Pages

Thursday, September 19, 2013

..........වැඩිහිටියෝද? අපිද?...........

වැඩ්හිටියන් කියන එකම හේතුවට අපි කරන හැම දෙයක්ම එයාලට වැරදි වෙන්නේ ඇයි?
අපි අමාරුවෙන් මොකක් හරි කර ගත්තම හැම දෙයක්ම විනාශ කරලා දාලා අපි වැඩිහිටියෝ කියන්නේ ඇයි?
අපේ සතුට කියලා ඒ අයගේ සතුටට වැඩ කරලා අපි සතුටින් කියලා කියන්නේ ඇයි?
ඒ අය වැඩ්හිටි කියලා ඒ අයගේ ක්ලෝන වගේ අපිව හදන්න හදන්නේ ඇයි?
අපිට නිදහස් චින්තකයෝ විදිහට හැදෙන්න දෙන්නේ නැත්තේ ඇයි  ?


  හිතුවක්කාරයා
මම:- කව්ද?
s ඔයා
මම:-  අපෝ නෑ
d ආයෙත් අහලා
k එල කතාව ..
කැරලි ගහපන්.... තමන් තමන් වෙයන්... එච්චරයි.. කවුරුවත් නොවී.
h තමන් කරන දේවල් හරිනම් වැඩිහිටියන්ට ඒ බව ඒත්තු ගන්නන්න බැරි ඇයි?
මම:-  වැඩිහිටියො කියන කියන හේතුව මත ඒ අය පොඩි උන් කියන දෙවල් හෙතු නොවිමසම සියලු දෙ ප්රතික් ශෙප කරනවනෙ කොහෙ ඒත්තු ගන්වන්නද
H ඒ කියන්නෙ ඒත්තු ගන්වන්න තරම් තමංගේ හැකියාව ප්‍රමාණවත් නෑ කියන එකද?
Sh එක් එක් වැඩිහිටියන් හිතන ආකාරයේ වෙනසයි මම නම් දකින්නෙ...
මම:-  හැකියාව පාවිච්චි කරන්නවත් ඉඩක් දෙන්නේ නැත්තමි අඩුම තරමින් කථා කරන්නවත් අවස්ථාවක් නොදි.. යම් කිසි දෙයක් දෙයක් පෙන්වලා දෙන්න හදන හැම අවස්ථාවකදිම තියෙන මොකක් හරි දෙයක් නැති කරලා තමන්කේ බලය පාවිච්චි කරනව නමි
මේක නම් ඇත්ත කතාවක් කියල මටත් හිතෙනවා.එහෙම අය ඉන්නවා..
A වැඩිහිටිද ලාබාලද 
කියන එක නෙමෙයි ප්‍රශ්නෙ.
කවුද හරි කියන එකයි.

කෙනෙක් තව කෙනෙකුට
යමක් කියනකොට
ඒ දේ හරි නම්
කියන කෙනා කවුරු උණත් 
ප්‍රශ්නයක් නෑ,

ඒ දේ වැරදි නම්
කියන කෙනා කවුරු උණත් 
වැඩක් නෑ. 

පොදුවෙ මෝඩයො අරන්
බැලුවාම නම්
ලාබාල මෝඩයෙකුට වඩා
වැඩිහිටි මෝඩයෙකුට
හරියන්න තියන 
චාන්ස් එක වැඩියි.
එයාට වරදුණ වාර ගණන
වැඩි හින්දා.
මම:-  එහෙම නම් වැඩ්හිටි කියන අය දහපහලොස් දෙනෙක් ගෙන් උපදෙස් අරන් කරපු දෙයක් 
බාල එකා තනියම කලා කියලා හිතලා ඒ ගැන හොයන්නෙත් නැතුව හැමදේම විනාශ කරලා 
අන්තිමට අපි වැඩිහියෝ කියලා කිව්වම ඒක හරි 
වැඩ්හිටියෝ ඉන්නතාක් කල් එයාල යටතේ එයාලගේ විදිහට වැඩ කර කර හිටියට කිසිම වැඩ්හිටි අය නැති දවසකත් උන් පොඩ් උන්ම තමයි නේ
එතකොට වැඩ්හිටි කියන තියරිය පිටිපස්සේ තියෙන්නේ ලාබාලයා කිසිදිනක වැඩ්හිටියෙකු නොවිය යුතුයි කියන එකද?
A වයසට යනවා කියන්නෙ එකක්.
මුහුකුරා යනවා කියන්නෙ තව එකක්.

වැඩිහිටියෙක් වුණත්
ලාබාලයෙක් වුණත්
නිවැරදි වෙන්නෙ 
ක්‍රියාව අනුවයි..
ජීවත් වෙලා තියන
අවුරුදු ගණන 
අනුව නෙමෙයි.

මාස ගාණක දරුවෙකුට 
පෙනෙන දේවල් මොකුත්
අවුරුදු සීයක
අන්ධයෙකුට පෙනෙන්නෙ නැහැ.

ඒත් ඒ දරුවා 
වැරදි විදියට වැඩුණොත්
අවුරුදු සීයක් හිටියත්
අර අන්ධයා ඉතුරු ඉන්ද්‍රිය වලින්
ඉගෙන ගත්ත දේවල්
දන්නෙ නැති වෙයි.

ඇස් නොපෙනෙන අන්ධයන්ට වඩා
ඇස් පෙනෙන අන්ධයාට
අනුකම්පා කළ යුතුයි..
A වැඩිහිටියෙක් වූ පමණින්
තමන් දන්නවා කියල හිතන කෙනා
බාලයෙක්..
මම:-  ඒත් බහුතරයක් වැඩ්හියෝ හිතන්නේ එහෙමනේ 
වැඩ්හිටි තියරියට අනුව ලාබාලයා හරියට අලියගේ නැට්ටේ එල්ලිලා දිව්‍ය ලෝකේ ගිය ගමරාලවගේ
අලියා ඉන්නකම් කරදරයක් නැතුව නැට්ටේ එල්ලිලා ඉන්න පුළුවන් 
අලියා මල දවසට ගමරාලත් බිම වැටිලා අත පය කඩා ගන්නවා

A පුලුවන්ද 
උදාහරණයක් කියන්න..
ඇත්තම එකක්..

මම:-   උදාහරණයක් අපි සමවයසේ අය දොලහක් එකතු වෙලා කරපු ප්‍රොජෙක්ට් එකක් මත්ද්‍රව්‍ය ගැන අපි පිටි පස්සේ ගොඩක් අය හිටියා උදව් කරන්න සහ අපිම අපිව අදීක්ෂනය කරන්න පත්කර ගත්ත අය වගේ ගොඩක් දෙනෙක් ඒක් බාහිර පෙන්නේ අපි තනියෙන් කරන දෙයක් වගේ කුඩු කාරයෝ වගේ අයත් ආශ්‍රය කරන්න උනා ප්‍රොජෙක්ට් එකේ හැටියට... අපිට අවශ්‍ය තොරතුරු ගන්න වැඩ්හිටි අය බැලුනේ අපේ වයස දිහා සහ අපි ගණුදෙනු කරන්නේ මොනවත් එක්කද කියන එක විතරයි එක පාරට මැදට පැනලා මාස ගානක් මහන්සි උන දේවල් විනාස කරලා අපෙන් කිසිම දෙයක් අහන්නේ හෝ අපිට කථා කරන්න වත් චාන්ස් එකක් නොදි ඔක්කොම විනාස කරා සහ අපිට ආයේ ඒක කරන්න තියා හිතන්නවත් බැරි විදිහට කඩාකප්පල් කලා 
සියළු දේ කරලා අන්තිමට කියන්නේ අපි වැඩිහිටියෝ කියලනේ අන්න එතනයි ප්‍රශ්නේ

A මම නම් මගේ ළමයි 
අමාරුවෙ දාල 
හැදෙන්න අරින එක තමා
දවස තිස්සෙම කරන්නෙ.

ඔවුන්ට ප්‍රශ්න ඇති කිරීම තමයි,
මගේ ට්‍රේනින් එක.
මම:- ඒත් බහුතරයකගේ හැටි ඕක නෙමෙයි නේ ප්‍රශ්න ළමයිට නොපෙන්වා ඉන්න හදන එකනේ කරන්නේ එතකොට අපි එහෙම ප්‍රශ්න තියෙනවද කියල වත් දන්නේ නෑ 
A මුස්ලිම් මිනිස්සු 
අපිට ඉස්සරහින් ඉන්නෙ ඒ නිසයි.
අපේ අම්මල තාත්තලා
ළමයින්ට ඉස්කෝලෙ පොත්වලට අමතරව
පොතක් වත් කියවන්න දෙන්නෙ නෑ.
මම දවසක් දැක්කා 
කොල්ලුපිටියෙ Bookland එකේදි
මුස්ලිම් අම්මා කෙනෙක්
දරුවා තනියම ඇවිදලා 
හොයාගෙන ආපු පොත්වලට
රු දෙදාහකට වැඩිය 
ලොකු බිලක් ගෙව්වා.

මමත් බිරිඳත් ඇරෙන්න
මගේ පුතාගෙ වරදකදි
තරවටු කරන්න තරම්
කාරුණික වෙලා තියෙන්නෙ
නාඳුනන මිනිසුන්
දෙන්නෙක් විතරයි.

ඒ වැඩිහිටියො දෙන්නම මුස්ලිම්.
N අයෙත් දෙමාපිය දුදරු සම්බන්ධතාවල දුර්වල කමක් තමා ඒත්තු ගන්නන කතා කරන්න බැ කියන්නේ
H පලමුවෙන්ම වැඩිහිටියන් තුල තමන් ගැන විශ්වාසය ගොඩ නැගිය යුතුය. හැකියාව අංක 1 එයයි. ඉවසීම ඉතා වැදගත්. ඔබත් ඔවුනුත් දෙගොල්ලොම හිතන්නෙ හා බලන්නේ ඔබේ අනාගතය සම්බන්ධවයි.

වැඩිහිටි යනු තමංට වඩා වැඩි කාලයක් හිටි අය වෙයි. මෙයින් පරිණතභාවය වැඩි යැයි නොකියවෙන නමුත් අත්දැකීම් වලින් ඔවුන් ඉහලින් සිටින බව අමතක නොකල යුතු අතර එම අත්දැකීම් තමාගේ ප්‍රයෝජනට ලබා ගැනීමේ හැකියාව ගොඩනගා ගත යුතුය.
මම:- කෙතරම් විෂ්වාශයක් ගොඩ නගාගෙන තිබුවද මත් ද්‍රව්‍ය වැනි මාතෘකා හමුවේ වැඩිහිට උදවිය පරිණතභාවය උපයෝගී කොට ගෙන සැකන් ඇති කර ගනී. ඉන්පසුව නිෂේදක බලය බාවිතා කොට විත්තිකරුවා නිරුත්තර කරයි.
H  වඩාත් අවදානම් ක්‍රියාවලියකදී වඩාත් වැඩි විශ්වාසයක් ගොඩ නැගිතිබිය යුතු අතර එම කටයුත්ත නිමවන තෙක්ම එය අඛංඩව පවත්වා ගතයුතුව තිබේ.
A මගේ දරුවන් මම සියයට සියයක්
අවිශ්වාස කරනවා.. සැක කරනවා.
ඔවුන් විශ්වාසය ගොඩ නගා ගත යුතුයි..
ඒ විශ්වාසය ඔවුන් උපයා ගන්නා දෙයක්.

ඔවුන් මට අයිති නෑ.. ඔවුන් අයිති ඔවුන්ටයි..
ඒත් ඔවුන්ට සම්පූර්ණයෙන්
ඒ අයිතිය අතට ගන්න පුලුවන් වෙන තුරු
වගකීම මටයි.

දරුවාට පෙනෙන දේ 
මට වඩා හොඳයි නම්
මම ඒක පිළි ගන්නවා.
ඒක ඔවුන් ආදර්ශයට ගන්නවා.
H පැහැදිලිවම a
මම:-…  H අයියේ දරදඩු වැඩිහියන් නමි ඉන්නේ ඕක කොහොමද කරන්නේ අඩුම තරමින් ඒ දේ මොකද්ද කියලා අදාල අයගෙන් නොඅහා වැඩිහිටි රාමුව තුල ඉදන් ප්‍රශ්ණය දිහා බලලා තනි තීරණයකට එන එක හරිද?
මම:- …. A අයියත් එක්ක මම සමිපුර්නයෙන් එකඟයි ඒ උනාට අවිෂ්වාස කරන එකද දරුවන්ට දෙන්න පුලුවන් හොඳම දේ 
ඔවුන්ට කරන යම් දෙයකට බාදාකරලා ඒ දේ කඩා කප්පල් කරලා ඉගෙන ගන්න තියෙන අවස්ථා නැතිකරලා දරුවන් ආරක්ෂා කිරිම සාධාරණද 
දරුව යම් දෙයක් කරන්න පටන් ගත්තට පස්සේ ඔහු පස්සෙන් ඉදන් ඉදිරියෙන් එල බාධක වලට ඔහුව සුදානම් කිරිම නෙමෙයිද කරන්න ඕනී
H වැඩිහිටියන් හැමවිටම නිවැරදි නෑ. නමුත් අවසානයේ දෙන උත්තරය අපි වැඩිහිටියො කියලනම් ඒ කියන්නෙ ප්‍රමානවත් තරම් විශ්වාසයය හා දැනුවත් වීම සිදුවෙලා නෑ. ඒ නිසා අවසාන පලය දිහා බලලා හැම දෙයම නිගමනය කරන්න බෑ. දරදඬු කම එතරම් ගැටලුවක් වෙන්නෙ නෑ. එයාලා තමන් ගැන හොඳින් දන්නවා වගේම එයාල ගැනත් තමං හොඳින් දන්න නිසා එය ප්‍රයෝජනයට ගත යුතුයි.
A වැඩිහිටියන්ට වඩා බාලයන් දක්ෂ නම්
පරපුරක් විදියට බාල පරපුර
වැඩිහිටි පරපුරට වඩා
හොඳ වෙන්න ඕනෙ.

මොනම ක්ශේත්‍රයකවත් 
එහෙම නැහැ.

වැඩිහිටියන් දහයට ගියාම
බාලයා දක්ෂ නම්
ඔහු එකොළහට දොළහටවත් 
යන්න ඕනෙ.

බාල පරපුර කරන දේවල්
බාල පරපුර කොයිතරම්
ලොකුවට හිතුවත් වැඩක් නැහැ.
වැඩිහිටි පරපුරේ
ගරුත්වය ලබන්න 
ඔවුන් සමත් විය යුතුයි..

අද වැඩිය වැරදි කරන අය ඉන්නෙ
කලින් පරපුරේද?
අලුත් පර පුරේද?

ෆේස්බුක් එකේ සිය ගාණක් 
අපිට හමුවෙනවා.

ඇත්තටම ගෞරව කළයුතු
අලුත් පර පුරේ අය ඉන්නෙ 
අතේ ඇඟිලි ගාණට.
ඒ දෙතුන් දෙනා
බොහෝ වැඩිහිටියන්ට වඩා
ඉදිරියෙන් ඉන්නවා.
මම:-….a  අයියේ ළමෙක් තමන් තමන් ගැන විෂ්වාශය තියලා යම් දෙයක් කරන්න පටන් ගත්තාම පරිනතභාවය සහ වැඩිහිටියා යන සංකල්පය භාවිතා කරලා ඔහුගේ සියලුම ක්‍රියාවන් අකාරුණීකව නවත්තලා දාපුවාම ළමයා තමා තමා ගැනම තියපු විෂ්වාශය බිදෙනවා නේද පරිනත වැඩිහියෙක් නමි එතකොට ළමයාගේ මානසික තත්වය ගැනත් හිතන්න ඕන නේද?

K උඹේ කේස එකට අදාලව නම්
අනික් එක තමයි මචෝ කුඩු ගහන්න ඕනි එකා / සිගරට් බොන්න ඕනි එකා ඔහොම නවත්තන්න බෑ තියලා එයාලා හිතන්නේ නැති එක.. එහෙම කොරන්න ආසාවක් තියෙනම් මේකා මිට කලිනුත් කොරන්න චාන්ස් නොතිබුනා නෙවෙයි කියන එකත් අමතක වෙනවා..

එයාලට මේ වගේ කේස් එකකදි අපි දෙන හැම හෙත්වකටම තියෙන උත්තරේ.. මම උඹේ තාත්තා/අම්මා/ මාමා (කවුරුහරි) ඒක විතරයි.. ජීවිතේ තමන්ගේ විය යුතුයි... මම මේ කතාවෙදි බහුතරයක් වැඩිහිටියන්ගේ දෝෂ දර්ශනයට ලක් වෙන්න පුලවන් ඒත් මම කියන්නේ නම් බොහෝමයි වැඩිහිටියන්ට තරුණ අයව විශ්වාස නෑ... මගේ අත්දැකිමේ හැටියට මම කියන්නේ.. අපෝ පොඩි එකෙක්නේ/ වයසට වැඩ කරපන් ඔහොම එවා තමයි කියන්නේ... 

ඒ අයට ගොඩක් වෙලාවට හැම එකටම තියෙන හේතුව තමන් වයසින් වැඩි වීම පමණයි.........
වැඩිහිටියන් වු පමනින් 100% නිවැරදි වෙන්නේ නෑනේ... අනික් එක තමයි තමන් මේ කාලේ කරපු දේවල් එයාලට අමතකයි.. එයාලා දැන් ජීවත් වෙන්නේ එයාලගේ වයස් රාමුවේ...

(
මගේ අත්දැකීම් වලින් කතා කරේ.. සමස්ථය නෙවේ)
මම:- … k වැඩිහිටියන් වු පමනින් 100% නිවැරදි වෙන්නේ නෑනේ..
ඒක මචන් අපිට කියන්න බෑ අපි තාම සමජයේ පරිනත නෑනේ වැඩිහියෙක්ට නමි වැඩිහිටියන් වු පමනින් 100% නිවැරදි වෙන්නේ නෑ කියන්න අයිතියක් තියෙනවා ඒ ඔහුත් වැඩිහිටියෙක් නිසා 
මට තියෙන ප්‍රශ්නේ එක නෙමෙයි ඇයි ඒ අය ප්‍රශ්ණයක් විසදන්න තමා වැඩිහිටියෙක් කියන දේ ඕනිවට වඩා පාවිච්චි කරන්නේ කියලා

A   මල්ලිගේ ප්‍රශ්නෙ
මල්ලිගේ යාලුවො නිසා
වෙන්නත් පුලුවන්.
මම:- … a ප්‍රශ්ණය යාළුවෝ වෙන්න බෑ.. මාත් එක්ක ව්‍යාපෘතියට සමිබන්ද උන ඔක්කොම උන් හොඳ එව්වෝ.. උන්ටත් වැඩ්හිටියන්ගෙන් මේ ප්‍රශ්නෙමයි

A … මල්ලී පවුලෙ බාලයාද, වැඩිමලාද,
මම:-  බාලයා
A පවුලෙ බාලයා 
ගොඩක් ප්‍රශ්න වලට 
මුහුණ දෙන කෙනෙක්..
ඔහු පුංචි කාලෙ 
ඕන දේකට ඉඩ ලැබෙනවා.
නැත්නම් ඔහු ලබා ගන්නවා.
දෙගොල්ලම ඒකට ඇබ්බැහි වෙනවා.
මල්ලිගෙ ප්‍රශ්නෙන් සියයට 90ක් ඒක.

අනික් එක ළමයි කොයි තරම් ලොකු වුනත්
අම්මලා තත්තලාට පොඩියි..
බාලයා ඔක්කොටම වඩා පොඩියි..
ඔහුට අපි නැතුව් මොකුත් බෑ 
කියල තමයි හිතන්නෙ.
බොහෝ වෙලාවට ඔහු හැසිරෙන්නෙත් ඒ වගෙයි.
සමහරවෙලාවට ඇත්තටම බැහැ තමයි..

මොන අතුරු ප්‍රශ්න තිබුණත්
දෙපැත්තම මේ සංසිද්ධියෙන්
අස්වාභාවික තෘප්තියක් ලබනවා.

බාහිර සබඳතා ගොඩ නැගිලා
බාලයා නිදහස හොයන කොට තමයි
ප්‍රශ්න ඇති වෙන්නෙ.

මේ ප්‍රශ්න එන බව දැනගෙන
පුංචි කාලෙ ඉඳල
නිසි විදියට නොසැලකුවොත්
ලොකු වුණාම විසඳන්න 
හරි අමාරුයි.
මම:-  මේ ප්‍රශ්නේ මට ලොකුවට බල පෑවේ නෑ අයියේ අපේ ගෙදර කොල්ලෝ තුන්දෙනෙක්මයි ඉන්නේ මට පොඩ් අවවාදයක් ආවා විතරයි අනික අපේ තාත්තා කියන්නේ දෙයක් කරලා වැරදිලා පාඩමක් ඉගෙන ගන්නේ නැතුව හැදෙන්න බෑ කියලා 
මෙතන අපි කන්ඩායමක් එක්ක වැඩ කරපු නිසා මේහෙම මේක මගේ ප්‍රශ්ණයක් උනේ වැඩ්ම ප්‍රශ්ණයක් උනේ එකෙක් මානසිකව වැටුන එක අපිට ප්‍රොජෙක්ට් එක නැති උනාට වඩා ලොකු ප්‍රශ්ණයක් ඒක 
ඌ මානසිකව වැටුනා කියලා වැඩිහිටි කියන අයට පේන්නේ නෑ ඒ අය හිතන්නේ ඌ තරහෙන් ඉන්නවා කියලා සහ ඒ අය සතුටෙන් ඉන්නවා ළමයා බේර ගත්තා කියලා 
වැඩිම ප්‍රශ්ණයක් උනේ අපි මත්ද්‍රව්ය ගැන කරපු ප්‍රාජෙක්ට් එකක් නිසා කණ්ඩායමක් විදිහට ස්වයං විනයක් ගොඩනගා ගන්න ගොඩක් මහන්සි උන නිසා ඒ කිසිම දෙයක් හොයලා බලන්නේ නැතුව අඩුම තරමින් අපට උපදෙස් දුන්නු අය එක්කවත් කථා නොකර හැමදෙයක්ම නැති කරලා දාපු එකට ගොඩක් අය මානසිකව වැටිලා ඉන්නේ නිකන් ගෙදර ඉන්න නිසා පටන් ගත්ත එකක් උනත් කණ්ඩායමේ ගොඩක් අය තම තමන්නේ ජිවන රටා පවා වෙනස් කරගත්තු නිසා ඉවර වෙන්න කලින් ඒක නැති උනාම කට්ටියම මානසිකව වැටිලා ඉන්නේ 

 A
අයියටයි H අයියටයි මේ දාපු කමෙන්ට් වලට ගොඩක් ස්තූතියි වැඩිහිටියෝ හිතන විදිහ ගැන මට දැන් අවබෝදයක් තියෙනවා සහ මේ දැන් ගත්ත එවා මට ගොඩක් ප්‍රෙයෝජනවත් වෙයි එකා එකාව ආයෙම හදන්න..
H  යමක් කරනකොට ඔය වැනි ගැටලු එනවා. මේක වැටෙන්න හේතුවක් කරගන්න එපා. හැම පැත්තක් ගැනම පෙර සූදානම ඕනේ වෙනවා. යමක් කරන කොට එක එක පාර්ශව වලින් එන විරොධතාත් එක දෙයක්. මේක ඉදිරි ජීවිතය සඳහා අභියෝගයක් කරගන්න. මේකෙන් ඔයාලගේ ජීවන රටාවත් හොඳ පැත්තකට වෙනස් කරගත්තා නම් ඒකත් වටිනවා.
වැඩිහිටියො බයවුනේ මත්ද්‍රව්‍යය බෙදාහරින අයගෙන් කරදරයක් වෙයි කියන බයට වෙන්නත් පුලුවන්.
H වැඩිහිටියො දන්නවා එහෙම නවත්තන්න බැරි බවත්, ලමයි හොරන් කරන බොහෝ දේවල් ගැනත් (ඇතැම් දේ නිසැකවත් ඇතැම් දේ අනුමාන සහිතවත්). හැබැයි දන්න බව පෙන්නන එකක් නෑ. හොරෙන් කිරිම සීමා සහිතයිනෙ බොහෝ වෙලාවට. තමංගෙ කාලෙත් තමනුත් සමවයස් වල උනුත් කරපු කියපු දේවල් වැඩිහිටියො නොදන්නවා නෙමෙයි, හොඳට මතක තියෙනවා. ඒ නිසා හොරෙන් දේවල් කරනවා කියල හිතන එක තෘප්තිමත් මිත්‍යාවක්.

හොඳින් බැලුවොත් පෙනෙයි තමන්ගෙම ජීවිත කියලා එකක් නැති බව. (හැබැයි අනන්‍යතවයක් තියෙනවා). තව දෙයක් තියෙනවා කියන්න. වැඩිහිටියො ඔබේ වයසේදී තිබුණ සමාජ රාමුව නෙමෙයි දැං තියෙන්නෙ. ඒ වගේම ඒ මුලු වෙනස් වීම තුලම වැඩිහිටියො ජීවත් වෙලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක තමයි තීරණ ගැනෙන්නේ.
Jak මමත් දෙයක් කියන්නද..?

තරුණ පරපුර හා වැඩිහිටියෝ අතර තියෙන පාරම්පරික අවබොදාත්මක ගැටලුව... සදාකාලිකද මන්දා.. වැඩිහිටියෝ කියන දේ ඔවුන අනුව සාධාරණයි.. ලොජිකලි නම් 50%ට වඩා දෙන්න (හැම වෙලාවෙම නෙවේ0 ජීවන අත්දැකිම් අතින් අපි ඉන්නේ ගව් ගානක් දුරින්.. ඒ නිසා අපි දෙයක් කරන්න කලින් එයාලා පෙර අනුමාන කිරීමේ හැකියාව යූස් කරන්වා..

ඒත අපි කියන දේත් අසාධාරන නැනේ.. බහුතරය සම්ප්‍රදායෙන් එපිටට යන්න කැමති නෑ.... ඩේලි අප්ඩේට් වෙන දියුනු වේන ලොකෙත් එක්ක ඒකත් බැනේ... ඒ නිසා පොඩි අවුලක් එතනත් තියෙනවා..

වැඩිහිටි කම සහ වැඩි හහලු කම කියන් නේ එකක්ද දෙකක්ද..?
ලංකාවේ ගොඩක් වැඩි මහලු අය හිතන් ඉන්නේ වැඩිහිටියා වෙන්නේ අනිකාට කලින් ඉපදිම කියන එක විතරමයි කියලා.. ඒක වැරදියි.. වයසින් වැඩි විම තුක උහු වැඩිහිටි වෙන්නෑ.. නමුත් ඔහුට චැඩි මහලු වෙන්න වෙන්න පුලවුන්.. 

වැඩිමහලු කම කියන්නේ මිනිසාගේ භෞතික වෙනස්කමක් මිසක් මානසික ප්‍රබුද්ධ කමක් නෙවේනේ.. වැඩි මහලු කියන එක් තෙර්ම අනිකාට වඩා වැඩියෙන් මහලු වෙලා කියන එක... ඒ නම් භෞතිකව බැලුවොත් තරුණයෝ වැඩි මහලු අයට වඩා සැහෙන ඉස්සරහින් ඉන්නවා...

ඒක් කායික ශක්තිය කියන්නේ හැම දේමනෙවෙයිනේ... මොලය බුද්ධිමත් විමත් ඕනිනේ මොලට බුද්ධිමත් විම කියලා මම කිව්වේ සමාජය විමර්ශනශිලිව තේරුම ග්න පුලවන් වෙන්න ඕනි කියන එක.. ඒකට එක්සිරියන්ස් ඕනි.. එක එක මිනිස්සුන්ව ආශ්‍රය කරන්න ඕනි.. වැඩි සිද්ධි ගානකට මුණ දේනන ඕනි.. කොල්ලෙක් යම් අදහසක් හිතට ආපු ගමන් ඒ එන කික් එකත් එක්ක ෆුල් ෆෝම් පිට ඒ වැඩේට බහිනවා.. ඒ වෙලාවේ කාගෙවත් උපදෙස් වලට වඩා තමන්ගේ මතය තමයි ගොඩක් වෙලාවට හිතට ෆිට් ඒ කියන්නේ වැඩිහිටියෙක් දෙන තර්කානුකූල උපදෙසක් ගැන පවා අපිට සැකයි.. බොහෝ විට පිලිගන්නෙම් නෑ.. (ඒක රිස්ක් එකක් වෙන්න පුලුවන්.. ඒත් ඒ රිස්ක් එක තමයි හරිගියොත් අපේ ජීවිතේ ශුද්ධ ලාභය වෙන්නේ...)

අනික් එක තමයි වැඩිහිටියෝ බොහෝමයක් වෙලාවට තරුනයන්ට ඒත්තු ගැන්විය යුතු දේවල් තේරුම් කරන්න යන විදිහ... ඒක බොහෝ විට එයාලව සැහෙන්න ලොකු තැනක එයාලා විසින්ම තියාගෙනයි ඒක කරන්නේ.. 

ඒක වැඩිහිටිකමේ පරිණත කම වත්... තරුණ කමේ අත්දැකිම් අඩු කමවත් නෙවේ... හැමෝම තැල තියෙන චන්ඩිකම.( වචනේ හරිද මන්දා0..

තරැන කමේ තියෙන නිදහස් කැරලිකාර ගාතිය නිසා වරඩිහිටියෙක්ට වුනත් දෙවනි වෙන්න අපි කැමතිත් නෑ.. 

අනික් අතට ඊයේ පෙරේදා ජිවිතේට පය ගහපු කොල්ලෙක් කියන දේවල් අහන්න වැඩිහටි අය කැමති නෑ

හැමෝම තමන්ගේ කැරැක්ටර් එක ඇතුලේ චන්ඩි පාර්ට් දානවා..

වැඩිහිටියෙක්ගේ අත්දැකිම් තරුනයෙක්කේ ජවට එකට වැටුනොත් ඒ බැඳිම කොයිතරම් ඝනකම් වෙයිද..?

ලෝකයේ දියුනු රට වල මේ සම්බන්ද කම හරියටම ඇති වුනා..

ලංකාවේ අපි තාම තම තමන්ගේ චන්ඩි පාට් රඟමින් නොදියුන රටක් වගේ ඉන්නවා

R නැන්දම්මා-ලේලී පුරශ්ණෙ වගේ මේකත් ඓතිහාසික පොබ්බොම් එකක් ඕං...!


ප.ලි:- ඇයි සමුහයේ අසන ලද ප්‍රශ්ණයකට ඇයි හී සහෘදයන් ගෙන් ලැබුණු පිළිතුරු පෙලකි. සංරක්ෂණය සදහා යුනිකෝඩ් කරන ලදී

..........මට එරෙහිව මම...........



උඹ කවිද උඹට මොනවද ඕනි
මම වෙන කවිරුවත් නෙමෙයි උඹම තමයි
එහෙනමි කොහොමද උඹව මට පේන්නේ උඹ කොහොමද ජිව මාන උනේ කියපන් මාව පිස්සෙක් කරන් නැතුව
උඹ පිස්සෙක් තමා
උඹ කොහොමද එහෙම කියන්නනේ මම පිස්සෙක් නෙමෙයි
උඹ හදන්නේ මාව පිස්සෙක් කරන්න පලයන් මෙතිනින් මට උඹෙන් කිසිම දෙයක් ලැබෙන්නැ ඒ නිසා මට උඹව වැඩක් නෑ
උඹ පිස්සසෙක් තමා මම උබේ හිත උඹ පිස්සෙක් උබේ හිත විකාරයි උඹ පිස්සෙක් උඹට මැරෙන්න හිතෙනවා නේද ඒහෙම හිතෙන්නේ පිස්සන්ට වතරයි
නැ මම තාම මැරිලා නැ ඒ නිසා මම පිස්සෙක් නෙමෙයි උඹ පලයන් යන්න
උඹට මාව යවන්න තියෙන්නේ එක ක්‍රමයයි උඹ මැරියන් එතකොට මාත් මැරෙනවා දෙන්නගෙම  කථාව එතකොට ඉවරයි
ඔවි මම මැරෙනවා උඹව මරවන්න ඕනි නිසා මැරෙනවා
එතකොට උඹට ආදරේ කරන උබේ ජිවිතේම කිය කියා හිටිය අයට මොකද වෙන්නේ මම කිවිවේ උඹ පිස්සෙක්
මම නොදන්න උඹ මම උඹ ගැන හොදටම දන්න්වා උඹ පිස්සේක් උඹට මතකද දවසක් හිඟමනේ ආපු පොඩ් එකෙක්ට දෙන්න සල්ලි උඹ අතේ නැති නිසා උඹට එච්චර ආදරේ කරන ගෙදර අයට දෙන්න ගත්ත තෑගි උඹ ඒ හිගන කොල්ලට දුන්නා උඹ පිස්සසෙක් ‍කොටින්ම කියනව නමි උඹ දැන් මැරෙන්න ඕනී
ඇයි මම මැරෙන්නේ මට හොද ජිවිතයක් තියනවා හොද පවුලක් මට ඉන්නවා ඒ තෑගි වල වටිනාකම වගේ දහගුනයක් වටින තෑගි මට අරන් දෙන්න පුළුවන් ඉතින් ඇයි මම මැරෙන්නේ
මම කිවිවේ උඹ පිස්සසෙක් උඹට පුළුවන් උනාට උඹ කිසිම දෙයක් කලේ නෑ උඹ මැරියන්
උඹ පලන් යන්න උඹට බෑ මාව ලේසියෙන් මරන්න උඹ පලයන් උඹෙන් මට වැඩක් නෑ ආයේ නාවට කමක් නෑ උඹ පලයන් යන්න
දැනට මම උඹට නොපෙනී ඉන්නම් හැබැයි උඹට බෑ මාව කවදාවත් එලවන්න මම උඹේ හිත මම නැතුව උඹ කියලා කෙනෙක් නෑ

මහ ලොකු හිත උඹ කොච්චර රැවටෙනවද උඹ මහ මොඩයෙක් උඹ නැති උනාට කමක් නෑ මට ජීවත් වෙන්න පුළුවන් උඹ පලයන්

Tuesday, May 28, 2013

............තනිව ගමන්කල ඔහු...............


     


     ඔහු කව්රුන්ද යැයි මා නොදැන සිටියද, මා ඔහු ගැන පැවසිය යුතුමය මා ඔහුගේ අනුගාමිකයෙක් නොවීය. මා නිකම්ම වීදී සරන්නෙකු පමණක්ව ඉබාගාතයේ ඇවිදිමින් සිටි විට ඔහු හමුවේ මගේ දෙපා මටත් අවනත නොවී නැවතුනාය
    ඔහු නායකයෙකුද නොවීය , ඔහු පාලකයෙකුද නොවීය , එනමුත් ඔහු පසු පස අනුගාමිකයින් රැසක් පිය නැඟූබව හොඳින් මතකය.
    ඔහු කිසිවෙකු හා කථා නොකලහ . විටෙක මදකට නවතින ඔහු කිසිවක් බලාපොරොත්තුවෙන් මෙන් සිටියහ. ඔහු එලෙස නැවතී සිටියේ කිසියම් අයෙකුට ඔහු පසුකර යාමට ඉඩතබන්නාක් මෙනී. නමුත් කිසිවෙක් ඔහු පසුකර නොගියහ.


      විටෙක ඔහු ආපසු හැරි සියල්ලන් හා ප්‍රිතිමත් සිනහවක් පෑවේය, ඉන්පසු නැවත ගමන් ඇරඹීය , ඔහුට කලබලයක් නොතිබින. නමුත් ඔහු තබන සෑම පියවරක්ම මනා අවබෝධයෙන් තැබු බව මට සිතින. ඇත්තෙන්ම එය මට ඇතිවූ සිතිවිල්ලක් නොවේ. කව්රුන්හෝ මොළය තුල සිට එය මට පැවසූ බව මට විටෙක සිතින.
      මට ඔහු පසුකර යාමට ඇවැසි විය හෙමින් ගමන මාගේ ශරීරයට කිසිකලක නොවු පුරුද්දක් විය. සාමන්‍යෙයන් මා කලබලකාරීය යමක් ඉක්නින් කර අවසන් කිරිම මාගේ පුරුද්ද විය.මට ඔහු පසුකර යාමට ඇවැසි විය. එනමුත් ඔහු අභියසට ගොස් ඔහුගේ පසෙකින් සිට ගැනුමට මාගේ චිත්ත ධෙර්‍යය නොසෑහෙන බැව් මට එකෙනිහිම පසක් විය. තවත් විටෙක ඔහු ළගට ගොස් ඔහු කව්රුන්දැයි විමසන්නට සිත් විය නමුත් එයද පළමු හේතුව මගින්ම වලකාලීය.
     එකෙනෙහිම ඔහු පසු පස හැරී ඔහුගේ ප්‍රීතිමත් සිනහව මගින් සැමටම සංග්‍රහ කරයි එවිට මා දෙස නෙත් කොනකින් බැලූ ඔහු නැවතත් ගමනෙහි යෙදීමට පටන් ගනී. එවිට කිසියම් මන්ත්‍රකරුවෙකුගේ විජ්ජාවකින් මෙන් මා නැවත ඔහු පසු පස ගමන් කිරිමට පටන් ගනී.
    විටක ඔහුගේ සතුරන් ඔහු ඉදිරියෙන් සිට ගනී , ඔවුන් දෙස බැලීමටවත් කාලය අපතේ නොහරින අතර ඉදිරියටම ගමන් කරයි.ඔහුගේ සතුරන්ට ඔහු පරාජය කල නොහැක. ඔහු නිහඬව ඔවුන් පසුකර පිය නඟනා සැටි බලා සිටිනා ඔහුගේ සතුරන් මඳ වේලාවකින් ඔහු පසුපසින් ගමන් කරයි
 මට නොහැගෙනා කුමන් හෝ බලක් ඔහු සතුව පවතින බැව් මට සිතේ. සමහර විටෙක එය මායාවක් විය හැකිය, නැත්නම් ඔහු සතුව මිනිසුන් වශී කොට ගන්නා අපුර්ව  මන්ත්‍රයක් ඇත. කෙසේ නමුත් වචනයේ පරිසමාප්තියෙන්ම ඔහු අපුර්ව මිනිසෙකි. ඔහු පසු පස එන්නන් හට ඔහු කුමක්හෝ මට නොතේරෙනා දෙයක් උගන්වයි. ඔවුන් සැමගේ මුහුණු ප්‍රසන්නය සැම මුහුණකම මද සිනාවකි.
      ඔහු තුල කිසි දුකක් ඇති බැව් නොපෙනේ, ප්‍රීතිමත් සිනහව නිතරම ඔහු සමඟය, ඔහු තුල තරහව නොමැත , සතුරන් හා ඔහු සටන් නොවදී, ඔහු ඔවුන් සමඟද සිනාසෙයි. ඔහු ස්ථිරසාර අරමුණක් හබායන බැවි පෙනේ.
ඔහු පසුපස පිරිසක් පැමිණේ ඔහු ඔවුන්ගේ සිත්ද ප්‍රීතියෙන් පුරවයි. ඔහුගේ ගම දිගු බැව් පෙනේ එනමුත් ඔහු සෙමින් ගමන් කරයි. ඔහු කෙරෙන් වෙහෙසකර බව විද්‍යාමාන නොවේ නිතරම පොබෝදමත් පෙනුමක් ඔහු සතුවිය.
     පුදුමයක්ය මා ඔහුගේ අනුගාමිකයෙක්ය මාද ඔහු පසු පස ගමන් කිරිමට කරයි. ඔහු මෙන්ම සැමහා සිනාසෙන්නට පටන් ගෙන ඇත. මට මා අමතක විලසකි, පෙර සිත්හී වු නොසන්සුන් කාරී බව තවදුරටත් මා සතු නොවීය. ඔහු ලඟින් ඔහුගේ පසකින් ගමන් කිරිමට මටද සිත් විය. එයට ඇවැසි චිත්ත ධෛර්‍යයද දැන් මා සතුව ඇත.
ඔහු දෙසට එක් පියවරක් තැබීය.................................................

          දැස් වීවෘතවිනි.. සුපුරුදු විදුලි පංකාව තවමත් සිවිලිමෙහි කැරකැවෙමින් ඇත.පරිසරයයේ නිෂ්බ්ද බව විදුලි පංකාව හා ඔරලෝසුව මඟින් බිඳදමා තිබිනි.
නිසැකවම එය සප්නයකි,
     නමුත් ඔහු කවුරුන්ද තරහව , දුක , පසුතැවිල්ල ඔහු අභියසදී නිහඬය. මා ඔහු පසු පස ගමන් කරනා විලසක් දුටුවේ මන්ද? ඔහු මිනිසෙකී නමුත් ඔහු හඬනගා කිසිවක් නොකීය, කිසියම් විශේෂිත දෙයක් ඔහු නොකල ඔහු කල එකම දෙය නම් ප්‍රිතිමත් සිනහවකින් සැමට සංග්‍රහ කරමින් නිහඬව ගමන් කිරිම පමනී. එනමුත් ඔහු පසු පස මිනිසුන් පිය නැගුවේ මන්ද යැයි නොතේරේ.
නැත ඔහු මිනිසෙකු නොවේ. එය සිහිනයකි එනම් ඔහු සිතුවිල්ලකී..

ඔව් ඇත්තෙන්ම ඔහු සිතුවිල්ලක් ....................

මා හඬනගා මොර දුන්නාය. 
මා වට කොට සිටි බිත්ති සතරෙහි වැදී නැවත දෙසවන් තුව රැව් පිලිරැව් දුන්නාය.

ඇත්තෙන්ම ඔහු සිතුවිල්ලක්...... 
    ඔව් මට ඔහු හදුනා ගත හැක ඔහු තමා ප්‍රීතිය, ඔහු සොභාවන්තය , පියකරුය , සිත් එයට අවනතය. සිත් ඔහුගෙන් ප්‍රශ්ණ නොනගයි ඔහු පසු පස ගමන් කරයි , එනමුත් ඔහුට ලංවිය නොහැක. කල හැක්කේ ඔහු පසුපස පිය නැගීම පමණකි. ඔහුට සතුරන් සිටී, ඔහු ඔවුනට ප්‍රතිචාර නොදක්වයි එබැවින් ඔවුනද ඔහු පසුපස ගමන් කරයි. ඊෂ්‍යාව , තරහව , දුක , පසුතැවිල්ල, සිත් මෙන්ම ඔහුට අවනතය කිසිවෙක් ඔහු පසු නොකරයි.
ඔහු සිත් ඔහුගෙන්  පුරවයි. ඔහු සිනාසේ, අපටද සිනාසෙන්නට උගන්වයි.
ඔව් ඒ තමා ප්‍රීතිය, නැවත මට නැගීසිටිය හැක. මා ඔහු දුටුවාය. ඔහු පසුපස පියනැගුවාය, ඔහුගෙන් උගත්තාය, දැන් මාද ඔහුගේ අනුගාමිකයෙකි.
ඇත්තෙන්ම මාද ප්‍රීතිමත් මිනිසෙකි........

Friday, May 17, 2013

.............හැකි නමි සැනසෙන්න හිත..........







උඹ කිව්වට සැබැ ආදරයක් ගැන
දන්නවද නුඹ එහෙම දෙයක් ගැන
හැමෝම කරනවට ආදරේ කෙරුවට
නිමක් නැති සෙනෙහසක් කොයින්ද නුඹ ළඟ

පරණ මතකයක් හිත පැරුවට
බාධානොකරයි අළුත් ආදරයට
සැබැ ආදරයක් නුඹට නොතිබ්බට
කුමක් කරන්නද නුඹ නුඹම උන විට

ජිවිතයද සිහිනයක්ම කර
සොයනවද සැබෑවක් ගැන
සැබැවෙන් ටිකක් ඔබ්බට
ඇවිදිමුද අතරමංව අප

මට ලොකු හීන නොතිබ්බට
දනිමි නුඹට හීන ඇතිබව
නුඹ හින සොයා යනකොට
හැකි උනොත් ඉන්නමි මං තනියට

විශ්වාසයක් ළඟ නොතිබ්බට
බලාපොරොත්තුවක් තිබුනම
දැන දැනම විඳවන්නට
හිත කැමතියි බිඳියන්නට


නුඹ නොකිව්වට ලඳ
වචන බොරුබව ගොතන ලද
හිටියට මා නුඹ ළඟ අද
හෙටක් නැත මා සිත හැරදමා ඇත

Thursday, April 25, 2013

............ස්තුතියි හැමදේටම, පුළුවන් උනොත් ආයෙත් එන්නම්..............


ස්තුතියි හැමදේටම, පුළුවන් උනොත් ආයෙත් එන්නම්.


උඹ අන්තිමට කෑගහලා කියපු වචන ටික මට තාම උඹේ කට හඬින්ම මතකයි.

මිටර් පනහක් දුවන්න මම මොකට එච්චර වෙලා ගත්තද මට තව තප්පර තිහකට කලින් එතනට දුවා ගන්න තිබුන නම් උඹ තාම අපිත් එක්ක' මොනා කරන්නද උඹේ හිත දුර්වලයි කියලා දන්නවා, ඒත් උඹට තව ටිකක් ඉවසන්න තිබුනා.
අද වගේ මතකයි උඹ හැමදාම කියනවා උඹේ ජිවිතය අයිති උඹට නෙමෙයි කියලා, කකුලෙනුයි අත් දෙකෙනුයි උඹව උස්සලා ත්‍රී වීල් එකකට දාලා ලේ බේරෙන උඹ ලඟින්  ඉදගන්න මිනිහෙක් නැතුව ඉද්දි උඹව උස්සලා උකුලෙන් තියාගත්තු ඒ කෙල්ලට කියලා. ඒ කෙල්ල නිසාවත් උඹට නවතින්න බැරි උනාද
උඹේ කථාවේ උඹේ කොටසට උඹම තිත තියා ගත්තු මොහොතෙම ඒ කෙල්ලත් එ කෙල්ලගෙ කොටසට තිත තියාගන්න තිබුනා මමත් එතනම නොහිටිය නමි
තව කොච්චර කාලයක් ගියත් උඹලා දෙන්නා ගැන මතකේ මට අමතක වෙන එකක් නෑ. ඒ මොහොත අමතක වෙන එකක් නෑ, උඹ පස්සෙන් එන්න හදපු ඒ කෙල්ලව මම නවත්තන්න අතින් අල්ලපු වෙලාවේ තමයි මට දැනුනේ ආදරෙට කෙනෙක්ව කොච්චර ශක්තිමත් කරන්න පුළුවන්ද කියලා.
අපි බට්ටී බට්ටී කියලා විහිළු කරපු ඒ කෙල්ලගෙ අතට තප්පරයෙන් දාහන් එකකදි පොලු කෑල්ලක් කොහෙන් අහු උනාද කියලා මට මතක නෑ. උඹට ආදරේ කරපු ඒ කෙල්ල උඹව මතක හිටින්න සලකුනක් මගේ වම් අතේ හොදට පේන්නම තිබ්බා
උඹලගේ කථාවට මම කොහෙන් ආවද කියලා මට හරියටම මතක නෑ මතකය හරි නමි උඹේ පුංචි කෙල්ල නිසාම තමයි මම උඹලගේ කථාවට ආවේ  අපේ යාළුකම් උඹේ බැඳීමි හැමදෙයක්ම තිබුනේ උඹෙන් ගලාගෙන ගියපු ලේ වල බන් උඹව උකුලට ගත්තු කෙල්ල ඉස්පිරිතාලෙන් එලියට බැස්සේ ඒකිගේ ජීවිතේ උඹම වෙයි කියලා හිතලවත් උඹලා දෙන්නට ඉන්න හොඳම යාළුවත් දෙන්නම එකම සිද්දියකින් හමිබවෙයි කියලා හිතාගෙන නෙමෙයි වෙන්න ඇති
උඹේ ලේ ගවුමේ ගාගෙන ඉස්පිරිතාලෙන් එලියට බැහැපු උඹෙ පුංච් කෙල්ල ගෙදර යන්න වට පිට බලපු විදිහ දැක්කම මට කථා කරන්න හිතුනා බයෙන් බයෙන් කථා කරපු කෙල්ලට ගෙදර යන්න තිබුන සල්ලිත් උඹෙ රතුපාට කරලා තිබුනා අදටත් ඒ කොළ ටික එ කෙල්ල පරිස්සමි කරනවා ඇති. ඒ කෙල්ලට එදා සල්ලි දුන්නේ උඹවගේ හොඳ යාළුවො දෙන්නෙක් ලැබෙයි කියලා හිතලා නෙමෙයි
කොච්චර හොඳ යාළුකම් උනත් මොකටද මගේ හොඳම යාළුවවත් හොඳම යෙහෙලියගේ ආදරේවත් බේරගන්න බැරි උන කොට

ප.ලි :-  වීදී දරුවො ව්‍යාපෘතිට සඳහා විස්තර සෙවිමට පුනුරුත්තාපන කඳවුරට ගිය අවස්ථාවේ අවුරුදු විසිදෙකකට  පමණ කලින් මත් කුඩුවලට ඇබ්බැහිවීම නිසා පොලිසිය මගින් පුනුරුත්තාපන කදවුරට බාරදී පුනුරුත්තාපන කාලය අවසන් වූ පසුද ගෙදර යාමව අකමැති වි එම පුනුරුත්තාපන කඳවුරෙම සේවයට බැදි මුදල් නොලබන සේවයක් ඉටු කරන පුද්ගයෙක්ගේ සැබෑ කථාවකි.

ප.ප.ලි:- සැබැ නමි යොදා නොගත්තේ අදාල පුද්ගලයා හා එම කාන්තාව දැනටත් ජීවත් වන බැවින් බැවි සලකන්න. මනංකල්පිත නම් යොදා නොගත්තේ ඒ චරිත වලට මම කැමති නමි යෙදිමෙන් අසාධාරණයක් සිදුවේ යැයි සිතුනු බැවින් බැවි සලකන්න

Friday, February 22, 2013

...........ඒක පාර්ශවික මතකය.........








තවමත් සිහින දකිමි ඒ අතීතය ගැන. සත්තකට කියා හිමිවූවක් නොවුනත් ඒ අතීතය තුල.
 මගේ යැයි කිව හැකි එක සිතුවිල්ලකි මා ජිවත් කල.
එනමි ආදරයකි, කිසිදින මගේ නොවුන

 සිතුවිල්ලකට පමණක් මගේම උන එක චරිතයක් මතකයි සැබෑවටම මා ආදරය කල.
වර්ෂ ගණනක් අත්විඳි සැබෑ ආදරයකි,
 ඒක පාර්ශ්වික

දෙව් දුවක් නොවේ ඇය වෙන උන්ගේ හීන වල තරමට ලස්සන
 ත‍ලෙළු සමකට ලස්සන සිහින් ඉඟකට හිමිකම් කිව්වට 
උරහිස ළඟට දිග කෙට් කොන්ඩයක් තිබුනට ඒ රූපය හැමදාටම මගේ සිත බැඳගත්ත 
කෙතරම් වෙරදැරුවද ඈ වෙත ලං වන්නට හැමදාමත් ඈ පළවෙනියය මම අන්තිමයාමය

ඇගේ නම කියා මිතුරන් විසුළු කල මොහාතක් ගැන මතකය තවමත් මැවේ මේ නෙත් අභියස. 
ඇගේ නමින් මට මිතුරෙකු අඬගැසුව. කිමද බන් විමසන්නට ක්ෂණයකින් මා පසු පස හැරුණ.
 හදවතේ රිද්මය පරිසරයම නිහඬ කෙරුවා වැනිය.   ඈ මා පසු පස සිට මා දෙසම නෙත් යොමා සිටින.
 ඒ ඇස් තුල තිබුන කුමක්දෝ දිලිසෙන හීනයක් ගැන වර්ෂ ගණනක් මා හීනයක් ලෙස දකිමින් ජිවත් උන

කාලය පියඹයි අපි එහි පාවෙමු නුඹ නුඹ ලෙසද මම මම ලෙසද කිසිදාක ඈත්විමක් නොමැතිව අපි අපේ හීන තුල
තප්පරයකි අප දෙදෙනාටම අයත් නොවුන, නමුත්, නුඹේ උන, මගේ උන, තප්පරයක් ගෙවුවෙමු තම තමන්ගේ කොට
සුළඟට විසිරුනු කෙටි වරලස, ජිවිතයම මඟ නවතන නුඹේ මදහස, නිහඬ පෙමිවතෙකුට මඟ පෙන්වුව
හමුවෙනු නැති, වෙන්වෙනු නැති, සාදාකාලික ආදරයකි වර්ෂ ගණනක දුර ගෙවාගෙන පැමිණෙන