Pages

Sunday, May 13, 2012

....නික්ම ගිය හිතවතානනි.........

  මාසයක් විතර කාලක ඉදලා බිලොග් එක පැත්ත පලාතක එන්න බැරි උනා,
දිගු නිහැඩියාවකට පස්සේ දාන්න වෙන පොස්ටි එක මෙච්චර දුක හිතෙන එකක් වෙයි කියලා මම කවදාවත්ම හිතුවේ නැ ඇත්තමයි හිතපුරා තියෙන්නේ පුදුමාකාර විදිහකට හිරවුනු දුකක්
බිලොග් ලෝකේ ඇවිදින හැමෝටම අද දුක්බර දවසක්
මම ආයේ පුන පුනා ඒ ගැන කියන්න ඕනි නැ හැමෝම ඒ ගැන දන්නවා. ලැවි ගින්නක් වගේ බිලොග් ලෝකෙම
මහා ලොකු දුකක ගිල්ලෝගෙන අපි අතරින් නික්ම ගිය ඔබා මාමේ ඔබට නිවන් සුව



‍බිලොග් ලෝකේ කොහේ කවිරු ඇවිද්දත් මේ ජායා රූපේ ඒ හැම තැන කදිම දකින්න ඇති
හිත මිතුරන් පරිනතයින් ආධුනිකයින් කියලා වර්ග නොකර හැම බිලොග් එකකම කමෙන්ටි කල
අපුරු මිනිසෙක් අපේ ඔබා මාමා
කොහේ බිලොග් එකක් බැලුවත් මම මුලින්ම කියවන්නේ ඔබා මාමගේ කමෙන්ටි එක
ඒ ඔබා මාමගේ කමෙන්ටි එක කියවලා බිම පෙරලි පෙරලි හිනාවෙන්න පුළුවන් කියලා දන්න නිසා.




පළවෙනි වතාවට මට ඔබා මාමා හමු උනේ සයිබර් සිහින උලලේදි ඒ පලමු හමු විමම අවසන් හමු විම වෙවි කියලා හිනෙකින්වත් හිතුවේ නෑ...........



සයිබර් සිහින උ‍ළේලෙදි අභිත අයියා ඔබා මාමව නටන්න ඇදගෙන ආපුවෙලාවේ චුටි ඩාන්ස් එකක් දාලා යන යනකොට
ඔබා මාමා තාම කොල්ල වගේ කියලා මට හිතුනා.












ඔබා මාමේ මාමගේ මල්ටි බැරල් පෝස්ටි නැතුව මේ බිලොග් ලොකේ හරිම පාළු තැනක් වේවි......



ඔබා මාමේ ඔබට නිවන් සුව.......!!!!!!!!!!!!!


5 comments:

  1. සදාදරණීය සනත් අංකල්, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා!!!

    ReplyDelete
  2. අඩන්න එපා යකුනේ.ඔබා මාම දන්නවනම් අපි මෙහෙම අඩනවා කියලා එයාට ගොඩක් දුක හිතේවි.කරන්න තියන එකම දේ ඒ සුන්දර මනුස්සයා අපිට ඉතුරු කරලා ගිය මතක එක්ක සතුටින් ඔබා මාමා ඉක්මනටම අපි අතරේ ඉපදෙන්න කියලා ඉල්ලන එක විතරයි.මෙය නැවතුමක් නොවෙයි ඉසිබුවක්‌ පමණයි.

    ------ ඔබා මාමාට බුදුසරණයි ----------

    ReplyDelete
  3. රූපය දිරයි නාමය නොදිරයි.....
    ඔබා සදාතනිකව අප හදවත් තුල ‍රැදෙනු ඇත......

    ReplyDelete
  4. අදහාගත නොහී මොහොතක නික්මගිය සොඳුරු මිනිසානෙනි...ආදරණීය ඔබා මාමේ ඔබට නිවන්සුව අත්වේවා.............

    ReplyDelete
  5. වෙන පෝස්ටුවක් දාන්න හිත හදාගන්න බැරි නිසාම මමත් ඔබා මාමා ගැන දැම්මා. එතුමට තිබ්බේ අමුතුවෙන් කියන්න ඕනෙ නැති මනුස්සකමක්. ඇත්තම කිව්වොත් අපිට වඩා හිත තරුණයි.

    මාත් අපේ අම්මට කිව්වා. ඔබා මාමා එක්ක ගත්ත පොටෝව පෙන්නුවා. අපෙ අම්මගෙ ඇස්වලට කදුලු ආවේ ඔබා මාමාගෙ කතාවක් වත් බලල නැතිව.

    විස්වාස කරනවද මට ඇඩුනෙ නැහැ කියලා

    ඔබා මාමාට නිවන් සුව.

    (මේ කමෙන්ටුව හැම පෝස්ට් එකකම පේස්ට් කරන්නම්...)

    ReplyDelete