Pages

Saturday, August 29, 2015

........නුඹේ නොවන නුඹ ගැනම මතකය...........


කියමි කවිමත නුඹ සිටිනා වග
දිවුරා කීවත් නුඹ
අනෙකුයැයි යැයි නුඹ නොවන වග
දනිමි සිත මෙන් මමද
ඇයට පෙර නුඹම සිටි වග

ඉඳහිටක ඇයට ලිවි කවියෙද
කොහිම හෝ නුඹත් හිඳ ඇත
මමද හිතද දනිමි හොදහැටි
ඒ දුකද අරන් ගියේ නුඹ බව

ඉඳහිටක නොව හැම විටක
හෙමිහෙමින් විදුහලට පිය නැගුව නුඹ ගැන
මතකයක් ඇත සිත තුලම ඇවිදින
පන්තියක නුඹ ළඟම උගත බව

නෙතු පියා ගත් මොහොතක
පන්තියක නුඹ උදැසනම
ඇවිද එන හැටි බංකු අතරින්
කිසිවෙකුත් නොව 
මා ඇසිපිය නොහෙලාම බැලුව වග
නුඹගෙ නොව මගේම මොහොතක
මතකයක් නොවෙද?

Friday, August 14, 2015

.......මියෙන්නට ළඟයි හිත ..........

වාසනාවකටද අවාසනාවකටද කොහොමද? කියන්න දන්නේ නැති උනාට
අවුරුදු හයකටම මට හොඳම යාළුවෙකුට ඉන්නේ මේ බ්ලොග් එක
ඒ එකම එක හේතුවයි කාටවත් කියන්න බැරි හිත මේ බ්ලොග් එක පුරාමන් ලියන නිසා
නිතරම නොලියන බ්ලොග් එක
වෙනසක් නෑ හරියටම මන් වගේමයි ඒ මම හිටපු හොඳම යාළුවට උනත් නිතරම මගේ හිත විවෘත නොකරපු නිසා
ඇත්තටම මට ලියන්න ඔින බලාපොරොත්තුවක් ගැන බලාපොරොත්තුවක් කිවිවට පහුගිය මාස 3ක් තිස්සේ මන් අරමුණක් කරගෙන පස්සෙන් දුවපු දෙයක් ගැන
අරමුණක් බලාපොරොත්තුවක් මොන නමකින් මන් ඒ ගැන කථා කලත් අන්තිමට මට කියන්න පුළුවන් ඒක තෑග්ගක්
ඔව් තෑග්ගක් ඇදුමක්
බලාපොරොත්තුව හිතේ තියන් හිටියේ මීට අවුරුද්දකට කලින්
ඒ එයාගේ උපන් දින තැග්ග විදිහට දෙන්න
ආසව තිබ්බට ඒ ඇඳුමත් එක්ක ගන්න වෙන ජුවලරිස් දකිනකමි හිතුවේ නෑ තව අවුරුදු 2 කට වත් ඒ තැග්ග එයාට දෙන්න පුළුවන් වෙයි කියලා
මාස අටකට කලින් එ් තෑග්ග දෙන්න තිබ්බ හේතුවෙන් පැනලා ආවට කවදාවත් හිතුවේ නැ එතනින් යන එන හැම සැරේකම ඒ බලාපොරොත්තුව හිතට දුකක් අරන් එයි කියලා
සතියකට සැරයක් ඒ දිහා බලා ගෙන එතනින් ඇවිද එන නිසා මුලු සතියෙම හිතුවේ කව්රුම හරි ඒක අරගෙන ගිහින් එහෙමත් නැත්තමි එතනින් අයින් කරලා තියෙනව නමි කියලා
ඒත් මාස 11ක් තිස්සේ ඒතනම තිබුනේ මන් දකින තරම් ලස්සනක් ඒ ඇඳුමේ තිබ්බේ නැති නිසාද නැත්තම් 1ට පස්සේ තිබ්බ අංක ගාන වැඩි නිසාද නම් කියන්න මන් දන්නේ නෑ
අන්තිමේදි මිට මාස තුනකට කලින් මං තිරණය කලා හේතුවක් නැති උනත් මන් ඒ ඇඳුම ගන්නවා කියලා
අන්තිමේ බලාපොරොත්තුව අරමුණක් වෙලා මන් ඒ වෙනුවෙන් අනිත් හැමදේම අයින් කරා
හැම බලාපොරොත්තුවක්ම සාර්ථක කරගැනිමේ රහස සල්ලි
 අන්තිමේ මන් අඩු වෙන්ම ආශාකරපු දේ මගේ අරමුණ උනා
කාලෙකට කලින් අතහැරලා ආපු ජිවිතෙට මට යන්න උනාත්
 පව්කාර උනත්
මට ඔිනි කරපුදේ ලබා ගන්න නමි ආපහු හැරිලා ගිහින් අතහැරලා ආපු පාරක යන්නම සිද්ධ උනා
අන්තිමේ ඊයේ මට ඔනි කරපු තැග්ග අර ගත්තා
ඒත ඒක අරන් කඩෙන් එලියට එනකම් මට කිසිම අදහසක් තිබ්බේ නෑ මන් ඒකත් එක්ක මොකක් කරන්නද කියලා
දවසම කල්පනා කරලා අන්තිමේදි හිත කියනවා
"හැම දේටම යන්න දෙන්න ඕනි "
ඇය වෙනුවෙන් තිබ්බ බලාපොරොත්තුව ඉෂ්ටකර ගත්තා
හැබැයි බලාපොරොත්තුවේ ප්‍රතිඵලයත් එක්ක මන් මොකක් කරන්නද හිතනන්න වෙලාවක් නැති වෙන්න තරමට මන් ඒ බලාපොරොත්තුව පස්සෙන් දිවිවා
හැමදේටම පස්සේ
අද දවස ගත කලේ මගේ කෙනෙක් වෙනුවෙන් ගත්ත තැග්ග මගේ නොවන කෙනෙකුට දෙන්න
හැබැයි අතහරින්න හිත පොඩ්ඩක්වත් කැමති නෑ හිතට උනා
 ඒ දේ වැඩිම වටිනාකමක් ගේන කෙනෙක්ට දෙන්න
දවස අන්තිමේ ඒ හැමදේටම ගැලපෙන කෙනෙක් හමිබ උනා
දුරයි පැය ගානක ගමනක් උනත් මට ඔිනි ඒ තැග්ග ලැබුනම ඒ කෙනාගේ මුණේ ඇති වෙන සතුටෙන් මගේ හිත පුරව ගන්න
 මන් දැනගෙන හිටියා මේක ලියන වෙලාව වෙනකොට මට මං ගැන කියලා සතුටුු වෙන්න පුලුවන් දේකට තියෙන්නේ ඒ හැඟිම විතරයි කියලා
හැම දේකම අවසානයේ මන් හිතුවේ මේ හැඟිමෙන් හිත විසිරිලා යන්න නොදි ආරක්ෂා කර ගන්න පුළුවන් වෙයි කියලා
ඒත් දැන් බලාපොරොත්තු අරමුණු දුක ආදරය මතකයන් හැමදේකම අන්තිමේ හිතට දැනෙන්නේ පුදුමාකාර හිස් බවක්
අරමුණක් නැති මම තනිකමෙන් පසුතැවිල්ලෙන් හිතේ ජිවය ඈතට පාකරපා ඇරියා
ඒ හැඟිම අත් විඳින ජිවිතේ පලවෙනි වතාව
මගේ හිත මාවම අතහැරලා ගිහින්
මගේම ජිවිතේ පහුකරන් ආපු වරදකාරි හැඟිමක් මගේ මොළයක් එක්ක රන්ඩු කරන කොට
මගේම හිත ඒ කිසිම දෙයක් ගැන නොසලකා හැරලා අහක බලන්න ඉන්නවා
හැමදේකටම පස්සේ
දවස අන්තිමේදි මන් හිතක් නැති
කිසිම හැඟිමක් නැති ගලක්
ජිවිතේ කවමදාවකවත් සිදු නොවුන විදිහට මන් මාවම අතහැරලා
බලාපොරොත්තු, අරමුණ හීන හැඟිම් හැම දේකම අවසානේ
ඔව් මන් හිතක් නැති ඔහේ පාවෙන ආදරවන්තයෙක් හැමදේම අහිමි උන
හරිම විිදිහට කියනව නමි
හැමදේම අහිමි කරගත්ත


Thursday, March 19, 2015

................අපිරිසිදුව ගිය සිතුවිලි මියයාම සතුටකි.............



හිතත් හරියට වතුරෙන් පිරුනු වැවක් වගේමය
පිරිසිදුවට පෙනුනට පතුලෙහි මඩ අඩි ගණන් දරා ඇති
මගේ හිත  දියකඩිත්තකි කව්රුන් හෝ 

අැරඹුවද කිසිදා නිමා නොකල

යනෙන ගමනක නන්නාඳුන්නෙකු


ගලෙක බැඳ විසි කල ඕලු අලයක
එකම පැලයක් ජල තය වසාගෙන් ඇත
ඉද හිට මල් පිපී පරවගිය

හුළඟ අරන් එන කුණු රොඩු තොග ගණන් ගොඩ
වැහි වතුර එනකොට තැගි ගෙනාව මඩ
තවත් හුඟක් දේවල් යනෙන අය විසිකල
අඩියෙම නිදන් කොට තබා ඇත සුරක්ෂිතව


දෙතුන් දෙනෙකුගේ තිත්ත පැටවි රැල
ඉදහිට කොහෙන්දෝ ඇවිදින්
පීහිනා එක්වරම  අතුරුදහන් උන

හිතත් හරියට පුංච් විලක් වගෙයි මං බාගෙට හදාපු



 මඩ එක්ක රොඩු බෝතල් කටු කම්බි
 හැම දෙයක්ම අඩියේම තිබ්බට  

කෙනෙකුන් ඉදහිට දාහය නිවා ගත්තු
වතුර පැහැදිලි පිරිසිදුයි නිසල හන්දම

හිටි හැටියෙම දවසකදි වැස්සක
වැසි වතුරෙන් දිය අපැහැදිලි උනාම
තරහට කෙනෙකුන් අත දමා අඩියට
දින ගණන් ගෙවා පතුලෙම සැඟවුන
කුණු සියල්ලම කලතා මතු පිට වෙත ගෙනාව

මල් පිපෙන්නට ඉඳ හිට වෙර දරාපු
ඕළු අල ඉදිරිලා මිය ගිය
දෙතුන් වතාවක් ඇවිත් ගිය සතුටින් පිහිනා ගිය

තිත්තයන් බොරදිය දරාගත නොහී මියැදුන


අකමැතිය මම බොර දිය දරා සිටුමට
දියෙන් මඩ වෙන් කෙරුම නොහැකිය
මලකුණත් තවම මතුපිට ගඳගසා පාවෙන


ආයෙම පැහැදිලි දිය මතුව එනතුරු
බලාසිටිනු නොහැකිය ආයෙම දිගු කලක්
දුක මතුපිට දරාගෙන
 
ටිකින් ටික විසිකරමි බොර දිය
අවසන දිය සිඳි හිස්ව යනතුරු
ඉරි තලා ගිය පතුලට කෑගසා කියමි මම
නියඟයයි අද සිට යලි කිසිදාක වැසි නොලබන





Wednesday, March 11, 2015

.......බැඳිමි ආත්මාර්ථකාමි ආදරයෙන් ගසාගෙන යන විට..........


අවුරුදු ගානකට පස්සේ කරන්ට් එක නැතුව දවසක් ඉන්න උනා රෑ වෙලා කරන්න දෙයක් නැතුව කල්පනා කරද්දි පුංචි කාලේ නිතරම කරපු දෙයක් මතක් උනා ඒ තරු බලන්න දවසේ හොඳකමද මගේ වාසනාවද මන්දා සති ගානකට පස්සේ පැහැදිලි අහසකුත් තිබුනා
මේ තරු අපේ පොඩි කාලේ මතක් කරනවා පොඩි කිව්වේ සාමාන්‍ය පෙල කරන කාලේ පොඩිමත් නෑ
ඉස්සර මායි දෙවනි අයියයි හැමදාම රෑ අට වෙනකොට පැඳුරක් කොට්ටයක් අරගෙන වහලේ උඩට නඟින්නේ තරු බලන්න  කියලා හිතාගෙන හැබැයි අන්තිමට දෙන්න පැදුරට රන්ඩු වෙලා තමයි වහලෙන් බහින්නේ
දැන් අපි ලොකු ලමයි ඇත්තටම ලොකු ළමයි නෙමෙයි අපි වෙනස් වෙලා අපි ජිවත් වෙන ජිවන රටාව වෙනස් වෙලා කියලා හිත හදා ගත්තට ඇත්තටම මේ වෙනස් වීම් හුඟකට මුල සමාජ රටාව කියලා කියන්න මට නම් බෑ
සහෝදර බැඳිම් යාළුකම් වලින් පවා අපිව ගොඩාක්ම ඈත් කරන්නේ ආදරය
ඇත්තටම හැම දෙයක්ම කැරකිලා ඇවිත් නවතින්නේ ආදරේ ගාවින්
ආදරේ වෙනුවෙන් බැඳිම් නැති කරලා දානවා කියලා නෙමෙයි මම මේ කියන්න හදන්නේ
අපි නොදැනුවත්ම අපෙන් අතපසු වෙන නොසැලකිලිමති කම නිසා අපෙන් ඈත් වෙන දේවල් ටිකක් ගැන
ආදරේ කියන බැඳිමට අපි කොච්චර මුල් තැන දෙනවද කියනව නම් අපි අනිත් බැඳිම් වෙනුවෙන් යොදවන කාලයත් ආදරේ කියන බැඳිම වෙනුවෙන් වෙන් කරනවා
ඔව් ඇත්තටම වෙන අය ගැන කියන්න මං දන්නේ නැ ඇත්තටම මන් මේ කියන්නේ මන් ගැන
මම කියන්නේ එක පුද්ගලයෙක් විතරයි මගෙන්වත් මගේ අයියගෙන්වත් අපි දෙන්නගේ සහොදරකමෙන්වත් මේ මුළු සමාජෙම පෙන්නන්නේ නෑ මේ කියන්න යන දේවල් මං කියන කෙනාට විතරක් අයිති දේවල්
අයියයි මමයි ගත්තොත් මුලින්ම ආදරේ කරන්න පටන් ගත්තේ අයියා ඊට පස්සේ මම
 කෝල්, මැසේජ්, ස්කයිප්, ෆේස් බුක්, ඊමෙල්, මේ හැමදේකින්ම ආදරේට තියන දුර අඩු කලා විතරක් නෙමෙයි සහෝදර බැදිමෙන් අපි දෙන්නව ඒ තරමටම ඇත් කලා
ඉඩක් හම්බ වෙන හැම වෙලාම ආදරේ වෙනුවෙන් වෙන් කරනවා මිසක් වෙන දෙයක් වෙනුවෙන් යොදවන්න ඕනී කියන හැඟිම හිතට දැනෙන්නැ
ටිකක් වෙලාව අරගෙන හිතල බලන්න ඕනී ඒ ඇයි කියලා
ප්‍රශ්ණේ ලේසියි උත්තරෙත් පේන්න තියෙනවා හැබැයි උත්තරදෙන්න අමාරුයි
ආදරේ කියන්නේ බලාපොරොත්තු ගොඩක එකතුවත් ඒ බලාපොරොත්තු එකින් එක අරගෙන කුඩු කරලා හලලා බැලුවොත් පෙනෙයි ආදරේ හැදුන බලාපොරොත්තු හැදිලා තියෙන්නේ ආත්මාර්ථකාමිකම් ගොඩක එකතුවකින් විතරක් කියලා
ඒ ආත්මාර්ථකාමිකම නිසා තමයි අපි වෙන කිසිම බැඳිමකට නොදෙන තරම් වටිනාකමක් කාලයක් ඒ බැඳිම වෙනුවෙන් ලබා දෙන්නේ
ඇත්තටම ආදරේ සහොදරකම් යාළුකම්වල වටිනාකමයි ඒ ඒ බැඳිම් වලින් අපි බලාපොරොත්තු වෙන දේවල් ගැන බැලුවොත් ආදරේ කියන බැඳිමේ තියෙන්නේ අඩු වටිනාකමකුයි බලාපොරොත්තු මහ ගොඩකුයි
සහොදරකම් යාළුකම් තියෙන්නේ එකේම අනිත් පැත්තට වටිනාකම වැඩි උනාට ඒ බැඳිම් වෙනුවෙන් තියෙන බලාපොරොත්තු ප්‍රමාණය අඩු නිසා අපි ආදරේ වෙනුවෙන් වැඩි කාලයක් වැය කරනවා
වැඩි කාලයක් වෙන්කරන වැඩියෙන්ම හිතන බලාපොරොත්තු මහ ගොඩකින් පිරුණ තනිකරම ආත්මාර්ථකාමි හැඟිමි වලින් පණ දෙන ආදරේ සතුටට වඩා වැඩිපුරම දුකයි කේන්තියයි එක්කමයි ගෙවෙන්නේ
දුකයි කේන්තියයි හැම ආදරේකම සතුට වගේම තියෙන අනිවාර්ය අංගයක්
ආදරෙන් තොර ජිවිත නැ වගේම දුකයි කේන්තියයි නැති ආදරේකුත් නෑ
ආත්මාර්ථකාමි හැඟිම් වලින් ඈත් නොවෙන තාක්කල් කේන්තියත් එක්ක දුක පස්සෙන්ම ඒවි ඒ හැම දෙයක්ම අපිව වටිනා කියන බැඳිම් ගොඩකින් හුඟාක් කල් යනකම් අපිව ඈත් කරලා තියේවී




අපිට වැඩියෙන්ම ඕනී වෙන වෙලාව වෙද්දි වටිනාම බැඳිම් ගොඩාකින් ආත්මාර්ථකාමි ආදරේ වෙනුවෙන් අපි ඈත් වෙලා ඉදිවී

Friday, March 6, 2015

...........හෙම්න් එන.. හැමදාම නවතින ආදරය ............


ලියන්න දහස් ගණනින් දේවල් තිබ්බත් ඉස්සර තරම් ලියන්න උනන්දුවක් නෑ 
සමහරක් විට ඒ හිතට නිදහසක් නැති නිසා වෙන්න ඇති
ජිවිතේ කොච්චර අස්තාවරද හිත කොච්චර අස්ථාවරද හිතේ හයියට තව කෙනෙක් වෙනුවෙන් දෙයක් 
අත්හරින්න හිතුවට ජිවිතේ රුඳිලා තියෙන අත්තිවාරම අයින් කරලා ඒ වෙනුවට වෙන කෙනෙක්ට ඉඩ දෙන්න කොහෙමද කියලා තාම හිතා ගන්න බෑ. හිතා ගන්න බැරිද නැත්තම් හිත ඒ වෙනුවෙන් සුදානම් නැද්ද කියන්න ඇත්තටම මං දන්නේ නැ .
කොතනින් පටන් ගන්න ද මොනවා ගැන කියන්නද? 
ඇත්තමට ජිවිතය ගැන කියන්න තවමත් මන් ජිවිතය අත්විදලා නැද්ද කියලා හිතෙනවා 
දහස් ගණනින් චරිත ඒ අයගේ ජිවිත මාරුවේන් මාරුවට මතක් වෙවි අමතක වෙනවා 

මොන අත්දැක්ම් තිබ්බත් අලුත් ආදරයකදි  ඒ ආදරයට අපි කෝඩුකාරයි 
ඇත්තටම කෙනෙක්ව වෙනස් කරන්න ආදරයක් ඕනිමයි ඒ ආදරය ප්‍රකාශිත අයිති කරගත් ආදරයක් වෙන්න ඕනිම නෑ,
ඇත්තටම පළවෙනි ආදරේ කියන්නේ මන මුලින්ම ආදරෙයි කියලා කියපු කෙනාද කියලා දහස් සැරයක් මගෙන්ම ඇහුවා.

 නැ පළවෙනි ආදරේ ඇත්තටම ආදරයක්ද කියන්න අදටත් මන් දන්නෑ. ඒ වගේම දෙවනි ආදරයත්, තුන්වෙනි ආදරයත්, ඇත්තටම ආදරයක්ද, නැත්තම් තවකාලික හැඟිමක්ද කියලා ඇත්තටම මට මගෙන් උත්තරයක් ගන්න බැරි උනේ තමෙ හිතේ තියෙන පළවෙනි ආදරේ නිසාදෝ කියලා හිතෙද්දි මන් තුන්වෙනි ආදරෙන් පැනලා දිව්වා හුඟක් ඇතට.
 ඇත්තට අපි ඇයි ආදරේ කියන අපේකරගන්න බැරි දේවල් ලං කරගන්නේ කියලා කොහෙද මන්දා පැටලිලා තිබ්බ හැඟිමක් හිතට එනවා. 
ඇත්තට මගේ පළවෙනි ආදරය ප්‍රකාශිත ආදරයක් නෙමෙයි හැබැයි පළවෙනි ආදරෙ මගේ වාසනාවටද, නැත්තම් අවාසනාවටද මන්දා ප්‍රකාශිත නොවිච්ච ද්වීපාර්ෂවික ආදරයක් 

ඇත්තටම කියනව නම් මගේ ජිවිතේ පළවෙනි හොඳම යාළුවා මගේ පළවෙනි ආදරය 
අදටත් හොඳම යාළුවා මම කියන කෙනා නැත්තම් මං ඇත්තටම මොන වගේද කියලා දන්නේ ඒ පළවෙනි ආදරේ විතරයි 
හිතේ තියෙන්නේ මොනවද කියලා මුණ දිහා බලලා කියන් පුළුවන් තරම් යාළුකමක් අපි අතරේ තිබ්බා ඒකට හේතුව මොන දෙයක් උනත් කථා කරන්න පුළුවන් කමක් තිබුන යාළුකම. 

ඇත්තටම මං අදටත් මගේ ජිවිතෙන් ණය ඒ කෙල්ලට විතරයි
අද ඉන්න තත්වෙන එන්න හිනා වෙලා ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න ඉගැන්වුනේ ඒ යාළුකම නිසා  
ආදරේ කියලා ලං උන කිසිම කෙනෙක් ලඟදි මං හිතන විදිහ ගැන ඇත්ත කථා කරන්න බැරි උනේ 
ඒ පළවෙනි ආදරේ තාම හිත ඇතුලේ තියෙන නිසාද කියන එක ගැන මං මගෙන්ම ප්‍රශ්ණ කලේ 
මං ඇත්තටම නියම ආදරවන්තයෙක් නෙමෙයි කියන ප්‍රශ්නෙට සැරින් සැරේ මගේ හෘදසාක්ෂිය කැගහලා මගෙන්  උත්තර ඉල්ලන නිසා
හැම අලුත් ආදරේකදිම අපි කෝඩුකාරයි ඒ කෝඩුකාර ආදරේ නිසා හැම වෙලේම උත්සහ කරන්නේ ආදරේ කරන කෙනා කැමති විදිහට හිතන්න 
ඇත්තටම ඔයා කැමති විදිහේ කෙනෙක් නෙමෙයි මම කියන්න තරම් හිතට ශක්තියක් නැත්තේ 
 ඒදේ පිලිගන්න එයා අකමැති කියලා දන්න නිසාත් තමන් අකමැති විදිහේ කෙනෙක්ට ආදරෙ කරන්න තියෙන අකමැත්ත කොච්චරද කියලා දන්න නිසයි
විවෘත වෙන්න තියෙන බය, නැත්තම් නිදහසක් නැති ආදරේ දිර්ඝකාලිනව පවත්ව ගන්න අමාරුයි
අතීතය අවුස්සලා පළවෙනි ආදරේ හොයා ගන්න පුළුවන් උනාට ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ ඒ ආදරේ හිතින් අයින් කරන්නේ කොහොමද කියන එකයි 
අමතක වෙන තරමට තවත් කෙනෙක්ට ආදරේ කරන්න නම් දෙන්නම හොදටම අදුරගන්න ඔන ආදරේ මුලින්ම ආවොත් රැදෙන්නේ හුඟක් කලාතුරකින් 
යාළුකම් මුලින් ඇවිත් ආදරේ දෙවනුව ආවොත් අමතක කරන්න බැරි තරමට ඒ ආදරේ හිතේ මුල්බැහැ ගන්නවා

 දෙන්නම ආදරේ හිත්වල තියන් දෙන්න වෙනුවෙන් දෙන්නම කාලයක් බලා ඉදලා එන ආදරේ ස්ථිරයි ඇත්තටම තේරුම් ගැනිම කරන්න අමාරු දෙයක් එකට කාලය ඔන 
ආදරේට හදිස්සි නෑ ආදරේ හරිම මන්දගාමියි 
ආදරේ පවතින්න නම් ආදරේ ඇති වෙන්න කල් ගත වෙන්න ඕන 
ළගින් යන්න, අතින් අල්ලන්න, පළවෙනි කිස් එක දෙන්න, හදිස්සි නමි 
ආදරේ නැති වෙලා යන්නත් ඒ තරම්ම හදිස්සි වේවී 
ආදරේ හෙමින් ළං වෙන තරමට ඈත් වෙන්නෙත් හෙමින් 
හෙමින් ඈත් වෙද්දි අපිට ඈත්විම තේරුම් අරන් ආයේ ආදරේ ලගට ගන්න කාලය ඉතුරු වෙනවා 
ඉක්මනින් එන ආදරය ඉක්මනින් යද්දි ඒ ආදරේ ඈතට යන වේගය වැඩි නිසා අපි දැනගන්නත් කලින් ආදරේ ඈතට ගිහින් තියෙවි 
ඉක්මනින් ආපු ගමන ඉක්මනින් ඉවර වෙලා
සදාකල් නවතින පසුතැවිමක් විතරක් ඉතුරු වෙයි

Tuesday, January 27, 2015

..............මතකයන්...........තවමත් රිඳුම් දෙන...............


මොහොතින් මොහොත මොහොතින් මොහොත 
වැටහෙමින් ඇත තදින් සිත පතුලට
ගැලවිය නොහැකි බව මේ හැඟිමෙන් මට
පසුතැවිම අතීයෙන් හමා එන

තනිව පසුවෙන හැම මොහොතකදිම
නැවත නැවතත් ප්‍රතිරාවදෙමින් හිතතුල
හඬ නඟයි හිත මා වැරදි කරුවෙකු බව
නුඹට ඇවැසිම මොහොතක ලගින් නොසිටිය

අවසන් සුසුමට නුඹ ගැනම මතකයන් ඇත
අන්සියල්ලම පරදා මතුව එන
කඳුලක් හෝ සුසුමක් නොහෙලනු මැන 
පොරොන්දුව රකිමි ඒ මතකයන් විලසටම

දිනක් දිනක් නෑරම නොවරදවාම
සෑම සිහිනෙකටම ඇතුලුව 
සොයන්නේ නුඹ අමතකව ඇති වගද?
එකවරක් කියපන් නුඹේ හඬින්ම මට
එතරම් අකමැතිද නුඹ 
මගේ මතකයෙන් ඇත්ව හිඳිනට

හැඳුනුමක් නැති බැඳිම බිඳිනට
වෙන්උනත් නුඹ අකමැතිව ඇති හැටි
නින්ද මගෙන් උදුරාගෙන ගිහින් ඇත

මගේම යැයි දකින හැම හීනෙකදිම
නුඹත් පසෙකින් සිනාසෙන විට
සත්තකයි මියදුනත් අද හෙට 
වෙනසක් නොවේ කිසිලෙසකට

දනිමි අදද හෙටටද
නුඹ බලාපොරොත්තුවෙන් පසුවන බව
ළගින් හිඳ මේ හිතට ඒබී බලනට
මොහොතකටවත් ආපහු සැබැවට හමුවන්නට

තවත් බිඳුවක් ඉවසා ඉදින් ළබැදිය
වැඩි ඇතක විය නොහැක ඒ මොහොත
මාද පැමිණෙන මතකයන් හුඟක් අරගෙන
පරණ විලසටම මහ හඬින් සිනාසෙන

Sunday, November 30, 2014

...........දවස්, මාස, නැතිනම් අවුරුදු....... කවදා කොහොම වෙනස් උනාද?.............



ඇත්තටම අතරින් පතර නැත්තමි එහෙන් මෙහෙන් හිතට ඇතුල් වෙන ගොඩක් හැඟිම් වලට නමක් දෙන්න බෑ
ලස්සන දේවල්, දකින, දැනෙන, නැත්තම් රසවිඳන, ආස කරන හුඟක් වෙලාවට අකමැති දේවල්
 ඒත්  අපි එක හැඟිමකට නමක් දිලා බෞස්තීම කරලා ඒ වෙනුවෙන් උපන් දිනෙකුත් සමරනවා
ඇත්තට ඇයි ඒ
දවස් ගණන් මාස ගනන් කොච්චරක් නම් කල්පනා කලත් ඒ ඇයි කියන ප්‍රශ්ණෙට උත්තර දී ගන්න බැරි වෙයි
ඇත්තටම ජිවත් වෙන්න බැරිද ආදරය නැතුව
පුළුවන් ඇති ඒ්‍ත් ඒ කාටද කියන්න නම් දන්නේ නෑ
මම උත්තර හොයන්නේ මගේ ඇතුලෙන් මොකද විඳින විඳවන හැම දෙයක්ම මගේම වැරදි හින්දා
ඇත්තටම ආදරෙත් එක්ක ගන්න පළවෙනි තිරණය වැරදි නම් ,
ඇයි ඒ වැරැද්ද හදන්න ආදරය ඉඩදෙන්නේ නැත්තේ
ජිවිත කාලෙම ළඟ ඉන්න අයට විතරයි අපි ආදරය කරන්නේ ඒ තමයි ඇත්තම අපි
අපි කිව්වේ එක එක විදිහේ තරාතිරම් වලින් මවා ගත්ත දේවල් වලින් එකාගෙන් එකාට වෙනස් කරලා පෙන්න ගන්න හදන මිනිහා
අතීතයට හැරි හැරි ආදරය කරන්න පුලුවන්ද
පළමු ආදරය අසාර්ථකනම් දෙවනි ආදරය නැති වෙයි කියලා බය නම්
තව කෙනෙක් වෙනුවෙන් කොයි තරම් නම් දේවල් කලත් අන්තිමේදි තේරුමක් තියේවිද
බැඳිමේ දෙපාර්ෂවයෙන් කාටම හරි අනිත් කෙනාගේ හිත ගැන තේරුම් ගන්න බැරි නම්
කැප කිරිම් කරන කෙනා අනිත් කෙනාගෙන් බළාපොරොත්තු වෙන ගරැ කිරිම ලැබෙන්නේ නැත්තම්

මොන වගේ දේවල් ගැන බලපොරොත්තු තියා ගන්නද ?


අඩුම තරමින් තමන්ට තමන් ගැනවත් විශ්වාසයක් නැති කොට
තවත් කෙනෙක්ගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මොනවද?
ඇත්තටම ඒ කෙනා ගැන නිතරම හිතද්දි නැත්තම් හිතෙද්දි
පළවෙනි තිරණේ වැරදුන වෙලාවට
දෙවැනි තිරෙණෙත් වැරදෙන්න තියෙන ඉඩ බොහොම අඩුයි
ඒත් එ‍හෙම උනොත්
තිරණ එකපිට එක වරදිද්දි, බලාපොරොත්තු අහිමි වෙද්දි
අතිතයේ වැරදි වලට වර්ථමානය දඩුවම් කරනව නම්
ජිවිත කාලෙම මොනතරම් අය දැකලා මොනතරම් දේවල් පහු කරන් ඇවිත් තිබුනත්
ඒ ලබාගත්ත අත්දැකීම් ආනාගතයට මුහුණ දෙන්න මදි කියලා ටක්කෙටම දන්නව නම්
ජිවිතේ ඇත්තටම මේ ලියපු දේ වගේ එකම දෙයක් ගැන සතියකට එක පේලියක් ලිව්වම
ඇත්තටම කියන්න හැදුවේ මොනවා ගැනද කියලවත් මතකයක් නැති හැටි
අකුරෙන් අකුර අදහසින් අදහස ටික ටික ඈත් වෙද්දි
නැත්තම් අමතක වෙද්දි
අදට වඩා හෙට ...........................