Pages

Saturday, December 10, 2016

............ජීවිතය නුඹ එනවාද. නැතිනමි යනවාද...........

ජීවිතය කියන්නේ හරි පුදුම දෙයක්
හුගක් සැරයක් මං එහෙම කියන්න ඇති





සමහර කාලවලදී ආදරේ හොයාගෙන යනවා
සමහර වෙලා වලදි හම්බ වෙනවා
සමහර විට වෙන් වෙනා
ආදරේ හොයපු කාලේ ජීවන් වෙන්න හේතු නැ
කිසිම දෙයක් නැති ජිවිතේ හරිම සැහැල්ලුයි
කාලයත් එක්ක ආදරේ හොයනවා ඇත්තටම හම්බ උනාද
කවදාවත් උත්තරයක් හොයාගන්න බැරි වේවි

කාලයත් එක්ක ආදරෙත් නැති වෙනකොට
ආදරෙන ඈත් වෙන කොට ජිවිත් වෙන්න තියෙන උවමනාව නැති වෙනවා
මැරෙන්න හේතු හොයනවා

මැරෙන්න බය අය මැරෙන්න හේතුවක් එන කම් බලා ඉන්නවා

කියන්නද කථාවක් කොල්ලෙක් ගැන කතාවක ජිවත් උන

එක්කෝ ඔනී නෑ කථාවක් ඇයි එබිලා බලන්න හිතට

පලවෙනි ආදරේට කලින්
ජීවතේ හරිම සැහැල්ලුයි

කෙනෙක් හම්බ උනාම අපි හීන මවනවා කොහොමද ජීවිතේ වෙන්න ඔිනී විදිහ
ආදරේ නැති කරගත්තම ජිවත් වෙන්න එපා උනාම හිතනවා මැරෙන්න් තරමට ලෙඩක් හැදුන නමි

කාලේ ගත වෙනවා ආයෙමත් සැරයක් ආදරෙන්
ඒ ආදරේ අන්තිම ආදරේ කරගන්නවා
ජීවිතේ ලඟ තුරුල් කරන්න ආදරේ කරනවා

එත කොට පරණ කරපු ප්‍රාර්ථනාවන් ඉෂ්ට වෙන්න පටන් ගන්නවා
දවසකදි දැන ගන්නවා හොද කරන්න බැරි ලෙඩක් හැදිලා

කොාහාමද හිතට සැහැල්ලුවක්
ආදරේ කියන දේ මගේ කරගෙන ජීවිත කාලෙම තියාගන්න හදද්දි
මෙන්න හදිස්සියෙම යන්න වෙලා

ජිවිතේ
උඹද මමද?
නැත්තමි අපි හැමෝ්මද?

කවදාවත්
සොයාගත හැකි නොවුන

හීනයක්ද ?

කිසිදාක මගෙ නොවුන?

Tuesday, January 19, 2016

.......නුඹේ නමටට සින්න උන ජිවිතය......

උඹ කවදාවත් නොදැකපු මේ හිත
උඹ නොදැන ඉන්න ඇති හැමදාටම උඹටම ආදරේ කරන විත්තිය
තවමත් උඹත් එක්ක හීන දකින මම
අමතක කලා නුඹ මගේ නොවන වග
නුඹ අතහැරලා ගියේ ජිවිත කාලයක් උඹේ වෙන්න තිබ්බා ආදරයක්
මං අතහැරියේ මගෙ කියපු මේ ජිවිතේ
උඹට කවදාවත් නොපෙනුනාට
උඹ තමයි මගේ ජිවිතේ
ඒකයි අදටත් වෙලාවක් අවේලාවක් නැතුව උඹ ගැනම හීන දකින්නේ
ඒ හැම වෙලාවටම
උඹේ ෆොටෝ එකක් දිහා බලාගෙන නොඅඬා ඉන්න උත්සහ කරන එක තමා
දැන් මගේ ජිවිතය
උඹට මගේ ආදරය නොපෙනුනේ උඹ මට ආදරෙයි කියපු හිතට
වෙන කෙනෙක් ආපු නිසා කියලා මට දැනුනා
ඒදයි උඹට දාලා ඇවිල්ලා අදටත් මේතරම් දුක් විදින්නේ
මාස ගානක් තිස්සේ උඹව අමතක කරන්න
නොකරපු දෙයක් නෑ
අන්තිමේ දැන ගත්තා උඹ තමයි මගේ ජිවිතේ කියලා
උඹට කවම දාවකවත් නොපෙනුන මේ හිත
දැන් උඹ සතුටින් ඉන්න කොට නොපෙනෙවී කියලා මං ප්‍රාර්ථනා කරනවා
මගේ ජිවිතේ උඹ සතුටින් ඉදපන්
මොකද උඹ යද්දි අරන්න ගියේ උඹේ සතුට නෙමෙයි
මගේ ජිවිතේ

Saturday, November 28, 2015

......තවමත් නුඹට වෙන් උන ආදරය.....


කොච්චර නම් උත්සහ කරනවද 


හැම රෑකම නිදා ගන්න ඒත් උබේ මතකය

ඉඩදෙන්නැ කවදාවත්ම


වෙන්වෙලා ආපු මොහොත 


කොච්චරක් නම් රිදුම් දුන්නද කියලා 


නුබ කවදාකවත් දැන නොගනිවි


ඒත් මං ගත්ත තිරනය කොච්චරක් නම් හරිද කියලා 


අද උබ සතුටින් ඉන්න හැටි දැක්කම පෙනවා


මං ලග උබට කවදාවත් සතුටක් තිබ්බෙ නැ


ඒක තේරුන දවසෙම මං උබව අතාඇරල ඇවිත් තනියම දුක් විදිනවා


මේ ජිවිතේට කවදාවත් අාදරයක් උරුම නෑ කියන එක මං උබෙන් තේරැම් ගත්තා


ඒ උබ මං ලග දුක් විදපු හැටි දැකලා


විදවලා මට හොදට පුරුදුයි ඒත්


මං නිසා කෙනෙක් ජිවිතෙම විදවන එක මට දරාගන්න අමරුයි


මට පිස්සු කියල උබ කියයි 


ඔව් ඇත්තටම මට පිස්සු


උබට තියෙන ආදරේ තමයි මගෙ පිස්සුව


උබට කොච්චර අදරේද කියනවනම් 


උබ මගේ ලගදි දුක් විදිනව නම් මං උබෙන් ඇතකට යනවා


මොකද උබ මට ආදරෙ කරන්න අවුරැදු ගානකට කලිනුඉ මං උබට ආදරෙ කලේ


මං ආදරේ පෙන්නන්න ගොඩක් කල් ගන්නව. 


එත් උබට මගෙ ආදරේ නොපෙන්වා ඉන්න තරමට උබ සතුටෙන් ඉදි


එ තරමට මගේ ආදරේ කාලකන්නි


උබෙන් පස්සෙ තව කෙනෙකුට ආදරේ කරන්න උත්සහ කලා ඒත් එ ආදරෙට සති දෙකක් වත් ආයුෂ නෑ


ඒකි මටත් හොරෙන් වෙන ලස්සන එකෙක්ගෙ වෙලා 


අන්තිමට ආයෙම විදවන ආදරෙයි අරක්කු බොතලේකුයි එක්ක මං තනි වෙලා 


මේ තනිකම නවතින්න තව වැඩි දවසක් යන්නෙ නැ


මේ ආවසනා වන්ත ජිවිතෙ අල්ලගෙන ඉන්න බෙහෙත අලුත් රජයෙන් ගෙන්නවන එක නවත්තන්න වැඩි කාලයක් නෑ.


මෙදේ උබට කියන්න හිතට හයියක් තිබ්බෙ නෑ නෙමෙයි


අම්මා තාත්තවත් නොදන්න දෙයක් උබට කියන්න හිත හදාගන්න බැරි උන නිසා


හැබැයි අන්තිම මොහොත වෙනකම්


කොච්චර විදෙව්වත් මං හින වෙලා ඉන්නවා


ඒ උබෙ මතකයන් එක්ක මං තාම ආදරෙන් බැදිල ඉන්න නිසා

Wednesday, November 11, 2015

....ජිවිතේ ආදරෙන් ගෙනාව දුර........

අරමුණක් නැතුව ගලා ලෙන යන ජිවිතේ ඇතුලේ ආයෙම කාටවත් ආදරේ කරන්න වත් ආදරේ ලබන්නවත් ඕනී නෑ
ජිවිතෙත් එක්කම එකම එක දෙයයි ඕනි වෙලා තියෙන්නේ විඳවලම මේ ජිවිතේ ඉවරක් කරන්න
හුඟක් ආදරේ කලාම දාලා එන්න අමාරුයි
ඒත් ඒ ආදරේ කරපු කෙනා ඉන්නේ දුකින්නම් හේතුව ඒ ආදරේ නම්
ලඟින් ඉන්නවට වඩා ඈත ඉදන් කෙනෙක් සතුටින් ඉන්නවා දකින එක මට සතුටක්
හැබැයි මන් ඒ දේ කරපු පලවෙනි කෙනා අද මේ ලොකෙවත් නෑ
හැබැයි දෙවෙනි කෙනා අද සතුටින් මට ඒ ගැන සැනසිමක් ලබන්න පුුලුවන්
මන් ආදරේ කරන්න ගොඩක් හිතලා ආදරේ පවත්වගෙන යන්නත් ඒ ගැන හිතනවා
කෙනෙක්ට මාව එපා වෙන්න ගොඩක් කලින් මන් ඒක දකින නිසා
ඒ කෙනාට ආයෙම දවසක හැරිල බලද්දි දුකක් නොඒනම මන් ඒ හිතට මන් ගැන වෛරයක් පුරවනවා
මන් කරන දේ එ් කෙනාට අනුව වැරදි උනාට
මන් ඒ දේ තමයි කෙනෙක් වෙනුවෙන් කරන්න පුළුවන් හොදම දේ
දුකයි තමයි කාමරේ දොරට නැත්තම් සිනාවට කඳුළු හංගන්න පුළුවන් ඒත් හිතේ තියෙන ආදරේ හංගන්න
ඔළුව විකාර වෙනකම් බිව්වට වැඩක් නෑ
පළවෙනි කෙනා පොරොන්දු වගයක් අරන් ගියා
දෙවනි කෙනාට මන් ඒ පොරොන්දු කඩනකම් හිතට සතුටක් තිබ්බේ නැ
එක පොරොන්දුවක් කැඩුවම අනිත් පොරොන්දු කැඩෙන එක නවත් වන්නත් බෑ
ඒක වෙලාවකදි නැති වෙලා යන්න තිබ්බ මේ ජිවිතය කෙනෙක් හැදුවා
ඒ කෙනා හදපු ජිවිතය තව කෙනෙක් කැඩුවා
දැන් මං ආයෙම පරණ ජිවිතය ඇතුලේ විඳවනවා
පිටින් ගොඩක් හොදට පේන්න පුළුවන් මාව
ඒත් මං කව්ද මං කරපු දේවල් මොනවද කියන්න දන්න අය එකම කෙනයි ජිවත් වෙන්නේ
සමහරක් විට ඒ මැරණු මිනිස්සු නොවේන්න
අද මමත් නොඉන්න තිබුනා
අන්තිමට නැති උනෙත් හැදුනෙක් ආයෙම නැති වෙලාම යන්නෙත් මේ ආදරම නිසා කියලා කියන්න පුළුවන්
හැබැයි හිතට සතුටු වෙන්න පුළුවන් එකම දෙයක් තියෙනවා
මගේ හිතට පුංච්ම දුකක් හරි දිපු හැම කෙනාම අද හොද ජිවිත ගත කරනවා
මට මගේ ජිවිතය හොද දිහාවට අරන් යන්න බැරි උනාට කාලෙකදි මාත් එක්ක හිටපු අයට ඒ වාසනාව ලැබුන් එක ගැන සතුටුයි
ආයෙම හැදෙන්න මේ ජිවිතයට ඕනි නෑ ගොඩක් අය වෙනුවෙන් ගොඩක් දේවල් කලා
දැන් හැමදේම අත්හරින්න කාලේ හරි
පරණ කාලකන්ණී ජිවිතේට ආයෙම ආවට මේ ජිවිතේ හුඟක් ලේසියි
ආදරය කරුණාව කිසිදෙයක් නෑ දුකක් තිබිබට
 මේ නරල හිල් කරගෙන යන කටුව ඒ හැම දේම අමතක කරවනවා
දන්නවා මේ දේ මාව අවසානෙකට අරන් යයි
ඒ අනිතිමට පොරොන්දුකඩ කලාට සමාවෙන්න
කෙනෙක්ට තිබ්බ ආදරේ නිසා පොරොන්දු රුක්කා
ආයෙමත් වෙලාවක වෙන කෙනෙක්ට තිබ්බ ආදරේ නිසා ඒ පොරොන්දුකඩ උනා
අවුරුදුගානක් හිතේ තියාගෙන ජිවිතේ කරන් කරපු ආදරක් නිසා ඒ ගැන කිසිදුකක් නෑ
දැන් ආයෙම හැරිලා බලන්න බෑ
මඩේ එරුනම ආයේ ගොඩ ගන්න කව්රුවත් එන්නේ නෑ
ආවත් අවස්ථාවක් දෙන්න මේ හිත ලැස්ති නැ
තුන්වෙනි ආදරේට පස්සේ ගොඩක් උත්සහකලා
තව කෙනෙකුට දුකක් මිසක් සතුටක් දෙන්න බැරි උනා
ඒ දැන් මගේ පරණ ජිවිතේ ඇතුලේ
ඒ කිසිම දෙයක් ගැන පසුතැවිමක් නෑ
හැමදේකම අවසානේ හිතන තරම් දුර නෑ කියලා මන් දන්නවා
ඒත් මේ පොඩි කාලේ කිසිම කෙනෙක්ට වෛයිර නොකර ඉන්න මන් උත්සහා කරනවා
කාලය ඉවර උනාට ජිවිතේ ඉවර උනාට මේ මත් බව කොහෙන් ඉවර වෙයිද කියන්න මන් දන්නේ නෑ

ඉමි උඹට ලියන අත්නිම අවස්ථාව මේක වෙන්න පුළුවන්
එහෙම නොවෙන්නත් පුළුවන් උඹට වගේම තවත් තුන්දෙන්ක්ට ආදරේ කරන්නම් කියලාමන් කිව්වා උඹ හිතුවේ තුන්දෙනා ඇතුලේ අමිමයි තාත්තයි තවකෙනෙකුයි කියලා උඹ හිතුවා කියලා මන් දන්වා
ඒත් ඉමි උඹයි මමයි දෙන්නම දන්නවා
දෙමවිපියන්ව වඩා මං වෙනුවෙන් හිටියේ උඹ කියලා උඹට මන් මේ ජිවිතෙන් නණයි
 ඒත් සමාවියන් මේ ෆේක් එක අස්සේ මං කවුද කියලා දන්න එකම කෙනෙක්වත් නෑ ඒ නිසයි මේ ලියන්නේ
සමිපුර්ණ ජිවිතේම දන්න උඹ මාව අත්හැරියේ නැති උනාට
මං ගැන බාගයක් දැන ගත්න හැම කෙනාටම මාව එපා උනා
උඹයි මමයි දෙන්නම දන්නවා
මේ ජිවිතේ ඉවර වෙන්නේ කොහොමද කියලා
පුළුවන්නමි මට සමාවියන් උඹ ඉන්න හීනේට තව කෙනෙක් ගෙනාවට
උඹට මතක ඇති ඉමි මං කිව්වා
ආයෙම එක සැරයක් උඹට තරම් මං ආදරේ කරනවා කියලා කිව්වා
කලා උඹටත් වඩා ඒත් වැරදුනා
මං කව්ද කියන එක දැන ගත්ත දවසක උන් මගෙන් පැනලා දුවනවා කිවිවා
උඹ තරම් ආදරේ ගෙන්න කාටවත් බෑ ඇත්තටම ඉමී
අන්තිමට ඒ හැම දේම අන්තිමේ ඉන්නෙත් කෙල්ලෙක්
මට කියන්න බෑ මං හරියි කියලා
හේතුව ආයෙම ආදරේ නොකර ඉන්න මට තිබ්බා
ඒ ආදරේ වෙන කෙනෙක් ලඟ තියෙන එක දුකක් නෙමෙයි ඉමි
දන්නවා
මං පේන්න කොච්චර දරුණු උනත්
පොඩ්ඩ ඇත්තම් කොච්චරක් නම් හිත රිදෝ ගන්නවදා කියලා මං කාටවත් පෙනන්නලා නෑ මේ ෆේක් ජිවිතේ තියෙන්නේත් නුඹයි එයයි නිසයි
අකුරු කලාට සමිබන්ධතා ගැන මං දුප්පත්
මගේ කඳුලු වෙන අය දකිනවට මං අකමැතියි
උඹ ඒක දන්නවා
වෙන දිහාකි ගිය ජිවිතේ ඒ කෙනා නිසා කියලා ඉමි උඹයි මමි දෙන්නම දන්නවා
තනියම විඳවට එක මට හුරුයි
ඒත් ඉමි උඹටයි එයාටයි තරම් වෙන කාටවත් බෑ මේ හිත හදන්න
උඹ ඉදපු හිතේ ඉතුරු ඉඩ එයා පිරෙවිවා වෙන කාටවත් ඉඩදෙන්න තව නෑ ඉමි
තවත් අය ආවා
උන්ගේ හිත් රිදුනද මං දන්නෑ
අන්තිමට ඉමී මම ආයෙම උඹ එක්ක තනියම
උඹට එයාට දෙන්නටම ආදරේ මගේ ඒක පාර්ශවිකයි
අන්තිමෙ හැමදේටම වන්දි ගෙවන්න වෙයි
හදලා අතහැරපු දෙමවිපියන්ගේ අඩුව උඹ පිරෙවිවා ආදරේය ඉතුරු උන ඉඩ එයාට දුන්නා
 දැන් ලේ අස්සේ දුවන නහර වැල්හිල් කරන
උඹ එපා කියකිය කඳුලු හෙලුන
මේ මත් බවට ආයෙම අවසරයි
උඹ ඉන්න දිහාවට එන්න
උඹ ලඟින්ම මගේ සොහොන්කොත හදන්න බැරි වේවි ඒත්
ආදරේ උඹයි එයයි ලඟ මේ හිත නිකන්ම අරන් ඒවි
තහනමි මත් බව එයට සාක්ෂි දරාවි
සත්තයි

Saturday, September 12, 2015

..........මළවුන්ගෙන් නැඟිට ආ කුමරිය.............

මළවුන්ගෙන් නැඟිට ආ කුමරිය
දනිම නුඹට මා හැරයා නොහැකි බව
කෙතරම් කලක් වුවද ජිවත් වන මටද නොහැකි විය

ළඟින් හිද දුක සැප බැලු කාලය මෙන්ම
මිය ගියද නුඹේ සෙනෙහස හරිම පුදුමය
දනිමි ආදරය නොකෙරුවට ලොවට පෙනෙන්නට
ඔය හිත තුල තිබූ ආදරයක තරම

ඉදහිට තනිව ඉකිබිඳන විට
නුඹත් ඉකිබිඳින හඬ ඇසේ මට
හැකිනම් එකවරක් වත් ආයෙම
ඔය අතින් අල්ලා හිනැහෙන්නට

මුහුණට මුහුණ බලාගෙන
ඉගෙන ගත් හැටි එක මේසෙයේ දෙපසම
මටත් වඩා නුඹට මතක ඇති
හැමදාම හෝදන විට පෙනෙන
සපත්තුපාර හන්දම

නුඹ ගිය දවස ඉදලම
දනිමි නුඹ මා අත්නොහැරිය බවට
තනියෙම යනෙන ගමනකදි
ඇසේ නුඹෙ පියවර හඬ පසුපසින් එන

ඉද හිටක රෑ මා නිදි විටක
නුඹ කථා කරන හඬ ඇසුන උන්
නිරන්තරයෙන් අසයි
කවිරුන්ද නුඹ වග

හැම රෑකම නොවරදවාම
ඇවිත් යන්නට ඒන මගේ හීනෙට
ඇදගෙන එන සුදු සාරිය
ලස්සනයි නුඹ හිටියට වඩා අද

නුඹ නිසාවට හඬන්නට එපා කියුවට
නුඹ මං නිසාම හඬපු තරම දනිමි මම
වෙන උන්ගෙන් දන්නවද නුඹෙ ඇති වෙනස
කඳුළු බිඳු කිහිපයකට පසුව
අමතක කර නොදැම්මිය මෙතුවක් කලකට

කිහිප සැරයකම මියෙන්නට ලං වු විට
ජිවිත් විය යුතුයැයි කියා තව කල්
ඇයිද හමුවීම දුරස් කලේ තව

Monday, September 7, 2015

.........නුඹේ මතක සිහින තුල විඳවමින් ඇත........


දනිමි හොදටම නුඹ නොදන්න බව
තවමත් මම
නුඹ ආය‍ෙම මග‍ෙ වෙන
සිහින දකින බව

නුඹව හැර ගොස් අවුරුද්දකුත් ලං උනාට
නුඹේ මතකයෙන් දුරස් වන්නට බැරි උනෙම් තව
දනිම් නුඹ නම් දැනටම නුඹ කැමති හීන වල
ගොඩක් දුර ගොස්  මා හැරදමා ඇති බවට

දනිමි නුඹ වෙත නම් දෑඅව්රුදු ආලය
මතකයේ තබාගෙන දුක් විදිමට තරම් නොවන වග
දන්නටද නුඹ, නුඹ මගේ කරගන්නට
සිහින දැක්ක බව මගේ හිත යට තියාන

බලාපොරොත්තුවේ ආදරය
නුඹේ ආදරයත් එක්කම ගත්තම
සය අව්රුදු ආලයකි තවත් අවුරුද්දක්
ආලය විඳවමින් ගෙවි ගිය

නිතරම නුඹ කිවට
සෙකන්ඩ්හැන්ඩ් ආලය
බෑරැන්ඩි නිව් ආලයට
තරම් නොවන බව

නුඹ නොදැන ඉන්න ඇති
සෙකනඩ්හැන්ඩ් ආලය
කෙතරම් රිදුම් දෙනවද වග

තවත් දින තුනකි විඳවිමේ
මතක දිනයට

කාලය එලඹ ඇත නුඹෙන් බැරිනම්
මගෙන් හෝ මිදෙන්නට
කාලයයි මෙය
සිහින වලින් පැන යන්නට
නැතිනම් සිහින නොදකින්නට
නිදි සුව නොලැබෙන තැනක
ජිවිතය නිදි නොලබා මියෙන්නට


Saturday, August 29, 2015

........නුඹේ නොවන නුඹ ගැනම මතකය...........


කියමි කවිමත නුඹ සිටිනා වග
දිවුරා කීවත් නුඹ
අනෙකුයැයි යැයි නුඹ නොවන වග
දනිමි සිත මෙන් මමද
ඇයට පෙර නුඹම සිටි වග

ඉඳහිටක ඇයට ලිවි කවියෙද
කොහිම හෝ නුඹත් හිඳ ඇත
මමද හිතද දනිමි හොදහැටි
ඒ දුකද අරන් ගියේ නුඹ බව

ඉඳහිටක නොව හැම විටක
හෙමිහෙමින් විදුහලට පිය නැගුව නුඹ ගැන
මතකයක් ඇත සිත තුලම ඇවිදින
පන්තියක නුඹ ළඟම උගත බව

නෙතු පියා ගත් මොහොතක
පන්තියක නුඹ උදැසනම
ඇවිද එන හැටි බංකු අතරින්
කිසිවෙකුත් නොව 
මා ඇසිපිය නොහෙලාම බැලුව වග
නුඹගෙ නොව මගේම මොහොතක
මතකයක් නොවෙද?