත් ඔට්ටුයි"... අපේ අම්ම නිතරම කියන කතාවක්..
ReplyDeleteඒක ඇත්ත පුරුදු උනාම ඕනි එකක්
Deleteඅපි නෙදන්න ඒ වගේ සැගවුන තව කතා කොතෙකුත් ඇද්ද මහන්සියෙන් ජීවිතය ජය ගත්ත
ReplyDeleteඇති එහෙම අය සැහෙන්න ඉන්නවා අපිත් එක්කම අපිට නොකියන
Deleteමේව් අපිට හොද පාඩම්......ජීවිතේ සැප පැත්ත විතරක් දැකල තියන අයට හොදට හිතට ගන්න මේක දාපු 1 ගොඩාක් හොදයි..ජය!!!!
ReplyDeleteස්තුතියි දොදොල්
Delete