මන් මේ ලෝකේ ඉන්න ආසම තැන් ගැන ඇහුවොත් එකක් ගෙදර,
ඒක අපි හැමෝටම පොදුයි ඕනී කෙනෙක් කැමතියි තමන්ගේ ගෙදර ඉන්න. ඊට වඩා තැනක් කොහෙද
තියෙන්නේ ඔහොම කිව්වට මට නමි ඒක එච්චරටම ඇත්ත නෙමෙයි. මම ඉන්න කැමතිම තැනක් කිව්ව
ගමන් මට මතක් වෙන්නේ මම ගේ යාළුවෙක්ගේ ගෙදරක්. දහය වසරින් මගේ පරණ ස්කෝලෙන් ආවට.
මම තාමත් මාස දෙක තුනකට සැරයක් උන්ගේ ගෙදර යන්නේ මම ආසම තැන්වලින් එකක් ඒක නිසා.
උගේ නම මධුක ලේසියට ඉතිං මධු තමා කියන්නේ මම
ආසම තැනේ හැටි කියන්නම්කෝ ඉස්සෙල්ලම.
මහ ලොකු තැනක් නෙමේ, ඒත් මගේ හිතට නම් එහෙ
රජමාලිගාවකට වඩා සැනසීමයි කාමර් දෙකක් තියෙන පුංච් ගෙයක් මැටි ගහලා උළු හෙවිල්ලලා
තියෙන්නේ. සාමාන්‍ය ප්‍රමානයකට ස්ථිරව හදපු ගෙයක්, ගේ තියෙන පැත්ත ගැන කියනව නමි,
අව්රුද්දකට මාස තුන හතරක් විතරක් වහින පැත්තක් ටිකක් විතර රස්නෙයි. තව පොඩ්ඩෙන් ගේ
ගැන කියන්න අමතක වෙනවා. ගෙයි මහලොකු බඩු ගොඩක් නෑ ටීවි එකක් කැබිනට් එකක්
අල්මාරියක් විතරයි ඔය ගේ ඇතුලේ තියෙන්නේ කුස්සිය තියෙන්නෙ ගෙයින් එලියේ වෙනම හදලා
ඒකත් ඉතිං මැටිම තමා.
ඒ ගෙදර මිනිස්සු කරන්නේ වගා කරන එක, වගා කරන
දෙයක් පොලට ගෙනිහින් විකනලා කීයක් හරි හම්බ කර ගන්නවා. ඒ ලොකු ආසාවල් නෑ තමන්ගේ
වත්තේ වගා කරනවා. තුන්වේලට කනවා. ඒච්චරයි, තට්ටු මාලිගා හදන්න සැප වාහන ගන්න වගේ වදදෙන
ආසාවල් ඒ මිනිස්සුන්ගේ හිත්වල නෑ, ඒක ඒ පැත්තේ හැම මිනිහෙක්ගෙම හැටි කොහොම මොනවා
උනත් දවසකට කොච්චර වැඩ කලත්, කොච්චර මහන්සි උනත්, කාස්ටක අව්වට කර උනත්, ඒ හිත්වල
තියෙනවා මොකද්දෝ මන්දා අමුතු ලෙන්ගතු කමක් අන්න ඒ නිසයි මම ඒ ගෙදරට එච්චර කැමති .
දවල්ට තම තමන් ගේ වැඩ වල ඇලිලා ඉන්න පවුලේ හැමෝම
හවස හත වෙන කොට ගෙදර එක ඉතිං අපේ ගෙදර වෙන්නේ නැති වැඩක් නිසා මම එහෙට කැමති වෙන්න
තව හේතුවක්.
වැඩියෙන්ම මම ආස කෑම සාලයක් නැති මධුවගේ ගෙදර
හැමෝම කෑම කන්නේ කුස්සිය ගාවම තියෙන සියඔලා ගහයට වෙච්ච එකට. ආ තව වැවෙන් ඒ පැත්තටම
වතුර දෙන මහ ඇල තියෙන්නේ ගේ ළඟ ඉදලා මිටර් සීයක් දෙසීයක් විතර දුරින්. වැව් මාළු
ටිකක් කවදාවත් එහෙ නැතිවෙන්නේ නෑ, වැව් මාළු කිව්වට උන් අල්ලන්නේ ඇලෙන් වියදමක් නෑ,
ගමේ කව්රු මාළු ඇල්ලුවත් මධුවගේ ගෙදරට හම්බ වෙනවමයි. ඒ ඉතිං ගමේ හැම වැඩකටම කියන්නත්
කලින් මධුවගේ තාත්තා දුවන් යන නිසා තමයි. වතුර සද්දේ රැහැයියොන්ගේ සද්දේ එක්ක රෑ
සීතල සුළඟ වැදි වැදි කැකුළු හාල් බත් එක්ක වැවි මාලු, හතු බැදුමක්, කොළ ජාතියක්,
මෑකරල් මාළුවක්, උණු උණුවේ කන්නකොට දැනෙන හැඟිම වෙන්න ඇති මාව ඒ පරිසරයට ඇද ගන්නේ.
කොච්චර නැති බැරි කම් තිබුනත් බෙදා හදාගෙන කන එක
නම් ඒ මිනිස්සුන්ගේ අඩුවක් නැතුව තියෙනවා. බඩ ඉරිඟු කාලේට මධුවලගේ හේනේ ඉරිඟු
දානවා. තාත්තා හැමදම ගෙදර එන කොට බයිසිකලේ පිටිපස්සේ බඩ ඉරිඟු කරල් විස්සක් විතර
බැඳගෙන එනවා, හවස පහට විතර තඩ් මුට්ට්යක් ලිපේ තියලා බඩ ඉරිඟු තම්බන අම්මා මධුවට කියනවා ගමේ ඉන්න මධුවගේ යාළුවන්ට එන්න
කියන්න කියලා. හවසට සෙල්ලමි කරන්න යන හැම කොල්ලම ඉතිං සෙල්ලම් කරලා ඇලෙන් නාගෙන
කෙලින්ම මධුවගේ ගෙදර බඩ ඉරිඟු කන්න .
නාලා කාලා නිදියන එකත් ඉතිං සැප වැඩක් තමා. මැටි
පොලවේ පන් පැඳුරක් උඩින් රෙදි දෙකතුනක් දාලා නිදා ගත්තම බිම සීතලට වැටුන ගමන් නින්ද
යනවා. ඒ නින්ද අතර මගදි බැරි වෙලාවත් කැඩෙන නින්දක් නෙමෙයි එච්චරටම සැපයි.
දවස් දෙකක් තුනක් ඉදලා අන්තිමට එහෙන් එන්න ලෝබයි.
යන්න හදනකොට අම්මා හැමදාම කියන්නේ පුතා ලබන සතියෙත් එන්න හරි යට මේ සතියේ දුන්නු
කරදර මදි වගේ.
පිස්සු හැදෙනවා ජින්ජි...
ReplyDeleteහෝන් සද්ද නැති, හවස් වෙනකොට ලයිට් එලි නැති, ටී වී එකට කම්පියුටර් එකට යට වෙච්චි නැති, කට්ටියම එකා වගේ ඉන්න පලාතක ඉන්න ලැබෙනවනම් ඒ තරම් වටිනාකමක් අපේ ජීවිතේට කොහෙන්වත් ලැබෙන්නතුව ඇති.
මේ කොහෙද බන්? ඇඹිලිපිටිය පැත්තෙද?
ඔව් මචන් උඹ හරියටම කිව්වා ඇඹිලිපිටියේ තමා
Deleteස්තූතියි හුඟක් මේ පැත්තේ ආවට
මටත් ආස හිතෙනවා..අපි අපේ ජීවිත කොච්චර නම් විකෘති කරගෙනද කියල තේරෙන්නේ මේ වගේ දෙයක් කියවනකොට...:/
ReplyDeleteනගරෙන් ඈත තියන ගමකට ගිහින් බලන්න උදේ ගිහින් හවස ආවත් හිතට සැනසීමයි
Deleteඅනේ අපිටත් බැරි වෙයිද ජංජි මධූලගෙ ගෙදර සතියක් දෙකක් නතර වෙන්න
ReplyDeleteඅපෝ බෑ ඔයා අවොත් මධුවගෙයි මගෙයි ටිකට් කැපෙනවා අපි දෙන්නට මදුරුවෝ කකා එළියේ තමයි නිදියන්න වෙන්නේ ඔන්න එක දවසක් විතර නමි සලකා බලන්න තිබ්බා සතියක් දෙකක් නම් බෑම තමයි :D
Deleteස්තුතියි මේ පැත්තට ආවට නිල්
අඩේ මාත් සමහර කාලවල් වල තාක්ෂණියෙන් සම්පූර්ණයෙන්ම ඈත් වෙලා මගේ නිවාඩුව ගත කරනවා. ඒක මාරම සැහැල්ලුවක් !!!
ReplyDeleteඑහෙම හිටියම ආයේ තාක්ෂනේට එන්න මොකද්ද වගේ නේ බන්
Deleteෂිහ්! මටත් ඔය පැත්තක යාලුවෙක් හිටියේ නෑනේ. එහෙනම් මේ කලබලකාරී පරිසරයෙන් ඈත් වෙලා ටික දවසක් හරි නිස්කලංකව ඉන්න තිබුණා.
ReplyDeleteවැඩි ඇතක යන්න ඕනී නෑ ළඟ පාතම තැනක් හොයා ගනින් බැරිම උනොත් හැරෙන තැපැලෙන් මට මේල් එකක් දාපන්
Deleteනියම ගැමි සමාජේ.. ආසාවල් පස්සේ යද්දී ඉබේම මනුස්ස කමත් නැතිවෙලා යනවා..
ReplyDeleteආසා හිතෙනවා ඒ වගේ ජීවිතයක් ගැන අහද්දීත්...
ReplyDeleteමාත් හරිම ආසයි ඔය වගේ නිස්කලංක පොඩි සිරියාවත ගෙවල් වලට.
ReplyDeleteඅපේ හේනෙත් තිබ්බා ඔය වගේම ගෙයක්..ඒ කාලෙ.. කවදා හරි මාත් ආයි හදනවා ඔය වගේ ගෙයක්..සෝලා පවර් පාවිච්චි කරන්න..දැක්කහමත් හිත නිවිලා යනවා ජිංජි..ජීවිතේ අන්තෙටම තෘප්තිය කියන එක විඳින්නෙ මේ අව්‍යාජ මිනිස්සු තමයි !
ReplyDeleteමටත් ඕන බඩ ඉරිඟු....!!!
ReplyDeleteඅපෝ තියෙන පේරේත කම
Delete