Pages

Friday, February 22, 2013

...........ඒක පාර්ශවික මතකය.........








තවමත් සිහින දකිමි ඒ අතීතය ගැන. සත්තකට කියා හිමිවූවක් නොවුනත් ඒ අතීතය තුල.
 මගේ යැයි කිව හැකි එක සිතුවිල්ලකි මා ජිවත් කල.
එනමි ආදරයකි, කිසිදින මගේ නොවුන

 සිතුවිල්ලකට පමණක් මගේම උන එක චරිතයක් මතකයි සැබෑවටම මා ආදරය කල.
වර්ෂ ගණනක් අත්විඳි සැබෑ ආදරයකි,
 ඒක පාර්ශ්වික

දෙව් දුවක් නොවේ ඇය වෙන උන්ගේ හීන වල තරමට ලස්සන
 ත‍ලෙළු සමකට ලස්සන සිහින් ඉඟකට හිමිකම් කිව්වට 
උරහිස ළඟට දිග කෙට් කොන්ඩයක් තිබුනට ඒ රූපය හැමදාටම මගේ සිත බැඳගත්ත 
කෙතරම් වෙරදැරුවද ඈ වෙත ලං වන්නට හැමදාමත් ඈ පළවෙනියය මම අන්තිමයාමය

ඇගේ නම කියා මිතුරන් විසුළු කල මොහාතක් ගැන මතකය තවමත් මැවේ මේ නෙත් අභියස. 
ඇගේ නමින් මට මිතුරෙකු අඬගැසුව. කිමද බන් විමසන්නට ක්ෂණයකින් මා පසු පස හැරුණ.
 හදවතේ රිද්මය පරිසරයම නිහඬ කෙරුවා වැනිය.   ඈ මා පසු පස සිට මා දෙසම නෙත් යොමා සිටින.
 ඒ ඇස් තුල තිබුන කුමක්දෝ දිලිසෙන හීනයක් ගැන වර්ෂ ගණනක් මා හීනයක් ලෙස දකිමින් ජිවත් උන

කාලය පියඹයි අපි එහි පාවෙමු නුඹ නුඹ ලෙසද මම මම ලෙසද කිසිදාක ඈත්විමක් නොමැතිව අපි අපේ හීන තුල
තප්පරයකි අප දෙදෙනාටම අයත් නොවුන, නමුත්, නුඹේ උන, මගේ උන, තප්පරයක් ගෙවුවෙමු තම තමන්ගේ කොට
සුළඟට විසිරුනු කෙටි වරලස, ජිවිතයම මඟ නවතන නුඹේ මදහස, නිහඬ පෙමිවතෙකුට මඟ පෙන්වුව
හමුවෙනු නැති, වෙන්වෙනු නැති, සාදාකාලික ආදරයකි වර්ෂ ගණනක දුර ගෙවාගෙන පැමිණෙන

18 comments:

  1. කාලෙකට පස්සෙ කියවපු ලස්සනම පබැදුමක්... ජීවමානයි.. :)

    ReplyDelete
  2. හ්ම්ම්..ඒකපාර්ශවික ප්‍රේමයක්....මටත් නම් අත්දැකීම් එමටයි...

    ReplyDelete
    Replies
    1. හැමෝටම පොදුවේ තියෙන අත්දැකිමක් නේද?

      Delete
  3. ඇත්ත.. ලස්සනට.. සරලව!

    ReplyDelete
    Replies
    1. බැරෑරුම්ව කියන්න මමත් දන්නෑ නෙව..

      Delete
  4. ආදරය විරහාව ඇති වෙන්න ඇත.ගළපා ලිවිමට වි‍ශේෂ ස්තුතිය.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගයනි හුඟක් විශේෂයෙන් ගැලපුවේ නෑ ලියාගෙන ලියාගෙන යනකොට ඉබේටම ගැලපිලා

      Delete
  5. ඔය ගොලුවිල්ල තමා දිරවන්නැතේතේ

    ReplyDelete
    Replies
    1. ඇත්තම තමා බූලෝ කොච්චර උනත් ඕනි වෙලාවටම කෙලවෙනවා නේද?

      Delete
  6. දෙපාර්ශිකව කරහන් බං කරන මගුලක් :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. උඹනම් ඉතිම රජෙක් නිසා කියයි අපිට නොවැ කොරන එකේ අමාරුව දැනෙන්නේ

      Delete
  7. උඹත් අනේ මන්දා බන්
    අපිට වුනොත් වෙන්නෙත් ඔහොම දේවල්ම තමා.

    ReplyDelete
    Replies
    1. ගනන් ගන්න එපා බන් මෙව්වා ඉතිං ලියවෙන්නේ ඉබේටමයි

      Delete
  8. ගෙට්ටුවෙන් පස්සෙ අදද බන් උඹ නැගිට්ටෙ...

    ReplyDelete
    Replies
    1. ගෙට්ටුව නිසා මම අමන්දානන්දයට පත්වෙලා මෙච්චර දවසක් මොනවත් ලියා ගන්න බැරුවයි හිටියේ

      Delete
  9. මේ ඉන්නෙ ජිංජිගෙ කොණ්ඩෙ කොටට කපපු එක්කෙනා. අමුතු ආරකට ලියපු කවි.. අපූරුයි ජිංජි..

    ReplyDelete
    Replies
    1. කෝ කොහෙද එයා කොහෙද මෙහේ ස්තුතියි සරත් මාමේ මේ පැත්තට ඇවිත් ගියාට

      Delete