Pages

Saturday, March 3, 2012

දයාබර කැකුළු මල




නියඟයෙන් පිරුණු පස් පිඩෙන්
උපත ලද ශාකයේ කිණිති අග 
සැඟව ඇති කැකුළ
නුඹ නූපන් හෙට දිනට
පෙමි බදින වස්සානයට
නූඹ රුවින් විකසිත වන තෙක්
දනීද මඟ බලන බව
එනමුදු බොලදීයේ,
ඉඩෝර බිම සනහාලන
පෙමිබර වස්සානයට
රුදුරු උනොත් අනෝරාවක්ව 
සිහින් පෙති ගිලිහේවී
නූඹ ඉකිබිඳ හමාවි
කඳුළු පිස සනසන්නට
කිසිවෙකුදු නොම ඒවි
ඉදින් මා කැකුළියේ වටහා ගනින්
මේ කටුක යථාර්තය
පිබිදියන් හෙට දිනේ 
වැසි බිදේ වාරුවෙන්
දුක සතුට විඳගන්න 
තිරසාර අධිටනින්.....

6 comments:

  1. ම්ම්ම්ම්.... ලස්සනයි !!!

    ReplyDelete
  2. රෑ වටෙන පිනි බිංදු
    මොන තරම් සොදුරැයිද
    නුඹ ඉල්ලා හඩන
    අනෝරාවට වඩා
    විද බලන් පිණි පසහ
    තේරෙයි නූඹට
    ඉදින්
    වැස්සත් දියයි
    පින්නකත් දියයි
    දෙකද එකමැයි
    කියනු නම් කෝම

    ReplyDelete
    Replies
    1. පිණි බිදුවක් නොදුටු කැකුළ
      කෝම කියන්නද
      පිණි බ්ඳුගැන

      Delete
  3. ගොඩාක් ලොකු අර්ථයක් තියෙනවා

    ReplyDelete
    Replies
    1. අර්ථ දැනුනා නමි ඒ ඇති මට

      Delete