Pages

Monday, September 7, 2015

.........නුඹේ මතක සිහින තුල විඳවමින් ඇත........


දනිමි හොදටම නුඹ නොදන්න බව
තවමත් මම
නුඹ ආය‍ෙම මග‍ෙ වෙන
සිහින දකින බව

නුඹව හැර ගොස් අවුරුද්දකුත් ලං උනාට
නුඹේ මතකයෙන් දුරස් වන්නට බැරි උනෙම් තව
දනිම් නුඹ නම් දැනටම නුඹ කැමති හීන වල
ගොඩක් දුර ගොස්  මා හැරදමා ඇති බවට

දනිමි නුඹ වෙත නම් දෑඅව්රුදු ආලය
මතකයේ තබාගෙන දුක් විදිමට තරම් නොවන වග
දන්නටද නුඹ, නුඹ මගේ කරගන්නට
සිහින දැක්ක බව මගේ හිත යට තියාන

බලාපොරොත්තුවේ ආදරය
නුඹේ ආදරයත් එක්කම ගත්තම
සය අව්රුදු ආලයකි තවත් අවුරුද්දක්
ආලය විඳවමින් ගෙවි ගිය

නිතරම නුඹ කිවට
සෙකන්ඩ්හැන්ඩ් ආලය
බෑරැන්ඩි නිව් ආලයට
තරම් නොවන බව

නුඹ නොදැන ඉන්න ඇති
සෙකනඩ්හැන්ඩ් ආලය
කෙතරම් රිදුම් දෙනවද වග

තවත් දින තුනකි විඳවිමේ
මතක දිනයට

කාලය එලඹ ඇත නුඹෙන් බැරිනම්
මගෙන් හෝ මිදෙන්නට
කාලයයි මෙය
සිහින වලින් පැන යන්නට
නැතිනම් සිහින නොදකින්නට
නිදි සුව නොලැබෙන තැනක
ජිවිතය නිදි නොලබා මියෙන්නට


2 comments:

  1. දුක දැනුණා හිතට...

    ReplyDelete
    Replies
    1. හිත් තියෙන මිනිස්සුන්ටයි දුක දැනෙන්නේ අයියේ

      Delete