Pages

Thursday, September 19, 2013

..........මට එරෙහිව මම...........



උඹ කවිද උඹට මොනවද ඕනි
මම වෙන කවිරුවත් නෙමෙයි උඹම තමයි
එහෙනමි කොහොමද උඹව මට පේන්නේ උඹ කොහොමද ජිව මාන උනේ කියපන් මාව පිස්සෙක් කරන් නැතුව
උඹ පිස්සෙක් තමා
උඹ කොහොමද එහෙම කියන්නනේ මම පිස්සෙක් නෙමෙයි
උඹ හදන්නේ මාව පිස්සෙක් කරන්න පලයන් මෙතිනින් මට උඹෙන් කිසිම දෙයක් ලැබෙන්නැ ඒ නිසා මට උඹව වැඩක් නෑ
උඹ පිස්සසෙක් තමා මම උබේ හිත උඹ පිස්සෙක් උබේ හිත විකාරයි උඹ පිස්සෙක් උඹට මැරෙන්න හිතෙනවා නේද ඒහෙම හිතෙන්නේ පිස්සන්ට වතරයි
නැ මම තාම මැරිලා නැ ඒ නිසා මම පිස්සෙක් නෙමෙයි උඹ පලයන් යන්න
උඹට මාව යවන්න තියෙන්නේ එක ක්‍රමයයි උඹ මැරියන් එතකොට මාත් මැරෙනවා දෙන්නගෙම  කථාව එතකොට ඉවරයි
ඔවි මම මැරෙනවා උඹව මරවන්න ඕනි නිසා මැරෙනවා
එතකොට උඹට ආදරේ කරන උබේ ජිවිතේම කිය කියා හිටිය අයට මොකද වෙන්නේ මම කිවිවේ උඹ පිස්සෙක්
මම නොදන්න උඹ මම උඹ ගැන හොදටම දන්න්වා උඹ පිස්සේක් උඹට මතකද දවසක් හිඟමනේ ආපු පොඩ් එකෙක්ට දෙන්න සල්ලි උඹ අතේ නැති නිසා උඹට එච්චර ආදරේ කරන ගෙදර අයට දෙන්න ගත්ත තෑගි උඹ ඒ හිගන කොල්ලට දුන්නා උඹ පිස්සසෙක් ‍කොටින්ම කියනව නමි උඹ දැන් මැරෙන්න ඕනී
ඇයි මම මැරෙන්නේ මට හොද ජිවිතයක් තියනවා හොද පවුලක් මට ඉන්නවා ඒ තෑගි වල වටිනාකම වගේ දහගුනයක් වටින තෑගි මට අරන් දෙන්න පුළුවන් ඉතින් ඇයි මම මැරෙන්නේ
මම කිවිවේ උඹ පිස්සසෙක් උඹට පුළුවන් උනාට උඹ කිසිම දෙයක් කලේ නෑ උඹ මැරියන්
උඹ පලන් යන්න උඹට බෑ මාව ලේසියෙන් මරන්න උඹ පලයන් උඹෙන් මට වැඩක් නෑ ආයේ නාවට කමක් නෑ උඹ පලයන් යන්න
දැනට මම උඹට නොපෙනී ඉන්නම් හැබැයි උඹට බෑ මාව කවදාවත් එලවන්න මම උඹේ හිත මම නැතුව උඹ කියලා කෙනෙක් නෑ

මහ ලොකු හිත උඹ කොච්චර රැවටෙනවද උඹ මහ මොඩයෙක් උඹ නැති උනාට කමක් නෑ මට ජීවත් වෙන්න පුළුවන් උඹ පලයන්

Tuesday, May 28, 2013

............තනිව ගමන්කල ඔහු...............


     


     ඔහු කව්රුන්ද යැයි මා නොදැන සිටියද, මා ඔහු ගැන පැවසිය යුතුමය මා ඔහුගේ අනුගාමිකයෙක් නොවීය. මා නිකම්ම වීදී සරන්නෙකු පමණක්ව ඉබාගාතයේ ඇවිදිමින් සිටි විට ඔහු හමුවේ මගේ දෙපා මටත් අවනත නොවී නැවතුනාය
    ඔහු නායකයෙකුද නොවීය , ඔහු පාලකයෙකුද නොවීය , එනමුත් ඔහු පසු පස අනුගාමිකයින් රැසක් පිය නැඟූබව හොඳින් මතකය.
    ඔහු කිසිවෙකු හා කථා නොකලහ . විටෙක මදකට නවතින ඔහු කිසිවක් බලාපොරොත්තුවෙන් මෙන් සිටියහ. ඔහු එලෙස නැවතී සිටියේ කිසියම් අයෙකුට ඔහු පසුකර යාමට ඉඩතබන්නාක් මෙනී. නමුත් කිසිවෙක් ඔහු පසුකර නොගියහ.


      විටෙක ඔහු ආපසු හැරි සියල්ලන් හා ප්‍රිතිමත් සිනහවක් පෑවේය, ඉන්පසු නැවත ගමන් ඇරඹීය , ඔහුට කලබලයක් නොතිබින. නමුත් ඔහු තබන සෑම පියවරක්ම මනා අවබෝධයෙන් තැබු බව මට සිතින. ඇත්තෙන්ම එය මට ඇතිවූ සිතිවිල්ලක් නොවේ. කව්රුන්හෝ මොළය තුල සිට එය මට පැවසූ බව මට විටෙක සිතින.
      මට ඔහු පසුකර යාමට ඇවැසි විය හෙමින් ගමන මාගේ ශරීරයට කිසිකලක නොවු පුරුද්දක් විය. සාමන්‍යෙයන් මා කලබලකාරීය යමක් ඉක්නින් කර අවසන් කිරිම මාගේ පුරුද්ද විය.මට ඔහු පසුකර යාමට ඇවැසි විය. එනමුත් ඔහු අභියසට ගොස් ඔහුගේ පසෙකින් සිට ගැනුමට මාගේ චිත්ත ධෙර්‍යය නොසෑහෙන බැව් මට එකෙනිහිම පසක් විය. තවත් විටෙක ඔහු ළගට ගොස් ඔහු කව්රුන්දැයි විමසන්නට සිත් විය නමුත් එයද පළමු හේතුව මගින්ම වලකාලීය.
     එකෙනෙහිම ඔහු පසු පස හැරී ඔහුගේ ප්‍රීතිමත් සිනහව මගින් සැමටම සංග්‍රහ කරයි එවිට මා දෙස නෙත් කොනකින් බැලූ ඔහු නැවතත් ගමනෙහි යෙදීමට පටන් ගනී. එවිට කිසියම් මන්ත්‍රකරුවෙකුගේ විජ්ජාවකින් මෙන් මා නැවත ඔහු පසු පස ගමන් කිරිමට පටන් ගනී.
    විටක ඔහුගේ සතුරන් ඔහු ඉදිරියෙන් සිට ගනී , ඔවුන් දෙස බැලීමටවත් කාලය අපතේ නොහරින අතර ඉදිරියටම ගමන් කරයි.ඔහුගේ සතුරන්ට ඔහු පරාජය කල නොහැක. ඔහු නිහඬව ඔවුන් පසුකර පිය නඟනා සැටි බලා සිටිනා ඔහුගේ සතුරන් මඳ වේලාවකින් ඔහු පසුපසින් ගමන් කරයි
 මට නොහැගෙනා කුමන් හෝ බලක් ඔහු සතුව පවතින බැව් මට සිතේ. සමහර විටෙක එය මායාවක් විය හැකිය, නැත්නම් ඔහු සතුව මිනිසුන් වශී කොට ගන්නා අපුර්ව  මන්ත්‍රයක් ඇත. කෙසේ නමුත් වචනයේ පරිසමාප්තියෙන්ම ඔහු අපුර්ව මිනිසෙකි. ඔහු පසු පස එන්නන් හට ඔහු කුමක්හෝ මට නොතේරෙනා දෙයක් උගන්වයි. ඔවුන් සැමගේ මුහුණු ප්‍රසන්නය සැම මුහුණකම මද සිනාවකි.
      ඔහු තුල කිසි දුකක් ඇති බැව් නොපෙනේ, ප්‍රීතිමත් සිනහව නිතරම ඔහු සමඟය, ඔහු තුල තරහව නොමැත , සතුරන් හා ඔහු සටන් නොවදී, ඔහු ඔවුන් සමඟද සිනාසෙයි. ඔහු ස්ථිරසාර අරමුණක් හබායන බැවි පෙනේ.
ඔහු පසුපස පිරිසක් පැමිණේ ඔහු ඔවුන්ගේ සිත්ද ප්‍රීතියෙන් පුරවයි. ඔහුගේ ගම දිගු බැව් පෙනේ එනමුත් ඔහු සෙමින් ගමන් කරයි. ඔහු කෙරෙන් වෙහෙසකර බව විද්‍යාමාන නොවේ නිතරම පොබෝදමත් පෙනුමක් ඔහු සතුවිය.
     පුදුමයක්ය මා ඔහුගේ අනුගාමිකයෙක්ය මාද ඔහු පසු පස ගමන් කිරිමට කරයි. ඔහු මෙන්ම සැමහා සිනාසෙන්නට පටන් ගෙන ඇත. මට මා අමතක විලසකි, පෙර සිත්හී වු නොසන්සුන් කාරී බව තවදුරටත් මා සතු නොවීය. ඔහු ලඟින් ඔහුගේ පසකින් ගමන් කිරිමට මටද සිත් විය. එයට ඇවැසි චිත්ත ධෛර්‍යයද දැන් මා සතුව ඇත.
ඔහු දෙසට එක් පියවරක් තැබීය.................................................

          දැස් වීවෘතවිනි.. සුපුරුදු විදුලි පංකාව තවමත් සිවිලිමෙහි කැරකැවෙමින් ඇත.පරිසරයයේ නිෂ්බ්ද බව විදුලි පංකාව හා ඔරලෝසුව මඟින් බිඳදමා තිබිනි.
නිසැකවම එය සප්නයකි,
     නමුත් ඔහු කවුරුන්ද තරහව , දුක , පසුතැවිල්ල ඔහු අභියසදී නිහඬය. මා ඔහු පසු පස ගමන් කරනා විලසක් දුටුවේ මන්ද? ඔහු මිනිසෙකී නමුත් ඔහු හඬනගා කිසිවක් නොකීය, කිසියම් විශේෂිත දෙයක් ඔහු නොකල ඔහු කල එකම දෙය නම් ප්‍රිතිමත් සිනහවකින් සැමට සංග්‍රහ කරමින් නිහඬව ගමන් කිරිම පමනී. එනමුත් ඔහු පසු පස මිනිසුන් පිය නැගුවේ මන්ද යැයි නොතේරේ.
නැත ඔහු මිනිසෙකු නොවේ. එය සිහිනයකි එනම් ඔහු සිතුවිල්ලකී..

ඔව් ඇත්තෙන්ම ඔහු සිතුවිල්ලක් ....................

මා හඬනගා මොර දුන්නාය. 
මා වට කොට සිටි බිත්ති සතරෙහි වැදී නැවත දෙසවන් තුව රැව් පිලිරැව් දුන්නාය.

ඇත්තෙන්ම ඔහු සිතුවිල්ලක්...... 
    ඔව් මට ඔහු හදුනා ගත හැක ඔහු තමා ප්‍රීතිය, ඔහු සොභාවන්තය , පියකරුය , සිත් එයට අවනතය. සිත් ඔහුගෙන් ප්‍රශ්ණ නොනගයි ඔහු පසු පස ගමන් කරයි , එනමුත් ඔහුට ලංවිය නොහැක. කල හැක්කේ ඔහු පසුපස පිය නැගීම පමණකි. ඔහුට සතුරන් සිටී, ඔහු ඔවුනට ප්‍රතිචාර නොදක්වයි එබැවින් ඔවුනද ඔහු පසුපස ගමන් කරයි. ඊෂ්‍යාව , තරහව , දුක , පසුතැවිල්ල, සිත් මෙන්ම ඔහුට අවනතය කිසිවෙක් ඔහු පසු නොකරයි.
ඔහු සිත් ඔහුගෙන්  පුරවයි. ඔහු සිනාසේ, අපටද සිනාසෙන්නට උගන්වයි.
ඔව් ඒ තමා ප්‍රීතිය, නැවත මට නැගීසිටිය හැක. මා ඔහු දුටුවාය. ඔහු පසුපස පියනැගුවාය, ඔහුගෙන් උගත්තාය, දැන් මාද ඔහුගේ අනුගාමිකයෙකි.
ඇත්තෙන්ම මාද ප්‍රීතිමත් මිනිසෙකි........

Friday, May 17, 2013

.............හැකි නමි සැනසෙන්න හිත..........







උඹ කිව්වට සැබැ ආදරයක් ගැන
දන්නවද නුඹ එහෙම දෙයක් ගැන
හැමෝම කරනවට ආදරේ කෙරුවට
නිමක් නැති සෙනෙහසක් කොයින්ද නුඹ ළඟ

පරණ මතකයක් හිත පැරුවට
බාධානොකරයි අළුත් ආදරයට
සැබැ ආදරයක් නුඹට නොතිබ්බට
කුමක් කරන්නද නුඹ නුඹම උන විට

ජිවිතයද සිහිනයක්ම කර
සොයනවද සැබෑවක් ගැන
සැබැවෙන් ටිකක් ඔබ්බට
ඇවිදිමුද අතරමංව අප

මට ලොකු හීන නොතිබ්බට
දනිමි නුඹට හීන ඇතිබව
නුඹ හින සොයා යනකොට
හැකි උනොත් ඉන්නමි මං තනියට

විශ්වාසයක් ළඟ නොතිබ්බට
බලාපොරොත්තුවක් තිබුනම
දැන දැනම විඳවන්නට
හිත කැමතියි බිඳියන්නට


නුඹ නොකිව්වට ලඳ
වචන බොරුබව ගොතන ලද
හිටියට මා නුඹ ළඟ අද
හෙටක් නැත මා සිත හැරදමා ඇත

Thursday, April 25, 2013

............ස්තුතියි හැමදේටම, පුළුවන් උනොත් ආයෙත් එන්නම්..............


ස්තුතියි හැමදේටම, පුළුවන් උනොත් ආයෙත් එන්නම්.


උඹ අන්තිමට කෑගහලා කියපු වචන ටික මට තාම උඹේ කට හඬින්ම මතකයි.

මිටර් පනහක් දුවන්න මම මොකට එච්චර වෙලා ගත්තද මට තව තප්පර තිහකට කලින් එතනට දුවා ගන්න තිබුන නම් උඹ තාම අපිත් එක්ක' මොනා කරන්නද උඹේ හිත දුර්වලයි කියලා දන්නවා, ඒත් උඹට තව ටිකක් ඉවසන්න තිබුනා.
අද වගේ මතකයි උඹ හැමදාම කියනවා උඹේ ජිවිතය අයිති උඹට නෙමෙයි කියලා, කකුලෙනුයි අත් දෙකෙනුයි උඹව උස්සලා ත්‍රී වීල් එකකට දාලා ලේ බේරෙන උඹ ලඟින්  ඉදගන්න මිනිහෙක් නැතුව ඉද්දි උඹව උස්සලා උකුලෙන් තියාගත්තු ඒ කෙල්ලට කියලා. ඒ කෙල්ල නිසාවත් උඹට නවතින්න බැරි උනාද
උඹේ කථාවේ උඹේ කොටසට උඹම තිත තියා ගත්තු මොහොතෙම ඒ කෙල්ලත් එ කෙල්ලගෙ කොටසට තිත තියාගන්න තිබුනා මමත් එතනම නොහිටිය නමි
තව කොච්චර කාලයක් ගියත් උඹලා දෙන්නා ගැන මතකේ මට අමතක වෙන එකක් නෑ. ඒ මොහොත අමතක වෙන එකක් නෑ, උඹ පස්සෙන් එන්න හදපු ඒ කෙල්ලව මම නවත්තන්න අතින් අල්ලපු වෙලාවේ තමයි මට දැනුනේ ආදරෙට කෙනෙක්ව කොච්චර ශක්තිමත් කරන්න පුළුවන්ද කියලා.
අපි බට්ටී බට්ටී කියලා විහිළු කරපු ඒ කෙල්ලගෙ අතට තප්පරයෙන් දාහන් එකකදි පොලු කෑල්ලක් කොහෙන් අහු උනාද කියලා මට මතක නෑ. උඹට ආදරේ කරපු ඒ කෙල්ල උඹව මතක හිටින්න සලකුනක් මගේ වම් අතේ හොදට පේන්නම තිබ්බා
උඹලගේ කථාවට මම කොහෙන් ආවද කියලා මට හරියටම මතක නෑ මතකය හරි නමි උඹේ පුංචි කෙල්ල නිසාම තමයි මම උඹලගේ කථාවට ආවේ  අපේ යාළුකම් උඹේ බැඳීමි හැමදෙයක්ම තිබුනේ උඹෙන් ගලාගෙන ගියපු ලේ වල බන් උඹව උකුලට ගත්තු කෙල්ල ඉස්පිරිතාලෙන් එලියට බැස්සේ ඒකිගේ ජීවිතේ උඹම වෙයි කියලා හිතලවත් උඹලා දෙන්නට ඉන්න හොඳම යාළුවත් දෙන්නම එකම සිද්දියකින් හමිබවෙයි කියලා හිතාගෙන නෙමෙයි වෙන්න ඇති
උඹේ ලේ ගවුමේ ගාගෙන ඉස්පිරිතාලෙන් එලියට බැහැපු උඹෙ පුංච් කෙල්ල ගෙදර යන්න වට පිට බලපු විදිහ දැක්කම මට කථා කරන්න හිතුනා බයෙන් බයෙන් කථා කරපු කෙල්ලට ගෙදර යන්න තිබුන සල්ලිත් උඹෙ රතුපාට කරලා තිබුනා අදටත් ඒ කොළ ටික එ කෙල්ල පරිස්සමි කරනවා ඇති. ඒ කෙල්ලට එදා සල්ලි දුන්නේ උඹවගේ හොඳ යාළුවො දෙන්නෙක් ලැබෙයි කියලා හිතලා නෙමෙයි
කොච්චර හොඳ යාළුකම් උනත් මොකටද මගේ හොඳම යාළුවවත් හොඳම යෙහෙලියගේ ආදරේවත් බේරගන්න බැරි උන කොට

ප.ලි :-  වීදී දරුවො ව්‍යාපෘතිට සඳහා විස්තර සෙවිමට පුනුරුත්තාපන කඳවුරට ගිය අවස්ථාවේ අවුරුදු විසිදෙකකට  පමණ කලින් මත් කුඩුවලට ඇබ්බැහිවීම නිසා පොලිසිය මගින් පුනුරුත්තාපන කදවුරට බාරදී පුනුරුත්තාපන කාලය අවසන් වූ පසුද ගෙදර යාමව අකමැති වි එම පුනුරුත්තාපන කඳවුරෙම සේවයට බැදි මුදල් නොලබන සේවයක් ඉටු කරන පුද්ගයෙක්ගේ සැබෑ කථාවකි.

ප.ප.ලි:- සැබැ නමි යොදා නොගත්තේ අදාල පුද්ගලයා හා එම කාන්තාව දැනටත් ජීවත් වන බැවින් බැවි සලකන්න. මනංකල්පිත නම් යොදා නොගත්තේ ඒ චරිත වලට මම කැමති නමි යෙදිමෙන් අසාධාරණයක් සිදුවේ යැයි සිතුනු බැවින් බැවි සලකන්න

Friday, February 22, 2013

...........ඒක පාර්ශවික මතකය.........








තවමත් සිහින දකිමි ඒ අතීතය ගැන. සත්තකට කියා හිමිවූවක් නොවුනත් ඒ අතීතය තුල.
 මගේ යැයි කිව හැකි එක සිතුවිල්ලකි මා ජිවත් කල.
එනමි ආදරයකි, කිසිදින මගේ නොවුන

 සිතුවිල්ලකට පමණක් මගේම උන එක චරිතයක් මතකයි සැබෑවටම මා ආදරය කල.
වර්ෂ ගණනක් අත්විඳි සැබෑ ආදරයකි,
 ඒක පාර්ශ්වික

දෙව් දුවක් නොවේ ඇය වෙන උන්ගේ හීන වල තරමට ලස්සන
 ත‍ලෙළු සමකට ලස්සන සිහින් ඉඟකට හිමිකම් කිව්වට 
උරහිස ළඟට දිග කෙට් කොන්ඩයක් තිබුනට ඒ රූපය හැමදාටම මගේ සිත බැඳගත්ත 
කෙතරම් වෙරදැරුවද ඈ වෙත ලං වන්නට හැමදාමත් ඈ පළවෙනියය මම අන්තිමයාමය

ඇගේ නම කියා මිතුරන් විසුළු කල මොහාතක් ගැන මතකය තවමත් මැවේ මේ නෙත් අභියස. 
ඇගේ නමින් මට මිතුරෙකු අඬගැසුව. කිමද බන් විමසන්නට ක්ෂණයකින් මා පසු පස හැරුණ.
 හදවතේ රිද්මය පරිසරයම නිහඬ කෙරුවා වැනිය.   ඈ මා පසු පස සිට මා දෙසම නෙත් යොමා සිටින.
 ඒ ඇස් තුල තිබුන කුමක්දෝ දිලිසෙන හීනයක් ගැන වර්ෂ ගණනක් මා හීනයක් ලෙස දකිමින් ජිවත් උන

කාලය පියඹයි අපි එහි පාවෙමු නුඹ නුඹ ලෙසද මම මම ලෙසද කිසිදාක ඈත්විමක් නොමැතිව අපි අපේ හීන තුල
තප්පරයකි අප දෙදෙනාටම අයත් නොවුන, නමුත්, නුඹේ උන, මගේ උන, තප්පරයක් ගෙවුවෙමු තම තමන්ගේ කොට
සුළඟට විසිරුනු කෙටි වරලස, ජිවිතයම මඟ නවතන නුඹේ මදහස, නිහඬ පෙමිවතෙකුට මඟ පෙන්වුව
හමුවෙනු නැති, වෙන්වෙනු නැති, සාදාකාලික ආදරයකි වර්ෂ ගණනක දුර ගෙවාගෙන පැමිණෙන

Monday, December 31, 2012

......අවසන ඇය හදිසි දොරෙටුවෙන් පිටවී යන ලදී.......




  මම වැඩිදුර නොහිතනව නුඹේ වචන වලින් කියනව නමි සැරින් සැරෙට සුළඟ වගේ වෙනස් වෙන්න පුළුවන් උනා නමි නමි වේදිකාවේ රඟපාන විදිහට ජිවිතේදිත් රඟපාන්න පුළුවන් උනා නමි ගොඩක් දේවල් වෙනස් වෙන්න ඉඩ තිබුනා ඊටත් වඩා මම සාම්ප්‍රදායික පෙම්වතෙක් උනානම් නුඹට ආදරයේ අංශුමාත්‍රයක්වත් නොලැබෙන්න තිබුනා කොහොම කියන්නද නුඹ නොතේරෙනවා වගේ ඉන්නවද නැත්නමි ඇත්තටම නොතේරෙනවද?
  මිනිස්සු ප්‍රශ්ණයක් උන වෙලාවකට උදවු ඉල්ලන්නේ තමන්ට වැඩියෙම විස්වාස කෙනාගෙන් නුඹට ප්‍රශ්ණයක් උන වෙලාවේ නුඹව සැරයක් රවට්ටපු කෙනාව නුඹට මට වඩා විස්වාස උනා ඒ කියන්නේ මාව ඒ තරම්වත් විස්වාස නෑ කියන එක නේද? අපිට පුළුවන් නමි අපේ හැම හැඟිමක්ම පාලනය කරන්න නුඹට ඔය ලැබෙන තරම් ආදරයක් සමහරක් විට එහෙම කරපු නුඹ අද කියනවා මට නුඹ ගැන විස්වාසයක් නෑ කියලා ඔනිවටත් වඩා නුඹව විස්වාස කරපු නිසා තමයි මෙච්චර කාලයක් නුඹ ළඟ හිටියේ
  මේක ආදරයක්ද කියලා දැන්නමි හරියටම අර්ථ දක්වන්න බෑ මට ආදරයකට වඩා දැන් අපේ බැඳිම යුතුකමක් වෙලා නුඹට කරපුවට නුඹ මට යුතුකම් ඉටු කරනවා උඹේ දෙමව්පියන්ගේ විශ්වාසෙට මම යුතුකම් ඉටුකරනවා  අන්තිමේදි හැම බැඳිමක්ම ගලා යන්නේ මේ විදිහටද
   පරිසරයට ආදරෙත් දැන් දැන් අනුවර්ථනය වෙලාද කොහෙද හිටි ගමන් අවිස්වාසය නුඹේ හිතට දුවගෙන එනවා ඒකත් භෞතික සාධකයක් නිසානම් මම දෙපාරක් නොසිතම නුඹව සාධාරණිකරනය කරනවා නුඹ හැම වෙලාවෙම අවිස්වාස කරන්නේ මගේ හිත
     නුඹටත් ඕනී බොළඳ ආදරයක්ද වචන වලින් විතරක් දැනෙන නුඹට ආදරේ දැනෙන්නේ වචන වලින් විතරද මටත් පුළුවන් ඒහෙම වෙන්න හැබැයි මම එහෙම වෙන්නෑ නුඹට නිදහස තියෙනවා වචන වලින් විඳින පාට තවරපු සීනී බෝල ආදරයක් හොයන් යන්න  කෙනෙකුට බෑ තව කෙනෙකුගේ හිතකට මායිමි බඳින්න හොයන් පලයන් නුඹේ කැමැත්ත සීනී බෝල ඇතුලෙන් සැබැවක් හොයා ගත්ත දවසට ඇවිත් කියලා පලයන් කෑගහලා මම වැරදියි කියලා බලන් ඉන්නවා මම ඒ දවස එනකම්
   හිතට අවංකවම කියන්නද එක දෙයක් නුඹ ඔය දකින හීනේ ඇත්තට උනත් නැතත් හැබැවෙනවනම් මම කැමතියි මොකද නුඹේ හීනේ බිඳුන දවසට ආයේ මාව හොයාගෙන ආවොත් නුඹව පිළිගන්න මට බැරිවෙයි
  
  නුඹ වගේ සැහැල්ලුවට කඳුළු බින්දු තුන හතරකින් හැමදේකම නිමාවක් දකින්න පුළුවන්නම් මටත් ජිවිතේ හරිම ලේසි වේවි ඒත් නුඹට වගේ නෙමෙයි මගේ වටේට ඉන්න ජිවිත වලට මම වගකියන්න ඕනී මගේ හිනාවට ශක්තිමත් වෙන සමහර ජිවිත කඩාවැටෙන්න ඉඩදෙන්න බෑ ඒ සමහරක් ජිවිත පිළිවෙලකට ගලන්නේ මම නිසා කියන එක අමතක කරන්න බෑ මට හැමදෙයක්ම දාලා දුවන්න බෑ ලෝභ කමට නමි නෙමෙයි තවමත් සමිපුර්ණ නොකරපු යුතුකමි තියෙන නිසා
   මතකද නුඹට පටන් ගැන්මෙම පොරොන්දුවක් උනා මේ කථාවට නුඹම තිත තියෙනකමි මම කොමාවක්වත් තියන්නේ නෑ කියලා පොරොන්දු තියෙන්නේ කඩන්න කියලා මම හිනාවෙලා කිව්වට කොහොම හරි පොරොන්දුව ආරක්ෂාවෙලා  නුඹට පුළුවන් හිතේ සතුටින් තිත තියන්න

Saturday, December 22, 2012

........අම්මේ නුඹ මං දැකපු හීනයක්......


  

 අම්මා කියන වචනේ විහිළුවක්ද කියලා හිතිච්ච වාර ගාන මට හරියටම කියන්න බෑ ඒක ඒ තරම්ම වැඩියි. ඒක මුලින්ම මාව රිදෙව්වේ මම මොනිටිසෝරියේ දි, අවුරුදු විස්සකට කලින් කාලය කොච්චර දේවල් යට ගැහුවත් අම්මා කියන වචනෙත් එක්ක බැඳිච්ච කිසිම දෙයක් අමතක කරවන්න බැරි උනා, මුලින්ම අම්මා කියලා දැනගෙන හිටපු කෙනා එක පාරටම පුංචි අමිමා උනේ කොහොමද කියලා ඒ දවස්සවල හිතන්න මට ශක්තියක් තිබුනේ නෑ කරන්න පුළුවන් ලොකුම දේ වේල් තුන හතරක් නොකා අඬන එක විතරයි ඒත් ඒ ඇඬිල්ලට පුළුවන් උනේ අම්මා කියලා තවත් ආදේශකයක් ගෙනත් දෙන එක විතරයි. ඒ ආදේශක හැමදම තියෙන්නේ නෑනේ දෙවෙනි සැරේටත් අම්මා පුංච් අමිමා උනා මම ඒ දවස් වල පුංචි කියන වචනෙට තරම් වෛයිර කරපු තවත් දෙයක් නැති තරමි. අමිමා කියලා හැමවෙලාවෙම දැවටිලා හිටපු කෙනා පුංචි උනාම ඒ වචනෙට වෛයිර කරනවා ඇරෙන්න වෙන කරන්න තරමි දෙයක් මම ඒ දවස් වල දැන හිටියේ නෑ තුන්වෙනි සැරෙට ආපහු අම්මා කෙනෙක් හම්බ උනා, ඒ අමිමා ඇත්තම අමිමා උනත් අනේ මන්දා හිතට ලොකු අඩුවක් තිබුනා. ඒත් ඒ අඩුව මකලා ඇත්ත අමිමා විදිහට මගේ හිතේ නවතින්න එයාට බැරි උනා බැරි උනා නෙමෙයි ඇත්තටම නම් එයාට වෙලාවක් තිබුනේ නෑ, ඒක තමයි හරින වචනේ.
    තාත්තා, අම්මා කෙනෙක් ගැන මවපු හීන කුඩුපට්ටම් වෙලා තිබුන ඒ කාලේ තාත්තා කියෙන චරිතේ ගැන එච්චරම ලොකු දැනිමක් තිබුනේ නෑ. ඒ චරිත දෙකම ඇත්තටම නැති උනේ ඇයි කියලා හිතන කොට සල්ලිත් එක්ක මට පුදුම කේන්තියක් තියෙන්නේ ඕනීම කාලෙට නැතුව හැම දෙයක්ම විදදරාගන්න පුළුවන් මේ කාලේට ඒ චරිත දෙක මට හම්බ උනාට  ඒ අය එක්ක දැවටෙන්න හුරතල් වෙන්න දැන්මට බෑ ඒ අය මාව එහෙම හුරතල් කරන්න ලෑස්තිත් නෑ.
     අම්මේ දන්නවද මම ඔයාව හිතෙන් මවා ගත්තා මට ඕනීම විදිහට මම ආසම විදිහට ඊට පස්සේ ඔයාව මගේ හීනේ කරගත්තා හැමදාම ඒ හීනෙත් එක්ක මම කථා කලා මගේ හැම ප්‍රශ්ණයක්ම කිව්වා හිනේ අම්මත් ඒ හැමදේම අහන් හිටියා ඒ හිනේ අම්මට ඔයගේ රූපේ දුන්නා එහෙමයි ඔයාට පුරවන්න බැරි උන ඔයාගේ අඩුව මම ඔයා වෙනුවෙන් පිරෙවිවේ. අළුත් අම්මා, මගේ ඇත්තම අම්මා ඔයාට නිවාඩු නෑ කියලා මම දැනන් හිටියා. අනේ, මම ඒ ගැන දැනගෙන හිටියේ නැත්තමි අඬලා අඬලා මට ඔයාව ලඟ තියා ගන්න තිබුනා සතියකට සැරයක් මාව බලන්න ආවා. මම ටිකක් ලොකු උනා ඔයාගෙයි තාත්තගෙයි රස්සාවල වටිනා කම තෙරෙන්න ගත්තා අවාසනාවකට වෙන්න ඇති මම ලොකු උනා සතිය දෙක උනා මම තව ටිකක් ලොකු උනා සතිය මාසේ උනා හිතේ හයියට හීනේ අමිමා ඔයා වෙනුවට ලඟ හිටියා. එයා මගේ කඳුළු දැක්කා අමිමේ ඔයාගේ වචන ඔයා වෙනුවට හීන අමිමා දිහා බලන් මම හිතුවා. අමිමේ කොහොම උනත් නුඹ මගේ අම්මනේ මම අදටත් පුංච් කියන වචනෙට ආස නෑ ඒත් පුංච් වෙන්න කලින් හිටිය අම්මලාට ආදරෙයි. අනේ මන්දා ඔයාට විතරක් දෙන්න තිබුන ආදරේ බෙදුනද මන්දා ඒත් මොනා කරන්නද? අම්මේ ඔයා දැන් මගේ ළඟ ඉන්න කොට දෙන්න හුඟාක් ආදරේ මා ළඟ නැති වෙන්න පුළුවන්. ඒත් මම ආදරෙයි අම්මේ, අම්මත් එක්ක වැඩ්ය කථා නොකලට තරහා වෙන්න එපා. ඔයා කියලා මම හිතේ මවා ගත්ත ඔයාගේ රූපේ තියෙන් හීන අමිමා ඔයා වගේ නෙමෙයි. ඒයා මම කැමති විදිහට මට ආදරේ කරනවා. ඒත් ඒ ඔයා නෙමෙයිනේ ඒ අම්මා කියලා තමයි මම ඔයාව මගේ හිතට ගෙනාවේ ඔයා කථා කරන වචනයක් වචනයත් ගානේ ඒ හීන අම්මා විනාස වෙනවා කොහොද අම්මේ අවුරුදු ගානක් මං ළඟ හිටිය එයාව විනාස කරන්නේ. තාමත් මම හොරෙන් ඒ හීන අමිමා වෙනුවෙන් අඬනවා අම්මේ, ඒ අම්මා ඔයාගේ වචන වලින් දුර්වල වෙලා. මම ඔයා එක්ක කථා නොකර ඒ අම්මව ආපහු ශක්තිමත් කරනවා, ඔයාට දුකක් දැනෙයි අම්මේ මම හැමදාටම ඔයා ළඟ ඉන්නවා,  ඒත් හීන අමිමා නැති වෙලා ගිය දවසට මේ පුතත් නැතිවෙයි අමිමේ, මාව මෙච්චර කල් බලාගත්තේ ඒ හීන අමිමා, එයා මාව දාලා ගියොත් මගේ ළඟ කව්රුවත් නැතිවෙයි අමිමේ, මම ආස විදිහට කව්වරුවත් නැති වෙයි අම්මේ, මන් එයා එක්ක ඉන්නවා අම්මේ, බයවෙන්න එපා මම ඔයා ආස විදිහට ඔයා ළඟ ඉන්නම්. ඒත් වැඩ්ය කතා නොකර.

ප.ලි :- මෙය මව් සෙනෙහස හිටිස් සඳහා මාකට් කිරිමක් නොවේ. හුදෙක් හිතට දැනුනු දෙයක් සයිබර් පිටු අතර ලියා තැබීමක් පමණි....