Pages

Monday, December 31, 2012

......අවසන ඇය හදිසි දොරෙටුවෙන් පිටවී යන ලදී.......




  මම වැඩිදුර නොහිතනව නුඹේ වචන වලින් කියනව නමි සැරින් සැරෙට සුළඟ වගේ වෙනස් වෙන්න පුළුවන් උනා නමි නමි වේදිකාවේ රඟපාන විදිහට ජිවිතේදිත් රඟපාන්න පුළුවන් උනා නමි ගොඩක් දේවල් වෙනස් වෙන්න ඉඩ තිබුනා ඊටත් වඩා මම සාම්ප්‍රදායික පෙම්වතෙක් උනානම් නුඹට ආදරයේ අංශුමාත්‍රයක්වත් නොලැබෙන්න තිබුනා කොහොම කියන්නද නුඹ නොතේරෙනවා වගේ ඉන්නවද නැත්නමි ඇත්තටම නොතේරෙනවද?
  මිනිස්සු ප්‍රශ්ණයක් උන වෙලාවකට උදවු ඉල්ලන්නේ තමන්ට වැඩියෙම විස්වාස කෙනාගෙන් නුඹට ප්‍රශ්ණයක් උන වෙලාවේ නුඹව සැරයක් රවට්ටපු කෙනාව නුඹට මට වඩා විස්වාස උනා ඒ කියන්නේ මාව ඒ තරම්වත් විස්වාස නෑ කියන එක නේද? අපිට පුළුවන් නමි අපේ හැම හැඟිමක්ම පාලනය කරන්න නුඹට ඔය ලැබෙන තරම් ආදරයක් සමහරක් විට එහෙම කරපු නුඹ අද කියනවා මට නුඹ ගැන විස්වාසයක් නෑ කියලා ඔනිවටත් වඩා නුඹව විස්වාස කරපු නිසා තමයි මෙච්චර කාලයක් නුඹ ළඟ හිටියේ
  මේක ආදරයක්ද කියලා දැන්නමි හරියටම අර්ථ දක්වන්න බෑ මට ආදරයකට වඩා දැන් අපේ බැඳිම යුතුකමක් වෙලා නුඹට කරපුවට නුඹ මට යුතුකම් ඉටු කරනවා උඹේ දෙමව්පියන්ගේ විශ්වාසෙට මම යුතුකම් ඉටුකරනවා  අන්තිමේදි හැම බැඳිමක්ම ගලා යන්නේ මේ විදිහටද
   පරිසරයට ආදරෙත් දැන් දැන් අනුවර්ථනය වෙලාද කොහෙද හිටි ගමන් අවිස්වාසය නුඹේ හිතට දුවගෙන එනවා ඒකත් භෞතික සාධකයක් නිසානම් මම දෙපාරක් නොසිතම නුඹව සාධාරණිකරනය කරනවා නුඹ හැම වෙලාවෙම අවිස්වාස කරන්නේ මගේ හිත
     නුඹටත් ඕනී බොළඳ ආදරයක්ද වචන වලින් විතරක් දැනෙන නුඹට ආදරේ දැනෙන්නේ වචන වලින් විතරද මටත් පුළුවන් ඒහෙම වෙන්න හැබැයි මම එහෙම වෙන්නෑ නුඹට නිදහස තියෙනවා වචන වලින් විඳින පාට තවරපු සීනී බෝල ආදරයක් හොයන් යන්න  කෙනෙකුට බෑ තව කෙනෙකුගේ හිතකට මායිමි බඳින්න හොයන් පලයන් නුඹේ කැමැත්ත සීනී බෝල ඇතුලෙන් සැබැවක් හොයා ගත්ත දවසට ඇවිත් කියලා පලයන් කෑගහලා මම වැරදියි කියලා බලන් ඉන්නවා මම ඒ දවස එනකම්
   හිතට අවංකවම කියන්නද එක දෙයක් නුඹ ඔය දකින හීනේ ඇත්තට උනත් නැතත් හැබැවෙනවනම් මම කැමතියි මොකද නුඹේ හීනේ බිඳුන දවසට ආයේ මාව හොයාගෙන ආවොත් නුඹව පිළිගන්න මට බැරිවෙයි
  
  නුඹ වගේ සැහැල්ලුවට කඳුළු බින්දු තුන හතරකින් හැමදේකම නිමාවක් දකින්න පුළුවන්නම් මටත් ජිවිතේ හරිම ලේසි වේවි ඒත් නුඹට වගේ නෙමෙයි මගේ වටේට ඉන්න ජිවිත වලට මම වගකියන්න ඕනී මගේ හිනාවට ශක්තිමත් වෙන සමහර ජිවිත කඩාවැටෙන්න ඉඩදෙන්න බෑ ඒ සමහරක් ජිවිත පිළිවෙලකට ගලන්නේ මම නිසා කියන එක අමතක කරන්න බෑ මට හැමදෙයක්ම දාලා දුවන්න බෑ ලෝභ කමට නමි නෙමෙයි තවමත් සමිපුර්ණ නොකරපු යුතුකමි තියෙන නිසා
   මතකද නුඹට පටන් ගැන්මෙම පොරොන්දුවක් උනා මේ කථාවට නුඹම තිත තියෙනකමි මම කොමාවක්වත් තියන්නේ නෑ කියලා පොරොන්දු තියෙන්නේ කඩන්න කියලා මම හිනාවෙලා කිව්වට කොහොම හරි පොරොන්දුව ආරක්ෂාවෙලා  නුඹට පුළුවන් හිතේ සතුටින් තිත තියන්න

Saturday, December 22, 2012

........අම්මේ නුඹ මං දැකපු හීනයක්......


  

 අම්මා කියන වචනේ විහිළුවක්ද කියලා හිතිච්ච වාර ගාන මට හරියටම කියන්න බෑ ඒක ඒ තරම්ම වැඩියි. ඒක මුලින්ම මාව රිදෙව්වේ මම මොනිටිසෝරියේ දි, අවුරුදු විස්සකට කලින් කාලය කොච්චර දේවල් යට ගැහුවත් අම්මා කියන වචනෙත් එක්ක බැඳිච්ච කිසිම දෙයක් අමතක කරවන්න බැරි උනා, මුලින්ම අම්මා කියලා දැනගෙන හිටපු කෙනා එක පාරටම පුංචි අමිමා උනේ කොහොමද කියලා ඒ දවස්සවල හිතන්න මට ශක්තියක් තිබුනේ නෑ කරන්න පුළුවන් ලොකුම දේ වේල් තුන හතරක් නොකා අඬන එක විතරයි ඒත් ඒ ඇඬිල්ලට පුළුවන් උනේ අම්මා කියලා තවත් ආදේශකයක් ගෙනත් දෙන එක විතරයි. ඒ ආදේශක හැමදම තියෙන්නේ නෑනේ දෙවෙනි සැරේටත් අම්මා පුංච් අමිමා උනා මම ඒ දවස් වල පුංචි කියන වචනෙට තරම් වෛයිර කරපු තවත් දෙයක් නැති තරමි. අමිමා කියලා හැමවෙලාවෙම දැවටිලා හිටපු කෙනා පුංචි උනාම ඒ වචනෙට වෛයිර කරනවා ඇරෙන්න වෙන කරන්න තරමි දෙයක් මම ඒ දවස් වල දැන හිටියේ නෑ තුන්වෙනි සැරෙට ආපහු අම්මා කෙනෙක් හම්බ උනා, ඒ අමිමා ඇත්තම අමිමා උනත් අනේ මන්දා හිතට ලොකු අඩුවක් තිබුනා. ඒත් ඒ අඩුව මකලා ඇත්ත අමිමා විදිහට මගේ හිතේ නවතින්න එයාට බැරි උනා බැරි උනා නෙමෙයි ඇත්තටම නම් එයාට වෙලාවක් තිබුනේ නෑ, ඒක තමයි හරින වචනේ.
    තාත්තා, අම්මා කෙනෙක් ගැන මවපු හීන කුඩුපට්ටම් වෙලා තිබුන ඒ කාලේ තාත්තා කියෙන චරිතේ ගැන එච්චරම ලොකු දැනිමක් තිබුනේ නෑ. ඒ චරිත දෙකම ඇත්තටම නැති උනේ ඇයි කියලා හිතන කොට සල්ලිත් එක්ක මට පුදුම කේන්තියක් තියෙන්නේ ඕනීම කාලෙට නැතුව හැම දෙයක්ම විදදරාගන්න පුළුවන් මේ කාලේට ඒ චරිත දෙක මට හම්බ උනාට  ඒ අය එක්ක දැවටෙන්න හුරතල් වෙන්න දැන්මට බෑ ඒ අය මාව එහෙම හුරතල් කරන්න ලෑස්තිත් නෑ.
     අම්මේ දන්නවද මම ඔයාව හිතෙන් මවා ගත්තා මට ඕනීම විදිහට මම ආසම විදිහට ඊට පස්සේ ඔයාව මගේ හීනේ කරගත්තා හැමදාම ඒ හීනෙත් එක්ක මම කථා කලා මගේ හැම ප්‍රශ්ණයක්ම කිව්වා හිනේ අම්මත් ඒ හැමදේම අහන් හිටියා ඒ හිනේ අම්මට ඔයගේ රූපේ දුන්නා එහෙමයි ඔයාට පුරවන්න බැරි උන ඔයාගේ අඩුව මම ඔයා වෙනුවෙන් පිරෙවිවේ. අළුත් අම්මා, මගේ ඇත්තම අම්මා ඔයාට නිවාඩු නෑ කියලා මම දැනන් හිටියා. අනේ, මම ඒ ගැන දැනගෙන හිටියේ නැත්තමි අඬලා අඬලා මට ඔයාව ලඟ තියා ගන්න තිබුනා සතියකට සැරයක් මාව බලන්න ආවා. මම ටිකක් ලොකු උනා ඔයාගෙයි තාත්තගෙයි රස්සාවල වටිනා කම තෙරෙන්න ගත්තා අවාසනාවකට වෙන්න ඇති මම ලොකු උනා සතිය දෙක උනා මම තව ටිකක් ලොකු උනා සතිය මාසේ උනා හිතේ හයියට හීනේ අමිමා ඔයා වෙනුවට ලඟ හිටියා. එයා මගේ කඳුළු දැක්කා අමිමේ ඔයාගේ වචන ඔයා වෙනුවට හීන අමිමා දිහා බලන් මම හිතුවා. අමිමේ කොහොම උනත් නුඹ මගේ අම්මනේ මම අදටත් පුංච් කියන වචනෙට ආස නෑ ඒත් පුංච් වෙන්න කලින් හිටිය අම්මලාට ආදරෙයි. අනේ මන්දා ඔයාට විතරක් දෙන්න තිබුන ආදරේ බෙදුනද මන්දා ඒත් මොනා කරන්නද? අම්මේ ඔයා දැන් මගේ ළඟ ඉන්න කොට දෙන්න හුඟාක් ආදරේ මා ළඟ නැති වෙන්න පුළුවන්. ඒත් මම ආදරෙයි අම්මේ, අම්මත් එක්ක වැඩ්ය කථා නොකලට තරහා වෙන්න එපා. ඔයා කියලා මම හිතේ මවා ගත්ත ඔයාගේ රූපේ තියෙන් හීන අමිමා ඔයා වගේ නෙමෙයි. ඒයා මම කැමති විදිහට මට ආදරේ කරනවා. ඒත් ඒ ඔයා නෙමෙයිනේ ඒ අම්මා කියලා තමයි මම ඔයාව මගේ හිතට ගෙනාවේ ඔයා කථා කරන වචනයක් වචනයත් ගානේ ඒ හීන අම්මා විනාස වෙනවා කොහොද අම්මේ අවුරුදු ගානක් මං ළඟ හිටිය එයාව විනාස කරන්නේ. තාමත් මම හොරෙන් ඒ හීන අමිමා වෙනුවෙන් අඬනවා අම්මේ, ඒ අම්මා ඔයාගේ වචන වලින් දුර්වල වෙලා. මම ඔයා එක්ක කථා නොකර ඒ අම්මව ආපහු ශක්තිමත් කරනවා, ඔයාට දුකක් දැනෙයි අම්මේ මම හැමදාටම ඔයා ළඟ ඉන්නවා,  ඒත් හීන අමිමා නැති වෙලා ගිය දවසට මේ පුතත් නැතිවෙයි අමිමේ, මාව මෙච්චර කල් බලාගත්තේ ඒ හීන අමිමා, එයා මාව දාලා ගියොත් මගේ ළඟ කව්රුවත් නැතිවෙයි අමිමේ, මම ආස විදිහට කව්වරුවත් නැති වෙයි අම්මේ, මන් එයා එක්ක ඉන්නවා අම්මේ, බයවෙන්න එපා මම ඔයා ආස විදිහට ඔයා ළඟ ඉන්නම්. ඒත් වැඩ්ය කතා නොකර.

ප.ලි :- මෙය මව් සෙනෙහස හිටිස් සඳහා මාකට් කිරිමක් නොවේ. හුදෙක් හිතට දැනුනු දෙයක් සයිබර් පිටු අතර ලියා තැබීමක් පමණි....

Monday, December 17, 2012

.....බ්ලොග් කරුවන්ගේ ගෙට්ටු ගෙදර් එකට යමු නේද?....


කනින් කොනින් ඇහෙන එව්වා එහෙම නෙමෙයි, රියල් නිවුස් එකක් දෙන්න හදන්නේ ඕං.....

ඕය බ්ලොග් ලෝකේ තියෙනවනේ අන්න එකේ ඉන්න උන් ටික එක තැනකට සෙට් වෙන්නයි හදන්නේ ... 
                           ඒ කියන්නේ 2013 නිල බ්ලොග් ගෙට් එක
 (එහෙම කිව්වට කමක් නැති වෙයි කොහොමත් දෙවනි පාරටනේ මේ ගෙට් එක තියන්නේ ඒ නිසා නිල තමා කියලා හිතමු)

මන් දන්නවා මේක කියවන කොටම ඔබට පැන නැගෙන කාලීන ප්‍රශ්ණය 
බ්ලොග් යනු කුමක්ද?
ඒකට තියෙන පැහැදිලි සරල උත්තරය. 
දැන් ඔබ කියවන්නේ බ්ලොග් එකකි.
මේ පාර එක ගැන කියන්න කලින් ගිය පාර එක ගැන පොඩ්ඩක් කියලා ඉන්නම්කෝ. හැබැයි ඉතිං මාත් ඒකට නම් ගියේ නෑ දුක තමා.

 2012 ගෙට් එක සෙට් කලේ අර ලට්ට ලොට්ට ලියන පොඩ් එකා සමඟ බනියා නෙව උන්ගේ බල ප්‍රදේශය වෙච්ච ගාල්ලට තමා බ්ලොග් උන් සැට් උනේ.
 ගිහින් ඇවිත් පොඩි එකා දැම්මේ මෙන්න මේ පෝස්ට් එක ඔය නොදන්න අය බළලා ආව නම්.
ගාල්ලෙ ගෙට්ටුව කුමන්ත්‍රණයක්........ !!! අවසානයේදී පොඩි මෑන් පාපොච්චාරණය කරයි...

දෙවනුවට ෆොටෝ කෑලී දෙක තුනකුත් පෙන්නන් නමි .







ඔන්න ගිය සැරේ එකේ කථා ඉවරයි. දැන් තියෙන්නේ මේ සැරේ එකේ කථා

ගිය සැරේ ගාල්ල දුර වැඩියි කියලා ඔය නුවර පැත්තේ එහෙම ඉදන් නාහෙන් අඬපු අය හිටියලුනේ, ඒ නිසා මේ සැරේ ගෙට්ටුවේ සංවිධායක මහත්තුරු ඒ අය වෙනුවෙන් කාරුණික වෙලා කියනවනේ.....
හැමෝටම එන්න පුළුවන් විදිහට ගම්පහ තමයි 2013 බ්ලොග් කරුවන්ගේ ගෙට්ටුව සෙට් වෙලා තියෙන්නේ.

තියෙන දවස කියන්න අමතක උනාද මන්දා 2013 ජනවාරි 27 වෙනි ඉරිදට තමයි දින ගැනලා තියෙන්නේ ඒ නිසා එදාට ඔය අමතර වැඩ එහෙම දාගන්නව නෙමෙයි...ඕං මං කිව්වා දැන්ම.


ඔය ගෙට්ටු ගෙදර් එකට එන අයට නොමිලේ මඩ පෝස්ට් තුන හතරකට කරුණු හම්බ වෙනවලු.....

දැනටමත් සැහෙන්න කට්ටියක් එන්න ලෑස්ති වෙලාලු ඉන්නේ..... මමත් ඇතුළුව

ඔන්න මේ පාර නම් ගෙට්ටුව මිස් කරගන්න එහෙම එපා හොඳද...... 

2013 ගෙට්ටු ගෙදර් එක ගැන සෑමා රෙපා එහෙමත් දැනටමත් පොස්ට් දාලලු ඒවත් බැළුව නමි

සිංහල බ්ලොග් අවකාශය එදා සිට

සියළු බ්ලොග්කරුවන් පාරට බැසිය යුතු කාලයයි මේ...


ඔන්න එහෙනම් මං ගියා ගෙට්ටුවෙදි සෙට් වෙමු කස්ටිය........

ප.ලි:- වැඩි විස්තර සදහා සිරාගේ කාමරෙට ඇතුල් වන්න (මතක් කරලා ඇතුල් වෙන්න කලින් දොරට තට්ටු කරන්න)

ඔක්කොම සැට් වෙන ගම්පහ ගෙට්ටුව

Wednesday, December 5, 2012

...........සුන්දර මතක...........


     


      මන් මේ ලෝකේ ඉන්න ආසම තැන් ගැන ඇහුවොත් එකක් ගෙදර, ඒක අපි හැමෝටම පොදුයි ඕනී කෙනෙක් කැමතියි තමන්ගේ ගෙදර ඉන්න. ඊට වඩා තැනක් කොහෙද තියෙන්නේ ඔහොම කිව්වට මට නමි ඒක එච්චරටම ඇත්ත නෙමෙයි. මම ඉන්න කැමතිම තැනක් කිව්ව ගමන් මට මතක් වෙන්නේ මම ගේ යාළුවෙක්ගේ ගෙදරක්. දහය වසරින් මගේ පරණ ස්කෝලෙන් ආවට. මම තාමත් මාස දෙක තුනකට සැරයක් උන්ගේ ගෙදර යන්නේ මම ආසම තැන්වලින් එකක් ඒක නිසා. උගේ නම මධුක ලේසියට ඉතිං මධු තමා කියන්නේ මම  ආසම තැනේ හැටි කියන්නම්කෝ ඉස්සෙල්ලම.

   මහ ලොකු තැනක් නෙමේ, ඒත් මගේ හිතට නම් එහෙ රජමාලිගාවකට වඩා සැනසීමයි කාමර් දෙකක් තියෙන පුංච් ගෙයක් මැටි ගහලා උළු හෙවිල්ලලා තියෙන්නේ. සාමාන්‍ය ප්‍රමානයකට ස්ථිරව හදපු ගෙයක්, ගේ තියෙන පැත්ත ගැන කියනව නමි, අව්රුද්දකට මාස තුන හතරක් විතරක් වහින පැත්තක් ටිකක් විතර රස්නෙයි. තව පොඩ්ඩෙන් ගේ ගැන කියන්න අමතක වෙනවා. ගෙයි මහලොකු බඩු ගොඩක් නෑ ටීවි එකක් කැබිනට් එකක් අල්මාරියක් විතරයි ඔය ගේ ඇතුලේ තියෙන්නේ කුස්සිය තියෙන්නෙ ගෙයින් එලියේ වෙනම හදලා ඒකත් ඉතිං මැටිම තමා.

      ඒ ගෙදර මිනිස්සු කරන්නේ වගා කරන එක, වගා කරන දෙයක් පොලට ගෙනිහින් විකනලා කීයක් හරි හම්බ කර ගන්නවා. ඒ ලොකු ආසාවල් නෑ තමන්ගේ වත්තේ වගා කරනවා. තුන්වේලට කනවා. ඒච්චරයි, තට්ටු මාලිගා හදන්න සැප වාහන ගන්න වගේ වදදෙන ආසාවල් ඒ මිනිස්සුන්ගේ හිත්වල නෑ, ඒක ඒ පැත්තේ හැම මිනිහෙක්ගෙම හැටි කොහොම මොනවා උනත් දවසකට කොච්චර වැඩ කලත්, කොච්චර මහන්සි උනත්, කාස්ටක අව්වට කර උනත්, ඒ හිත්වල තියෙනවා මොකද්දෝ මන්දා අමුතු ලෙන්ගතු කමක් අන්න ඒ නිසයි මම ඒ ගෙදරට එච්චර කැමති .

    දවල්ට තම තමන් ගේ වැඩ වල ඇලිලා ඉන්න පවුලේ හැමෝම හවස හත වෙන කොට ගෙදර එක ඉතිං අපේ ගෙදර වෙන්නේ නැති වැඩක් නිසා මම එහෙට කැමති වෙන්න තව හේතුවක්.

     වැඩියෙන්ම මම ආස කෑම සාලයක් නැති මධුවගේ ගෙදර හැමෝම කෑම කන්නේ කුස්සිය ගාවම තියෙන සියඔලා ගහයට වෙච්ච එකට. ආ තව වැවෙන් ඒ පැත්තටම වතුර දෙන මහ ඇල තියෙන්නේ ගේ ළඟ ඉදලා මිටර් සීයක් දෙසීයක් විතර දුරින්. වැව් මාළු ටිකක් කවදාවත් එහෙ නැතිවෙන්නේ නෑ, වැව් මාළු කිව්වට උන් අල්ලන්නේ ඇලෙන් වියදමක් නෑ, ගමේ කව්රු මාළු ඇල්ලුවත් මධුවගේ ගෙදරට හම්බ වෙනවමයි. ඒ ඉතිං ගමේ හැම වැඩකටම කියන්නත් කලින් මධුවගේ තාත්තා දුවන් යන නිසා තමයි. වතුර සද්දේ රැහැයියොන්ගේ සද්දේ එක්ක රෑ සීතල සුළඟ වැදි වැදි කැකුළු හාල් බත් එක්ක වැවි මාලු, හතු බැදුමක්, කොළ ජාතියක්, මෑකරල් මාළුවක්, උණු උණුවේ කන්නකොට දැනෙන හැඟිම වෙන්න ඇති මාව ඒ පරිසරයට ඇද ගන්නේ.

   කොච්චර නැති බැරි කම් තිබුනත් බෙදා හදාගෙන කන එක නම් ඒ මිනිස්සුන්ගේ අඩුවක් නැතුව තියෙනවා. බඩ ඉරිඟු කාලේට මධුවලගේ හේනේ ඉරිඟු දානවා. තාත්තා හැමදම ගෙදර එන කොට බයිසිකලේ පිටිපස්සේ බඩ ඉරිඟු කරල් විස්සක් විතර බැඳගෙන එනවා, හවස පහට විතර තඩ් මුට්ට්යක් ලිපේ තියලා බඩ ඉරිඟු තම්බන අම්මා  මධුවට කියනවා ගමේ ඉන්න මධුවගේ යාළුවන්ට එන්න කියන්න කියලා. හවසට සෙල්ලමි කරන්න යන හැම කොල්ලම ඉතිං සෙල්ලම් කරලා ඇලෙන් නාගෙන කෙලින්ම මධුවගේ ගෙදර බඩ ඉරිඟු කන්න .

   නාලා කාලා නිදියන එකත් ඉතිං සැප වැඩක් තමා. මැටි පොලවේ පන් පැඳුරක් උඩින් රෙදි දෙකතුනක් දාලා නිදා ගත්තම බිම සීතලට වැටුන ගමන් නින්ද යනවා. ඒ නින්ද අතර මගදි බැරි වෙලාවත් කැඩෙන නින්දක් නෙමෙයි එච්චරටම සැපයි.

     දවස් දෙකක් තුනක් ඉදලා අන්තිමට එහෙන් එන්න ලෝබයි. යන්න හදනකොට අම්මා හැමදාම කියන්නේ පුතා ලබන සතියෙත් එන්න හරි යට මේ සතියේ දුන්නු කරදර මදි වගේ. 

Thursday, October 18, 2012

.......මට ඕනී ආදරේ කරන්න.........





ආදරය කියන්නේ මොකද්ද මට ඒකට අර්ථකතනයක් දෙන්නට බෑ  කොහොමටවත්, හැබැයි මාත් ඒ ආදරය කියන දෙය කලා කාලයක්ම ආදරය කියන දෙය ජිවිතේම කරගෙන. ඒත් මම ආදරය කියලා ලබන්න බලාපොරොත්තු වෙන දෙය කාගෙන්වත් ලබා ගන්න බැරි බව නමි මම දැනගත්තා. එක පාරක් නෙමෙයි පිට පිටම හුඟ සැරයක් මායාවකට අහු උනා. කාගෙන්වත් ආදරය කියන දේ නම් අශුමාත්‍රයක් වත් ලබා ගන්න බැරි උනා. ඒ හැම කෙල්ලම ආදරේ කියලා කියන්නේ වෙන මොනවදෝ දේවල් ටිකකට. සමහර අයට තමුසේ කියන වචනෙවත් ප්‍රශ්නයක්, උන්ට ඕනි උනේ කථා පොත්වල ඉන්න සුදු තීන්ත ගාපු ආදරවන්තයෝ සුදු, රත්තරං, වගේ බොළද වචන වලටයි උන් ආදරේ කලේ. උන්ට බැරි උනා උන්ගේ හීන ලෝක වලින් මිදිලා සැබැම මට ආදරය කරන්න. සමහර උන්ට ඕනී උනේ ලස්සන කොල්ලෙක් එක්ක පාරේ යන්න. එහෙම උන් සතියක් දෙකක් මාත් එක්ක ඉඳලා මටත් වැඩිය ලස්සන කොල්ලෙක් එක්ක ගියා. හැබැයි ඒ කෙල්ලන්ට නමි අමාරුවෙන් උනත් සමාව දුන්නා කැත දේවල් වලට කෙල්ලෝ කොහොමත් කැමති නෑනේ.  මම ඉතිං කොහොමත් එච්චර ලස්සන කොල්ලෙක්වත් කථා කර කර ඉන්න තරමි ප්‍රිය මනාප කොල්ලෙකුත් නෙමෙයි. ගිය උන් ගියාවේ කියලා මම උන්නා එකම එක ආදර කථාවක් වත් තිත තියලා ඉවර කලේ මම නෙමෙයි. උන්ම තමයි උන්ගේ ආදර කථාවට තිත තියා ගත්තේ සමහර ආදර කථා උන්ම පටන් අරගෙන උන් තියාගෙන ගිහින් උන්ම ඉවර කලා. උන් කියන්නේ මම මෝඩ කොල්ලෙක්ලු ,වෙන්න ඇති. හැබැයි සමාජට මම  කෙල්ලෝ මාරු කරන වල් කොල්ලෙක් උන් දන්නවද මට වෙන දේවල් කෙල්ලෝ හැමදාම උන්ගේ අහිංසක දුබලකමි ඇතුලේ උන්ගේ චාටර් දේවල් ටික හංග ගන්නවා.
   මම බලන් හිටියා මම ආදරේ කියන හැගිමට ආදරේ කරන එකියක් හරි එයි කියලා එතනින් තමයි මම මෝඩ උනේ. කාමරයක එකියක් එක්ක රිංගලා මාත් මගේ වැඩේ කරගෙන මාරු උනා නම් හරි. කොහෙද උපන් මෝඩ කමට ගියානේ මාත් ලව් කරන්න. නෙදකින්, කෙල්ලෝ ඔක්කොම එහෙමයි කියන්න මම ලෝකේ හැම කෙල්ලම ඒක්ක ලව් කරේ නෑනේ. කර ගත්ත ටික හොඳටම ඇති නිසා මාත් තිරනය කලා ආයේ ආදරය නොකර ඉන්න. හැබැයි ඊට කලින් ආපහු සැරයක් මම පහුකරගෙන ආපු චරිත ටික දිහා බැළුවා. මට දුක් වෙන්න තරම් දෙයක් මගේ අතින් වෙලා තියනවද කියලා. එහෙම උනොත් ඒක හරි ගස්සන්න හිතන්. පුහ්, ලෝකේ දැන් හරි දියුණුයි අතීතේ දිහා හැරිලා බලන උන් නෑ. උන් ආයෙත් උන්ගෙම ප්‍රේම ලෝක හදාගෙන මම මඟ ඉඳගෙන මොකද්ද මඟුලක් කරනවා .
ඒ මම හිතුවා මගේ මොකක් හරි වැරද්දක් ඇති නැත්නමි මෙහෙම  වෙයිද කියලා. නිකමට වගේ එක බත්පත බෙදා ගෙන කන හොඳම යෙහෙලියගෙන් ඇහුවා.
උඹෙන් ආදරේ ඉල්ලුවොත් උඹ මට ආදරේ කරනවද උඹ තරම් මාව දන්න වෙන එකියක්  නෑ මට ආදරේ කරපන්,
අනේ මෙහෙමත් මෝඩ මම. එකීත් අරුන්ගේ ජාතියෙම කෙල්ලෙක් කියලා මෙච්චර ආස්සරය කරලත් දැනගන්න බැරි උන හැටි. ඒකී හොයන ලස්සනවත් ගතිගුණවත් මං ගාව නැහැල්ලු අනික අතීතයත් හොඳනැහැල්ලු මගේ යකේ හිත හැදෙන්නවත් කියපන්කෝ මම දැන්ම ආදරයක් ගැන හිතලා නෑ බන් කියලා.
බළාගෙන යන කොට පිරිමි අපි නේ මෝඩ. කෙල්ල කලින් කාත් එක්ක හරි ලව් කරලා තිබුනට කමක් නෑ කියලා දෝතට ගන්නවා ඒත් මුන් ෂීක් විතරක්,
තනිකම හොදයි ලව් එක දුක් වැඩ් හින්දා කියලා හිතා ගත්තා ආයේ නම් එක කෙල්ලෙකුටවත් ඔය ලව් මඟුල කරන්න යන්නේ නෑ කියලා ෂේප් එකේ සුපුරුදු ලයිෆ් එකටම වැටුනා කොල්ලෝ ටිකත් එක්ක පොඩ් ෆන් එකක් දාලා පොඩ් අඩියක් හැන්දෑවට ගහලා ජිවත් වෙනවා කියලා කොහෙද?
යකෝ මුන්ට තියෙන්නේ දැවෙන ප්‍රශ්ණනේ. ඩෝප් වෙලා කට්ටියගේ කරටි කැඩෙන කොට මුන් සේරම අනංගයගෙන් ලව් ඩිග්රිය ගත්ත සිරා ඩයල්, මට ආදරේ කරන හැටි යාළුප්‍රේමයෙන් කියලා දෙනවා.
අඩෝ ජිංජියෝ ඔහෝම ලව් කරන නිසා තමයි බන් උඹට හැමදාම කෙල වෙන්නේ යකෝ කෙල්ල දාගත්තට පස්සේ සතියක් දෙකක් ඇතුලත කෙල්ලට ෂොට් එක දිපන් එතකොට එකිට කොහෙවත් වෙන එකෙක් එක්ක යන්න බැ ගියත් හැරෙන තෑපැලෙන් ආයේ උඹ ලඟ, යකෝ කෙල්ලොට ආතල් ටික දුන්නේ නැත්නම් ඒකි පිට යනවා. මෝඩ වෙන්න එපා ආයේ ලස්සන කෑල්ලකට ටෝක් කරලා දාගෙන ෂොට් එක දීපන්, ජිවිතේම මල් ආදරේ අපි ලග හැමදාටම ඒකිට හැරෙන්නත් බෑ උඹට හැරෙන්නත් බෑ ලව් ලව්ම තමා.

අනේ හු*යි නන්නානේ යකෝ එහෙම කරන්න ඕනී නමි මුන් වගේ ගොන් පරයන්ගෙන් උපදෙස් ගන්න ඕනීයැ. මාත් දන්නවා ඒක කරන්න, මට ඕනී උනේ ආදරේ කරන්න මිසක් ඒකියක් එක්ක නිදිවදින්න නෙවෙයි කියලා මුන්ට තේරෙන්නේ නැති හැටි.
අනික මට එහෙම එකක් කරන්න ඕනී නමි අමාරුවෙන් ලව් කර කර එකම කෙල්ලට ඕක කරන්න ඕනි යෑ සල්ලි දිලා ගණිකාවක් අරන් ඒකිත් එක්ක නිදි වදිනවනේ ඇයි යකෝ එතකොට මට පව් පිරෙන්නේත් නෑ ඒ ගෑණිගේ අතට කියක් හරි හම්බ වෙලා පවුලක බඩවල් තුන හතරක් හරි පිරෙනවනේ. එහෙම නැතත් ප්‍රපෝසල් එකකින් ලස්සන කෙල්ලෙක් හොයලා කසාද බඳිනවනේ එතකොට කොහොමත් මට ඔය වැඩේ නීත්‍යානුකූලව හැමදාම ඒකිට කරන්න පුළුවන්නේ .
මුන්ට මෙවිවා කිව්වාම කියන්නේ අළුත් පැකින් එකක් කඩලා ගන්න ආතල් එක ඕවගේ නෑ බන්
අනේ මුන්නම් මානසික ලෙඩ්ඩු අළුත් පැකින් කඩලා උගේ අහවල් එකේ ලේ ටිකක් ගාගත්තාම මුන්ට එන අමුතුම වින්ඳනේ මොකද්ද දන්නෑ. එකත් ඉතිං හැමදාම කරන්න පුළුවනෑ එක පාරයිනේ ඒ ලේ බින්ඳු දෙක තුනත් එන්නේ. ලේ බැංකුවෙන් ලේ පයින්ට් එකක් අරන් ගිහින් ෆ්‍රිජ් එක් තියාගෙන ටික ටික දාගෙන වැඩේ කර ගත්තනම් ඉවරයිනේ. එනවා මෙතන හොඳට ඉන්න උන්ගේ මොලේ අවුල් කරන්න හැම කොල්ලම වලත්තයෝ වෙන්නේ මුන් වගේ උන් නිසා තමයි නැත්නම් කොල්ලන්ගේ ඔළුවලට ඕනා උඩින් පාත්වෙනවා යැ.
අනේ මන්දා මගේ කරුමෙද කියලා මුන්ට තේරෙන්නෙත් නෑ කෙල්ලොන්ට තේරෙන්නෙත් නෑ මට ඕනී දේ
යකෝ මට ඕනී අහවල් එකේ සැප නෙමෙයි හිතට දැනෙන්න ඇත්තම ඇත්ත ආදරේ කියන හැඟිම විදින්න ආදරේ ආදරේ විඳිහටම විඳින්න උඹලා ඔය කියන දේ තියෙන්නේ ලිස්ට් එකේ ආදරේට හුගක් පහලින්


Tuesday, October 9, 2012

........පන්හිඳක දෝංකාරය.........





           හුදෙක් මා පෞද්ගලිකව කාලාන්තරයක් තිස්සේ එල්බගෙන සිටි මතයක් වනුයේ, ''සාර්ථක කතුවරයන් මිස අසාර්ථක කතුවරයන් ගෙන් කිසිම ප්‍රයෝජවත් යමක් කියවන්නාට නොවන බව''

                  එහෙත් සාර්ථක කතුවරයෙක් ඔහුගේ පන්හිද මගින් බිහිකල නිර්මාණයකින් මා දැරිය නොහැකි සිත්තැවුලකට පත්විය. ඒය මාගේ මානසික මට්ටම මත මදනම් ඌවක් උවද, එම සිත්තැවුල පලවා හැරිම කිසිම භෞතික දෙයකට කල නොහැක්කක් විය. මේ ජීවිතයෙන් පැන දිවිමට තරමි බරපතල ලෙස, ඔහුගේ පන්හිදේ ඝට්ටනයන් මා සිතුපතුලේ දෝංකාර දෙන්නට විනි. මා සිටි නිස්කලංක පරිසරයද තනිකමද මේ තත්වයට වඩාත් බලපාන්නට මඟහසර එළිකරන්නට ඇත.

         එහෙත් කලකට පෙර මා අඩක් කියවා අතහැර දැමු අසාර්ථක ලියවිල්ලක් මා නෙත ගැටුනේ යම් කිසි දේව ප්‍රාථීහාර්යකිනි. කතුවරයාගේ අසාර්ථක භාවය මත එය තවත් බොළඳ ලියවිලකි,  මා ප්‍රකෘති තත්වයේ සිටියා නමි එය එසේ විමට ඉඩතිබිනි.  පුදුමයකි කිවිම ආරමිභකර මොහොතකින් එම ලියවිල්ල තව දුරටත් බොළඳ නොවුනි. ආශ්චර්යකි, එය මා තුළ ආකාස්මිකව මතුවූ සිතුවිලි සියල්ල භක්ෂනය කර දැමු සැටියකි. තවදුරටත් මා තුල එම සිත්තැවුලට ඉඩනොමැත සිත්මඬල උදාසිණ කිරිමට ශ්‍රේෂ්ඨයෙකු අතින් බිහිවුනු අනර්ඝ ඖෂධයක් වැනිය.

             අවසන එම මතය තවදුරටත් මා සෙවනැල්ල තුළ ආරක්ෂා නොවේ. සෙවනැල්ල තුල සැඟවි සිටි දුෂ්ඨ බලවේගයන් හිරු රශ්මියේ දවා හලු කෙලෙමි. දැන් මා පවිත්‍රය අසාර්ථක යැයි හංවඩු ගැසු ලියැවිලි කිසිත් නොමැතිය සියල්ලෝම ශ්‍රේෂ්ඨයෝය.

Thursday, October 4, 2012

........එක වගේ අය..........




ලොකේ එක වගේ හත් දෙනෙක් ඉන්නවා කියලා කියනවා නේද
එ හත් දෙනා හැබැයි එක වගේ වෙන්නේ පෙනුමෙන් නමි නෙමෙයි
එගොල්ලෝ එක වගේ වෙන්නේ අදහස් වලින්
එහෙම එක අදහස් තියන අය කොල්ලෝම හත් දෙනෙක් හරි කෙල්ලොම හත් දෙනෙක්
හරි නෙමයි
ඒ හත් දෙනාගේ එකවගේ අදහස් කොල්ලෝ කෙල්ලෝ දෙපැත්තෙන්ම ඉන්නවා
එහෙම ඉන්නේ ආදරේ කරන්න එකිනෙකාට ගැලපෙන්න
එත් ඉතින් ඉන්නේ හත් දෙනෙක්නේ
එක් කෙනෙක් ඉතුරුවෙනවා
එක හරිම අසාදාරණයි කියලා හිතෙනවා ඇති
හැබැයි එතනින් තමයි ස්භාවධර්මයා ලෝකේ සමතුලිත කරලා තියෙන්නේ එ ඉතුරු වෙන අය තමයි මේ ලෝකේ අලුත් දේවල් හොයා ගන්නේ
ලස්සන නිර්මාණ කරන්නේ
මොකද ඒ අයට හිතන්න වෙලාව ඕනි තරමි තියනවා
අනිත් හය දෙනාට එ වෙලාව ලැබෙන්නේ හරි අඩුවෙන්
හැබැයි එ ඉතුරු කෙනත් හැමදාම තනියෙන් ඉන්නෑ
එයාටත් දවසක කෙනෙක් හමිබ වෙනවා
හැබැයි ටිකක් පරක්කු වෙලා හොදේ