නිවසක බර
දෑතට ගත් විට
මතකයි තවමත්
උණු ලෝකඩ
රුදුරුව ගිය හැටි
තැලෙනා තරමට මුවහත්
වූවද තල
ජීවිතයක් එලෙසම වෙනවද?
රත් කර කර
තැළුවාවු ජීවිතයක
බර පැන දරනට
නොහැකිය කිසිවෙකු හට
නැගෙනට දිරි
නැති විට සිත වෙත
මතකයි සවියක්
වී ආහැටි
මිතුරිය නුඹ නොසිටිය නමි ළඟ
තනි අතකට ජිවිතයක්
හිමිකමි
නොකියනු ඇත
හ්ම්ම්
ReplyDeleteලස්සන අර්ථවත් කවියක් :)
ReplyDeleteලස්සනයි!! වෙනස් , අර්ථවත් සිතුවිල්ලක්!!!
ReplyDeleteඇත්ත තමයි බන්.....ලස්සනට ලියලා තියෙනවා
ReplyDeleteනියමයි !
ReplyDeleteලස්සනයි..
ReplyDeleteනියමයි මචං ජිංජියෝ..
ReplyDeleteහේම්...
ReplyDeleteජිවිතය බෙදාගන්ට
සොඳුරුරිය ලඟ සිටිවිට
සුන්දර බව වැඩිවන අරුමයැක මහතැ....!!!