Pages

Saturday, March 3, 2012

.....බුතයෝ එක්ක අපි...........





ෆේක් ලෝකයේ හැමදාම කථාවෙන සිද්ධි ආතල් සිද්ධි වෙනුවට ට්කක් බැරෑරුමි කැටගරි එකක් පොඩි කථා බහක් ඇති උනා ලඟදි දවසක
ඒ හොල්මන් ගැන හොල්මන් වලට කරන්න පුළුවන් දේවල් ගැන
හැබැයි හොල්මන් කරපු කුජීත වැඩ ගැන නොවයි හොල්මන් මිනිහෙක්ගේ සිරුරට ඇතුල් වෙලා කරණ වැඩ ගැන
මේ කථා බහෙදි කිහිප දෙනෙක් තමන් අත්විදපු  සත්‍ය අත්දැකීමි ටිකක් ඉදිරිපත් කලා
මේ අය තමන්ගේ නමි පල කරනවට තරයේ විරුද්ධ උනේ මේ ගැන ප්‍රකාශ කල ගොඩක් අයව මානසික රෝගීන් යැයි හංවඩු ගැසු මෝඩ අඳබාලයන් නිසයි, මේ මාතෘකාව ගැන පරීයේෂණ කරපු ව්ද්‍යාඥ්ඥයන් විෂාල ප්‍රමාණයක් පෙර අපර දිග රට වල් වල සිටි
ටම්ම ව්ද්‍යාඥ්ඥයන් එවැනි කොඨටාෂයක් සිටින බව විවිධ පරීක්ෂණ මගින් සනාත කොට ගෙන තිබේ.
........................................................................................................................................................
කිහිප දෙනෙක් තමන් අත්විදපු  සත්‍ය අත්දැකීමි විස්කර කලේ පහක ආකාරයෙනි
..............................................................................................................................................................
මෙක හොල්මන් ගෑන මම ලබපු අත්දෑකිමක්..............මිට සතියකට උඩදි....මමයි තව යාලුවො 5 දෙනෙකුයි.....ගියා කුරුණෑගලට අසන්නයේ මම හිතන්නෙ පොල්ගහවෙල...හරියෙ...හොල්මනගෙදරකට.....මෙ ගෙදර හිටපු පවුලක් (අම්මා,තාත්තා,දුව )කපලා කොටලා මරාදාලා........දෑන් හොල්මන් කරනවයි කියලා කියපු ගෙදරකට මේකේ විශේෂය කියන්නෙ මෙකෙ මහ දවල්ටත්.........මිනිස්සු කතාකරන හිනාවේන....මරබියෙ කෑගහන සද්ද ඈහෙනවාලු.........(ගොඩක්ම ඈහෙන්නෙ අර මරාදාපු දුවගෙ සද්දයලු )තව කුස්සිය පෑත්තෙන් රෑට......සුදු චායාවක් එහා මෙහා යනවත් දෑකලා තියනවාලු......තව පොඩි ලමයෙක් සෙල්ලම්( අර මෑරුන දුව කියලයි කියන්නෙ ) කරන සද්ද ඈහෙනවාලු.........
ඉතින් අපි ඔය ගෙදර...බලන්න යනකොට....මග හිටපු ගෑනු කෙනෙක් ඈහුවා අපෙන්.......පුතාල ඔය ගෙදර බොඩ් වෙන්නද ??? යන්නෙ කියලා .....මම ඈහෑව්වා ඈයි එහෙම අහන්නෙ කියලා....එ ගමන මේ ගෑනු කෙනා කිව්වා...පුතාලා මන් ගෑන විහිලුවට හිතන්න එපා ඔය ගෙදර මෙහෙමයි කියලා ඔය විස්තර ටික කිව්වා.......අපි ඉතින් එවත් අහගෙන අර ගෙදරට....ගිහින් කුරුසෙ ඈදලා ඈතුල් උනා.....එතකොට දවල් 2කට විතර ඈති.........ඈතුලට ගියාට පස්සෙ හිතුනා අපි කරගත්ත....පුත්තලම් බුරු වෑඩෙ ගෑන හෑමොටම ඔන උනෙ ආපහු එලියට් එන්න එත් ඈතුලෙ මෙලො හොල්මනක් තිබුනෙ නෑ...තිබුනෙ නෑ එත් අපි අවටින් අපිට නොපෙනෙන දෙයක් සෑරිසරනවා දෑනුනා..........තව දෙයක්.......අර අපි ඈරන් ගිය දොරත් පරන හින්දා තදට ඉබෙ වෑහිලා තිබුනා...........අපි අපහු ඉක්මනින්....දොර ඈරන් එලියට අවා....ඈවිත්.......හති ඈරලා....ආපහු කෑබ් එකට නෑගලා යනකොට අපෙ යාලුවෙක් දෑකලා තියනවා..... එ ගෙදර උඩ තට්ටුවෙ සුදු පාට ගෑනු හෙවනෑල්ලක් අපි දිහා බලන් ඉන්නවා එත් ඌ අපිට එක එවෙලෙ කිවෙ නෑත්තෙ අපි බය වෙවි කියලා...........පස්සෙ අපි ගෙදර ඈවිත් කරපු මොඩකම් ආයෙ නොකරන්න හිතාගත්ත.........එත් අපේ යාලුවෙක් පස්සෙ කිව්ව.......එ ගෙදරවත්තෙ ජම්බොල ගහ ලග කවුරු හරි හිටිය කියලා.......
යාලුවනෙ.....මම ඔයාලට කියන්නෙ....විහිලුවටවත් අපි කරපු වෑඩ කරන්න එපා...මට මතකයි මම ඉස්කොලෙ යන කාලෙ කාසියෙ භුතයා කියලා හොල්මන් වෑඩක්...කලා තව විදුරුවෙ භුතයා....කියලා......වෑඩකුත් කලා...... (අනික තමයි මේ කතාව බොරුවක්ද??? නෑත්තනම් ඈත්තක්ද?? කියන එක තිරණය කරන්න නිදහස් කෑමෑත්ත ඔයාලට තියනවා ආයෙ මේ කතාව මගෙන් අහන්න එපා ඔය සිද්දියෙන් පස්සෙ මම ගොල්ඩ්ලිෆ් සිගරෑට් පෙට්ටි 2ක් ඉවර කලා........අඩුම ගානේ මගෙ අම්මා තාත්තාවත් මෙක දන්නෙ නෑ )


................................................................................................................................................................


අපෙ අම්මාට අපෙ අයියා .......ලෑබිලා.......ඒ වේදනාවටම සිහිය නෑතිවෙලා තියනවා ඉස්පිරිතාලෙදි............එයා ඈදෙ ඉද්දි එයාගෙ ආත්මෙ ඈගෙන් එලියට ගිහින් එයාට එයාගෙ ඈගම උඩ ඉදන් දෑකලා තියනවා............පස්සෙ අපෙ අම්මා......මුලු ඉස්පිරිතාලෙ වටෙම පාවේලා ගිහින් තියනවා.........එතකොට අපෙ අම්මා දෑකලා තියනවා අපෙ අම්මා වගෙම තව ආත්ම් ඉස්පිරිතාලෙ ඉන්නවා........පෙලක් ආත්ම කලුයිලු එයාලා අඩනවාලු..........පෙලෙක් ආත්ම සුදුයිලු අපෙ අම්මා වගෙ එයාලා හරි සතුටින් පාවෙනවාලු................ඊට පස්සෙ එක පාරටම අපෙ අම්මව..............ගහගෙන ගිහින්.......ආපහු ඈගට ඈවිත් .......සිහිය ඈවිල්ලා තියනවා අපෙ අම්මා වටෙ ඔලුව කරකවලා හෙව්වාලු කො අනිත් අය කො කියලා..........

..............................................................................................................................................................




සීන් එක මෙහෙමයි මචන් අපි ට්‍රීප් එකක් ගියා නුවර එළියට. මීට අවුරුදු තුනකට කලින්. අපි හිටියේ ගෙස්ට් හවුස් එකක ඒක හරි අමුතු තැනක්. අපි ගිහින් එතන එලියේ ෆොටොස් ගත්තා, එහෙම ගද්දි අපේ යාළුවෙක්ගෙ කකුලෙන් කවුරු හරි ඇදලා එතන තිබ්බ බෑවුමට ගත්තා, ඌ ලිස්සලා වැටුනේ නැ ඒක හොඳටම ෂුවර් ඌ වටුන විදිහ දැක්කම ඕන පොඩි එකෙක්ට තේරෙනවා ඌව කවුරු හරි ඇද්දා කියලා, ඒ හවස අපි ඕක වැඩිය ගණන් ගත්තේ නැ
ඊට පස්සේ රෑ හෝමි ගහන්න පටන් ගත්තා, හෝමි ගගහා ඉද්දි මන් ඉපදුන අවුරුද්ද ගැන ප්‍රශ්නයක් ඇදුනා, ඒතනින් තමා හැමදේම පටන් ගත්තේ...
ඒ එක්කම අපේ වෑන් එක එලවපු ඩ්‍රයිවර්ගේ හැසීරීම අමුතු වුනා එයා ඉන්ග්‍රීසියෙන් කථා කරන්න පටන් ගත්තා. පොඩ්ඩක් හිතපන් ඉස්කෝලෙ ගියෙවත් නැති ඉන්ග්‍රීසි ෆිල්ම් එකක්වත් බලලා නැති එකෙක් ඉන්ග්‍රීසි කතා කරනවා කිව්වම. එයා මට එක එක දේවල් ඉන්ග්‍රීසියෙන් කිව්වා ඒ කිව්වෙ සාමාන්‍යෙන් ලන්කාවේ මනුස්සයෙක් ඉන්ග්‍රිසී කථා කරන විදිහට නෙමෙයි එයා කතා කලේ සුද්දෙක් විදිහට
ඊට පස්සේ මිනිහා එක පාරටම ඇඳට වැටුනා ඌ නිදි වගේ සිහිය නැති වුනා.  ඌට වැහුනේ සුද්දෙක්ව ඒක මන් අන්තීමට කියන්නන්
ඊට පසේ මගේ යාළුවෙක්ගේ හැසිරීම අමුතු වුනා එයා වෙන භාෂාවක් කථා කලා ඒක දෙමළ වලට සමාන වෙනත් භාෂාවක් මන් දන්නේ නැ ඒ මොකක්ද කියලා හැබැයි ඒ දෙමළ නෙමෙයි මොකද මට හොඳටම දෙමළ කථා කරන්න පුළුවන්. එයා විකාරෙන් එක එක දේවල් කියෙව්වා අපි ඔක්කොමලා භය වුනා කාට්ටියම පිටි පස්සට ගියා. ඊට පස්සේ මිනිහා ආයේ අර සිහිය නැති ඩ්‍රයිවර් ගාවට ගිහි ඌට ගැහුවා
ඒත් එක්කම අර යාළුවා ටොයිලට් එකට ගියා ඌ මොකටද ගියේ කියලා දන්නේ නැති නිසා අපිත් ගියා බලන්න අපිට පට්ට කුණුහරුපෙන් බැන්නා. ඩ්‍රයිවර්ට ගැහුවේ ඇයි කියලා ඌට අන්තීමට 
ඒත් එක්කම වගේ මගේ ලඟ හිටපු තව යාළුවෙක් කෙල්ලෙක්ගේ කට හඩකින් කෑ ගහන්න පටන් ගත්තා. විශ්වාස කරනවානන් කරන්න එයාට වැහිලා තිබුනේ කෙල්ලෙක්ව. ඊට පස්සේ ඌ මාව බදාගත්තා මන් හිතුවා මාව මැරුවා තමයි කියලා ඒත් ඌ මාව බදාගෙන තියෙන්නෙ භයට මොකද ඌගෙ ඇඟේ ඉන්නේ කෙල්ලෙක් නිසා
ඊට පස්සේ අර අමුතු භාෂාවක් කථා කරපු යාළුවා තව වෙනත් මොකක්ද තේරෙන්නෙ නැති වචන වගයක් කිව්වා. එතකොට එයා හැසිරුනේ වෙනමම කෙනෙක් විදිහට ඒ කියන්නේ එතකොට එයාගේ ඇඟේ හිටියේ අර කලින් එයාගේ ඇඟට ඇතුල් වෙච්ච කෙනා නෙමෙයි
ඒ වගේම අර කෙල්ලෙක් ඇඟට ආපුයාළුවත් වෙනස් වුනා. ඌ කකුළක් නොන්ඩි ගගහා මුළු කාමරේම දුවන්න ගත්තා. අපිට හිතාගන්න බැරුව ගියා මේ මොකක්ද වෙන්නෙ කියලා
ඌගෙ ඇඟට ආයේ තව කකුලක් නැති ආත්මයක් ඇතුල් වෙලා....
මට එතනින් පස්සේ මතක නැ, ඔතනින් පස්සේ වුන දේවල් මට යාළුවෝ තමයි කිව්වෙ. මොකද මන් මැරුනා
මට තේරුනේ මගේ සිහිය නැති වෙනවා වගේ අප්‍රාණික ගතියක්, ඒත් එක්කම තේරුනා මගේ ආත්මේ මගේ ඇඟෙන් ගමන් කරනවා. ඊට පස්සේ මට මතක මන් නුගේගොඩ ගුවන් පාළම උඩ ඉඳන් රොටරි එක පැත්ත දිහා බලන් ඉන්නවා. ටිකක් වෙලා මන් එතන ඉඳලා මගේ ගර්ල් ෆ්‍රේන්ඩ් ගාවට ගියා එතකොට එයා නිදි මන් එයාගේ කොන්ඩේ අතින් ඇල්ලුවා... එයාගේ කොන්ඩේ අතගෑවා
ඊට පස්සේ මන් මගේ යාළුවෙක් ගාවට ගියා යද්දි එයත් නිදි. පුදුමෙ කියන්නේ අපි ට්‍රීප් එක ගිහින් ආවම ඌට අපි මේ ගැන මුකුත් කියන්නත් කලින්  කිව්වා ඌ මාව ඊයේ රෑ හීනෙන් දැක්කා කියලා
ඔවා ඔහොම වෙද්දි අර මුලින්ම ආරුඩ වුනා එකා කියලා තියෙනවා මගේ ලඟ හිටපු තව යාළුවෙක්ට මන් මැරිලා ඉන්නේ කියලා ඒ කියලා තියෙන්නෙ ඌගේ ඇඟේ ඉන්න හොල්මන. එතකොට අනිත් යාලූවෝ ටික මගේ හුස්ම තියෙනවාද කියලා බලලා තියෙනවා. මගේ හුස්ම තිබිලා නෑලු මන් මැරිලලු ඒ වෙලාවේ අපේ අනිත් උන්ට පිස්සු හැදුනලු හිතලා බලහන් ඔහොම දෙයක් වුනාම මොනවා හිතෙන්න ඇද්ද කියලා
ඊට පස්සේ ඌම කියලා තියෙනවා මාව කෙලින් කරන්න කියලා. අනිත් යාළුවෝ භය වෙලා මොකද මිනියක් කෙලින් කරන්න කාට වුනත් භයයිනේ. ඒ වෙලාවේ එකෙක් ඇරෙන්න ඔක්කොම උන් අඩලා. ඊට පස්සේ අරුම ඇවිත් මාව කෙලින් කරලා මගේ පපුවට හයියෙන් එකක් ගහලා ඒත් වෙනසක් වෙලා නැ ඊට පස්සේ එක දිගටම ගහගෙන ගහගෙන ගිහින් එතකොට මට කැස්සක් එක්කම පන ඇවිත්
අපි ඊට පස්සේ උදේ වෙනකන්ම ඇහැරිලා හිටියා මොකක් කරන්නද කියලා හිතා ගන්න බැ. උදේම යන්න කථා වුනා. කොහොමහරි උදේ වෙලාව අටට විතර ඇති අපි යන්න ලෑස්ති වුනා ඒත් ජනේලයෙන් එහා පැත්ත බලද්දි මට මාර අමුතුයි. ඒ පැත්ත ඕන කමින් බලද්දි කව්දෝ පෙනෙන නොපෙනෙන චායාවකින් එතන ඉන්නවා ඒ කෙල්ලෙක් කකුල නෑ එයාගේ
එයා තමයි අර කලීන් කියපු යාළුවට වැහිලා තිබුනේ. මට ඒ කෙල්ල කාමරෙන් එළියට යන්න දුන්නේම නැ මාව ජනේලෙ ලඟටම ගන්නවා. එතන තමයි මන අර ඉස්සෙල්ලාම කියපු යාළුවගේ කකුළෙන් ඇදපු තැන.
ඊට පස්සේ මාව අනිත් යාලූවෝ කොහොමහරි කාමරෙන් එලියට ගත්තා. අපි ඔය සීන් එක ගේස්ට් හවුස් එකේ එකාට කිව්වා. ඌ ඊට පස්සේ අපිට ඔය සීන් එක පැහැදිලි කලා
මේකයි සීන් එක ඉස්සර සුද්දෝ හිටපු කාලේ එක සුද්දෙක් කකුලක් නැති කෙල්ලෙක්ව දූෂනය කරලා තියෙනවා ඒ පැත්තේ. ඒ කෙල්ල ඉන්දියාවෙ ඉදලා මෙහෙට ආපු කෙල්ලෙක්. අර අමුතු භාෂාව කථා කරලා තියෙන්නෙ එයාගේ අයියා. ඕක ඔය ගෙස්ට් හවුස් එකට එන අයට සිද්ධ වෙන සාමාන්‍ය දෙයක්ලු ඒක අපිට වැඩිය ගණන් ගන්න එපා කිව්වා. ඔහොම කිඅය්ද්දි අපිට මොනවා හිතෙන්න ඇද්ද කියලා හිතලා බලහන්. ඌ අර විදිහට කියලා කට ගන්නවාත් එක්කම අපේ එකෙක් ඌට කම්මුලට ඇරලා ඉවරයි. ඊට පස්සේ තව දෙන්නෙකුත් ඌට අම්භානෙක ගැහුවා. අපි හිටපු සල්ලි දුන්නෙත් නැ. ඔහොම සීන් තියෙනවානන් ඇයි ඕවා මිනිස්සුන්ට දෙන්නෙ...
ඊට පස්සේ තමයි පුදුම දේවල් වුනේ... අපි වෑන් එකේ එන්න පටන් ගත්තා, ඒතකොටත් එකෙක්ගෙ ඇඟේ තාම අරයා ඉන්නවා, ඩ්‍රයිවරුයි අනිත් එකයි අවුලක් නැ. ඔහොම එද්දි අරු එක එක දේවල් කියෙව්වා ඒ කිව්වෙ පැහැදිලි දෙමලෙන්. ඒ කිව්ව හැමදේම හරි ගියා, ඌ එන්න පටන් ගද්දිම කිව්වා ඔය ඉස්සරහෙන් බයිසිකලේ කැඩිච්ච පොලිස් කාරයෝ දෙන්නෙක් ඉන්නවා කියලා ඒක ඒ විදිහටම වුනා

ඔය වගේ තව ගොඩක් දේවල් කිව්වා ඒ හැමදේම හරියටම හරි ගියා. අර නුවර එලියේ ඉදලා එද්දි තියෙන්නෙ බන් පාළමක් දෙපැත්තෙ කඩවල් තියෙන තැනක් මට එතන්ට කියන නම මතක නැ. එතන අපි වාහනේ නැවැත්තුවා. මමයි තව එකෙකුයි බැහැලා ගිහින් ඒ පාළමේ වැට උඩින් ඉඳගත්තා පිටිපස්සට වැටුනොත් සොරිම තමා කෑලිත් හොයා ගන්න බැ. අන්න එතන මගේ පර්ස් එක තුන් සැරයක්ම බිමට වැටුනා මගේ සාක්කුවෙන් කවදාවත්ම පර්ස් එක වැටිලා නැ එදා තමයි එකම දවස එහෙම වුන ඒ වැටුනේ අර වැටෙන් එහා පැත්තට හැබැයි ඒ තුන් පාරම මට පර්ස් එක ගන්න පූලුවන් විදිහට පල්ලමට වැටෙන්න ඔන්න මෙන්න තිබුනේ. ඒත් ඒ පල්ලමේ යට මොකක්දෝ අමුත්තක් හිතට දැනුනා හිත කිව්වෙම යටට ඔළුව දාලා බලන්න කියලා ඒත් මන් එහෙම කලේ නැ. බෝතලෙන් වතුර ටිකක් වක් කරගෙන මූන හොද ගත්තා
යාළුවෙක් එවෙලේ අපි ෆොටො ගත්ත කැම් එක අරන් නිකන් ෆොටෝස් බැලුවා, එතකොට එක ෆොටෝ එකක් තිබුනා කිලෝ මීටර් ගණන සදහන් කරපු පුන්චි කණුවක. ඒකේ කිලෝ මීටර් ගණන විදිහට තිබුනේ මන් ඉපදුන අවුරුද්දේ අන්තීම ඉලක්කම් දෙක. අපි කවුරුවත්ම එහෙම ෆොටෝ එකක් ගත්තෙත් නැ එහෙම කණුවක් ගැන මතකයකුත් නැ. මතකද මන් මුලින් කිව්වා හෝමි ගගහා ඉද්දි මගේ උපන් අවුරුද්ද අහලයි ඔය සීන් එක පටන් ගත්තේ කියලා
තව ගෙදරට එනකන්ම ඔය වගේ සීන් වුනා. ගෙදර ආවට පස්සේ ඔය සීන් එක කිව්වම පුන්චි මාව මෙන්ටල් ඩොක්ටර් කෙනෙක් ගාවට ගෙනිච්චා. මාත් එක්ක එවෙලෙ හිටපු අය ඇරෙන්න ඔය සීන් එක අදටත් කවුරුත් විශ්වාස කරන්නේ නැ... අර මුලින්ම ඇඟට ආපු යාළුවව එයාගේ අම්මා කට්ටඩියෙක් ගාවට ගෙනිහින් තිබුනා එයා කියලා තිබුනා මෙයාගේ ඇඟට අමුනුශ්‍ය ආත්ම හතක් ඇතුල් වෙලා කියලා. ඒ ආවට පස්සෙත් අර යාළුවා යද්දි එයාගේ ඇඟට කිසිම හේතුවක් නැතුව බල්ලෝ බුර බුර පනින්න පටන් ගත්තා

.................................................................................................................................................................
මේ වගේ තවත් කථා තියනවා පුනර්භවය හා පුනුරුප්පත්තිය කියන පොතේ ඒ ගැන කරපු පරීක්ෂණත් සමඟම
............................................................................................................................................................






4 comments:

  1. ඔව් කියන්නත් බෑ..නෑ කියන්නත් බෑ. ඇහැට නොපෙනන බලවේග නෑ කියලා කියන්න අපිට බෑ...

    ReplyDelete
    Replies
    1. අපි නොදුටුවා කියලා කිසිමහම දෙයක් නෑ කියන්න බෑ
      ස්තූතියි පුංචි මේ පැත්තට ආවාට

      Delete
  2. අපි නොදන්න හැමදේම බොරුයි කියලා බැහැර කරන්ට බෑ.ඉස්සර මමත් වැඩිය ඕවා විස්වාස කළේ නෑ. ඒත් දන් නම් නොදන්න බව දන්නවා...

    ReplyDelete