Pages

Friday, July 6, 2012

................ඉමී.................


      අද පුංච් කථාවක් කියන්න යන්නනේ කථාවක් කියන්නේ කෙනෙක්ගේ ජීවිත කථාවක් ඒ මම දන්න අක්කා කෙනෙක්ගේ ආදාල චරිතය සමාජයේ හොයා ගන්නට බැරි වේවි. ඒ ඇයි කියලා මම අන්තිමට කියන්නම්. 


       එයාගේ නම ඉමේෂිකා, ඉස්කෝලේ හැමෝම එයාට කියන්නේ ඉමේෂි කියලා මම කියන්නේ ඉමී කියලා මොකද ඒහෙම කිව්වම එයාට පොඩ්ඩක් තරහා යන නිසා නිතරම ඉස්කෝලෙදි සාහිත්‍ය සංගමයේ වැඩ වලට මට උදවි වෙනේ මේ අක්කා ඉතිං එයා මට ගොඩක් හිතවත් ඒ වගේම හොඳම ගතිගුන තිබිබ. ඉස්කෝලේ හැමදේකදිම ඉස්සරහින් ඉදපු කෙනෙක් හොඳ කථිකාවියක් වගේම ලස්සනට සින්දු කියන්නත් පුළුවන් උප ප්‍රධාන ශිෂ්‍ය නායිකාව .(දැන් කට්ටිය හිතනවා ඇති මම මේ අක්කත් එකක් යාළුවෙලා කියලා නෑ යකුනේ මට සහෝදරියෝ නැති නිසා මම සහෝදරි තනතුරේ තියාගෙන හිටපු අක්කා ගැන මේ කියන්න යන්නේ ) 

     හැබැයි මේ අක්කා හරිම දුප්පත් ඉස්කෝලේ මිස් කෙනෙක් තමා අක්කට හැම අවුරුද්දෙම අඳින්න රෙදි අරන් දෙන්නේ. ඉස්කෝලෙන් දෙන ගවුමි රෙද්ද මිස් ගිනිහින් අක්කට ගවුමි තුනක් මහලා ගෙනත් දෙනවා.  හැමදාම හොඳලා මැඳලා ලස්සනට ඇඳන් එනවා ඔය කොච්චර සල්ලි තියන කෙල්ලෙක්වත් ඒ අක්කා මඳිනවා වගේ පිළිවෙලට ගවුම මදින්නෑ, අඩුම තරමින් මම යාළුවෙලා හිටපු කෙල්ලටවත් එච්චර හරියක් කරන්න බෑ ,පොල්කටු ඉස්තිරික්කෙන් එහෙම ගානට රෙදි මදින්නේ කොහෙමද කියලා මම හැමදාම අහනවා එතකොට කියන්නේ ජීවීතේට තියන කරදර වැඩි වෙන කොට ඒ ජීවීත පිළිවෙල හැඩගැහෙනවා මල්ලී කියලා විතරයි.
ඇත්තටම කියනව නමි මම කවදාවත් ඒ අක්කගේ ප්‍රශ්ණ ගැන අහලා නෑ, ඒක මගේ පුරුද්දක් කාව හරි ආස්ස්‍රය කරන කොට ඒ අය ගැන හොයලා බලන පුරුද්දක් මට නැති නිසා නෙවෙන්න ඇති (අදටත් මගේ හොඳ යාළුවෝ ඉන්නවා මගෙන් උන්ගේ සමිපුර්න නම ඇහුවොත් කියන්න දන්නැ ) 
 මේ තියෙන්නේ හැදීන්වීම ,

            මට කියන්න ඕනී උනු කථාව පටන් ගන්නේ දැන් ඒ ඉමී අක්කා කොල්ලේක් එක්ක ඉස්කෝලේ ඇඳුම පිට්න්ම රූමි එකක ඉඳලා පොලීස්සියට අහුවෙලා පොලීස්සියෙන් ඒ අක්කව ඉස්කෝලෙට බාර දිලා ඉස්කෝලෙන් විනය පියවරක් අරගෙන දෙමවුපියන්ට කියලා පරිවාස කඳවුරකට බාර දෙන්න කියලා.
            ඉස්කෝලෙන් කරපු එකමදේ අක්කගේ අමිමව ඉස්කෝලෙට ගෙනවලා ඉස්කෝලෙන් අස් කරලා දැමිම එක විතරයි. ඒ වෙලාවේ ඉමීගේ අමිමාගේ මුනේ තිබුන බැල්ම මට නමි කවදාවත් අමතක වෙන්නේ නැතිවෙයි ,විනය බාර සර් පට්ට වේසී කියලා ඉමීට බනින වෙලාවේ ඒ ඉමිගේ අමිමා එතනම මැරෙයි කියලා මට හිතුනා .
ඒත් අන්තිමට යනකොට මම ඉමීව හමිබ උනා ඉමි අඬ අඬා යන්නමි මල්ලී කියලා විතරයි කිවිවේ.  ඒ කටහඬෙ තිබුනේ ඔක්කොම ඉවරයි කියන ස්වරයක්, මට ඒ  වෙලාවේ ඇත්තටම බය හිතුනා ඉමී ජීවිතය නැති කරගනීයි කියලා ..
ඉමිගේ අමිමත් ළඟ ඉන්න නිසා මට වැඩිය මොකුත් කියන්න බැරි නිසා ,
ඉමි මොන ප්‍රශ්නේ ආවත් ජීවත් වෙන්න ජීවිතෙන් පැනලා යන්න හදන්න නමි එපා කියලා කිවිවා
ජීවිතේ මට කරපු දේවල් එක්ක මේක තව එක පොඩි දෙයක් විතරයි මල්ලී අමිමා ඉන්න කමි මම කොහොමත් මැරෙන්ණේනෑ
කියලා ආයෙමත් අඬන්න පටන් ගත්තා
ඉමීගේ අමිමා සුසුමක් හෙළලා මා දිහා බැලුවේ හරියට අමිමට කියා ගන්න බැරුව හිටපු දෙයක් මම කිවිවා වගේ
මොනවා කරන්නද පුතේ මෙකිගේ තියන අවාසනාවතමා  කියලා දෙන්නම යන්න ගියා
වෙන අමිමා කෙනෙක් නමි මෙලහට ඉමීට ගහලා බැනලා මරන්න හදනවා. ඒත් කවිරු මොනවා කිවිවත් ඉමීගේ අමිමා නෙමෙයි ඉමීට වචනයක් වත් කිව්වේ අන්තිමට කියලා ගියපු එකකත් මට ලොකු ප්‍රශ්ණයක් ඉතුරු කරා,
ඊට මාස ගානකට පස්සේ මට උන හැදිලා ඉස්පිරිතාලේ නවත්තපු වෙලාවේ අහන්බෙන් වගේ බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙට ආපු ඉමීව මට හමිබ උනා.
මම දුවලා ගිහින් ඉමීත් එකක් කතා කලේ මග ඇරුනොත් ආයේ කවදා හමිබ වෙන්න වෙයිද දන්නේ නෑති නිසා
ඉමීත් එක්ක ඉස්පිරිතාලේ බංකුවක් උඩින් වාඩි උනේ ටිකක් කථා කරන්න මයි
ඒත් ඉමී ටිකක් ඈතින් වාඩි උනා, මාත් ඉතිං ගණන් ගන්නැතුවෙ මෙහායින් වාඩි උනා මොනවා උනත් ඉස්පිරිතාලයක්නේ එතනින් යන යන නර්ස්ලා අපි දිහා අමුතු විදිහට බලා ගෙනයනවා. මම ඒක දැක්කත් ගණන් ගත්තේ නෑ යකෝ සහෝදරියක් එක්කවත් කතා කරන් බැරිහැටි කියලා උන්ට ඔරව ඔරව හිටියා, ඒත් ඉමීම කියන්න පටන් ගත්තා 

මල්ලී මම ඉක්මනට යන්නමි මම මෙතන හිටියොත් මල්ලිට හොඳනෑ

මොන පිස්සුද අක්කේ අක්කා ඔන්න ඔහේ ඉන්න අපි ඉතිං කොහොමත් කොල්ලොනේ
 නැ මල්ලී බලන්න මෙතනීන් යන හැම නර්ස් කෙනාම ඔයා දිහා බලන හැටි ඒකයි මම කිවිවේ
අනේ මේ අක්කේ ඔය අමිමන්ඩ්ලා කොහොම බැලුවත් මට මොකද අපි කතා කරමු

මල්ලී දන්නවද ඇයි ඒ අය ඔහොම බලන්නේ කියලා

අනේ මන්දා කෙල්ලෙක් එක්ක කථා කරන නිසා වෙන්න ඇති

නෑ මල්ලි ඒ අය මාව දන්නවා මම නිතරම බෙහෙත් ගන්න මෙහෙට එනවා මට ඒඩ්ස් හැදිලා

තියෙන්නේ ඒකයි ඒ අය මල්ලී දිහා අමුතු විදිහට බලන්නේ

ඉමී ඒ කියපු ටිකට මට ඇඩෙන්න ඔන්න මෙන්න මගේ අක්කා වගේ හිටපු කෙනා මම ජීවිතේ

ඉගෙන ගත්ත ඉමීගෙන් ඒ ඉමී ඒ වගේ ලෙඩක්

අක්කට මේ මොකද උනේ ඇයි අක්කේ මේහෙම උනේ අක්කා ලස්සනට ජීවත් උනු කෙනෙක්නේ

නෑ මල්ලී, ඒ මල්ලී දන්න හැටි මගේ ජීවිතේම අපායක් මල්ලී කවදාවත් මගෙන් මං ගැන ඇහුවේ නෑනේ ඇහුවනමි මම මල්ලිට හැම දෙයක්ම කියනවා සමහරක් විට එහෙම කිවිව නමි මල්ලී මාව ආස්සරය කරන්නේ නෑති වෙන්නත් ඉඩ තිබුනා

අන්න අක්කා මං ගැන හිතන් ඉන්න විදිහ මම අක්කාව ආස්සරය කලේ මගේම අක්කා කෙනෙක් විදිහට මට අක්කාගේ ජීවිතේ වැඩක්නෑ දන්න ඉමී අක්කාව මගේම අක්කා කරගෙන මම හිටියේ

මම දන්නවා මල්ලී, මල්ලීට වෙන හැම දෙයක්ම මට ඇවිත් කිව්වට මගේ මොකවත්  මම නොකියන කොට මල්ලී අහන්නේ නැත්තේ මට දුක හිතෙයි කියලා බව මම දන්නවා මල්ලී මාත් එකක් කථා කරන හැම වෙලාවෙම කථා කලේ හරි පරිස්සමෙන් මට දුක හිතෙයි කියලා හිතලා මම ඒක දන්නවා

ඉතිං අක්කේ අක්කගෙන් මම අහපු නැති දේවල් ටික මට කියන්න මම අහන්න කැමතියි ඕනි එකියක්, ඕනි එකක් දිහා බලාගෙන, ඕනි මඟුලක් කියපු දෙන් මට කමක් නෑ මට ඕනී වෙලාව තියනවා අක්කා වෙනුවෙන්

මම ගැන කියන්න කොහෙන් පටන් ගන්නද කියලා මම දන්නෑ මල්ලී, මටත් වඩා දුක් විදලා තියෙන්නේ මගේ රත්තරං අමිමා ඒ වෙනකාගෙන්වත් නෙමෙයි මාව අමිමගේ බඩට දීලා ගිය මගේම තාත්තාගෙන්. තාත්තා කිවිවට ඒ මිනිහා මහ නරුමයෙක් මල්ලී ඒ මිනිහා මගේ අමිමව කාසාද බැන්ඳට වැඩි හරියක් ඉන්නේ වෙන ගෑණුත් එක්ක. ඒ මිනිහා අමිමා ඉන්න ගෙදරට එන්නේ වෙන මිනිස්සුත් එක්ක බොන්න විතරයි. අමිමට කියලා බයිටි එකකුත් හදාගෙන ඒ නරුමයා එක්ක එන මිනිහෙකුට අමිමව විකුණනවලු අමිමා එන එන මිනිහත් එක්ක නිදා ගන්න ඕනීලු,
නැත්නමි අමිමට ගහනවලු, පුච්චනවලු, අමිමට මැරෙන්න හිතුනත් මැරුණේ නැත්තේ මම හින්දලු අමිමා මාව හම්බවෙන්න ලංවෙලා හිටුපු දවස් වලත් වෙන මිනිස්සුත් එක්ක නිදා ගන්න උනාලු. ඒ වෙලාවට හිතෙනවලු අමිමයි මායි දෙන්නම මැරෙයි කියලා. මම ඉපදිලා අවුරුද්දක් විතර ගියාට පස්සේ ඒ නරුමයා බීලා ඇවිල්ලා පාලම පල්ලට වැටිලා මැරුණලු. අමිමට ටිකක් හරි සැනසීමක් හමිබ වෙලා තියෙන්නේ ඊට පස්සේ මම ටිකක් ලොකු උනාට පස්සේ මගේ කරුමේ ආයෙමත් පඩ්සන් දෙන්න පටන් ගත්තා. තාත්තට හිටපු අනික් ගෑනිගේ පුතා තාත්තා වගේම නරුමයෙක්, නෑදෑකමට මම වෙන්නේ ඒ නරුමයට නංගි, ඌ මාව කසාද බඳින්න ඕනිලු එක තාත්තලගේ ළමයි වෙලත් උට කිසිම ගානක් නෑ අමිමා පොලිස්සියේ පැමිණිල්ලකුත් දැමිමා ඌ ගැන කියලා. ඌ ඒවට බය නෑ  මල්ලි මම මුලින්ම ගෑණියෙක් උනෙත් උගේ අතින් අමිමා නැති වෙලාවක ගෙදරට පැණලා මාව විනාස කරලා තර්ජනය කරලා ගියා. කාට හරි කිව්වොත් අමිමිව මරනවා කියලා ඌ වගේ අමනයෙක්ට ඒදේ කරන්න බැරි කමකුත් නැති නිසා මම කට වහගෙන හිටියා මල්ලී ඒත් මම මේ දේවල් මගේ ඉගෙනීමත් එක්ක ගාව ගත්තේ. නෑ මම පුළුවන් තරමි හොඳට ඉගෙන ගත්තා අම්මා මේක දැනගෙන මන්නයක් අරගෙන ඌව මරණවා කියලා උගේ ගෙදරට ගිය වෙලාවේ. ඌ අමිමට හොඳටම ගහලා කිවිවලු, අමිමවයි මාවයි දෙන්නම මරණවා කියලා ඌ ඉට පස්සේ ඕනී ඕනී හැමවෙලාවකම ගෙදරට ආවා මාව පාවිච්චි කරලා යන්න.
එදා මාව පොලිස්සීයට අහු උනු දවසේ මම ඉස්කෝලේ යන්න එනකොට ඌ මාව බලෙන්ම ඇඳගෙන ත්‍රීවිලර් එකක දාගෙන අරන් ගියා. උගේ යාළුවෙකුට දෙන්න ඒ යාළුවත් එක්ක ඉද්දි තමා පොලීස්සියෙන් පැනලා ඇල්ලුවේ මාව ඉස්කෝලෙන් අස්කරාට පස්සේ. ඌයි උගෙ යාළුවොයි කෙලින්ම ගෙදරට ආවා එහෙම ආපු එකෙක් ගෙන් තමයි මට මේ ලෙඩේ බෝ වෙලා තියෙන්නේ දැන් මලිලී මගේ ජීවිතේ නාස්ති වෙලා ඉවරයි
            පෙර පිනකට මගේ බඩට ළමෙක් එන්න කලින් මේහෙම වෙලා හරි නැවතුනේ නැත්නමි මම වගේ තව කෙල්ලෙක් හරි අරුවගේ තව කරුමයෙන් හරි මේ ලෝකෙට එනවා

අක්කේ මට මොනවද අක්කා වෙනුවෙන් කරන්න පුළුවන්

දැන් මම වෙනුවෙන් කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ මල්ලී කොහොමත් තව ටික දවසකින් මම මැරිලා යාවී අනික මල්ලී මේවට ගෑවිලා වැඩක්නෑ මම යන්නමි මල්ලී

 එහෙම කියලා නැගිටලා ගිය ඉමී මට ඊට පස්සේ කවදාවත් හමිබ උනේ නෑ මම ඒ ඉස්කෝලෙන් අස්වෙලා වෙන දුර ඉස්කෝලෙකට ආපු නිසා
            දැනට අවුරුදු තුනකට විතර කලින් ඉමියි අමිමයි ගිණි තියාගෙන මැරුණ. හැබැයි කිසිම ටිවී චැනල් එකක් මේ ගැන කිවිවෙ නමි නෑ දැන් හැමෝටම ඒ මරණ අමතක නිසා තමයි මම කථාව කියන්න හිතුවේ. මුලින්ම මේ චරිත දැන් හොයා ගන්න බෑ කියලා කිවිවෙත් ඒක නිසා තමයි.

Sunday, June 10, 2012

...........ආදරේ මට හිතුනු හිදිහට...........

        අදත් වෙනදා වගේම නිකන් ඔහේ ගෙවිගෙන ගිය දවසක්.
පුරුද්දට වගේ, අදත් ටීවි එක දිහා බලා ගෙන වේගයෙන් චැනල් මාරු කරනකොට, යාන්තමට පෙනී නොපෙනී ගියා දෙමල චිත්ත්‍රපටියක එක රුප රාමුවක්.
ඒතරමට වේගෙන් මම චැනල් මාරු කරනවා.
ආපහු මීටරේ කරකවලා බැලුවා.
 දමිල චිත්ත්‍රපටියක් ආදරේ ගැන කියවුනු , චිත්ත්‍රපටියේ අන්තිම හරිය ගොඩාක් දේවල් සිද්ද වෙලා, එක පාරටම අමුතුම විදිහකට චිත්ත්‍රපටිය ඉවර උනා.
ඒ මම කවදාවත් ජිවිතයේ නොදැකපු නොහිතපු පැත්තකින්.

එක පාරටම මට හිතුනේ ආදරේ අපි හිතන දකින දේමද කියලා නෑ ඒක ඊට වඩා ගොඩාක් වෙනස් දෙයක්,
ආදරේ කියන දේ වේලාව, තැන, පුද්ගලයා ආදි ගොඩාක් දේවල් මත වෙනස් වන සාපේක්ශ වු දෙයක්.
සමහරු කියන විදිහට ආදරේ පරිත්‍යාගයද, ලැබිමද ,ලබාගැනිමද ඒත් නැත්නමි හිමි විමද
ආදරේ එක මොහොතක හැගිමක්
අනිත් හැගිමි ඉක්මනට අමතක කරන අපි ඒ හැගිම හැමදාටම හිතේ තියාගෙන ඉන්නවා
. ඒ අපි හිතාගෙන ඉන්නේ අපිට මොන දේ නොලැබුනත් ආදරේ කවදාම හරි හමිබවෙනවා ඒ ලැබිම අනිවාර්ය ඌ දෙයක් කියලා නිසා. 

ඒ සමහරු අපිට හිතන්න උරුම කරපු විදිහද මන්දා.
ආදරේ කියලා අපි හැමදාම ලුහුබදින්නේ බොරුවක්, ආදරේ හැමදාම අපිට නොපෙනුණු අපි ලගම තියනවා.
ආදරේ කියන්නේ අපිට කවදාම හරි ලැබෙන දෙයක් නම්, ඇයි අපිට අපි ලගම තිබුනු ආදරේ නොපෙනෙන්නේ? .
ඒ ආදරේ එක හැගිමක් විතරක් නිසා,
ආදරේ අපි ඔය මවන තරම විසාල නොවන දෙයක් උනු නිසාවට.
අනේ මන්දා,
ආදරේ ගැන ලියපු අය ගයපු අය කොච්චරද,
රෝමියෝ ජුලියට්ලට ආදරේ කරන අය කොච්චරද,
ටයිටැනික් වෘතාන්තායේ ජැක් රෝසි කෙනෙක් වෙන්න ඒතරමට ආදරේ වැලද ගන්න හීන දකින අය කොච්චරදක්ද,
     ආදරේ කියන්නේ අපි මවා ගත්තු දෙයක්, ඒත් අපි හිතනවා ඒක ඉබේ ඇතිවන දෙයක් කියලා ඒක නිසයි අපි ආදරේ කියන දෙය බොරුවක් කියලා නොපෙනෙන්නේ.
        
       උඩ ඉදන් පහලට කියවගෙන එනකොට අපිලිවෙලක් දැනුනා නේද මුල, මැද ,අග සමිබන්ධ නෑ වගේ දැනුනා නේද? 
ඒක තමයි ආදරේ, ජිවිතේ, අපි හිතදේ,
මේ හැම දෙයක්ම එකට ගැලපෙන දේවල් නෙමෙයි.
ආදරේ, ජිවිතේ, අපි හිතදේ, කියන්නේ එකිනෙකින් වෙනස් වු මාතෘකා තුනක්. මේ එකකින්වත් තව එකක් පැහැදිලි කරන්න බෑ,
හැබැයි අපිට එකක් තුලින් අනිකක් හොයා ගන්න පුලුවන් වෙයි.
අපි ආදරේ කිය කියා කියන්නේ එකෙක් අනෙකාගෙන් බලාපොරොත්තුවන් දේවල් ටිකක් විතරයි.
උදාහරණයක් විදිහට, එයා මට ශක්තියක් වෙයි. ජිවිත කාලෙම මාත් එක්ක ලගින් ඉදියි. 
    ඉතින් ආදරේ කියන්නේ මොකද්ද ආදරේ කියලා හිතන්න වෙනවා,
වෙනම නමක් දිලා අපි වැලද ගෙන ඉන්නේ අපේ බලාපොරොත්තු සහ ඕනැ එපාකමි ටිකක් විතරයි.
       
        ආදරේ මෙහෙමයි අරහෛමයි කියලා මාත් එක්ක විවාදෙකට ඇවිත් වැඩක් නෑ, මම මුලදිම කියපු විදිහට මේ මම දකින විදිහ අනිත් අය තම තමන් කැමති විදිහට ආදරේ දැකපුවාවේ. මේ කාගෙවත් දැක්මක් වෙනස් කරන්න එවාට බලපැමිකරන්න හැදිමක් නෙමෙයි. මේ මගේ අනන්‍යයතාව ඒ කියන්නේ මගේ දැක්ම.

Friday, June 8, 2012

..........මම නුඔ ඔහු සහ ඈ මම ඇය.........


ඉස්සර මට
මතකයි තිබුන හැටි ගැටළුව
ඒ ගැන
කෙලෙසද නුඔ
දෙදෙනෙකුට පෙමි බැඳි හැටි
එක වර

කිසිවක් නොකිවද නුඔ හට
මගේ සිත කීවේ
පෙමි බැඳිය නොහැකිය
දෙදෙනෙකු හට නමි
 එක වර බව


අද මම දනිමි
අප වෙන් වු දිනයෙදි
නුඹ හෙළුවාවු බිඳු කැට
බොරුවක් නොව සැබැවක් බව
දනිමි මම
නුඹ ඒ දින
මට බැඳි පෙම
නිසැකයෙන් සැබෑවක් බව

මතකයි නුඹ ගැන මතකය
නිහඩ බව බිඳගෙන
ගැලුවාවු බව

හැකි නමි දෙනු මැන
අවසර
ගැළුවාවු බිඳු මතකය ගෙන
ඔය සිත සනසන්නට

අද මා ලුහුබැද එන
පසුතැවිල්ලක අමියුරු සෙවනැල්ට
නැත මා ළඟ දෙන්නට පිළිතුරු

නුඹ මට ලැබදුන් ඒ
පෙම තුළ
නැත හිඩැසක් දකිනුයේ
කිසිලෙසකින්වුව
නොසිටියනමි මිතුරන් මට
මේ හැටි

දෙදෙනෙකු හට කෙලෙසක නුඔ පෙමි බැදි හැටි
නුඔ හට පිළිතුරු නැති වූ මගේ ගැටළුව
නුඹේ තැන අද මා ඇත මගේ තැන අද ඈ ඇත
වැටහුනි මට කෙලෙසක එය වන හැටි


Wednesday, May 30, 2012

.........ජිවිතයක බර...............




නිවසක බර
දෑතට ගත් විට
මතකයි තවමත්
උණු ලෝකඩ
රුදුරුව ගිය හැටි

තැලෙනා තරමට මුවහත්
වූවද තල
ජීවිතයක් එලෙසම වෙනවද?

රත් කර කර
තැළුවාවු ජීවිතයක
බර පැන දරනට
නොහැකිය කිසිවෙකු හට

නැගෙනට දිරි
නැති විට සිත වෙත
මතකයි සවියක්
වී ආහැටි
‍‍‍‍‍‍‍‍‍‍
මිතුරිය නුඹ නොසිටිය නමි ළඟ
තනි අතකට ජිවිතයක්
හිමිකමි නොකියනු ඇත

Tuesday, May 15, 2012

................. මචෝ උඹ...............


           

                 මචෝ අද උඹේ උපන්දිනේ මට අමතක උනේ නෑ, උදේ කෝල් කරලා හැපි  බර්ත් ඩේ කිවිවම උඹ ඇහුවේ උඹට තාම මගේ උපන් දිනේ මතකද කියලා මතකයි මචෝ මතකයි මගේ හොඳම යාළුවා වෙච්ච උඹේ උපන්දිනේ අමතක කලොත් මම මොකෙද්ද බන්. සතියට එක දවසක් ඉස්කොලේ ආපු උඹ, මගේ හොඳම යාළුවා උනේ කොහොමද කියලා මට මතක නෑ බන් ඒච්චරටම අපේ යාළුකමි පරණයි නේද, අද උඹ කොහෙද මම කොහෙද , සතියට එක දවසක් ඉස්කෝලෙට ආපු උඹට හිටියෙත් යාළුවො දෙන්නයි ඒ දෙන්නගෙන් කෙනෙක් මම උන කොට මම කොහොමද බන් උඹේ උපන්දිනේ අමතක කරන්නේ. මගේ නොමිබරේ වත් දන්නැති උඹ මම කොල් කරලා හලෝ කියපු ගමන් අඩෝ ජිංජි උඹට කොහොමද කියලා ඇහුවේ. උඹට හැපි බර්ත් ඩේ කියන්නත් කලින් .
            උඹ සතියට ඒක දවසක් ඉස්කෝලේ ආවේ මැටි ගෙදරට උඹේ නංගිලා දෙන්නම කොටු කරලා තියන්න බැරි නිසා කියලා කාටත් වඩා හොඳට මම දන්නවා බන්. සර් හැමදාම අළුත් පොතක් ගේන්න කියපු කවමදාවක වත් උඹ ගෙනාවේ නැත්තේ උඹ වෙනුවෙන් වියදමි කරන සල්ලි නංගිලා දෙන්නා වෙනුවෙන් වියදමි කරන්න ඕනි නිසා කියලා මම දන්නවා ඒ හැම දවසකම අහමිඹෙන් වගේ මා ගාව අළුත් පොත් දෙකක් තිබුනා නේද මචෝ.
හැමදාම මටත් එක්ක උඹ ගාව තියනවා කොහොමද බන් ඒ
උඹ එහෙම අහපු වෙලාවල්  අනන්තවත් ඇති නේද බන්
උඹට හැමදාම කෝල් කරාම කියන්නේ මචන් මේ ගේ පුරාම උඹලා ඉන්නවා බන් කියලා. ඒ උඹ වෙනුවෙන් හදපු ගෙදරට ගඩොල් හදලා පුච්චලා බිත්ති බැන්දෙත් අපේ පන්තියේ උන්ම නිසා. උඹ අදටත් මට ස්තුති කරනවා එදා කටිටියව එක්කගෙන  ආවට.
            මචෝ උඹ ස්තුති කරන්න ඕනි අද උඹ ලඟ හෙවනැල්ලක් වගේ ඉන්න උඹේ ආදරණි බිරිඳට  උඹට පන්තියේ හිටපු යාළුවෝ දෙන්නගෙන් අනිත් කෙනා ඒයාට තමයි උඹ ස්තූති කරන්න ඕනී .
            එදා උඹලගේ ගෙදර වැඩට උදව් වෙන්න ආපු දවසට කලින් දවසේ. පන්තියේ හැමෝගෙන්ම මම ඇහුවා ගඩොල් හදන වැඩේට උදවි වෙන්න මාත් එක්ක යන්න එන්නේ කවිද කියලා ඒ වෙලාවේ එක එකා එක එක දේවල් කියද්දි අද උඹේ ආදරණිය බිරිඳ ඒකි නැගිටලා කිවිවා කවිරු ආවේ නැතත් එයා එනවා කියලා ඒ වෙලාවේ මගේ හිතට ඒක ලොකු දෙයක් උනා බන්. උඹ වෙනු වෙන් තව එක්කෙනෙක් හරි ඉන්නවා කියලා දැනුනාම කවිරුවත් ආවේ නැතත් මම තනියම මට පුළුවන් දේට තව ටිකක් වැඩියෙන් කරනවා කියලා හිතුවා බන් ඇත්තමයි.
            ඒකි කෙල්ලෙක් වෙලත් එන එකේ කොල්ලෝ උනු උඹලටවත් එන්න බැරි උඹලා ගෑණුන්ට වඩා අන්තයි කියලා වටේම පන්තිවලටත් ඇහෙන්න කෑගහලා  ඒකිට පහුවදා එන්න කියලා ඉස්කොලෙන් පැනලා බෝඩිමට ආවේ මුන් හැටි මෙහෙම නමි මම මැරුණු දවසක මුන් මළ ගෙදරවත් එන එකක් නෑ කියලා හිතාගෙන.
            එදා මම ගියාට පස්සේ ඒකි හැම එකාටම කථා කරලා ගොඩක් කොල්ලන් ගෙන් වල් කථා අහගෙන අඬඅඩා කටිටිය එකතු කලා කියලා මම දැන ගත්තේ ඊට ගොඩාක් දවසකට පස්සේ. පහුවදා ඒකියි මායි හරි උඹ උදව්වට ඉන්නවනේ කියලා හිත හදාගෙන ඒකිව එක්ක යන්න ආපුවාම ඉස්කෝලේ ඇඳුමෙන්ම පන්තියේ ඔක්කොම කොල්ලෝ ටිකයි කෙල්ලෝ ටික ගෙන් ගොඩක් දෙනෙකුයි ඇවිල්ලා ඉන්නවා දැක්කම මට හිතුනේ. උනේ ගුරු තරුව ඔබයි පොතේ ඒ සර්ට පන්තියේ ළමයි දැක්කම හිතට කොච්චර සතුටක් දැනෙන්න ඇද්ද කියලා බන් ඇත්තමයි ඒක මම ගොඩක් කල් හිතපු ප්‍රශ්නෙට උත්තරයක් ලැබුනු වෙලාවක් බන්.
            යාළුකමි ගැන ලියන්න නමි තව දේවල් කොච්චර තිබුනත් ලියන්නේ කොහොමද බන්. මගේ ඇඟිලි රිදෙනවා ටයිප් කරලා මේ ලියපු ටික මදි උනත් යාන්මට හරි ඇති කියලා ඔන්න ඔහේ හිත හදා ගන්නවා. ඇත්තටම බන් උඹ කොහොමද දැන ගෙන හිටියේ උඹේ උපන් දිනේට මම අනිවාර්යෙන්ම කෝල් කරයි කියලා. උඹලගේ පුංචි පැටියා ගැන සුභ ආරන්චිය කියන්න මම කොල් කරන කමි හිටියා නේද. මන් දන්නවා උඹලගේ පුංචි පැටියත් උඹලා දෙන්නා වගේම එලකිරි ඩයල් එකක් වෙයි කියලා. ඒ පුංචි පැටියට කියපන් උඹලගේ ලෝකේ එලිය කරන්න පැටියා මේ ලෝකෙට එන දවසට පැටියව බලන්න ජිංජි මාමා බරටම තෑගි අරන් එනවා කියලා. ඇත්තමයි මම කොහේ හිටියත් එදාට එනවමයි.

මිතුරුකමි රුවල් නැව
සුළඟත් සමඟ දියත් වු පසු
කාලයේ රැල්ල සැඩ පරුෂ උනි නමි
ජිවිත දියඹෙන් නැඟුනු ගල්පර
නැවි පතුල සිඳින්නට වෙර දැරුවද
දක්ෂ නැවියෙකු නුඹ නමි
මිතුරුකමි නැව තවමත් පදවන

Sunday, May 13, 2012

....නික්ම ගිය හිතවතානනි.........

  මාසයක් විතර කාලක ඉදලා බිලොග් එක පැත්ත පලාතක එන්න බැරි උනා,
දිගු නිහැඩියාවකට පස්සේ දාන්න වෙන පොස්ටි එක මෙච්චර දුක හිතෙන එකක් වෙයි කියලා මම කවදාවත්ම හිතුවේ නැ ඇත්තමයි හිතපුරා තියෙන්නේ පුදුමාකාර විදිහකට හිරවුනු දුකක්
බිලොග් ලෝකේ ඇවිදින හැමෝටම අද දුක්බර දවසක්
මම ආයේ පුන පුනා ඒ ගැන කියන්න ඕනි නැ හැමෝම ඒ ගැන දන්නවා. ලැවි ගින්නක් වගේ බිලොග් ලෝකෙම
මහා ලොකු දුකක ගිල්ලෝගෙන අපි අතරින් නික්ම ගිය ඔබා මාමේ ඔබට නිවන් සුව



‍බිලොග් ලෝකේ කොහේ කවිරු ඇවිද්දත් මේ ජායා රූපේ ඒ හැම තැන කදිම දකින්න ඇති
හිත මිතුරන් පරිනතයින් ආධුනිකයින් කියලා වර්ග නොකර හැම බිලොග් එකකම කමෙන්ටි කල
අපුරු මිනිසෙක් අපේ ඔබා මාමා
කොහේ බිලොග් එකක් බැලුවත් මම මුලින්ම කියවන්නේ ඔබා මාමගේ කමෙන්ටි එක
ඒ ඔබා මාමගේ කමෙන්ටි එක කියවලා බිම පෙරලි පෙරලි හිනාවෙන්න පුළුවන් කියලා දන්න නිසා.




පළවෙනි වතාවට මට ඔබා මාමා හමු උනේ සයිබර් සිහින උලලේදි ඒ පලමු හමු විමම අවසන් හමු විම වෙවි කියලා හිනෙකින්වත් හිතුවේ නෑ...........



සයිබර් සිහින උ‍ළේලෙදි අභිත අයියා ඔබා මාමව නටන්න ඇදගෙන ආපුවෙලාවේ චුටි ඩාන්ස් එකක් දාලා යන යනකොට
ඔබා මාමා තාම කොල්ල වගේ කියලා මට හිතුනා.












ඔබා මාමේ මාමගේ මල්ටි බැරල් පෝස්ටි නැතුව මේ බිලොග් ලොකේ හරිම පාළු තැනක් වේවි......



ඔබා මාමේ ඔබට නිවන් සුව.......!!!!!!!!!!!!!