නියඟයෙන් පිරුණු පස් පිඩෙන්
උපත ලද ශාකයේ කිණිති අග
සැඟව ඇති කැකුළ
නුඹ නූපන් හෙට දිනට
පෙමි බදින වස්සානයට
නූඹ රුවින් විකසිත වන තෙක්
දනීද මඟ බලන බව
එනමුදු බොලදීයේ,
ඉඩෝර බිම සනහාලන
පෙමිබර වස්සානයට
රුදුරු උනොත් අනෝරාවක්ව
සිහින් පෙති ගිලිහේවී
නූඹ ඉකිබිඳ හමාවි
කඳුළු පිස සනසන්නට
කිසිවෙකුදු නොම ඒවි
ඉදින් මා කැකුළියේ වටහා ගනින්
මේ කටුක යථාර්තය
පිබිදියන් හෙට දිනේ
වැසි බිදේ වාරුවෙන්
දුක සතුට විඳගන්න
තිරසාර අධිටනින්.....
ම්ම්ම්ම්.... ලස්සනයි !!!
ReplyDeleteස්තූතියි ෂානි.........
Deleteරෑ වටෙන පිනි බිංදු
ReplyDeleteමොන තරම් සොදුරැයිද
නුඹ ඉල්ලා හඩන
අනෝරාවට වඩා
විද බලන් පිණි පසහ
තේරෙයි නූඹට
ඉදින්
වැස්සත් දියයි
පින්නකත් දියයි
දෙකද එකමැයි
කියනු නම් කෝම
පිණි බිදුවක් නොදුටු කැකුළ
Deleteකෝම කියන්නද
පිණි බ්ඳුගැන
ගොඩාක් ලොකු අර්ථයක් තියෙනවා
ReplyDeleteඅර්ථ දැනුනා නමි ඒ ඇති මට
Delete