Pages

Friday, June 8, 2012

..........මම නුඔ ඔහු සහ ඈ මම ඇය.........


ඉස්සර මට
මතකයි තිබුන හැටි ගැටළුව
ඒ ගැන
කෙලෙසද නුඔ
දෙදෙනෙකුට පෙමි බැඳි හැටි
එක වර

කිසිවක් නොකිවද නුඔ හට
මගේ සිත කීවේ
පෙමි බැඳිය නොහැකිය
දෙදෙනෙකු හට නමි
 එක වර බව


අද මම දනිමි
අප වෙන් වු දිනයෙදි
නුඹ හෙළුවාවු බිඳු කැට
බොරුවක් නොව සැබැවක් බව
දනිමි මම
නුඹ ඒ දින
මට බැඳි පෙම
නිසැකයෙන් සැබෑවක් බව

මතකයි නුඹ ගැන මතකය
නිහඩ බව බිඳගෙන
ගැලුවාවු බව

හැකි නමි දෙනු මැන
අවසර
ගැළුවාවු බිඳු මතකය ගෙන
ඔය සිත සනසන්නට

අද මා ලුහුබැද එන
පසුතැවිල්ලක අමියුරු සෙවනැල්ට
නැත මා ළඟ දෙන්නට පිළිතුරු

නුඹ මට ලැබදුන් ඒ
පෙම තුළ
නැත හිඩැසක් දකිනුයේ
කිසිලෙසකින්වුව
නොසිටියනමි මිතුරන් මට
මේ හැටි

දෙදෙනෙකු හට කෙලෙසක නුඔ පෙමි බැදි හැටි
නුඔ හට පිළිතුරු නැති වූ මගේ ගැටළුව
නුඹේ තැන අද මා ඇත මගේ තැන අද ඈ ඇත
වැටහුනි මට කෙලෙසක එය වන හැටි


11 comments:

  1. ස්ත්‍රී චිත්තය තේරුම් ගන්න හරි අමාරුයි නොවැ

    ReplyDelete
    Replies
    1. සමහර වෙලා වලට හරි ලේසියි තේරුමි ගන්න ඒත් සමහර වෙලා වලට ඔළුවෙන් හිටන් හිටියත් බෑම තමයි

      Delete
    2. සරමක් ඇදන්ද මචං ?

      Delete
    3. සැහැල්ලුවෙන් හිතන්න පුළුවන් එතකොටනේ මචන්

      Delete
  2. අපල තියෙනවනම් ගෙවන්නම එපැයි ජින්ජියෝ, ගනන් ගන්න එපා ඒක නිසා

    ReplyDelete
    Replies
    1. මම ගණනන් ගන්නැ අප්පා හිතේ අමාරුවට මේවගේ එකක් දෙකක් ලිවිවට

      Delete
  3. දුක තමයි ජින්ජෝ :)

    ReplyDelete
    Replies
    1. දුක පමණයි පුටුවේ. මා ඒ ළඟ තනිවේ

      Delete
  4. මටනං හිතාගන්න පුළුවන්!

    ReplyDelete
    Replies
    1. රාජ්ට හරි තේරිලා ඇති යන්තමි

      Delete
  5. එකපාර දෙන්නෙකුට ආදරෙ කරන්ට පුලුවන්ද ඇත්තටම? මට හිතෙන්නෙ එහෙම පුලුවන් නම් එකපාර ඊට වැඩි දෙනෙකුට උනත් ආදරේ කරන්ට පුලුවන් වෙන්ට එපැයි කියලයි.........

    ReplyDelete