Pages

Thursday, August 23, 2012

.....මලකට පෙම් බැඳ.........



උස අත්තක පිපුනු මල
නුඹ නෙලන්නට
නොදැක්කෙමි සිහින

හැමදාමත් ගහ පාමුල හිද
බලාසිටින්නට සිතුවෙමි

ඒත් නුඹ මල
ඇයිද විරසක මෙලෙසට
බලා ඉඳ සැනසෙන්නට
ඉඩ නොදෙන්නද
පරවුනේ මෙතරම් විගසට

දන්නවද මල නුඹ
ආදරේත් එක්ක මේ හිත තුල
තරහක් ඇත සියුම් ලෙස
බලාසිටින්නට තිබූ අයිතිය
උදුරනවාට පරවී නුඹ

අනේ මල මා මියදෙන්නට පෙර
සමාවෙයන් එකවරක් මට
හිතේ ආදරයට මූලාව
නුඹට වෛර බැන්දට
එලෙසට

මල නුඹ දැක සැනසෙන්නට
සිතුවට මේ බොළඳ සිත
මල නුඹ සිතුවෙම
දිනුමට පෙම කෙලෙසකින් හෙම

මල නුඹේ සිත
නොදැනුයේ කෙලෙසක මට
දුර සිට දැක සැනසෙන
මගේ ළඟට එන්නටද
වියැළුනේ නුඹ මල
මෙතරම් විගසට

මල නුඹ තුරුළු කරගෙන
හෙලනා මේ බිඳු කඳුළු
උරාගෙන ගස හෙමිහිට
පුබුදුවපන් තව මලක්
මං වගේම
පෙම් බඳින්නට

14 comments:

  1. මලක් ගහලම ලිව්ව එකක්ද මන්දා ?

    ReplyDelete
    Replies

    1. මල් වලට හිංසා කරන එක පව් වැඩක්
      ඒ නිසා මං ඕවා කරන්නෑ

      Delete
  2. මේක කියවන කොට මම දන්න ඇත්තම සිද්ධියක් මතක් වුනා..මගේ යාළුවෙක් [කොල්ලෙක්] ගෑනු ලමයෙක්ට මාර විදිහට ආදරේ කලා. [තාමත් එහෙමයි] ඒත් ඒ කෙල්ලට ඒක කිව්වේ නැ. ඒ ගර්ල් පස්සේ මෙයාව හොයාගෙන ආවා.එතකොට එයා ප්‍රෙග්නන්ට් වෙලා..ඒ කෙනා මෙයාව භාර ගන්න බැ කියලා..පස්සේ මගේ යාළුවා මෙයාව බලාගත්තා..ලමයාව නැති කලා..ඒ යාළුවා මේ ලඟදි මාත් එක්ක කියලා මාර විදිහට ඇඬුවා ඇයි මේ මල පරවුනේ කියලා... එයාට දුක ඒ ගැනු ලමයාට වෙච්ච දේ ගැන..එයා තාම ඒ ගර්ල්ට ආදරෙයි..ඒත් අදටත් කියන්නේ නැ..

    ReplyDelete
    Replies
    1. කියන්නේ නැති ආදරේ වැඩක් නෑහැල්ලු ඒත් කියපු ආදරේකට වඩා නොකියපු ආදරේ මාරයි

      Delete
    2. // ඒත් කියපු ආදරේකට වඩා නොකියපු ආදරේ මාරයි//

      සිරාවටම..

      ආදරේ නොකියන්නේ.. එක්කෝ නොලැබෙන නිසා, නැත්තම් අසම්මතයේ සිදුනොවන නිසා..

      Delete
  3. උස අත්තක මලක් වුණේ ගවු ගණනක් උඩින් ඉන්න,
    අවසානේ උරුම වුණේ මල් පොකුරක එකක් වෙන්න !!!

    ඒ දවස්වල දීපිකා අක්කා ඔහොම සිංදුවකින් කිව්වා මතකද...

    කවි සෙට් එක මරු !

    ReplyDelete
  4. මල්... ලස්සන මල් නිර්මාණයක්

    ReplyDelete
  5. මලක් වුනේ ඇයි නුබ මට ජිවිතයට
    සුවද සලන එ නමුදු සිප ගන්නට තහනමි...

    ReplyDelete
    Replies
    1. සිඹීන මල් විතරද ලොව තියෙන්නේ...
      ස්තුතිය සිතුවිලි සයුර

      Delete
  6. හිතට වැදුනා නිර්මාණය. කියෙව්වා දෙතුන් පාරක් ම. ජය පතනවා!!

    ReplyDelete
  7. කාලෙකින් කියවපු දැනුනු කවියක් හිතට නෙම ඊටත් එහාට ............

    ReplyDelete
  8. ගොඩක් ලස්සනයි ජිංජියො....

    ReplyDelete