Pages

Friday, August 17, 2012

............දන්නවද ඒ ඇයි කියලා ?........

  

නියඟයෙන් පිඩා විදපු මිනිස්සු ලඟ එන වැහිවළාකුළු වලින් බලාපොරොත්තු වෙන තරමිම 

ආසාවෙන් මම ඉරිදා එනකල් බලන් හිට්යා 

දන්නවද ඒ ඇයි කියලා ?

මම දන්නවා එදාට ඔබ එන බව 

මම හැමදාම හිතන්නේ අනේ ඒ ඉරිදාව ගෙවිලා නොයනව නමි කියලා

දන්නවද ඒ ඇයි කියලා ?

ඒ සඳුදට ඔයා මාව දාලා ආපහු යන නිසා 

මගේ ජිවීතේ කවදාවත් මම හිමිනොවුන දෙයක් ගැන හිතලා අඬලා නෑ

දන්නවද ඒ ඇයි කියලා ?

මම දන්නවා ඒ කඳුළු අයිති මට නෙවෙයි ඔයාට කියලා

මම මගේ ජිවිතේ මටත් වඩා ආදරේ කලේ ඔයාට

දන්නවද ඒ ඇයි කියලා ?

ඔයා තමයි මගේ අමිමා


මං ගැන අම්මේ නුඹ හරියට දන්නවද
නුඹ කියපු දෙයක් නොකරා මම ඉන්නවද
යාළුවො මොනවා හිතුවත් අමිමේ මට මොකද
යාළුවෝ අතහැරපන් කිව්වොත් මම නොකරයිද

කිච් බිච් ගගා ඇය මාලඟ උන්නාට
නුඹ නැතිනම් ඒ සැප මට මොකට
උකුලේ තබා නුඹ හිස අතගාන කොට
නිදි සුව දැනෙයි දෑසට එක මොහොතකට

උදේ රෑයින් ඈ හැමදින ඇහැරෙනවා
දහපාරකින් ඈ මාවත් ඇහැරනවා
අමතර පන්තියට කාලය හරියනවා
පෙර කරුමෙකට වඳිනට අමතක වෙනවා

 

9 comments:

  1. හ්ම්ම්.. මව් සෙනෙහස ට කිසිදා නිමක් නැත.....

    ReplyDelete
  2. මවු සෙනෙහසට සම කල හැකි සෙනෙහසක් ආදරයක් තවත් නොමැත

    ReplyDelete
  3. ඇතත්.මේ ලෝකයේ වෙනස් නොවන එකම සෙනෙහස මවු සෙනෙස විතරනේ.ලස්සනට ලියලා තියෙනවා.

    ReplyDelete
  4. අම්මයි අප්පච්චියි ගැන නම් ලියලා ඉවර කරන්ඩ අමාරුයි !

    ReplyDelete
  5. කොච්චර ලිව්වත් ඉවර කරන්න බැරි සෙනෙහසක් බං

    ReplyDelete
  6. එල!!!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  7. හ්ම්ම් සිරා පෝස්ට් එක

    ReplyDelete
  8. ඇසට හඩන්නට කදුලැලි දුන් ඔබ
    ළතැවුල් දරනා දිරිය ලබා දුනි...
    ඒ දිරියෙන් ලොව ජය ලබනා විට
    මා සිප ගන්නට ඔබ මා ළග නැත...
    අම්මා.... අම්මා.... අම්මා....

    ReplyDelete