දැන නොදැන
ගින්දරට ආදරේ කර
අළු වුන,
පෙරහැර එළිය කරනා
එක පන්දමක්
දෙපතුල් පුපුරු ලන තුරු
රැගුමිපාමින
දුටු දන හැම සිත් සුවත්කොට
සොච්චමක් ගෙන හෙලනා
කොනකුගේ සුසුමන් පෙලක්
යදමින් බැදුනු පා
හෙමිහිට තබමින
කරඩුවක් උර තබා ගෙන
හෙණ්ඩු ඇනුමකට
ආදරේ කල
එක සත්වයෙක්
ලොකු පොඩි තව ඇතත් දුක් කන්නලවි
ඉටුකරන්නට ඔබ වෙත බරවෙලා
ඇයි ද දෙවිදුනි
ඔබේ පෙරහැරේ එවුනටත්
මෙතරමි දුක් ගොඩක්
බැතිකමත් විටකදි වෙනවලු
මහ ගොන්කමක්
දෙපතුල් පුපුරු ලන තුරු
ලොකු පොඩි තව ඇතත් දුක් කන්නලවි
ඇයි ද දෙවිදුනි
බැතිකමත් විටකදි වෙනවලු
හම් හිතලා බැලුවම ඇත්ත, පට්ටයි. ජය වේවා
ReplyDeleteස්තූතියි සොදුරු
Deleteකරඬුව ගෙනියන්න දෙන්න ඕනෙ අර තඩි නිළමෙලට
ReplyDeleteනිලමෙට කරඬුවදිලා හෙන්ඩුව ඔබා මාමට වගේ දුන්න නමි එලට තියෙයිනේද
Deleteස්තුතියි ඔබා මාමේ කොමෙන්ටුවට
හිතන්නේ නැති පැත්තක්... අපේ ඇස් පිනවන්න ඒ මිනිස්සු මොන මහන්සියක් වෙනවද?
ReplyDeleteඔව් මචන් මාත් දවසක් දැක්ක පෙරහැරකිදී ඇත් ගොව්වා හෙන්ඩුවෙන් අලිගේ කකුලට අනිනවා ඌ වේදනාවෙන් කකුල උස්සගෙන ටික දුරක් ගියා.ඒ වෙලාවේ මට මාරම දුකක් දැනුනා හිතට.
ReplyDelete