Pages

Wednesday, March 11, 2015

.......බැඳිමි ආත්මාර්ථකාමි ආදරයෙන් ගසාගෙන යන විට..........


අවුරුදු ගානකට පස්සේ කරන්ට් එක නැතුව දවසක් ඉන්න උනා රෑ වෙලා කරන්න දෙයක් නැතුව කල්පනා කරද්දි පුංචි කාලේ නිතරම කරපු දෙයක් මතක් උනා ඒ තරු බලන්න දවසේ හොඳකමද මගේ වාසනාවද මන්දා සති ගානකට පස්සේ පැහැදිලි අහසකුත් තිබුනා
මේ තරු අපේ පොඩි කාලේ මතක් කරනවා පොඩි කිව්වේ සාමාන්‍ය පෙල කරන කාලේ පොඩිමත් නෑ
ඉස්සර මායි දෙවනි අයියයි හැමදාම රෑ අට වෙනකොට පැඳුරක් කොට්ටයක් අරගෙන වහලේ උඩට නඟින්නේ තරු බලන්න  කියලා හිතාගෙන හැබැයි අන්තිමට දෙන්න පැදුරට රන්ඩු වෙලා තමයි වහලෙන් බහින්නේ
දැන් අපි ලොකු ලමයි ඇත්තටම ලොකු ළමයි නෙමෙයි අපි වෙනස් වෙලා අපි ජිවත් වෙන ජිවන රටාව වෙනස් වෙලා කියලා හිත හදා ගත්තට ඇත්තටම මේ වෙනස් වීම් හුඟකට මුල සමාජ රටාව කියලා කියන්න මට නම් බෑ
සහෝදර බැඳිම් යාළුකම් වලින් පවා අපිව ගොඩාක්ම ඈත් කරන්නේ ආදරය
ඇත්තටම හැම දෙයක්ම කැරකිලා ඇවිත් නවතින්නේ ආදරේ ගාවින්
ආදරේ වෙනුවෙන් බැඳිම් නැති කරලා දානවා කියලා නෙමෙයි මම මේ කියන්න හදන්නේ
අපි නොදැනුවත්ම අපෙන් අතපසු වෙන නොසැලකිලිමති කම නිසා අපෙන් ඈත් වෙන දේවල් ටිකක් ගැන
ආදරේ කියන බැඳිමට අපි කොච්චර මුල් තැන දෙනවද කියනව නම් අපි අනිත් බැඳිම් වෙනුවෙන් යොදවන කාලයත් ආදරේ කියන බැඳිම වෙනුවෙන් වෙන් කරනවා
ඔව් ඇත්තටම වෙන අය ගැන කියන්න මං දන්නේ නැ ඇත්තටම මන් මේ කියන්නේ මන් ගැන
මම කියන්නේ එක පුද්ගලයෙක් විතරයි මගෙන්වත් මගේ අයියගෙන්වත් අපි දෙන්නගේ සහොදරකමෙන්වත් මේ මුළු සමාජෙම පෙන්නන්නේ නෑ මේ කියන්න යන දේවල් මං කියන කෙනාට විතරක් අයිති දේවල්
අයියයි මමයි ගත්තොත් මුලින්ම ආදරේ කරන්න පටන් ගත්තේ අයියා ඊට පස්සේ මම
 කෝල්, මැසේජ්, ස්කයිප්, ෆේස් බුක්, ඊමෙල්, මේ හැමදේකින්ම ආදරේට තියන දුර අඩු කලා විතරක් නෙමෙයි සහෝදර බැදිමෙන් අපි දෙන්නව ඒ තරමටම ඇත් කලා
ඉඩක් හම්බ වෙන හැම වෙලාම ආදරේ වෙනුවෙන් වෙන් කරනවා මිසක් වෙන දෙයක් වෙනුවෙන් යොදවන්න ඕනී කියන හැඟිම හිතට දැනෙන්නැ
ටිකක් වෙලාව අරගෙන හිතල බලන්න ඕනී ඒ ඇයි කියලා
ප්‍රශ්ණේ ලේසියි උත්තරෙත් පේන්න තියෙනවා හැබැයි උත්තරදෙන්න අමාරුයි
ආදරේ කියන්නේ බලාපොරොත්තු ගොඩක එකතුවත් ඒ බලාපොරොත්තු එකින් එක අරගෙන කුඩු කරලා හලලා බැලුවොත් පෙනෙයි ආදරේ හැදුන බලාපොරොත්තු හැදිලා තියෙන්නේ ආත්මාර්ථකාමිකම් ගොඩක එකතුවකින් විතරක් කියලා
ඒ ආත්මාර්ථකාමිකම නිසා තමයි අපි වෙන කිසිම බැඳිමකට නොදෙන තරම් වටිනාකමක් කාලයක් ඒ බැඳිම වෙනුවෙන් ලබා දෙන්නේ
ඇත්තටම ආදරේ සහොදරකම් යාළුකම්වල වටිනාකමයි ඒ ඒ බැඳිම් වලින් අපි බලාපොරොත්තු වෙන දේවල් ගැන බැලුවොත් ආදරේ කියන බැඳිමේ තියෙන්නේ අඩු වටිනාකමකුයි බලාපොරොත්තු මහ ගොඩකුයි
සහොදරකම් යාළුකම් තියෙන්නේ එකේම අනිත් පැත්තට වටිනාකම වැඩි උනාට ඒ බැඳිම් වෙනුවෙන් තියෙන බලාපොරොත්තු ප්‍රමාණය අඩු නිසා අපි ආදරේ වෙනුවෙන් වැඩි කාලයක් වැය කරනවා
වැඩි කාලයක් වෙන්කරන වැඩියෙන්ම හිතන බලාපොරොත්තු මහ ගොඩකින් පිරුණ තනිකරම ආත්මාර්ථකාමි හැඟිමි වලින් පණ දෙන ආදරේ සතුටට වඩා වැඩිපුරම දුකයි කේන්තියයි එක්කමයි ගෙවෙන්නේ
දුකයි කේන්තියයි හැම ආදරේකම සතුට වගේම තියෙන අනිවාර්ය අංගයක්
ආදරෙන් තොර ජිවිත නැ වගේම දුකයි කේන්තියයි නැති ආදරේකුත් නෑ
ආත්මාර්ථකාමි හැඟිම් වලින් ඈත් නොවෙන තාක්කල් කේන්තියත් එක්ක දුක පස්සෙන්ම ඒවි ඒ හැම දෙයක්ම අපිව වටිනා කියන බැඳිම් ගොඩකින් හුඟාක් කල් යනකම් අපිව ඈත් කරලා තියේවී




අපිට වැඩියෙන්ම ඕනී වෙන වෙලාව වෙද්දි වටිනාම බැඳිම් ගොඩාකින් ආත්මාර්ථකාමි ආදරේ වෙනුවෙන් අපි ඈත් වෙලා ඉදිවී

4 comments:

  1. හ්ම්ම්ම් ආදරේ කියන්නේ කවද කියලා විස්තර කරන්න පුළුවන් දෙයක්ද ... අන්ධයෝ 7 දෙනා අලියා විස්තර කළා වගේ තමයි,,,,
    මං වගේ රෑට තරු බලන අය හම්බෙන එක සතුටක්,,, දැනටත් කරුවලේ එලියට ගියාම අහස දිහා බලන් ඉන්නවමයි...

    ඒක නෙමේ මගේ පුස් පැටියගේ නමත් ජින්ජි

    ReplyDelete
    Replies
    1. මං වගේ අහිංසක පුස් තඩියෙක් වෙන්න ඇති

      Delete
  2. ආදරේ ගැන අපේ ආචාර්ය මාතලං මයාගෙන් කරුණු විමසා දැනගන්න..

    ReplyDelete
    Replies
    1. ලනුවක් දියන් තියෙනව නම් ඊට වඩා හොඳයි

      Delete