Pages

Thursday, October 18, 2012

.......මට ඕනී ආදරේ කරන්න.........





ආදරය කියන්නේ මොකද්ද මට ඒකට අර්ථකතනයක් දෙන්නට බෑ  කොහොමටවත්, හැබැයි මාත් ඒ ආදරය කියන දෙය කලා කාලයක්ම ආදරය කියන දෙය ජිවිතේම කරගෙන. ඒත් මම ආදරය කියලා ලබන්න බලාපොරොත්තු වෙන දෙය කාගෙන්වත් ලබා ගන්න බැරි බව නමි මම දැනගත්තා. එක පාරක් නෙමෙයි පිට පිටම හුඟ සැරයක් මායාවකට අහු උනා. කාගෙන්වත් ආදරය කියන දේ නම් අශුමාත්‍රයක් වත් ලබා ගන්න බැරි උනා. ඒ හැම කෙල්ලම ආදරේ කියලා කියන්නේ වෙන මොනවදෝ දේවල් ටිකකට. සමහර අයට තමුසේ කියන වචනෙවත් ප්‍රශ්නයක්, උන්ට ඕනි උනේ කථා පොත්වල ඉන්න සුදු තීන්ත ගාපු ආදරවන්තයෝ සුදු, රත්තරං, වගේ බොළද වචන වලටයි උන් ආදරේ කලේ. උන්ට බැරි උනා උන්ගේ හීන ලෝක වලින් මිදිලා සැබැම මට ආදරය කරන්න. සමහර උන්ට ඕනී උනේ ලස්සන කොල්ලෙක් එක්ක පාරේ යන්න. එහෙම උන් සතියක් දෙකක් මාත් එක්ක ඉඳලා මටත් වැඩිය ලස්සන කොල්ලෙක් එක්ක ගියා. හැබැයි ඒ කෙල්ලන්ට නමි අමාරුවෙන් උනත් සමාව දුන්නා කැත දේවල් වලට කෙල්ලෝ කොහොමත් කැමති නෑනේ.  මම ඉතිං කොහොමත් එච්චර ලස්සන කොල්ලෙක්වත් කථා කර කර ඉන්න තරමි ප්‍රිය මනාප කොල්ලෙකුත් නෙමෙයි. ගිය උන් ගියාවේ කියලා මම උන්නා එකම එක ආදර කථාවක් වත් තිත තියලා ඉවර කලේ මම නෙමෙයි. උන්ම තමයි උන්ගේ ආදර කථාවට තිත තියා ගත්තේ සමහර ආදර කථා උන්ම පටන් අරගෙන උන් තියාගෙන ගිහින් උන්ම ඉවර කලා. උන් කියන්නේ මම මෝඩ කොල්ලෙක්ලු ,වෙන්න ඇති. හැබැයි සමාජට මම  කෙල්ලෝ මාරු කරන වල් කොල්ලෙක් උන් දන්නවද මට වෙන දේවල් කෙල්ලෝ හැමදාම උන්ගේ අහිංසක දුබලකමි ඇතුලේ උන්ගේ චාටර් දේවල් ටික හංග ගන්නවා.
   මම බලන් හිටියා මම ආදරේ කියන හැගිමට ආදරේ කරන එකියක් හරි එයි කියලා එතනින් තමයි මම මෝඩ උනේ. කාමරයක එකියක් එක්ක රිංගලා මාත් මගේ වැඩේ කරගෙන මාරු උනා නම් හරි. කොහෙද උපන් මෝඩ කමට ගියානේ මාත් ලව් කරන්න. නෙදකින්, කෙල්ලෝ ඔක්කොම එහෙමයි කියන්න මම ලෝකේ හැම කෙල්ලම ඒක්ක ලව් කරේ නෑනේ. කර ගත්ත ටික හොඳටම ඇති නිසා මාත් තිරනය කලා ආයේ ආදරය නොකර ඉන්න. හැබැයි ඊට කලින් ආපහු සැරයක් මම පහුකරගෙන ආපු චරිත ටික දිහා බැළුවා. මට දුක් වෙන්න තරම් දෙයක් මගේ අතින් වෙලා තියනවද කියලා. එහෙම උනොත් ඒක හරි ගස්සන්න හිතන්. පුහ්, ලෝකේ දැන් හරි දියුණුයි අතීතේ දිහා හැරිලා බලන උන් නෑ. උන් ආයෙත් උන්ගෙම ප්‍රේම ලෝක හදාගෙන මම මඟ ඉඳගෙන මොකද්ද මඟුලක් කරනවා .
ඒ මම හිතුවා මගේ මොකක් හරි වැරද්දක් ඇති නැත්නමි මෙහෙම  වෙයිද කියලා. නිකමට වගේ එක බත්පත බෙදා ගෙන කන හොඳම යෙහෙලියගෙන් ඇහුවා.
උඹෙන් ආදරේ ඉල්ලුවොත් උඹ මට ආදරේ කරනවද උඹ තරම් මාව දන්න වෙන එකියක්  නෑ මට ආදරේ කරපන්,
අනේ මෙහෙමත් මෝඩ මම. එකීත් අරුන්ගේ ජාතියෙම කෙල්ලෙක් කියලා මෙච්චර ආස්සරය කරලත් දැනගන්න බැරි උන හැටි. ඒකී හොයන ලස්සනවත් ගතිගුණවත් මං ගාව නැහැල්ලු අනික අතීතයත් හොඳනැහැල්ලු මගේ යකේ හිත හැදෙන්නවත් කියපන්කෝ මම දැන්ම ආදරයක් ගැන හිතලා නෑ බන් කියලා.
බළාගෙන යන කොට පිරිමි අපි නේ මෝඩ. කෙල්ල කලින් කාත් එක්ක හරි ලව් කරලා තිබුනට කමක් නෑ කියලා දෝතට ගන්නවා ඒත් මුන් ෂීක් විතරක්,
තනිකම හොදයි ලව් එක දුක් වැඩ් හින්දා කියලා හිතා ගත්තා ආයේ නම් එක කෙල්ලෙකුටවත් ඔය ලව් මඟුල කරන්න යන්නේ නෑ කියලා ෂේප් එකේ සුපුරුදු ලයිෆ් එකටම වැටුනා කොල්ලෝ ටිකත් එක්ක පොඩ් ෆන් එකක් දාලා පොඩ් අඩියක් හැන්දෑවට ගහලා ජිවත් වෙනවා කියලා කොහෙද?
යකෝ මුන්ට තියෙන්නේ දැවෙන ප්‍රශ්ණනේ. ඩෝප් වෙලා කට්ටියගේ කරටි කැඩෙන කොට මුන් සේරම අනංගයගෙන් ලව් ඩිග්රිය ගත්ත සිරා ඩයල්, මට ආදරේ කරන හැටි යාළුප්‍රේමයෙන් කියලා දෙනවා.
අඩෝ ජිංජියෝ ඔහෝම ලව් කරන නිසා තමයි බන් උඹට හැමදාම කෙල වෙන්නේ යකෝ කෙල්ල දාගත්තට පස්සේ සතියක් දෙකක් ඇතුලත කෙල්ලට ෂොට් එක දිපන් එතකොට එකිට කොහෙවත් වෙන එකෙක් එක්ක යන්න බැ ගියත් හැරෙන තෑපැලෙන් ආයේ උඹ ලඟ, යකෝ කෙල්ලොට ආතල් ටික දුන්නේ නැත්නම් ඒකි පිට යනවා. මෝඩ වෙන්න එපා ආයේ ලස්සන කෑල්ලකට ටෝක් කරලා දාගෙන ෂොට් එක දීපන්, ජිවිතේම මල් ආදරේ අපි ලග හැමදාටම ඒකිට හැරෙන්නත් බෑ උඹට හැරෙන්නත් බෑ ලව් ලව්ම තමා.

අනේ හු*යි නන්නානේ යකෝ එහෙම කරන්න ඕනී නමි මුන් වගේ ගොන් පරයන්ගෙන් උපදෙස් ගන්න ඕනීයැ. මාත් දන්නවා ඒක කරන්න, මට ඕනී උනේ ආදරේ කරන්න මිසක් ඒකියක් එක්ක නිදිවදින්න නෙවෙයි කියලා මුන්ට තේරෙන්නේ නැති හැටි.
අනික මට එහෙම එකක් කරන්න ඕනී නමි අමාරුවෙන් ලව් කර කර එකම කෙල්ලට ඕක කරන්න ඕනි යෑ සල්ලි දිලා ගණිකාවක් අරන් ඒකිත් එක්ක නිදි වදිනවනේ ඇයි යකෝ එතකොට මට පව් පිරෙන්නේත් නෑ ඒ ගෑණිගේ අතට කියක් හරි හම්බ වෙලා පවුලක බඩවල් තුන හතරක් හරි පිරෙනවනේ. එහෙම නැතත් ප්‍රපෝසල් එකකින් ලස්සන කෙල්ලෙක් හොයලා කසාද බඳිනවනේ එතකොට කොහොමත් මට ඔය වැඩේ නීත්‍යානුකූලව හැමදාම ඒකිට කරන්න පුළුවන්නේ .
මුන්ට මෙවිවා කිව්වාම කියන්නේ අළුත් පැකින් එකක් කඩලා ගන්න ආතල් එක ඕවගේ නෑ බන්
අනේ මුන්නම් මානසික ලෙඩ්ඩු අළුත් පැකින් කඩලා උගේ අහවල් එකේ ලේ ටිකක් ගාගත්තාම මුන්ට එන අමුතුම වින්ඳනේ මොකද්ද දන්නෑ. එකත් ඉතිං හැමදාම කරන්න පුළුවනෑ එක පාරයිනේ ඒ ලේ බින්ඳු දෙක තුනත් එන්නේ. ලේ බැංකුවෙන් ලේ පයින්ට් එකක් අරන් ගිහින් ෆ්‍රිජ් එක් තියාගෙන ටික ටික දාගෙන වැඩේ කර ගත්තනම් ඉවරයිනේ. එනවා මෙතන හොඳට ඉන්න උන්ගේ මොලේ අවුල් කරන්න හැම කොල්ලම වලත්තයෝ වෙන්නේ මුන් වගේ උන් නිසා තමයි නැත්නම් කොල්ලන්ගේ ඔළුවලට ඕනා උඩින් පාත්වෙනවා යැ.
අනේ මන්දා මගේ කරුමෙද කියලා මුන්ට තේරෙන්නෙත් නෑ කෙල්ලොන්ට තේරෙන්නෙත් නෑ මට ඕනී දේ
යකෝ මට ඕනී අහවල් එකේ සැප නෙමෙයි හිතට දැනෙන්න ඇත්තම ඇත්ත ආදරේ කියන හැඟිම විදින්න ආදරේ ආදරේ විඳිහටම විඳින්න උඹලා ඔය කියන දේ තියෙන්නේ ලිස්ට් එකේ ආදරේට හුගක් පහලින්


Tuesday, October 9, 2012

........පන්හිඳක දෝංකාරය.........





           හුදෙක් මා පෞද්ගලිකව කාලාන්තරයක් තිස්සේ එල්බගෙන සිටි මතයක් වනුයේ, ''සාර්ථක කතුවරයන් මිස අසාර්ථක කතුවරයන් ගෙන් කිසිම ප්‍රයෝජවත් යමක් කියවන්නාට නොවන බව''

                  එහෙත් සාර්ථක කතුවරයෙක් ඔහුගේ පන්හිද මගින් බිහිකල නිර්මාණයකින් මා දැරිය නොහැකි සිත්තැවුලකට පත්විය. ඒය මාගේ මානසික මට්ටම මත මදනම් ඌවක් උවද, එම සිත්තැවුල පලවා හැරිම කිසිම භෞතික දෙයකට කල නොහැක්කක් විය. මේ ජීවිතයෙන් පැන දිවිමට තරමි බරපතල ලෙස, ඔහුගේ පන්හිදේ ඝට්ටනයන් මා සිතුපතුලේ දෝංකාර දෙන්නට විනි. මා සිටි නිස්කලංක පරිසරයද තනිකමද මේ තත්වයට වඩාත් බලපාන්නට මඟහසර එළිකරන්නට ඇත.

         එහෙත් කලකට පෙර මා අඩක් කියවා අතහැර දැමු අසාර්ථක ලියවිල්ලක් මා නෙත ගැටුනේ යම් කිසි දේව ප්‍රාථීහාර්යකිනි. කතුවරයාගේ අසාර්ථක භාවය මත එය තවත් බොළඳ ලියවිලකි,  මා ප්‍රකෘති තත්වයේ සිටියා නමි එය එසේ විමට ඉඩතිබිනි.  පුදුමයකි කිවිම ආරමිභකර මොහොතකින් එම ලියවිල්ල තව දුරටත් බොළඳ නොවුනි. ආශ්චර්යකි, එය මා තුළ ආකාස්මිකව මතුවූ සිතුවිලි සියල්ල භක්ෂනය කර දැමු සැටියකි. තවදුරටත් මා තුල එම සිත්තැවුලට ඉඩනොමැත සිත්මඬල උදාසිණ කිරිමට ශ්‍රේෂ්ඨයෙකු අතින් බිහිවුනු අනර්ඝ ඖෂධයක් වැනිය.

             අවසන එම මතය තවදුරටත් මා සෙවනැල්ල තුළ ආරක්ෂා නොවේ. සෙවනැල්ල තුල සැඟවි සිටි දුෂ්ඨ බලවේගයන් හිරු රශ්මියේ දවා හලු කෙලෙමි. දැන් මා පවිත්‍රය අසාර්ථක යැයි හංවඩු ගැසු ලියැවිලි කිසිත් නොමැතිය සියල්ලෝම ශ්‍රේෂ්ඨයෝය.

Thursday, October 4, 2012

........එක වගේ අය..........




ලොකේ එක වගේ හත් දෙනෙක් ඉන්නවා කියලා කියනවා නේද
එ හත් දෙනා හැබැයි එක වගේ වෙන්නේ පෙනුමෙන් නමි නෙමෙයි
එගොල්ලෝ එක වගේ වෙන්නේ අදහස් වලින්
එහෙම එක අදහස් තියන අය කොල්ලෝම හත් දෙනෙක් හරි කෙල්ලොම හත් දෙනෙක්
හරි නෙමයි
ඒ හත් දෙනාගේ එකවගේ අදහස් කොල්ලෝ කෙල්ලෝ දෙපැත්තෙන්ම ඉන්නවා
එහෙම ඉන්නේ ආදරේ කරන්න එකිනෙකාට ගැලපෙන්න
එත් ඉතින් ඉන්නේ හත් දෙනෙක්නේ
එක් කෙනෙක් ඉතුරුවෙනවා
එක හරිම අසාදාරණයි කියලා හිතෙනවා ඇති
හැබැයි එතනින් තමයි ස්භාවධර්මයා ලෝකේ සමතුලිත කරලා තියෙන්නේ එ ඉතුරු වෙන අය තමයි මේ ලෝකේ අලුත් දේවල් හොයා ගන්නේ
ලස්සන නිර්මාණ කරන්නේ
මොකද ඒ අයට හිතන්න වෙලාව ඕනි තරමි තියනවා
අනිත් හය දෙනාට එ වෙලාව ලැබෙන්නේ හරි අඩුවෙන්
හැබැයි එ ඉතුරු කෙනත් හැමදාම තනියෙන් ඉන්නෑ
එයාටත් දවසක කෙනෙක් හමිබ වෙනවා
හැබැයි ටිකක් පරක්කු වෙලා හොදේ

Monday, September 17, 2012

.............නුඹ දන්නවද?...........

තව කෙනෙකු ඇති
ඔය හිත ඉල්ලන
මටත් වඩා
දහස් ගුණයක් හොඳ
මොනවත් නොකියමි
නුඹ යන්නම ගියාට

දන්නවද
ගෙවපු දිවි මඟ තුල
දැන ගතිමී මම
ජීවත් වනු කෙලෙසද වග

තවත් කෙතරම් කල් ගෙවුනත්
මීටත් වඩා නරකවත්
මීටත් වඩා හොඳවත්
නොවී තිබේවී මම
ඒ ජීවිත පන්නරය
මා ගෙනවිත් නවතා තැබූ තැන

දනිමී මම
ඔය සිත තවම
පෙරලි කරනා වග
නැවතිය යුතු තැන නුඹ තවම නොදන්නා වග

සිතන්නට එපා ඒ ගැන
තලා පෙලමින් නුඹේ සිත
අද දැනෙනා දෙය පමණක්
කරන්නට දීපන් හිත වෙත

එක යම් දවසකදි
හැරි බැලුවොත් ආ මඟ දෙස
පෙනේවී දුර ඈතක
තවමත් මා හිඳිනා වඟ.......


නුඹ දන්නවද?

මට එන්නට බැරි උනාට
ඔය හිත ළඟට

ඈත ඉදන් ඔය හිතට තට්ටු කරන්න
පුළුවනි මට

ඒත් කවදාවත්ම මට නොඇරෙන 
ඔය හිතට

තට්ටු කරාට, පලක් වේද මට

අනේ මන්දා ඔය හිතට තට්ටු කරපු
මගේ හිතත් තුවාල වෙලා

ඒ තුවාලෙන්ම මම මැරෙනකම්
බලන් ඉන්නවද නුඹ

හිතන්න බැරි හැටි වෙන
අනාගතයක් ගැන

ඔය හිත දිහා බැලූ බැල්මටම
මගේ හිත මියැදුනාවේ.........!!!

Thursday, September 6, 2012

.........ඇය රුවිනි..........




         ජීවිතය කියන්නේ අපි හිතන පතන දේවලුත් එක්කම නොහිතන නොපතන දේවල් ගොඩත් තුරුළු කරගත්ත ගමනක් අපේ ජීවිත වල බැබලෙන මාළිගා වලට වඩා බිඳවැටුනු නටඹූන් අනන්තයි ඒවගේම ජීවිතය රඳාපවතින්නේ ආදරය මත බවයි මගේ හැඟිම. ජීවිතයත් ආදරයත් එකට බැඳුනු දෙයක් .සමහර වෙලාවට හිතට දරාගන්න බැරි තරම් සතුටක් වගේම හිතට දරා ගන්න බැරි තරමි වේදනාවක්. 



        මේ ලෝකේ ඉන්නවා කියන දෙවියෝ කවදාවත්ම කෙනෙකුගේ ජිවිතය පුරාවටම හිතන පතන දේ ඉටු කරන්නේ නෑ. මගේ ජිවිතය තුළ මම පැතුව එකම පැතුමවත් මට ලබලා දුන්නේ නෑ.  මගේ සතුටට හේතු වෙලා තිබුන හැම දෙයක්ම හරිම අකාරුණික විදිහට මගෙන් උදුර ගත්තා. මම හිතන්නේ ඒක තමයි මම මේ ලෝකේ ලබපු ලොකුම වේදනාව. ප්‍රසාද් මට මුණගැහෙද්දි මට වයස අවුරුදු දාසයයි. මම ඒ වන විට මේ පලාතේ ජනප්‍රියම බාලිකා පාසලක ඉගෙනුම ලබනවා. ප්‍රසාද්ගේ ජොබ් එක තමයි ප්‍රයිවට් බස් එකක  කන්ඩක්ටර් වැඩේ. එයාගේ ඉරුණු ටී ෂර්ට් එකට, ගෙවි ගිය රබර් සෙරෙප්පු දෙකට මට ගොඩක් දුක හිතුනා. මම ඉස්කෝලේ ආවේ ගියේ ප්‍රසාද් වැඩ කරපු බස් එකේ. ඒ වෙලාවට එයා මගේ ඇස් දෙක ළඟ හරි අහිංසක විදිහට ඇවිත් නතර වෙනවා. මම ඉල්ලලා බලෙන්ම එයාගේ හිතට ඇතුල් උනා. එයාගේ දුප්පත්කම මගේ හිතට බරක් උනේ නෑ. ඒ වගේම මගේ අම්මට තාත්තට තිබුනුවත් පොහොසත්කම්වත් මට සිහි උනේ නෑ. ඒ මං එයාට මගේ මුළු හදවතින්ම ආදරය කරපු නිසා. ප්‍රසාද් මං ගැන විස්තර දැනගෙන මට ආදරේ කරන්න බය උනා. අපි දෙන්නා අහසට පෙළොව වගේ කියලා එයා කිව්වා. ඒ උනත් මගේ හිතේ එයා වෙනුවෙන් ඉපුදුනු ආදරේ කවදාවත් පර උනේ නෑ. එයාගේ ඇස්වල තිබුණු අහිංසක කමට, අසරණ දුප්පත් කමට මං තව තවත් එයාගේ හිතට ලං වුනා. අපි දෙන්නා එකම බස් එකේ ගියත් මගේ ගෙවල් ළඟ ළමයි ඒ බස් එකේ හිටපු නිසා අපි කථා කලේ නෑ. හිත්වල තියෙන ආදරේ හදවත ඇතුලේ තෙරපගෙන අපි නන්නාඳුනන අය වගේ හිටියා. ඒත් සමහර දවස් වලට මම ඉස්කෝලේ ඇරුණු ගමන් ටවුමට දුවගෙන එනවා එයා එක්ක කථා කරන්න. එහෙම වෙලාවට විනාඩි දහයක් විස්සක් අපි ස්ටැන්ඩ් එකේ කථා කර කර ඉන්නවා. හිතේ තිබුණු ආසාවට, ආදරේට මම කැමැත්තෙන් හිටියේ එයා එක්ක කොහෙට හරි වෙලා ටිකක් තනිවෙලා කථා කරන්න.

       ඒත් මමවත් නොසිතුව තරම් ඉක්මනට අපේ සම්බන්දෙට කරදර බාදක ආවා. ඒ අපි දෙන්නගේ සම්බන්ධය ගෙදරට පුදුම තරම් ඉක්මනට ආරංච් වෙලා තිබුණා. අමිමයි තාත්තයි මට හොඳටම ගැහුවා, පවුලේ එකම ළමයා කියලා නවදාවත් මට නොගහපු අම්මත් මට එදා හොඳටම ගැහුවා. ඒත් මම මොන තරමි වද වේදනා වින්දත් මගේ ආදරේ නවත්තන්න මගේ තුන්හිතකවත් තිබුනේ නෑ . මම o/l කරපු ගමන්ම මගේ දෙමවුපියෝ මාව ගෙදර හිරකාරියක් කරගත්තා. අපේ සම්බන්ධය නවතින්නේම නැති නිසා අපේ තාත්තා මැරයින් ලවා ප්‍රසාද්ට හොඳටම ගස්සලා තිබුනා. මගේ දෙමවුපියෝ සල්ලි බලෙන් ඕනෑම  පහත්  වැඩක් කරනවා. ඒ අසරණ කොල්ලා රෝහලට අරගෙන ගිහින් තිබුනේ සිහිය නැතුව ඉන්න කොට. මට මගේ දුක ඉවසගන්න බැරිම තැන මම ගෙදරින් යන්න තීරණය කළා. දවසක් අමිමා ටවුමට ගිය වෙලාවක මම ගෙදරට හොරෙන් ප්‍රසාද්ව නවත්තලා හිටපු රෝහලට ගියා. ඒත කොට ප්‍රසාද්ගේ අමිමාත් රෝහලේ හිටියා ප්‍රසාද්ව ගෙදර එක්කන් යන්න ඇවිත්, මම ප්‍රසාද්ගේ අමිමට වැඳලා කිව්වා අනේ අමිමේ යන තැනකට මාවත් එක්කගෙන යන්න ප්‍රසාද් නැතුව මට ඉඳලා වැඩක් නෑ කියලා. ප්‍රසාද්ගේ අමිමා මට කිව්වා දුවේ හැමදෙයක්ම අමතක කරලා ගෙදර යන්න. මේවා නිසා මරණ කීයක් වෙයිද දන්නේ නෑ කියලා. ඒත් මට ප්‍රසාද් අමතක කරලා දාලා යන්න බැරි උනා. ප්‍රසාද්ගේ අමිමගේ කීම අහන්නේ නැතුව අපි දෙන්නා විවාහ උනා. ඒ දවස් වල ඉඳලා අපි දුක් වින්දා. ඒ අපිට කන්න බොන්න නැතුව නෙවෙයි මගේ දෙමවුලියන්ගෙන් ආපු කරදර හිරිහැර නිසා. ප්‍රසාද්ට රස්සාවවත් කර ගන්න එයාලා ඉඩ තිබ්බේ නෑ.ප්‍රසාද්ට රස්සාවක් නැති නිසා ප්‍රසාද් පතලෙක වැඩට ගියා. එයා ගෙදර ආවේ සතියකට සැරයයි. මම හැමදාම දෙවියන්ගෙන් වැඳ වැඳ ඉල්ලුවේ එයාව ආරක්ෂා කරන්න කියලා මම සල්ලිකාර පවුලක සැපවින්ඳ කෙල්ලෙක් . ඒ සැප මට ප්‍රසාද්ගේ දුප්පත් පැලේදි ලැබුනේ නෑ. පොඩ් පැල්පත පැඳුරු කෑල්ල මට කොහොම සැප උනාද මන්දා. අපේ ජීවිත අඟහිඟකම් වලින් වැහිලා තිබුනත් මම ගෙදරදි වින්ද දුකට වඩා මගේ ජීවිතේ සතුට හැමදේම පිරිලා තියන පැල මට මාළිඟාවක් උනා. හිතට සුවයක් දෙන ආදරෙත් එක්ක මම හුඟාක් සතුටින් හිටියා. 

     ඒත් ඒ සතුටට වැඩි ආයුශ තිබුනේ නෑ . මගේ පැතුමි සතුට හැමදේම ඇහිපිල්ලමක වේගෙන් මගෙන් ඇතට ගියා. රුවිනි නංගි ඊයේ පතලේ දෝනාව කඩන් වැටිලා ප්‍රසාද් මල්ලී යට උනා අපි එයාව බේරගන්න බැළුවා ඒත් බැරි උනා තාම අපිට මිනියවත් හොයා ගන්න බැරි උනා. මට ඒ කථාව අදහගන්න බෑ එහෙම වෙන්නේ කොහෙමද මගේ ජීවිතේ කොහොමද එහෙම නැති වෙන්නේ එක වෙන්න බෑ..දවස් ගානක් බලන් හිටියත් එයාගේ මිනියවත් හොයා ගන්න බැරි උනා. අන්තිම වතාවට වත් මට ප්‍රසාද්ගේ අහිංසක මූණ බලන්න බැරි උනා. මම ඇඬුවා අඬන්න මගේ ඇහේ කඳුළු නැතිවෙනකමිම මැරෙන එක මෝඩකමක් නිසා මම තවමත් ජීවත් වෙනවා. මං නිසා ජීවත් වෙන ප්‍රසාද්ගේ අමිමවත් මරා ගන්න මට ඕනී කමක් නෑ. ආයේ දවසක ප්‍රසාද් මගේ ලඟට එයි කියලා බොරු හීනයක් මවා ගෙන ජිවත් වෙනවා. ඒ හීනේ මම මැරෙන තුරාවටම හීනයක්ම උනත් මම ආසාවෙන් ඒ හීනේ දිහා බලාගෙන ඉන්නවා...





ප.ලි:- ආදරේ කියන්නේ ඉස්කෝලේ යනකම් දකින්න ඔනී නැති නපුරු හීනයක් එක තමයි මගේ අදහස. රුවිනි ප්‍රසාද් එක්ක යාළුවෙන්නේ වයස අවුරුදු දාසයේදි ආදරේ විතරක් නෙමෙයි ජීවිතේ සරලම දේවත් නොතේරෙන වයසක්, ඒ වයස හින්දම තමා ගොඩක් අයි ජීවිතේ වරද්ද ගන්නේ උඩ්න් තියන කථාව රුවිනිම ලියපු රුවිනිගේ ඇත්තම ජීවිත කථාව එදා රුවිනි ආදරේ කියලා බොරු දෙයක් බදානොගත්තා නමි අදටත් ප්‍රසාද් ජීවතුන් අතර රුවිනි සැපවත් ජීවිතයක් ගත කරනවා. එක මෙහොතක ආශාවකට ජීවිත කීයක් විනාස කරන්න පුළුවන්ද. මෙහෙම ආදරේ කියලා දෙයක් පුංචි කාලෙදිම එන්නේ ඔය මල් කථා හින්දා කියන එක මගේ හැඟිම. මගේ අදහස නමි ඒ වගේ නවකථා පොත් නියමිත කාලය එනකම් ළමයිට බලන්න නොදිය යුතුයි විශේෂයෙන්ම ගෑණු ළමයිට. ගෑණු ළමයි හැම දෙයක්ම ඔනිවටත් එහා සංවේදිව දකින නිසා. පොඩ් කාලෙදිම ආදරේ කියලා බොරුවකට රැවටෙනවා.සමාජයේ වෙන ගොඩක් අපයෝජන වලා පිටිපස්සේ තියෙන්නේ ඔය වගේ කථා කියවලා හිතේ ඇති කරගත්ත හීන ලෝකේ සැබෑ සමාජයේ හොයන්න ගිහින් අතරමං උන සිද්දි..
කියවීම මිනිසා සමිපුර්ණ කරයි වගේම අනිත් පැත්තත් ලෙසටම ඉටුකරනවා.............

Thursday, August 23, 2012

.....මලකට පෙම් බැඳ.........



උස අත්තක පිපුනු මල
නුඹ නෙලන්නට
නොදැක්කෙමි සිහින

හැමදාමත් ගහ පාමුල හිද
බලාසිටින්නට සිතුවෙමි

ඒත් නුඹ මල
ඇයිද විරසක මෙලෙසට
බලා ඉඳ සැනසෙන්නට
ඉඩ නොදෙන්නද
පරවුනේ මෙතරම් විගසට

දන්නවද මල නුඹ
ආදරේත් එක්ක මේ හිත තුල
තරහක් ඇත සියුම් ලෙස
බලාසිටින්නට තිබූ අයිතිය
උදුරනවාට පරවී නුඹ

අනේ මල මා මියදෙන්නට පෙර
සමාවෙයන් එකවරක් මට
හිතේ ආදරයට මූලාව
නුඹට වෛර බැන්දට
එලෙසට

මල නුඹ දැක සැනසෙන්නට
සිතුවට මේ බොළඳ සිත
මල නුඹ සිතුවෙම
දිනුමට පෙම කෙලෙසකින් හෙම

මල නුඹේ සිත
නොදැනුයේ කෙලෙසක මට
දුර සිට දැක සැනසෙන
මගේ ළඟට එන්නටද
වියැළුනේ නුඹ මල
මෙතරම් විගසට

මල නුඹ තුරුළු කරගෙන
හෙලනා මේ බිඳු කඳුළු
උරාගෙන ගස හෙමිහිට
පුබුදුවපන් තව මලක්
මං වගේම
පෙම් බඳින්නට

Friday, August 17, 2012

............දන්නවද ඒ ඇයි කියලා ?........

  

නියඟයෙන් පිඩා විදපු මිනිස්සු ලඟ එන වැහිවළාකුළු වලින් බලාපොරොත්තු වෙන තරමිම 

ආසාවෙන් මම ඉරිදා එනකල් බලන් හිට්යා 

දන්නවද ඒ ඇයි කියලා ?

මම දන්නවා එදාට ඔබ එන බව 

මම හැමදාම හිතන්නේ අනේ ඒ ඉරිදාව ගෙවිලා නොයනව නමි කියලා

දන්නවද ඒ ඇයි කියලා ?

ඒ සඳුදට ඔයා මාව දාලා ආපහු යන නිසා 

මගේ ජිවීතේ කවදාවත් මම හිමිනොවුන දෙයක් ගැන හිතලා අඬලා නෑ

දන්නවද ඒ ඇයි කියලා ?

මම දන්නවා ඒ කඳුළු අයිති මට නෙවෙයි ඔයාට කියලා

මම මගේ ජිවිතේ මටත් වඩා ආදරේ කලේ ඔයාට

දන්නවද ඒ ඇයි කියලා ?

ඔයා තමයි මගේ අමිමා