Thursday, August 23, 2012
Friday, August 17, 2012
............දන්නවද ඒ ඇයි කියලා ?........
නියඟයෙන් පිඩා විදපු මිනිස්සු ලඟ එන වැහිවළාකුළු වලින් බලාපොරොත්තු වෙන තරමිම
ආසාවෙන් මම ඉරිදා එනකල් බලන් හිට්යා
දන්නවද ඒ ඇයි කියලා ?
මම දන්නවා එදාට ඔබ එන බව
මම හැමදාම හිතන්නේ අනේ ඒ ඉරිදාව ගෙවිලා නොයනව නමි කියලා
දන්නවද ඒ ඇයි කියලා ?
ඒ සඳුදට ඔයා මාව දාලා ආපහු යන නිසා
මගේ ජිවීතේ කවදාවත් මම හිමිනොවුන දෙයක් ගැන හිතලා අඬලා නෑ
දන්නවද ඒ ඇයි කියලා ?
මම දන්නවා ඒ කඳුළු අයිති මට නෙවෙයි ඔයාට කියලා
මම මගේ ජිවිතේ මටත් වඩා ආදරේ කලේ ඔයාට
දන්නවද ඒ ඇයි කියලා ?
ඔයා තමයි මගේ අමිමා
Thursday, August 16, 2012
......දේශීය නිෂ්පාදන ..කෆීර්.........
කීංංංං................ කීංංංං...................,
අම්මට සිරි යකෝ ගල්ෆ් යුද්දේ මැදද, මම ඉන්නේ මල කෙලියක්නේ, මම කොහොමද මෙතනට ආවේ
කීංංංංංංංංංංංංං............
කෆිර් එකක් කන ගාවින් ගියා තව පොඩ්ඩක් එහා මෙහා උනානමි
කණ අතේ. මල කෙලියක් වෙන්නේ. මෙන්න ඒ ගමන එකෙක් පිහියක් අරන් එනවා අනින්න, හිටු තොට තෝ
දන්නෑ යකෝ මං ගැන, ගමේ පොඩ් උන් සේරම බයයි මට තෝ මට හෙන කජ්ජක් නෙවෙයි ඩෝ...... ඉඳා............
ඩිෂුමි............ වමෙන් එකයි ඩිෂූමි.............. දකුණෙන් එකයි
ඌයි................!!!!! බුදු අමිමෝ අත
ඉවරයි......
මල හුට්ටප්පරයයි බිත්තියට නේද කෙලලා. තියෙන්නේ යකෝ
ලස්සන කෑල්ලක්වත් හීනෙන් පේන්නේ නැතුව මොන මලදානයක් පේනවද මන්දා හීනෙන්. හැබැයි හිනෙත්
නරකම නෑ මම හෙන නිර්භීත පොරක්, නැත්තමි අරුට අරහෙම කෙළලා අරියි යෑ උට දුන්නේ
ඩිෂුම්.........
ඌයි ....!!!
ආයේ කෙලියා නේද බිත්තියට ඕක තමා අමිමාකියන්නේ මහ දවාලේ නිදා ගන්න එපා
කියලා චාටර් හීන පේනවනේ,
කීංංංංංංංංංංංංං........................!!!!!!!!!!!!!
මළහුට්ටප්පරයයි යකෝ ඇත්තටම කෆිර් එකක් එනවද. ටක්
ගලා ඔළුව බදාගෙන ඇදෙන් බිමට පැනලා බිම දිගා උනා, කණ ගාවින්මයි සද්දේ ඇහුනේ මාව
පහුකරන් ගියාද කොහෙද, හෙමිට ඔළු උස්සලා බැළුවා ෆෝටෝස් වලින් එහෙම දැකලා තිබුනට
කෆීර් එකක් මෙච්චර ලඟට දැක ගන්න චාන්ස් එකක් ලැබුනමනේ.
අයියෝ සල්ලි යකෝ මේ ඩෙන්ගුවෙක් නේ මම මේ බොක්ක
කූල් කරගෙන දඟලනවා මේ යකා සද්දේ දාගෙන
ආතල් එකේ පියාඹනවා.
කීංංංංංංංංංං..........
තව එකෙක් කොහෙන්නද ඇවිල්ලා
බිත්තියේ වැහුවා. මොනා උනත් වඳවේගෙන යන සතෙක්නේ මරන්න හොඳනෑ, පොඩ්ඩක් සූම් කරලා
බලන්න කියලා ළඟට ගියා විතරයි, පුංචි ඉපිලුමක් ලබා ගෙන මූ මාරු උනේ නැතැ ඩෙංගු උනත්
මූගේ සද්දෙයි ස්පීඩ් එකයි බළපල්ලකෝ පියාබන්න බිත්තියෙන් මෙහාට වෙනවා දකුණු ඇහැට
දැක්කා හැබැයි වම් ඇහැ ගාවින් ගිය සද්දේ විතරයි පෙනුනේ නෑ.
යකෝ කෝට් ගනන් දිලා කෆීර් ගෙන්නන්නේ මොකටද මේ
තියෙන්නේ දේශීය නිෂ්පාදන, අධිවේගී ඩෙංගි කෆීර් අත් බෝම්බ දෙක තුනකුත් අරන්
ඩෙංගුවෙක් පිටේ නැග්ග නමි ඒක හීනෙට කරුනාණිධිටයි
ඔබාමටයි ෂොට් එක දීලා මාරු වෙන්න තිබිබා. රේඩාර් එකට පහලින් යන නිසා ඒකට අහුවෙයි
කියලා බයකුත් නෑ කරුණාට නමි රෙන්ඩ කරන්ඩ පාරට බහින වෙලාවක කෙලලා ඇරියැහැකි මොකෝ
ඉන්දියාවේ උන් ටොයිලට් පාවිච්චි කරනවා කියලායෑ ඔබාමාත් කොටුවක් පනින වෙලාවක් බලලා
වැඩේ දීගන්න බැරි වෙන එකක් නෑ
කීංංංංංංංංංං...........
කාමරේ ජනේලෙන් ආපු ඩෙංගියෙක් ලඟ නමලා වංගුව අරන්
කිහිල් යටින් ගිහින් ඔළුව වටෙත් ගිහින්
මගේ දිඟ නහය උඩට ලෑන්ඩ් කලේ නෑතැ. මාත් නොසෙල්වී බලා හිටියා මුන් ලේ ටිකක් බොන්න කලින් කරන වතාවත් ටික ලඟටම බලා ගන්න හම්බ උන චාන්ස් එක නෙව.
ඔළුව
දෙපාරක් කරනවලා ශූණ්ඩාව දෙපාරක් පිහදාලා බේස් බෝල් වල වගේ කකුළක් උස්සලා ගැන්ම
අරන් ඇන්නා කට්ටෙන්.
ටිංංංංංං..............
ශූණ්ඩාව රවුම් වෙලා ගියා ඒ වෙලාවේ තමයි
මට මතක් උනේ උදේට මුණ හේදුවෙ නෑනේ තාම. මූ කොහේ හිල්කරන්නද ඔය කුණු තට්ටුව කොට්ටේ
පුලුන් මුනේ තෙලුත් එක්ක එල බදාමයක් දාලා තියෙන්නේ මට බකස් ගාලා හිනාවක් ගියා මොනා
උනත් පව් බුවී.............
“ඕයි මොකෝ හිනා වෙන්නේ“
මොකාද ඒ කව්ද කථා කලේ
මම ඕයි
කව්ද මම කියන්නේ
මම කියන්නේ මම බලනවා නහය උඩ
මලකෙලියයි ඩෙංගි නගා
ඩෙංගි නගා කව්ද ඩෝ නඟා උඹ වගේ නාකියෙක් කොහොමද මට නඟා කියන්නේ මට තාම දවස් දෙකයි
හරි හරි දුව කියන්නමි( අනේ මන්දා ඉතිං මදුරී උනත් ගෑණු ඔහොම්ම මයි) මොකෝ සීන් එක
බලනවා ලේ ටිකක් බීලා ගිහින් බිත්තරයක් දාගෙන පාඩුවේ ඉන්න කියලා ආවේ කොහෙද? මේකට කොන්කීට් දාලනේ ශූණ්ඩාවත් ඇද උනා මේක මදුරු හිමිකම් උල්ලංඝණය කිරිමක් මේකට වෘතීය සමිති ක්‍රියා මාර්ගයක් ගන්නවා
(මඳුරුවෝ බොයිද පැකට් ලේ කිව්වලු අප්පට බොල
මුන්ටත් වෘතීය සමිති)
නංගී මේ වැඩ්ය සද්දේ දාන්න එපා හරිද මඳුරු කෑල්ලක් කියලා බලන්නේ නැතුව දෙනවා එකක් පේලේන් රොට්ය වගේ වෙන්න එක පාරින් නංගිගේ ජිවිත කතාවම මගේ අතේ ඇඳිලා තියෙයි එතකොට තව මදුරුවෝ බෝ වෙන එකත් නැතිවෙනවා
වැඩක් නෑ අයියේ අයියා ඊයේ විසිකරපු බෝතල් මූඩියේ බිත්තර දෙසිය තිස්දෙකක් දාලා තමා ආවේ ඇත්තම කියනව නමි දෙසිය තිස්දෙකක් දාන්න ගියේ ඊයේ බීපු හෝටලේ හරි නෑ ලේ නිකම් තාර වගේ බොන ජරාවටද කොහෙද මිනිස්සු ඉතිං හොද දෙයක් බොනවා කියලා යෑ
අඩේ මැඳිරිච්චි මිනිස්සුන්ට අනමි මනම් කියන්න එපා හරි නංගිලාව යවන්නේ රතු දත්ත පොතට හරිද
රතු දත් නම් කොහොමද දන්නෑ අයියේ අයිලා වගේ මෝඩ තැන් තැන්වල කුණු දාන උන්න ලංකාවේ ඉන්නකම් අපිටත් හෙටත් තියේවී
ඔන්න මට මඳුරු මාරයා ආවේස උනා හිටු උඹට
චටාස්.......... ඌයි...........දඩිං.........ආව්
ඔළුව
ඇඳ පල්ලට වැටුනා නේද?
කීංංංංංංං .................
ආයෙත් මඳුරුවෙක් යකෝ හීනයක් නේද දැකලා
තියෙන්නේ.....
ජිංජි පුතේ මොකෝ මේ කන්නෙත් නැතුව නිදාගෙන ඉඳලා නැඟිට්ට ගමන් ඊයේ විසි කරපු බෝතල් මූඩී ටික ඇහිදින්නේ
නෑ අමිමේ මේ............ මේකයි මේවයින් පොඩ් වැඩක් කරන්න තියනවා ඒකයි............෴
Monday, August 13, 2012
......ආදරේ ගැන වෙන පැත්තකින් හිතුවොත් ???.......
කව්රු කොහොම මොන විදිහට දකින දෙයක්ද ආදරේ ,
අවිනිෂ්චිත ජිවිතේට සාපේක්ශ උනු ආදරෙත් අවිනිෂ්චිතම තමා ,
කියවලා අහලා දැකලා විතරක් නෙමෙයි විඳලවත් තවකෙනෙක්ගේ ආදරයක් ගැන කියන්නේ කොහොමද ?
අපි ආදරය කරන කෙනා අපිට කොච්චර ආදරේද කියලා දැන ගන්න අහන ප්‍රශ්ණයක් .
ගෙදරින් කැමති උනේ නැතොත් ඔයා මොකද කරන්නේ ?
උත්තරේ මොකක් උනත් අපිට අහන්න ඕනි උත්තරයක් තියනවා ඒ ගෙදර අයව අමතක කරලා හරි එයා අපිත් එක්ක එයි කියලා .
මමත් බලාපොරොත්තු වෙන උත්තරයක් තමා ඒ උත්තරේ.
ඒත් ඒ කෙනා මට ආදර් කියන දේ කරන්න කලින් ආදරේ කලේ ඒ දෙමාපියන්ට එතකොට ඒ කෙනා තව ආදරයක් ළඟ පරණ ආදරයක් අතහැරපු කෙනෙක් .
ආදරේ කරන කෙනාගේ ආදරයයි, දෙමව්පියන්ගේ ආදරයි එකම තරාදියක දෙපැත්තේ තිබ්බොත් දෙමව්පියන්ගේ පැත්ත පහල යනවා ඒ ආදරේ බර හොල්ලන්නවත් බෑ අපි මුළු ජිවිතේම කියලා හිතා ගෙන ඉන්න ආදරෙට,
හැමෝ ගැනම කියන්න බෑ මට ඒ මිනිස්සු විවිධාකාර නිසා. මම ආදරේ කරන කෙනා ඉදලා හිටලා එයාගේ අම්මටයි තාත්තටයි බොරුවක් කියලා හොර වැඩක් කරන කොට, මට නමි ඒ වැඩේ ආදරේ කියන හැඟිමෙන් වහලා දාන්න තරමි පොඩ් දෙයක් නෙමෙයි.
ඒ දෙමව්පියෝ ළමයි ගැන දකින හීන ගැන හිතන කොට. පිරිමි ළමයෙක් ඉන්න ළමයින්ගේ දෙමව්පියන්ට වඩා ගැහැණු ළමෙක් ඉන්න දෙමව්පියන් ඒ ළමයා ගැන දකින හීන ගොඩක් වැඩියි. මුලිකම දේ විවාහයකදි කොල්ලෙක් පැනලා ගියොත් ඒ දෙමවිපියන්ට ඇතිවෙන දුකට වඩා කෙල්ලෙක් පැනලා ගියොත් ඒ දෙමව්පියන්ට ඇතිවෙන දුක අතර ලොකු වෙනසක් තියනවා. මොකද ගැහැණු ළමයෙකුගේ දෙමව්පියෝ ඒ දරුවා ඉපදුන දවසේ ඉඳලා ඒයාගේ විවාහය ගැන හීන දකිනවා දැවැද්ද එකතු කරනවා රත්තරං බඩු හදනවා පිරිමි ළමයෙක් ඉපදුන දවසේ ඉඳලා දෙමවුපියෝ ඒ කොල්ලගේ විවාහය ගැන හිතන්නේ නෑ හිතන්නේ ඒ ළමයා සමාජයේ පිළිගැනීමක් ඇති චරිතයක් කරන්නේ කොහොමද කියලා.
කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත් දෙමවුපියෝ ළමයින්ට කොච්චර ආදරේද? පුංච් කාලේ ඉඳන් විඳපු දැනිච්ච ආදරේ මාසෙකින් දෙකින් අවුරුද්දකින් දෙකකින් ළඟට ආපු අමුතු ආදරේකට යටවෙන හැටි හරිම පුදුමයි.
මිනිසුන්ගේ හැඟිමි හරිම පුදුමාකාරයි කියන්නේ ඒකට වෙන්න ඇති. ආදරේ කියන්නෙත් හැඟිමක් ඒ නිසා ඒකත් හරිම පුදුමාකාරයි.
ආදරේ කරන නොකරන එක හරිද වැරදිද කියලා නමි මම දන්නෑ? මොකද කොච්චර මේ දේ ගැන හිතුවත් මමත් ආදරේ කරන නිසා.
Monday, July 23, 2012
.....පුංච් කේස් එකක්..........
දැන් ජීවත් වෙන්නේ
පට්ට ගේමක් දීලා
හිත කියන්නෙම
මැරියන් කියලා
ඒත් මොළේ හිත එක්ක සටනක
මට ජිවත් වෙයන්ලු
මම වෙනුවෙන් නොවුනත්
මගෙන් යම් දෙයක් බලාපොරොත්තු වෙන අය වෙනුවෙන්
ඒත් මං දන්නවා
මගේ මොළේට වඩා
හිත ශක්තිමත් කියලා
දවසක මේ සටනින්
හිත දිනනවා
එදාට මට හිතට ඕනී දේ කරන්න වෙයි
එතකම් මං බලන් ඉන්නවා
මගේ දඩබ්බර හිත
මෙල්ල කරන්න පුළුවන්
කව්රු හරි ආවොත්
සමහරක් ව්ට හැමදේම වෙනස් වෙයි
ඒත් අනේ මන්දා
මේ දඩබ්බර හිත
මූ පට්ට ආඩම්බරයි
හිතේ දේවල් වෙනස් කරන් පුළුවන් කෙනෙක් ගැන දැනුනොත්
එයාට හිත අහලකින්වත් යන්න දෙන්නෑ
මොළේ කවදාවත් දැනන් හිට්යේ නෑ
හිත වෙනස් කරන්න පුළුවන් විදිහ
මොළේ උඹ හින්දා
හිත දවසක අපි තුන්දෙනාවම මරණවා
Friday, July 6, 2012
................ඉමී.................
අද පුංච් කථාවක් කියන්න යන්නනේ කථාවක් කියන්නේ
කෙනෙක්ගේ ජීවිත කථාවක් ඒ මම දන්න අක්කා කෙනෙක්ගේ ආදාල චරිතය සමාජයේ හොයා ගන්නට
බැරි වේවි. ඒ ඇයි කියලා මම අන්තිමට කියන්නම්.
එයාගේ නම ඉමේෂිකා,
ඉස්කෝලේ හැමෝම එයාට කියන්නේ ඉමේෂි කියලා මම කියන්නේ ඉමී කියලා මොකද ඒහෙම කිව්වම
එයාට පොඩ්ඩක් තරහා යන නිසා නිතරම ඉස්කෝලෙදි සාහිත්‍ය සංගමයේ වැඩ වලට මට උදවි වෙනේ
මේ අක්කා ඉතිං එයා මට ගොඩක් හිතවත් ඒ වගේම හොඳම ගතිගුන තිබිබ. ඉස්කෝලේ හැමදේකදිම ඉස්සරහින් ඉදපු කෙනෙක් හොඳ
කථිකාවියක් වගේම ලස්සනට සින්දු කියන්නත් පුළුවන් උප ප්‍රධාන ශිෂ්‍ය නායිකාව .(දැන් කට්ටිය හිතනවා ඇති මම මේ අක්කත් එකක්
යාළුවෙලා කියලා නෑ යකුනේ මට සහෝදරියෝ නැති නිසා මම සහෝදරි තනතුරේ තියාගෙන හිටපු
අක්කා ගැන මේ කියන්න යන්නේ )
හැබැයි මේ අක්කා හරිම දුප්පත් ඉස්කෝලේ මිස්
කෙනෙක් තමා අක්කට හැම අවුරුද්දෙම අඳින්න රෙදි අරන් දෙන්නේ. ඉස්කෝලෙන් දෙන ගවුමි රෙද්ද මිස් ගිනිහින් අක්කට
ගවුමි තුනක් මහලා ගෙනත් දෙනවා. හැමදාම
හොඳලා මැඳලා ලස්සනට ඇඳන් එනවා ඔය කොච්චර සල්ලි තියන කෙල්ලෙක්වත් ඒ අක්කා මඳිනවා
වගේ පිළිවෙලට ගවුම මදින්නෑ, අඩුම තරමින් මම යාළුවෙලා හිටපු කෙල්ලටවත් එච්චර
හරියක් කරන්න බෑ ,පොල්කටු ඉස්තිරික්කෙන් එහෙම ගානට රෙදි මදින්නේ
කොහෙමද කියලා මම හැමදාම අහනවා එතකොට කියන්නේ ජීවීතේට තියන කරදර වැඩි වෙන කොට ඒ
ජීවීත පිළිවෙල හැඩගැහෙනවා මල්ලී කියලා විතරයි.
ඇත්තටම කියනව නමි මම කවදාවත් ඒ අක්කගේ ප්‍රශ්ණ
ගැන අහලා නෑ, ඒක මගේ පුරුද්දක් කාව හරි ආස්ස්‍රය කරන කොට ඒ අය
ගැන හොයලා බලන පුරුද්දක් මට නැති නිසා නෙවෙන්න ඇති (අදටත් මගේ හොඳ යාළුවෝ ඉන්නවා
මගෙන් උන්ගේ සමිපුර්න නම ඇහුවොත් කියන්න දන්නැ )
මේ තියෙන්නේ හැදීන්වීම ,
මට
කියන්න ඕනී උනු කථාව පටන් ගන්නේ දැන් ඒ ඉමී අක්කා කොල්ලේක් එක්ක ඉස්කෝලේ ඇඳුම
පිට්න්ම රූමි එකක ඉඳලා පොලීස්සියට අහුවෙලා පොලීස්සියෙන් ඒ අක්කව ඉස්කෝලෙට බාර දිලා
ඉස්කෝලෙන් විනය පියවරක් අරගෙන දෙමවුපියන්ට කියලා පරිවාස කඳවුරකට බාර දෙන්න කියලා.
ඉස්කෝලෙන්
කරපු එකමදේ අක්කගේ අමිමව ඉස්කෝලෙට ගෙනවලා ඉස්කෝලෙන් අස් කරලා දැමිම එක විතරයි. ඒ
වෙලාවේ ඉමීගේ අමිමාගේ මුනේ තිබුන බැල්ම මට නමි කවදාවත් අමතක වෙන්නේ නැතිවෙයි ,විනය
බාර සර් පට්ට වේසී කියලා ඉමීට බනින වෙලාවේ ඒ ඉමිගේ අමිමා එතනම මැරෙයි කියලා මට
හිතුනා .
ඒත් අන්තිමට යනකොට මම ඉමීව හමිබ උනා ඉමි අඬ අඬා
යන්නමි මල්ලී කියලා විතරයි කිවිවේ. ඒ කටහඬෙ
තිබුනේ ඔක්කොම ඉවරයි කියන ස්වරයක්, මට ඒ
වෙලාවේ ඇත්තටම බය හිතුනා ඉමී ජීවිතය නැති කරගනීයි කියලා ..
ඉමිගේ අමිමත් ළඟ ඉන්න නිසා මට වැඩිය මොකුත්
කියන්න බැරි නිසා ,
ඉමි මොන ප්‍රශ්නේ ආවත් ජීවත් වෙන්න ජීවිතෙන් පැනලා යන්න හදන්න නමි එපා කියලා කිවිවාජීවිතේ මට කරපු දේවල් එක්ක මේක තව එක පොඩි දෙයක් විතරයි මල්ලී අමිමා ඉන්න කමි මම කොහොමත් මැරෙන්ණේනෑ
කියලා ආයෙමත් අඬන්න පටන් ගත්තා
ඉමීගේ අමිමා සුසුමක් හෙළලා මා දිහා බැලුවේ හරියට
අමිමට කියා ගන්න බැරුව හිටපු දෙයක් මම කිවිවා වගේ
මොනවා කරන්නද පුතේ මෙකිගේ තියන අවාසනාවතමා කියලා දෙන්නම යන්න ගියා
වෙන අමිමා කෙනෙක් නමි මෙලහට ඉමීට ගහලා බැනලා
මරන්න හදනවා. ඒත් කවිරු මොනවා කිවිවත් ඉමීගේ අමිමා නෙමෙයි ඉමීට වචනයක් වත් කිව්වේ
අන්තිමට කියලා ගියපු එකකත් මට ලොකු ප්‍රශ්ණයක් ඉතුරු කරා,
ඊට මාස ගානකට පස්සේ මට උන හැදිලා ඉස්පිරිතාලේ
නවත්තපු වෙලාවේ අහන්බෙන් වගේ බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙට ආපු ඉමීව මට හමිබ උනා.
මම දුවලා ගිහින් ඉමීත් එකක් කතා කලේ මග ඇරුනොත්
ආයේ කවදා හමිබ වෙන්න වෙයිද දන්නේ නෑති නිසා
ඉමීත් එක්ක ඉස්පිරිතාලේ බංකුවක් උඩින් වාඩි උනේ
ටිකක් කථා කරන්න මයි
ඒත් ඉමී ටිකක් ඈතින් වාඩි උනා, මාත් ඉතිං ගණන්
ගන්නැතුවෙ මෙහායින් වාඩි උනා මොනවා උනත් ඉස්පිරිතාලයක්නේ එතනින් යන යන නර්ස්ලා අපි
දිහා අමුතු විදිහට බලා ගෙනයනවා. මම ඒක දැක්කත් ගණන් ගත්තේ නෑ යකෝ සහෝදරියක්
එක්කවත් කතා කරන් බැරිහැටි කියලා උන්ට ඔරව ඔරව හිටියා, ඒත් ඉමීම කියන්න පටන් ගත්තා
මල්ලී මම ඉක්මනට යන්නමි මම මෙතන හිටියොත් මල්ලිට හොඳනෑ
මොන පිස්සුද අක්කේ අක්කා ඔන්න ඔහේ ඉන්න අපි ඉතිං කොහොමත් කොල්ලොනේ
නැ මල්ලී බලන්න මෙතනීන් යන හැම නර්ස් කෙනාම ඔයා දිහා බලන හැටි ඒකයි මම කිවිවේ
අනේ මේ අක්කේ ඔය අමිමන්ඩ්ලා කොහොම බැලුවත් මට මොකද අපි කතා කරමු
මල්ලී දන්නවද ඇයි ඒ අය ඔහොම බලන්නේ කියලා
අනේ මන්දා කෙල්ලෙක් එක්ක කථා කරන නිසා වෙන්න ඇති
නෑ මල්ලි ඒ අය මාව දන්නවා මම නිතරම බෙහෙත් ගන්න මෙහෙට එනවා මට ඒඩ්ස් හැදිලා
තියෙන්නේ ඒකයි ඒ අය මල්ලී දිහා අමුතු විදිහට බලන්නේ
ඉමී ඒ කියපු ටිකට මට ඇඩෙන්න ඔන්න මෙන්න මගේ අක්කා වගේ හිටපු කෙනා මම ජීවිතේ
ඉගෙන ගත්ත ඉමීගෙන් ඒ ඉමී ඒ වගේ ලෙඩක්
අක්කට මේ මොකද උනේ ඇයි අක්කේ මේහෙම උනේ අක්කා ලස්සනට ජීවත් උනු කෙනෙක්නේ
නෑ මල්ලී, ඒ මල්ලී දන්න හැටි මගේ ජීවිතේම අපායක් මල්ලී කවදාවත් මගෙන් මං ගැන ඇහුවේ නෑනේ ඇහුවනමි මම මල්ලිට හැම දෙයක්ම කියනවා සමහරක් විට එහෙම කිවිව නමි මල්ලී මාව ආස්සරය කරන්නේ නෑති වෙන්නත් ඉඩ තිබුනා
අන්න අක්කා මං ගැන හිතන් ඉන්න විදිහ මම අක්කාව ආස්සරය කලේ මගේම අක්කා කෙනෙක් විදිහට මට අක්කාගේ ජීවිතේ වැඩක්නෑ දන්න ඉමී අක්කාව මගේම අක්කා කරගෙන මම හිටියේ
මම දන්නවා මල්ලී, මල්ලීට වෙන හැම දෙයක්ම මට ඇවිත් කිව්වට මගේ මොකවත් මම නොකියන කොට මල්ලී අහන්නේ නැත්තේ මට දුක හිතෙයි කියලා බව මම දන්නවා මල්ලී මාත් එකක් කථා කරන හැම වෙලාවෙම කථා කලේ හරි පරිස්සමෙන් මට දුක හිතෙයි කියලා හිතලා මම ඒක දන්නවා
ඉතිං අක්කේ අක්කගෙන් මම අහපු නැති දේවල් ටික මට කියන්න මම අහන්න කැමතියි ඕනි එකියක්, ඕනි එකක් දිහා බලාගෙන, ඕනි මඟුලක් කියපු දෙන් මට කමක් නෑ මට ඕනී වෙලාව තියනවා අක්කා වෙනුවෙන්මම ගැන කියන්න කොහෙන් පටන් ගන්නද කියලා මම දන්නෑ මල්ලී, මටත් වඩා දුක් විදලා තියෙන්නේ මගේ රත්තරං අමිමා ඒ වෙනකාගෙන්වත් නෙමෙයි මාව අමිමගේ බඩට දීලා ගිය මගේම තාත්තාගෙන්. තාත්තා කිවිවට ඒ මිනිහා මහ නරුමයෙක් මල්ලී ඒ මිනිහා මගේ අමිමව කාසාද බැන්ඳට වැඩි හරියක් ඉන්නේ වෙන ගෑණුත් එක්ක. ඒ මිනිහා අමිමා ඉන්න ගෙදරට එන්නේ වෙන මිනිස්සුත් එක්ක බොන්න විතරයි. අමිමට කියලා බයිටි එකකුත් හදාගෙන ඒ නරුමයා එක්ක එන මිනිහෙකුට අමිමව විකුණනවලු අමිමා එන එන මිනිහත් එක්ක නිදා ගන්න ඕනීලු,නැත්නමි අමිමට ගහනවලු, පුච්චනවලු, අමිමට මැරෙන්න හිතුනත් මැරුණේ නැත්තේ මම හින්දලු අමිමා මාව හම්බවෙන්න ලංවෙලා හිටුපු දවස් වලත් වෙන මිනිස්සුත් එක්ක නිදා ගන්න උනාලු. ඒ වෙලාවට හිතෙනවලු අමිමයි මායි දෙන්නම මැරෙයි කියලා. මම ඉපදිලා අවුරුද්දක් විතර ගියාට පස්සේ ඒ නරුමයා බීලා ඇවිල්ලා පාලම පල්ලට වැටිලා මැරුණලු. අමිමට ටිකක් හරි සැනසීමක් හමිබ වෙලා තියෙන්නේ ඊට පස්සේ මම ටිකක් ලොකු උනාට පස්සේ මගේ කරුමේ ආයෙමත් පඩ්සන් දෙන්න පටන් ගත්තා. තාත්තට හිටපු අනික් ගෑනිගේ පුතා තාත්තා වගේම නරුමයෙක්, නෑදෑකමට මම වෙන්නේ ඒ නරුමයට නංගි, ඌ මාව කසාද බඳින්න ඕනිලු එක තාත්තලගේ ළමයි වෙලත් උට කිසිම ගානක් නෑ අමිමා පොලිස්සියේ පැමිණිල්ලකුත් දැමිමා ඌ ගැන කියලා. ඌ ඒවට බය නෑ මල්ලි මම මුලින්ම ගෑණියෙක් උනෙත් උගේ අතින් අමිමා නැති වෙලාවක ගෙදරට පැණලා මාව විනාස කරලා තර්ජනය කරලා ගියා. කාට හරි කිව්වොත් අමිමිව මරනවා කියලා ඌ වගේ අමනයෙක්ට ඒදේ කරන්න බැරි කමකුත් නැති නිසා මම කට වහගෙන හිටියා මල්ලී ඒත් මම මේ දේවල් මගේ ඉගෙනීමත් එක්ක ගාව ගත්තේ. නෑ මම පුළුවන් තරමි හොඳට ඉගෙන ගත්තා අම්මා මේක දැනගෙන මන්නයක් අරගෙන ඌව මරණවා කියලා උගේ ගෙදරට ගිය වෙලාවේ. ඌ අමිමට හොඳටම ගහලා කිවිවලු, අමිමවයි මාවයි දෙන්නම මරණවා කියලා ඌ ඉට පස්සේ ඕනී ඕනී හැමවෙලාවකම ගෙදරට ආවා මාව පාවිච්චි කරලා යන්න.එදා මාව පොලිස්සීයට අහු උනු දවසේ මම ඉස්කෝලේ යන්න එනකොට ඌ මාව බලෙන්ම ඇඳගෙන ත්‍රීවිලර් එකක දාගෙන අරන් ගියා. උගේ යාළුවෙකුට දෙන්න ඒ යාළුවත් එක්ක ඉද්දි තමා පොලීස්සියෙන් පැනලා ඇල්ලුවේ මාව ඉස්කෝලෙන් අස්කරාට පස්සේ. ඌයි උගෙ යාළුවොයි කෙලින්ම ගෙදරට ආවා එහෙම ආපු එකෙක් ගෙන් තමයි මට මේ ලෙඩේ බෝ වෙලා තියෙන්නේ දැන් මලිලී මගේ ජීවිතේ නාස්ති වෙලා ඉවරයිපෙර පිනකට මගේ බඩට ළමෙක් එන්න කලින් මේහෙම වෙලා හරි නැවතුනේ නැත්නමි මම වගේ තව කෙල්ලෙක් හරි අරුවගේ තව කරුමයෙන් හරි මේ ලෝකෙට එනවාඅක්කේ මට මොනවද අක්කා වෙනුවෙන් කරන්න පුළුවන්
දැන් මම වෙනුවෙන් කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ මල්ලී කොහොමත් තව ටික දවසකින් මම මැරිලා යාවී අනික මල්ලී මේවට ගෑවිලා වැඩක්නෑ මම යන්නමි මල්ලී
එහෙම
කියලා නැගිටලා ගිය ඉමී මට ඊට පස්සේ කවදාවත් හමිබ උනේ නෑ මම ඒ ඉස්කෝලෙන් අස්වෙලා
වෙන දුර ඉස්කෝලෙකට ආපු නිසා
දැනට
අවුරුදු තුනකට විතර කලින් ඉමියි අමිමයි ගිණි තියාගෙන මැරුණ. හැබැයි කිසිම ටිවී
චැනල් එකක් මේ ගැන කිවිවෙ නමි නෑ දැන් හැමෝටම ඒ මරණ අමතක නිසා තමයි මම කථාව කියන්න
හිතුවේ. මුලින්ම මේ චරිත දැන් හොයා ගන්න බෑ කියලා කිවිවෙත් ඒක නිසා තමයි.
Sunday, June 10, 2012
...........ආදරේ මට හිතුනු හිදිහට...........
අදත් වෙනදා වගේම නිකන් ඔහේ ගෙවිගෙන ගිය දවසක්.
පුරුද්දට වගේ, අදත් ටීවි එක දිහා බලා ගෙන වේගයෙන් චැනල් මාරු කරනකොට, යාන්තමට පෙනී නොපෙනී ගියා දෙමල චිත්ත්‍රපටියක එක රුප රාමුවක්.
ඒතරමට වේගෙන් මම චැනල් මාරු කරනවා.
ආපහු මීටරේ කරකවලා බැලුවා.
දමිල චිත්ත්‍රපටියක් ආදරේ ගැන කියවුනු , චිත්ත්‍රපටියේ අන්තිම හරිය ගොඩාක් දේවල් සිද්ද වෙලා, එක පාරටම අමුතුම විදිහකට චිත්ත්‍රපටිය ඉවර උනා.
ඒ මම කවදාවත් ජිවිතයේ නොදැකපු නොහිතපු පැත්තකින්.
එක පාරටම මට හිතුනේ ආදරේ අපි හිතන දකින දේමද කියලා නෑ ඒක ඊට වඩා ගොඩාක් වෙනස් දෙයක්,
ආදරේ කියන දේ වේලාව, තැන, පුද්ගලයා ආදි ගොඩාක් දේවල් මත වෙනස් වන සාපේක්ශ වු දෙයක්.
සමහරු කියන විදිහට ආදරේ පරිත්‍යාගයද, ලැබිමද ,ලබාගැනිමද ඒත් නැත්නමි හිමි විමද?
ආදරේ එක මොහොතක හැගිමක්,
අනිත් හැගිමි ඉක්මනට අමතක කරන අපි ඒ හැගිම හැමදාටම හිතේ තියාගෙන ඉන්නවා
. ඒ අපි හිතාගෙන ඉන්නේ අපිට මොන දේ නොලැබුනත් ආදරේ කවදාම හරි හමිබවෙනවා ඒ ලැබිම අනිවාර්ය ඌ දෙයක් කියලා නිසා.
ඒ සමහරු අපිට හිතන්න උරුම කරපු විදිහද මන්දා.
ආදරේ කියලා අපි හැමදාම ලුහුබදින්නේ බොරුවක්, ආදරේ හැමදාම අපිට නොපෙනුණු අපි ලගම තියනවා.
ආදරේ කියන්නේ අපිට කවදාම හරි ලැබෙන දෙයක් නම්, ඇයි අපිට අපි ලගම තිබුනු ආදරේ නොපෙනෙන්නේ? .
ඒ ආදරේ එක හැගිමක් විතරක් නිසා,
ආදරේ අපි ඔය මවන තරම විසාල නොවන දෙයක් උනු නිසාවට.
අනේ මන්දා,
ආදරේ ගැන ලියපු අය ගයපු අය කොච්චරද,
රෝමියෝ ජුලියට්ලට ආදරේ කරන අය කොච්චරද,
ටයිටැනික් වෘතාන්තායේ ජැක් රෝසි කෙනෙක් වෙන්න ඒතරමට ආදරේ වැලද ගන්න හීන දකින අය කොච්චරදක්ද,
ආදරේ කියන්නේ අපි මවා ගත්තු දෙයක්, ඒත් අපි හිතනවා ඒක ඉබේ ඇතිවන දෙයක් කියලා ඒක නිසයි අපි ආදරේ කියන දෙය බොරුවක් කියලා නොපෙනෙන්නේ.
උඩ ඉදන් පහලට කියවගෙන එනකොට අපිලිවෙලක් දැනුනා නේද මුල, මැද ,අග සමිබන්ධ නෑ වගේ දැනුනා නේද?
ඒක තමයි ආදරේ, ජිවිතේ, අපි හිතදේ,
මේ හැම දෙයක්ම එකට ගැලපෙන දේවල් නෙමෙයි.
ආදරේ, ජිවිතේ, අපි හිතදේ, කියන්නේ එකිනෙකින් වෙනස් වු මාතෘකා තුනක්. මේ එකකින්වත් තව එකක් පැහැදිලි කරන්න බෑ,
හැබැයි අපිට එකක් තුලින් අනිකක් හොයා ගන්න පුලුවන් වෙයි.
අපි ආදරේ කිය කියා කියන්නේ එකෙක් අනෙකාගෙන් බලාපොරොත්තුවන් දේවල් ටිකක් විතරයි.
උදාහරණයක් විදිහට, එයා මට ශක්තියක් වෙයි. ජිවිත කාලෙම මාත් එක්ක ලගින් ඉදියි.
ඉතින් ආදරේ කියන්නේ මොකද්ද ආදරේ කියලා හිතන්න වෙනවා,
වෙනම නමක් දිලා අපි වැලද ගෙන ඉන්නේ අපේ බලාපොරොත්තු සහ ඕනැ එපාකමි ටිකක් විතරයි.
ආදරේ මෙහෙමයි අරහෛමයි කියලා මාත් එක්ක විවාදෙකට ඇවිත් වැඩක් නෑ, මම මුලදිම කියපු විදිහට මේ මම දකින විදිහ අනිත් අය තම තමන් කැමති විදිහට ආදරේ දැකපුවාවේ. මේ කාගෙවත් දැක්මක් වෙනස් කරන්න එවාට බලපැමිකරන්න හැදිමක් නෙමෙයි. මේ මගේ අනන්‍යයතාව ඒ කියන්නේ මගේ දැක්ම.
පුරුද්දට වගේ, අදත් ටීවි එක දිහා බලා ගෙන වේගයෙන් චැනල් මාරු කරනකොට, යාන්තමට පෙනී නොපෙනී ගියා දෙමල චිත්ත්‍රපටියක එක රුප රාමුවක්.
ඒතරමට වේගෙන් මම චැනල් මාරු කරනවා.
ආපහු මීටරේ කරකවලා බැලුවා.
දමිල චිත්ත්‍රපටියක් ආදරේ ගැන කියවුනු , චිත්ත්‍රපටියේ අන්තිම හරිය ගොඩාක් දේවල් සිද්ද වෙලා, එක පාරටම අමුතුම විදිහකට චිත්ත්‍රපටිය ඉවර උනා.
ඒ මම කවදාවත් ජිවිතයේ නොදැකපු නොහිතපු පැත්තකින්.
එක පාරටම මට හිතුනේ ආදරේ අපි හිතන දකින දේමද කියලා නෑ ඒක ඊට වඩා ගොඩාක් වෙනස් දෙයක්,
ආදරේ කියන දේ වේලාව, තැන, පුද්ගලයා ආදි ගොඩාක් දේවල් මත වෙනස් වන සාපේක්ශ වු දෙයක්.
සමහරු කියන විදිහට ආදරේ පරිත්‍යාගයද, ලැබිමද ,ලබාගැනිමද ඒත් නැත්නමි හිමි විමද?
ආදරේ එක මොහොතක හැගිමක්,
අනිත් හැගිමි ඉක්මනට අමතක කරන අපි ඒ හැගිම හැමදාටම හිතේ තියාගෙන ඉන්නවා
. ඒ අපි හිතාගෙන ඉන්නේ අපිට මොන දේ නොලැබුනත් ආදරේ කවදාම හරි හමිබවෙනවා ඒ ලැබිම අනිවාර්ය ඌ දෙයක් කියලා නිසා.
ඒ සමහරු අපිට හිතන්න උරුම කරපු විදිහද මන්දා.
ආදරේ කියලා අපි හැමදාම ලුහුබදින්නේ බොරුවක්, ආදරේ හැමදාම අපිට නොපෙනුණු අපි ලගම තියනවා.
ආදරේ කියන්නේ අපිට කවදාම හරි ලැබෙන දෙයක් නම්, ඇයි අපිට අපි ලගම තිබුනු ආදරේ නොපෙනෙන්නේ? .
ඒ ආදරේ එක හැගිමක් විතරක් නිසා,
ආදරේ අපි ඔය මවන තරම විසාල නොවන දෙයක් උනු නිසාවට.
අනේ මන්දා,
ආදරේ ගැන ලියපු අය ගයපු අය කොච්චරද,
රෝමියෝ ජුලියට්ලට ආදරේ කරන අය කොච්චරද,
ටයිටැනික් වෘතාන්තායේ ජැක් රෝසි කෙනෙක් වෙන්න ඒතරමට ආදරේ වැලද ගන්න හීන දකින අය කොච්චරදක්ද,
ආදරේ කියන්නේ අපි මවා ගත්තු දෙයක්, ඒත් අපි හිතනවා ඒක ඉබේ ඇතිවන දෙයක් කියලා ඒක නිසයි අපි ආදරේ කියන දෙය බොරුවක් කියලා නොපෙනෙන්නේ.
උඩ ඉදන් පහලට කියවගෙන එනකොට අපිලිවෙලක් දැනුනා නේද මුල, මැද ,අග සමිබන්ධ නෑ වගේ දැනුනා නේද?
ඒක තමයි ආදරේ, ජිවිතේ, අපි හිතදේ,
මේ හැම දෙයක්ම එකට ගැලපෙන දේවල් නෙමෙයි.
ආදරේ, ජිවිතේ, අපි හිතදේ, කියන්නේ එකිනෙකින් වෙනස් වු මාතෘකා තුනක්. මේ එකකින්වත් තව එකක් පැහැදිලි කරන්න බෑ,
හැබැයි අපිට එකක් තුලින් අනිකක් හොයා ගන්න පුලුවන් වෙයි.
අපි ආදරේ කිය කියා කියන්නේ එකෙක් අනෙකාගෙන් බලාපොරොත්තුවන් දේවල් ටිකක් විතරයි.
උදාහරණයක් විදිහට, එයා මට ශක්තියක් වෙයි. ජිවිත කාලෙම මාත් එක්ක ලගින් ඉදියි.
ඉතින් ආදරේ කියන්නේ මොකද්ද ආදරේ කියලා හිතන්න වෙනවා,
වෙනම නමක් දිලා අපි වැලද ගෙන ඉන්නේ අපේ බලාපොරොත්තු සහ ඕනැ එපාකමි ටිකක් විතරයි.
ආදරේ මෙහෙමයි අරහෛමයි කියලා මාත් එක්ක විවාදෙකට ඇවිත් වැඩක් නෑ, මම මුලදිම කියපු විදිහට මේ මම දකින විදිහ අනිත් අය තම තමන් කැමති විදිහට ආදරේ දැකපුවාවේ. මේ කාගෙවත් දැක්මක් වෙනස් කරන්න එවාට බලපැමිකරන්න හැදිමක් නෙමෙයි. මේ මගේ අනන්‍යයතාව ඒ කියන්නේ මගේ දැක්ම.
Subscribe to:
Posts (Atom)








