Pages

Wednesday, May 30, 2012

.........ජිවිතයක බර...............




නිවසක බර
දෑතට ගත් විට
මතකයි තවමත්
උණු ලෝකඩ
රුදුරුව ගිය හැටි

තැලෙනා තරමට මුවහත්
වූවද තල
ජීවිතයක් එලෙසම වෙනවද?

රත් කර කර
තැළුවාවු ජීවිතයක
බර පැන දරනට
නොහැකිය කිසිවෙකු හට

නැගෙනට දිරි
නැති විට සිත වෙත
මතකයි සවියක්
වී ආහැටි
‍‍‍‍‍‍‍‍‍‍
මිතුරිය නුඹ නොසිටිය නමි ළඟ
තනි අතකට ජිවිතයක්
හිමිකමි නොකියනු ඇත

Tuesday, May 15, 2012

................. මචෝ උඹ...............


           

                 මචෝ අද උඹේ උපන්දිනේ මට අමතක උනේ නෑ, උදේ කෝල් කරලා හැපි  බර්ත් ඩේ කිවිවම උඹ ඇහුවේ උඹට තාම මගේ උපන් දිනේ මතකද කියලා මතකයි මචෝ මතකයි මගේ හොඳම යාළුවා වෙච්ච උඹේ උපන්දිනේ අමතක කලොත් මම මොකෙද්ද බන්. සතියට එක දවසක් ඉස්කොලේ ආපු උඹ, මගේ හොඳම යාළුවා උනේ කොහොමද කියලා මට මතක නෑ බන් ඒච්චරටම අපේ යාළුකමි පරණයි නේද, අද උඹ කොහෙද මම කොහෙද , සතියට එක දවසක් ඉස්කෝලෙට ආපු උඹට හිටියෙත් යාළුවො දෙන්නයි ඒ දෙන්නගෙන් කෙනෙක් මම උන කොට මම කොහොමද බන් උඹේ උපන්දිනේ අමතක කරන්නේ. මගේ නොමිබරේ වත් දන්නැති උඹ මම කොල් කරලා හලෝ කියපු ගමන් අඩෝ ජිංජි උඹට කොහොමද කියලා ඇහුවේ. උඹට හැපි බර්ත් ඩේ කියන්නත් කලින් .
            උඹ සතියට ඒක දවසක් ඉස්කෝලේ ආවේ මැටි ගෙදරට උඹේ නංගිලා දෙන්නම කොටු කරලා තියන්න බැරි නිසා කියලා කාටත් වඩා හොඳට මම දන්නවා බන්. සර් හැමදාම අළුත් පොතක් ගේන්න කියපු කවමදාවක වත් උඹ ගෙනාවේ නැත්තේ උඹ වෙනුවෙන් වියදමි කරන සල්ලි නංගිලා දෙන්නා වෙනුවෙන් වියදමි කරන්න ඕනි නිසා කියලා මම දන්නවා ඒ හැම දවසකම අහමිඹෙන් වගේ මා ගාව අළුත් පොත් දෙකක් තිබුනා නේද මචෝ.
හැමදාම මටත් එක්ක උඹ ගාව තියනවා කොහොමද බන් ඒ
උඹ එහෙම අහපු වෙලාවල්  අනන්තවත් ඇති නේද බන්
උඹට හැමදාම කෝල් කරාම කියන්නේ මචන් මේ ගේ පුරාම උඹලා ඉන්නවා බන් කියලා. ඒ උඹ වෙනුවෙන් හදපු ගෙදරට ගඩොල් හදලා පුච්චලා බිත්ති බැන්දෙත් අපේ පන්තියේ උන්ම නිසා. උඹ අදටත් මට ස්තුති කරනවා එදා කටිටියව එක්කගෙන  ආවට.
            මචෝ උඹ ස්තුති කරන්න ඕනි අද උඹ ලඟ හෙවනැල්ලක් වගේ ඉන්න උඹේ ආදරණි බිරිඳට  උඹට පන්තියේ හිටපු යාළුවෝ දෙන්නගෙන් අනිත් කෙනා ඒයාට තමයි උඹ ස්තූති කරන්න ඕනී .
            එදා උඹලගේ ගෙදර වැඩට උදව් වෙන්න ආපු දවසට කලින් දවසේ. පන්තියේ හැමෝගෙන්ම මම ඇහුවා ගඩොල් හදන වැඩේට උදවි වෙන්න මාත් එක්ක යන්න එන්නේ කවිද කියලා ඒ වෙලාවේ එක එකා එක එක දේවල් කියද්දි අද උඹේ ආදරණිය බිරිඳ ඒකි නැගිටලා කිවිවා කවිරු ආවේ නැතත් එයා එනවා කියලා ඒ වෙලාවේ මගේ හිතට ඒක ලොකු දෙයක් උනා බන්. උඹ වෙනු වෙන් තව එක්කෙනෙක් හරි ඉන්නවා කියලා දැනුනාම කවිරුවත් ආවේ නැතත් මම තනියම මට පුළුවන් දේට තව ටිකක් වැඩියෙන් කරනවා කියලා හිතුවා බන් ඇත්තමයි.
            ඒකි කෙල්ලෙක් වෙලත් එන එකේ කොල්ලෝ උනු උඹලටවත් එන්න බැරි උඹලා ගෑණුන්ට වඩා අන්තයි කියලා වටේම පන්තිවලටත් ඇහෙන්න කෑගහලා  ඒකිට පහුවදා එන්න කියලා ඉස්කොලෙන් පැනලා බෝඩිමට ආවේ මුන් හැටි මෙහෙම නමි මම මැරුණු දවසක මුන් මළ ගෙදරවත් එන එකක් නෑ කියලා හිතාගෙන.
            එදා මම ගියාට පස්සේ ඒකි හැම එකාටම කථා කරලා ගොඩක් කොල්ලන් ගෙන් වල් කථා අහගෙන අඬඅඩා කටිටිය එකතු කලා කියලා මම දැන ගත්තේ ඊට ගොඩාක් දවසකට පස්සේ. පහුවදා ඒකියි මායි හරි උඹ උදව්වට ඉන්නවනේ කියලා හිත හදාගෙන ඒකිව එක්ක යන්න ආපුවාම ඉස්කෝලේ ඇඳුමෙන්ම පන්තියේ ඔක්කොම කොල්ලෝ ටිකයි කෙල්ලෝ ටික ගෙන් ගොඩක් දෙනෙකුයි ඇවිල්ලා ඉන්නවා දැක්කම මට හිතුනේ. උනේ ගුරු තරුව ඔබයි පොතේ ඒ සර්ට පන්තියේ ළමයි දැක්කම හිතට කොච්චර සතුටක් දැනෙන්න ඇද්ද කියලා බන් ඇත්තමයි ඒක මම ගොඩක් කල් හිතපු ප්‍රශ්නෙට උත්තරයක් ලැබුනු වෙලාවක් බන්.
            යාළුකමි ගැන ලියන්න නමි තව දේවල් කොච්චර තිබුනත් ලියන්නේ කොහොමද බන්. මගේ ඇඟිලි රිදෙනවා ටයිප් කරලා මේ ලියපු ටික මදි උනත් යාන්මට හරි ඇති කියලා ඔන්න ඔහේ හිත හදා ගන්නවා. ඇත්තටම බන් උඹ කොහොමද දැන ගෙන හිටියේ උඹේ උපන් දිනේට මම අනිවාර්යෙන්ම කෝල් කරයි කියලා. උඹලගේ පුංචි පැටියා ගැන සුභ ආරන්චිය කියන්න මම කොල් කරන කමි හිටියා නේද. මන් දන්නවා උඹලගේ පුංචි පැටියත් උඹලා දෙන්නා වගේම එලකිරි ඩයල් එකක් වෙයි කියලා. ඒ පුංචි පැටියට කියපන් උඹලගේ ලෝකේ එලිය කරන්න පැටියා මේ ලෝකෙට එන දවසට පැටියව බලන්න ජිංජි මාමා බරටම තෑගි අරන් එනවා කියලා. ඇත්තමයි මම කොහේ හිටියත් එදාට එනවමයි.

මිතුරුකමි රුවල් නැව
සුළඟත් සමඟ දියත් වු පසු
කාලයේ රැල්ල සැඩ පරුෂ උනි නමි
ජිවිත දියඹෙන් නැඟුනු ගල්පර
නැවි පතුල සිඳින්නට වෙර දැරුවද
දක්ෂ නැවියෙකු නුඹ නමි
මිතුරුකමි නැව තවමත් පදවන

Sunday, May 13, 2012

....නික්ම ගිය හිතවතානනි.........

  මාසයක් විතර කාලක ඉදලා බිලොග් එක පැත්ත පලාතක එන්න බැරි උනා,
දිගු නිහැඩියාවකට පස්සේ දාන්න වෙන පොස්ටි එක මෙච්චර දුක හිතෙන එකක් වෙයි කියලා මම කවදාවත්ම හිතුවේ නැ ඇත්තමයි හිතපුරා තියෙන්නේ පුදුමාකාර විදිහකට හිරවුනු දුකක්
බිලොග් ලෝකේ ඇවිදින හැමෝටම අද දුක්බර දවසක්
මම ආයේ පුන පුනා ඒ ගැන කියන්න ඕනි නැ හැමෝම ඒ ගැන දන්නවා. ලැවි ගින්නක් වගේ බිලොග් ලෝකෙම
මහා ලොකු දුකක ගිල්ලෝගෙන අපි අතරින් නික්ම ගිය ඔබා මාමේ ඔබට නිවන් සුව



‍බිලොග් ලෝකේ කොහේ කවිරු ඇවිද්දත් මේ ජායා රූපේ ඒ හැම තැන කදිම දකින්න ඇති
හිත මිතුරන් පරිනතයින් ආධුනිකයින් කියලා වර්ග නොකර හැම බිලොග් එකකම කමෙන්ටි කල
අපුරු මිනිසෙක් අපේ ඔබා මාමා
කොහේ බිලොග් එකක් බැලුවත් මම මුලින්ම කියවන්නේ ඔබා මාමගේ කමෙන්ටි එක
ඒ ඔබා මාමගේ කමෙන්ටි එක කියවලා බිම පෙරලි පෙරලි හිනාවෙන්න පුළුවන් කියලා දන්න නිසා.




පළවෙනි වතාවට මට ඔබා මාමා හමු උනේ සයිබර් සිහින උලලේදි ඒ පලමු හමු විමම අවසන් හමු විම වෙවි කියලා හිනෙකින්වත් හිතුවේ නෑ...........



සයිබර් සිහින උ‍ළේලෙදි අභිත අයියා ඔබා මාමව නටන්න ඇදගෙන ආපුවෙලාවේ චුටි ඩාන්ස් එකක් දාලා යන යනකොට
ඔබා මාමා තාම කොල්ල වගේ කියලා මට හිතුනා.












ඔබා මාමේ මාමගේ මල්ටි බැරල් පෝස්ටි නැතුව මේ බිලොග් ලොකේ හරිම පාළු තැනක් වේවි......



ඔබා මාමේ ඔබට නිවන් සුව.......!!!!!!!!!!!!!