Pages

Friday, May 17, 2013

.............හැකි නමි සැනසෙන්න හිත..........







උඹ කිව්වට සැබැ ආදරයක් ගැන
දන්නවද නුඹ එහෙම දෙයක් ගැන
හැමෝම කරනවට ආදරේ කෙරුවට
නිමක් නැති සෙනෙහසක් කොයින්ද නුඹ ළඟ

පරණ මතකයක් හිත පැරුවට
බාධානොකරයි අළුත් ආදරයට
සැබැ ආදරයක් නුඹට නොතිබ්බට
කුමක් කරන්නද නුඹ නුඹම උන විට

ජිවිතයද සිහිනයක්ම කර
සොයනවද සැබෑවක් ගැන
සැබැවෙන් ටිකක් ඔබ්බට
ඇවිදිමුද අතරමංව අප

මට ලොකු හීන නොතිබ්බට
දනිමි නුඹට හීන ඇතිබව
නුඹ හින සොයා යනකොට
හැකි උනොත් ඉන්නමි මං තනියට

විශ්වාසයක් ළඟ නොතිබ්බට
බලාපොරොත්තුවක් තිබුනම
දැන දැනම විඳවන්නට
හිත කැමතියි බිඳියන්නට


නුඹ නොකිව්වට ලඳ
වචන බොරුබව ගොතන ලද
හිටියට මා නුඹ ළඟ අද
හෙටක් නැත මා සිත හැරදමා ඇත

4 comments:

  1. ආදරේ කියල දෙයක් නෑ බං තියෙන්නෙ ගනුදෙනු විතරයි..අනිත් සේරම මුනිච්චාවට තමා

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත... ඒත් කොච්චර දැනගෙන හිටියත් මොනවා කරත් ඒකෙන් ඈත් වෙලා ජිවිතේ විඳින්නේවත් විඳවන්නේවත් කොහොමද

      Delete
  2. ගොඩක් ලස්සනයි කවි ටික..දිගටම ලියන්න..මේ ගැන මගෙත් අදහස නලින් කිව්ව දේම තමයි...

    ReplyDelete
  3. ස්ටයිල් එකට ආදරේ කරද්දී ඔහොම තමා බන්!

    ReplyDelete