Pages

Monday, December 31, 2012

......අවසන ඇය හදිසි දොරෙටුවෙන් පිටවී යන ලදී.......




  මම වැඩිදුර නොහිතනව නුඹේ වචන වලින් කියනව නමි සැරින් සැරෙට සුළඟ වගේ වෙනස් වෙන්න පුළුවන් උනා නමි නමි වේදිකාවේ රඟපාන විදිහට ජිවිතේදිත් රඟපාන්න පුළුවන් උනා නමි ගොඩක් දේවල් වෙනස් වෙන්න ඉඩ තිබුනා ඊටත් වඩා මම සාම්ප්‍රදායික පෙම්වතෙක් උනානම් නුඹට ආදරයේ අංශුමාත්‍රයක්වත් නොලැබෙන්න තිබුනා කොහොම කියන්නද නුඹ නොතේරෙනවා වගේ ඉන්නවද නැත්නමි ඇත්තටම නොතේරෙනවද?
  මිනිස්සු ප්‍රශ්ණයක් උන වෙලාවකට උදවු ඉල්ලන්නේ තමන්ට වැඩියෙම විස්වාස කෙනාගෙන් නුඹට ප්‍රශ්ණයක් උන වෙලාවේ නුඹව සැරයක් රවට්ටපු කෙනාව නුඹට මට වඩා විස්වාස උනා ඒ කියන්නේ මාව ඒ තරම්වත් විස්වාස නෑ කියන එක නේද? අපිට පුළුවන් නමි අපේ හැම හැඟිමක්ම පාලනය කරන්න නුඹට ඔය ලැබෙන තරම් ආදරයක් සමහරක් විට එහෙම කරපු නුඹ අද කියනවා මට නුඹ ගැන විස්වාසයක් නෑ කියලා ඔනිවටත් වඩා නුඹව විස්වාස කරපු නිසා තමයි මෙච්චර කාලයක් නුඹ ළඟ හිටියේ
  මේක ආදරයක්ද කියලා දැන්නමි හරියටම අර්ථ දක්වන්න බෑ මට ආදරයකට වඩා දැන් අපේ බැඳිම යුතුකමක් වෙලා නුඹට කරපුවට නුඹ මට යුතුකම් ඉටු කරනවා උඹේ දෙමව්පියන්ගේ විශ්වාසෙට මම යුතුකම් ඉටුකරනවා  අන්තිමේදි හැම බැඳිමක්ම ගලා යන්නේ මේ විදිහටද
   පරිසරයට ආදරෙත් දැන් දැන් අනුවර්ථනය වෙලාද කොහෙද හිටි ගමන් අවිස්වාසය නුඹේ හිතට දුවගෙන එනවා ඒකත් භෞතික සාධකයක් නිසානම් මම දෙපාරක් නොසිතම නුඹව සාධාරණිකරනය කරනවා නුඹ හැම වෙලාවෙම අවිස්වාස කරන්නේ මගේ හිත
     නුඹටත් ඕනී බොළඳ ආදරයක්ද වචන වලින් විතරක් දැනෙන නුඹට ආදරේ දැනෙන්නේ වචන වලින් විතරද මටත් පුළුවන් ඒහෙම වෙන්න හැබැයි මම එහෙම වෙන්නෑ නුඹට නිදහස තියෙනවා වචන වලින් විඳින පාට තවරපු සීනී බෝල ආදරයක් හොයන් යන්න  කෙනෙකුට බෑ තව කෙනෙකුගේ හිතකට මායිමි බඳින්න හොයන් පලයන් නුඹේ කැමැත්ත සීනී බෝල ඇතුලෙන් සැබැවක් හොයා ගත්ත දවසට ඇවිත් කියලා පලයන් කෑගහලා මම වැරදියි කියලා බලන් ඉන්නවා මම ඒ දවස එනකම්
   හිතට අවංකවම කියන්නද එක දෙයක් නුඹ ඔය දකින හීනේ ඇත්තට උනත් නැතත් හැබැවෙනවනම් මම කැමතියි මොකද නුඹේ හීනේ බිඳුන දවසට ආයේ මාව හොයාගෙන ආවොත් නුඹව පිළිගන්න මට බැරිවෙයි
  
  නුඹ වගේ සැහැල්ලුවට කඳුළු බින්දු තුන හතරකින් හැමදේකම නිමාවක් දකින්න පුළුවන්නම් මටත් ජිවිතේ හරිම ලේසි වේවි ඒත් නුඹට වගේ නෙමෙයි මගේ වටේට ඉන්න ජිවිත වලට මම වගකියන්න ඕනී මගේ හිනාවට ශක්තිමත් වෙන සමහර ජිවිත කඩාවැටෙන්න ඉඩදෙන්න බෑ ඒ සමහරක් ජිවිත පිළිවෙලකට ගලන්නේ මම නිසා කියන එක අමතක කරන්න බෑ මට හැමදෙයක්ම දාලා දුවන්න බෑ ලෝභ කමට නමි නෙමෙයි තවමත් සමිපුර්ණ නොකරපු යුතුකමි තියෙන නිසා
   මතකද නුඹට පටන් ගැන්මෙම පොරොන්දුවක් උනා මේ කථාවට නුඹම තිත තියෙනකමි මම කොමාවක්වත් තියන්නේ නෑ කියලා පොරොන්දු තියෙන්නේ කඩන්න කියලා මම හිනාවෙලා කිව්වට කොහොම හරි පොරොන්දුව ආරක්ෂාවෙලා  නුඹට පුළුවන් හිතේ සතුටින් තිත තියන්න

15 comments:

  1. අයියෝ මචන් අලුත් අවුරුද්ද ලබද්දී පරණ ඒවා අමතක කරපන්.නැත්තම් උඹටම තමයි විඳවන්න වෙන්නේ :)

    ReplyDelete
    Replies
    1. පරණ අවුරුද්දට පොස්ට් එකක් දාලා අමතක කරල දැම්මා සේරම
      ස්තුතියි නිෂාන්

      Delete
  2. ඕවා අමතක කරලා අළුත් අවුරුද්දේ අළුත් දෙයක් ගැන හිතපන්. අර ඇඩ් එකක කියනවා වගේ,

    'ඊලඟ කෑල්ල තවත් රසවත්..' වුනොත්.

    මොනවා වුනත් වුණු දේ ඉවරයි. දැන් අළුත් අවුරුද්දක්! සුබ විදියට හිතලා අළුත් අවුරුද්ද පටන් ගන්න තියෙන්නේ.

    සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  3. ඔබට සුභ නව වසරක් වේවා! ඒ වගේම වචන හැඩට ගළපා ඇති කථාවක්.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. සුභ නව වසරක් වේවා ගයනි ඔබටත්

      Delete
  4. සාමය සතුට සපිරි සුබ අළුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
    Replies
    1. කිරියෙන් පැණියෙන් ඉතිරෙන නව වසරක් වේවා

      Delete
  5. //දැන් අපේ බැඳිම යුතුකමක් වෙලා නුඹට කරපුවට නුඹ මට යුතුකම් ඉටු කරනවා //

    මට සමහර වෙලාවට හිතෙනවා විවාහයකදි පොඩි පහේ ඉමර්ජන්සි එක්සිට් එකක් සහ ඉමර්ජන්සි එන්ට්‍රන්ස් එකක් තියෙන්න ඕනේ කියලා... මොකද මෙන්න මේ අවස්ථාව විවාහයකදිත් ඇති වෙන නිසා... 100% නැති උනත්99% ක් ම විවාහ වල ඔය තත්වය එනවා...

    ඉමර්ජන්සි එක්සිට් එකකින් එළියට යන්න හදිසි අවස්තාවකදි.. එතනින් එළියට ගිහින් වැරදි වැඩ කරන්නේ නෑ.. හදිසි අවස්ථාව ඉවර උනාම ආයිත් එනවා.. එතකොට ආයිත් ඔක්කොම අලුත් වගේ දැනෙනවා...

    මේක ඔයාගේ කතාවට අදාළ නෑ වගේ නේද.. ඒත් ඔන්න මං දැම්මා.. හි හි

    හිත් රිදීම් අඩු වෙන සුබ නව වසරක් වේවා...

    ReplyDelete
    Replies
    1. හිරුගේ කමෙන්ට් එක පොස්ට් එකට අදාලයිනේ
      ඉමර්ජන්සි එක්සිට් එකකින් එළියට යන්න හදිසි අවස්තාවකදි.. එතනින් එළියට ගිහින් වැරදි වැඩ කරන්නේ නෑ.. හදිසි අවස්ථාව ඉවර උනාම ආයිත් එනවා.. එතකොට ආයිත් ඔක්කොම අලුත් වගේ දැනෙනවා...
      මුළු පොස්ට් එකටම උත්තරයක් එතන තියෙනවා

      සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා හිරු ඔබටත්

      Delete
  6. නුඹ නොතේරෙනවා වගේ ඉන්නවද නැත්නමි ඇත්තටම නොතේරෙනවද?
    ඔන්න අපිට තියෙන සදාතනික ප්‍රශ්නය

    ReplyDelete
    Replies
    1. හම්මේ මම හිතුවේ ඕක අපි වගේ ඇට්කිච් කොල්ලන්නට තියෙන ප්‍රශ්ණයක් විතරයි කියලා බලන් යනකොට මේක පරම්පරා ගානකට බලපාපු ප්‍රශ්නයක්නේ
      සුභම සුභ අලුත් අවුරුද්දක් සරත් මාමේ

      Delete
  7. මේවා ගැන කතා කරන්න ගියොත් ආයුෂත් ඉක්මනට අඩු වෙනවා...

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්ණ තියෙන්න ඕනි බන් නැත්නම් ඉතිං ගොඩක් ආයුෂ තියෙන එකෙත් මෙලෝ රහක් නෑ
      සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා මචෝ

      Delete
  8. සිරාගේ හැදින්විමෙන් ආවේ අපේ කෙනෙක්නේ කියලා බලන්න ...දිගටම එන්නම්කෝ

    ReplyDelete