Pages

Sunday, June 10, 2012

...........ආදරේ මට හිතුනු හිදිහට...........

        අදත් වෙනදා වගේම නිකන් ඔහේ ගෙවිගෙන ගිය දවසක්.
පුරුද්දට වගේ, අදත් ටීවි එක දිහා බලා ගෙන වේගයෙන් චැනල් මාරු කරනකොට, යාන්තමට පෙනී නොපෙනී ගියා දෙමල චිත්ත්‍රපටියක එක රුප රාමුවක්.
ඒතරමට වේගෙන් මම චැනල් මාරු කරනවා.
ආපහු මීටරේ කරකවලා බැලුවා.
 දමිල චිත්ත්‍රපටියක් ආදරේ ගැන කියවුනු , චිත්ත්‍රපටියේ අන්තිම හරිය ගොඩාක් දේවල් සිද්ද වෙලා, එක පාරටම අමුතුම විදිහකට චිත්ත්‍රපටිය ඉවර උනා.
ඒ මම කවදාවත් ජිවිතයේ නොදැකපු නොහිතපු පැත්තකින්.

එක පාරටම මට හිතුනේ ආදරේ අපි හිතන දකින දේමද කියලා නෑ ඒක ඊට වඩා ගොඩාක් වෙනස් දෙයක්,
ආදරේ කියන දේ වේලාව, තැන, පුද්ගලයා ආදි ගොඩාක් දේවල් මත වෙනස් වන සාපේක්ශ වු දෙයක්.
සමහරු කියන විදිහට ආදරේ පරිත්‍යාගයද, ලැබිමද ,ලබාගැනිමද ඒත් නැත්නමි හිමි විමද
ආදරේ එක මොහොතක හැගිමක්
අනිත් හැගිමි ඉක්මනට අමතක කරන අපි ඒ හැගිම හැමදාටම හිතේ තියාගෙන ඉන්නවා
. ඒ අපි හිතාගෙන ඉන්නේ අපිට මොන දේ නොලැබුනත් ආදරේ කවදාම හරි හමිබවෙනවා ඒ ලැබිම අනිවාර්ය ඌ දෙයක් කියලා නිසා. 

ඒ සමහරු අපිට හිතන්න උරුම කරපු විදිහද මන්දා.
ආදරේ කියලා අපි හැමදාම ලුහුබදින්නේ බොරුවක්, ආදරේ හැමදාම අපිට නොපෙනුණු අපි ලගම තියනවා.
ආදරේ කියන්නේ අපිට කවදාම හරි ලැබෙන දෙයක් නම්, ඇයි අපිට අපි ලගම තිබුනු ආදරේ නොපෙනෙන්නේ? .
ඒ ආදරේ එක හැගිමක් විතරක් නිසා,
ආදරේ අපි ඔය මවන තරම විසාල නොවන දෙයක් උනු නිසාවට.
අනේ මන්දා,
ආදරේ ගැන ලියපු අය ගයපු අය කොච්චරද,
රෝමියෝ ජුලියට්ලට ආදරේ කරන අය කොච්චරද,
ටයිටැනික් වෘතාන්තායේ ජැක් රෝසි කෙනෙක් වෙන්න ඒතරමට ආදරේ වැලද ගන්න හීන දකින අය කොච්චරදක්ද,
     ආදරේ කියන්නේ අපි මවා ගත්තු දෙයක්, ඒත් අපි හිතනවා ඒක ඉබේ ඇතිවන දෙයක් කියලා ඒක නිසයි අපි ආදරේ කියන දෙය බොරුවක් කියලා නොපෙනෙන්නේ.
        
       උඩ ඉදන් පහලට කියවගෙන එනකොට අපිලිවෙලක් දැනුනා නේද මුල, මැද ,අග සමිබන්ධ නෑ වගේ දැනුනා නේද? 
ඒක තමයි ආදරේ, ජිවිතේ, අපි හිතදේ,
මේ හැම දෙයක්ම එකට ගැලපෙන දේවල් නෙමෙයි.
ආදරේ, ජිවිතේ, අපි හිතදේ, කියන්නේ එකිනෙකින් වෙනස් වු මාතෘකා තුනක්. මේ එකකින්වත් තව එකක් පැහැදිලි කරන්න බෑ,
හැබැයි අපිට එකක් තුලින් අනිකක් හොයා ගන්න පුලුවන් වෙයි.
අපි ආදරේ කිය කියා කියන්නේ එකෙක් අනෙකාගෙන් බලාපොරොත්තුවන් දේවල් ටිකක් විතරයි.
උදාහරණයක් විදිහට, එයා මට ශක්තියක් වෙයි. ජිවිත කාලෙම මාත් එක්ක ලගින් ඉදියි. 
    ඉතින් ආදරේ කියන්නේ මොකද්ද ආදරේ කියලා හිතන්න වෙනවා,
වෙනම නමක් දිලා අපි වැලද ගෙන ඉන්නේ අපේ බලාපොරොත්තු සහ ඕනැ එපාකමි ටිකක් විතරයි.
       
        ආදරේ මෙහෙමයි අරහෛමයි කියලා මාත් එක්ක විවාදෙකට ඇවිත් වැඩක් නෑ, මම මුලදිම කියපු විදිහට මේ මම දකින විදිහ අනිත් අය තම තමන් කැමති විදිහට ආදරේ දැකපුවාවේ. මේ කාගෙවත් දැක්මක් වෙනස් කරන්න එවාට බලපැමිකරන්න හැදිමක් නෙමෙයි. මේ මගේ අනන්‍යයතාව ඒ කියන්නේ මගේ දැක්ම.

20 comments:

  1. අදනේ ජිංජිබිරිස්ගේ යූ ටර්න් එකට එන්ඩ පුලුවන් උනේ.

    දෙමල චිත්‍රපටි වල ආදරේට වඩා තියෙන්නේ ආදරේ වෙනුවෙන් නහුතෙට කෙල ගැනිම්. කොල්ලා එකසිය ගානට දාඩිය දාගෙන හැටකට ව්තර තනියෙන්ම නෙලනවා !!! අනිතිමේදි ආදරේ දිනනවා.

    මෙහෙම ප්‍රශ්නයක් අහන්ඩද ?
    ආදරේ කලොත් වෛර කරන්ඩ පුලුවන්ද ?

    තමන් ආදරේ කරන කෙනා වෙන කෙනෙක්ව කසාද බැන්දොත්/යාළු උනොත් තමන් ඒ ගෑල්ලමයට චාටර් වෙන්ඩ වෙන දේවල් කරන්ඩ පුලුවන්ද. සමහරු වගේ ඇසිඩ් ගහන්ඩ එක්කෝ කපලා කොටලා දාන්ඩ පුලුවන් ද ?

    පිලිතුරු අවශ්‍යයි !!!

    ReplyDelete
    Replies
    1. යන ගමන් ෆලෝ එකකුත් දාගෙනම යනවා.
      ෆලෝ කලා කියන්නේ දිගටම එනවා කියන එක. ගිහින් එන්නම්. දිගටම ලියන්ඩ !!!

      Delete
    2. ස්තූතියි මධුරංග මේ පැත්තේ ආවට......

      ඔවි සහ බෑ ඒ තමයි පිළිතුර
      ආදරේ කියන්නේ අපි දකින විදිහනේ මචෝ උඹ දකින විදිහට නෙමෙයි මම දකින්නේ මම දකින විදිහට නෙමෙයි වෙන එකෙක් දකින්නේ ඒකයි මම කියන්නේ ආදරේ සාපේක්ෂයි කියලා
      දෙයක් කෙන කෙනාට සාපේක්ෂ වෙනකොට කොහොමද කෙනෙක් ආදරේ කියන එකට අර්ථ කථන දෙන්නේ
      පෞද්ගලිකව මම නමි කියන්නේ ආදරේ නෙමෙයි අපේ හැමදෙයක්ම

      Delete
    3. அயஅய அழமயனய maduranga மயசயநெ ??

      வழன maduranga ரஇயவய அஅய மறைறந maduranga மழழயை ;))

      வயஅடை jingibiris கடைஅ ாழனய யெ நெனய????

      Delete
  2. හැබෑටම නියමයි ඈ
    මට නම් මෙලෝ මඟුලක් තේරුනේ නැහැ :D
    ඔයාට අමතක වෙච්ච දේකුත් තියෙනවා ජින්ජෝ ඒ තමා ආදරය කියන්නේ කෙනෙක්ගේ හිතේ තියෙන පිස්සුව කියන එක.

    ReplyDelete
    Replies
    1. ඕවි උඹටත් පිස්සු මටත් පිස්සු අපි හැමෝටම පිස්සු
      ඒ පිස්සුව නිසානේ බන් ලෝකේ මෙච්චර ලස්සන

      Delete
  3. ආදරේ අරුත හොයනවාටත් වඩා අපි ආදරේ කරලා බලමු. එතකොට තේරෙයි ආදරේ කියන්නේ මොකක්ද කියලා

    ReplyDelete
    Replies
    1. මාත් ආදරේ කරනවා ගෙඩක් කල් ඉඳලා ඒත් තාම තේරුනේ නෑ බන් තව කොච්චර කල්යයිද දන්නෑ ඇත්තටම ආදරේ තේරුමි ගන්න

      Delete
  4. දෙමල ෆිල්ම් වල මම ආසම චන්ඩියා සරම උස්සගෙන කෙලගන්න ඒවට.. ඒව සිරා..

    ලව් සීන් වුනත් පට්ට. දෙමල කෙල්ලෝ මාර ලස්සනයි. මම අකැමැති උන්ගේ බාසාව.. ටකරං වලට ගහනව වගේ..

    "கதனகதயநழகைதகமடனமமஇழை" කියල කෑ ගහන්නේ.

    උලව්වේ රොමැන්ටික් වෙන්න එපා බං ජිංගියෝ.. ආතල් එකේ හිටු.

    ReplyDelete
    Replies
    1. කවිද බොලේ රොමැන්ටික් උනේ
      මං තාම මල් කොල්ලා
      ඇත්තටම සෑමෝ අර දෙමළ අකුරින් ලියලා තියෙන්නේ මොනවද බන්

      Delete
  5. මම නම් කියන්නෙ ආදරේ නොකරන තරමට හොදයි යාළු..

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා හිමාවියෝ ආදරේ තියෙන්නේ විඳින්න.
      ඒ නිසා ආදරේ කරන්න ඕනී අපි හැමෝම

      Delete
  6. මාත් කාලයක් දෙමළ චිත්‍රපටි බැලුවේ නැහැ. ඒ වෙන දෙයක් හින්දා නෙවෙයි. මම ඒ භාෂාවට කැමති නැති හින්දා. නමුත් මෑතක දී සිරා ඒවා කිහිපයක් බැලුවා. හැම වෙලේ ම යතාර්තවාදී වෙන්න පටන් අරන් තියෙන්නේ බටහිර චින්තනයට ගැති වීම නිසා. චිත්‍රපටයේ පෙන්නන්නේ කොහොමත් බොරුව. ඉංග්‍රීසි චිත්‍රපට වල ඒ බව නොපෙනෙන්න සංකීර්ණ ලෙස අපව රවටනවා. දෙමළ චිත්‍රපට වල ප්‍රයෝග සැඟවීම සඳහා වැඩි ආයාසයක් දරා නැහැ. ඒ වගේ ම අපි සැබෑ ලෝකයේ දී අත් නොවිඳින තරම් සමහර දේවල් නිර්මාණය වෙනවා. සටන් ජවනිකා එහෙම ඒ වගේ. නමුත් එතැන තියෙන්නේ වෙනත් රසයක්. කැමති කෙනෙකුට විඳින්න පුළුවන්. බැරි කෙනෙක් ඉන්නවා නම් වෙන එකක් බලන්න පුළුවන්.
    ඒ වගේ ම උඹත් එක්ක එකඟ වෙනවා ජින්ජෝ!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ රැංගෝ කිසිම දෙයක් අපි බලන්න ආස නෑ කියලා අහක දාන්න හොදනෑ
      හැබැයි ආදරේ කියන දේ ඉස්මතු කරන එක අනිත් හැම එකකටම වඩා හොදින් කරපු දෙමළ චිත්‍රපටි තියනවා බන් ඒකයි මම නමි ඒවට ආස....

      Delete
  7. ආදරේට කොහොමද අර්ථකතන දෙන්නෙ...:)

    ReplyDelete
  8. ආදරය සුන්දර නොවෙන්නත් පුළුවන්. නමුත් ආදරයේ අරමුණ වෙන්න ඕන තමන් ආදරය කරන කෙනාගෙ යහපත. තමන් කොහොම හරි එයාව අයිති කරගැනීම නෙමෙයි. එතනදි පරිත්‍යාගයක් වුනත් කරන්න වෙන්න පුළුවන්...

    ReplyDelete
  9. ඉස්සරනම් හැමදාම ඉරිදා ශක්ති එකේ ගිය දෙමල ෆිල්ම් එක බැලුවා දැන් එකත් නැහැ ,අපේ මෝඩ ආතල් වල‍ට වඩා ඒවා හොදයි.......

    ReplyDelete
  10. ඕං මමත් ආවා ජිංජිගෙ ජංගිය බලන්න..... :-))))

    මං ඔය ලව් සීන් වලට නෑනේ...

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  11. ආදරය සුන්දර වරදකි කිසිදා සමාවක් නැති ............. ආදරය එක එක්කෙනා අර්ථකථනය කරන විදිහේ පුදුම විවිදත්වයක් තියනවා ඒ හින්දම ආදරේ ගැන එක නිර්වච්නෙකට එන්න අමාරුයි .

    ReplyDelete
  12. ආදරය කියන්නෙ ප්‍රහේද ගණනාවකට කඩන්න පුලුවන් මාතෘකාවක් වුනත් ආදරේ කිව්ව ගමන් අපිට මතක් වෙන්නෙ කෙල්ලගෙයි කොල්ලගෙයි ලව් එක විතරයි..ඒම වෙන්නෙ ඇයි? අයි ඩෝන්ට් නෝ වයි?

    ReplyDelete