Pages

Showing posts with label හිතිච්චා. Show all posts
Showing posts with label හිතිච්චා. Show all posts

Friday, March 23, 2012

තරුව නුඹ නැතත් ඈ අද මා ලඟ






පොඩිඩක් එලියට බැහැලා බලන්න අහසේ ටිකක් ලොකු තරුවක් තියනවද කියලා

හොදට බලන්න

එක තියේන්නම ඔනී, එයා ඔතන තමයි හිටියේ

එයා ඉන්නේ හදට ටිකක් ඈතින්

එදා රෑ එයා තමයි මුළු අහසටම හිටපු ලස්සනම තරුව

ඔයාලා දන්නවද මම ඒ තරුවට කොචිචර ආදරේ කලාද කියලා

එත් පස්සේ තමයි මට තේරුනේ මම ගොඩක් මොඩ උනා කියලා

මම පහුවදා තමයි දැන ගත්තේ එදා අමාවක දවසක් කියලා

පහුවදා ඒ අහසට හද ආපුවාම තමයි මට තේරුනේ ඒ අහස අයිති මගේ තරුවට නෙමෙයි ඒ හදට කියලා

එත් මම ඒ තරුවට මුළු හදවතින්ම ආදරේ කලා

දවසක් වලාකුලක් ඇවිත් එයාව නොපෙනි ගියා, මට ගොඩාක් දුක හිතුනා

ඒත් දවස් දෙක තුනකින් එයාව ආයෙමත් පෙනුණා

මට හිතුනා එයා මා දිහාම බලාගෙන ඉන්නවා කියලා

එත් මට වැරදුනා, මම එයාට මොන තරමි දේවල් කිවිවද, මොන තරමි හීන මැවිවද

එත් එයාට මම ඉන්න පොළොවට මාත් එක්ක ඉන්න එන්න බෑ කියලා මම දැනන් හිටියා

එයා එක වෙලාවකට දිලිසෙනවා, තව වෙලාවකට අදුරු වෙනවා, එයා දිලිසෙන්නේ එයා සතුටින් ඉන්න කොට එයා අදුරු වෙන්නෙ

එයාට දුක හිතුනම

මම එයාගේ හැම වෙනස් විමක්ම හැම හැගිමක්ම දකිනවා

එත්.......ඒත්.... එයා හිතන්නේ මම එවා දකින්නෙ නෑ කියලා

ඒ තරුව මම ආදරේ කරපු තරුව එයා වෙනස් වෙනවා

ඔවි ඒක මට දැනෙනවා, එයා ඉස්සර මම ආදරේ කරපු තරුව වගේ නෙමෙයි එයා වෙනස් වෙනවා

අයියෝ මම වගේ මෝඩයෙක් ඇයි මට එක කලින් හිතුනේ නැත්තේ

ඔයාලා දන්නවද ඒ මොකද්ද කියලා

එයා.............එයා ඉන්නේ අහසේ බව

එයා අයිති අහසට කියන එක

ඒ අහසට එයා ඉන්න අහසට එයාගේ ලෝකෙට මට ලන්වෙන්න බෑ කියන එක

ඒ අහසේ මට ඉඩ නෑ කියන එක

එයා දිහා මම වගේම බලා ඉන්න තව ගොඩක් අය ඉන්නවා කියලා

මම මවා ගත්ත එ ලෝකේ ඇත්තටම එයා නෑ කියලා,

ඒත් මට එයාව අමතක කරන්න බෑ

එත් මම එක තීරණයක් ගත්තා

ඒ මම එයා දිහා ආයේ බලන්නෑ කියලා

එත් එක දවසක් එකමත් එක දවසක්

එයාව මගේ තරුව, මගේ හිත, මගේ ආදරය, එයාව මගේ ලෝකෙදි මගේ ඉස්සරහා ඉන්නවා මම දැක්කා

ඔවි ඒ එයාම තමයි, එ මගේ තරුවම තමයි

එයා එදා එ තරුවේ තිබුන දීප්තීයෙන්ම දිලිසෙනවා

එයා මා දිහාවට ඇවිදගෙන ආවා

එයා මගේ ලඟට ඇවිදගෙන ඇවිල්ලා නතර උනා

එයා මගේගාව නතර වෙලා ලස්සනට හිනා වෙලා බැලුවා

එයා මගෙන් අහපු පලවෙනි දේ තමයි "ඔයාගේ නම මොකද්ද"

අයියෝ මගේ නම, මට එක කියාගන්න බෑ, එ තරමට මගේ හිත සතුටින් පිරිලා

ටිකක් වෙලා එයා දිහා බලා ඉදලා මම මගේ නම එයාට, මගේ තරුවට කිවිවා

ඊට පස්සේ එයා ලස්සනට හිනා උනා (ඒ තමයි මම මගේ ජීවිතේ දැකපු ලස්සනම හිනාව) ඒ හිනාවත් එක්කම එයා යන්න ගියා

මම එයාව හැම තැනම හෙව්වා, ඒත් වැඩක් උනේ නෑ

ඒත් දවසක් එයාව මට එතනදිම ආපහු හමිබ උනා

එදා මම එයාට ලෝකේ ලස්සනම වචනේ තියන ඒ වචන තුන කිව්වා

එයා ආපහු එදා වගේම ලස්සනට හිනා වෙලා යන්න ගියා

මට එයාව ආපහු නොහිතපු වෙලාවක හමිබ උනා

එයා මට, මම එදා අහපු දේට උත්තරේ කිව්වා

ඒ එයත් මට කැමතියි කියන එක

එදා තමයි මගේ ජීවිතේ ලස්සනම දවස

අද එයා මගේ තුරුට වෙලා ඉන්නවා...... ඔයාලා දන්නවද අපි දෙන්නා කොහෙද බලා ගෙන ඉන්නේ කියලා

අපි දෙන්නත් එක්ක එකතු වෙලා මම එදා ආදරේ කරපු ඒ තරුව දිහා බලාගෙන ඉන්නවා

එත් මට අදටත් හිතා ගන්න බැරි එක දෙයක් තියනවා

ඒ තමයි ඇයි ඒ තරුව එදා වගේ දිලිසෙන්නේ නැත්තේ

ඇයි ඒ තරුව දිහා එදා වගේ ඔන තරමි වෙලා බලා ඉන්න බැරි ඇයි ඒ තරුවේ වෙනස් වීමි මට දැන් පෙන්නේ නැත්තේ

එත් මා ගාව ඉන්න මගේ තරුව මට එකට උත්තරයක් කිව්වා

ඒ මට දැන් වෙන තරුවක් ඉන්න නිසාලු, ඒ තරුව අහසේ ඉන්න තරුවට වඩා දිලිසෙන නිසාලු..................ඒත්

එත් මම නමි හිතන්නේ එහෙම වෙන්නේ මම දැන් මගේ ලඟ ඉන්න තරුවට ආදරේ නිසි, අහසේ ඉන්න තරුව මට කවදාවත් හිමි නොවුන නිසා.........ඒ අහසේ ඉන්න තරුව මගේ අතීතය නිසා
මම හරි නේද...........

Monday, February 13, 2012

........ආදරේ......මට හිතුනු විදිහට......

 
        අදත් වෙනදා වගේම නිකන් ඔහේ ගෙවිගෙන ගිය දවසක්.
පුරුද්දට වගේ, අදත් ටීවි එක දිහා බලා ගෙන වේගයෙන් චැනල් මාරු කරනකොට, යාන්තමට පෙනී නොපෙනී ගියා දෙමල චිත්ත්‍රපටියක එක රුප රාමුවක්.
ඒතරමට වේගෙන් මම චැනල් මාරු කරනවා.
ආපහු මීටරේ කරකවලා බැලුවා.
 දමිල චිත්ත්‍රපටියක් ආදරේ ගැන කියවුනු , චිත්ත්‍රපටියේ අන්තිම හරිය ගොඩාක් දේවල් සිද්ද වෙලා, එක පාරටම අමුතුම විදිහකට චිත්ත්‍රපටිය ඉවර උනා.
ඒ මම කවදාවත් ජිවිතයේ නොදැකපු නොහිතපු පැත්තකින්.



එක පාරටම මට හිතුනේ ආදරේ අපි හිතන දකින දේමද කියලා නෑ ඒක ඊට වඩා ගොඩාක් වෙනස් දෙයක්,
ආදරේ කියන දේ වේලාව, තැන, පුද්ගලයා ආදි ගොඩාක් දේවල් මත වෙනස් වන සාපේක්ශ වු දෙයක්.
සමහරු කියන විදිහට ආදරේ පරිත්‍යාගයද, ලැබිමද ,ලබාගැනිමද ඒත් නැත්නමි හිමි විමද
ආදරේ එක මොහොතක හැගිමක්
අනිත් හැගිමි ඉක්මනට අමතක කරන අපි ඒ හැගිම හැමදාටම හිතේ තියාගෙන ඉන්නවා
. ඒ අපි හිතාගෙන ඉන්නේ අපිට මොන දේ නොලැබුනත් ආදරේ කවදාම හරි හමිබවෙනවා ඒ ලැබිම අනිවාර්ය ඌ දෙයක් කියලා නිසා. 


ඒ සමහරු අපිට හිතන්න උරුම කරපු විදිහද මන්දා.
ආදරේ කියලා අපි හැමදාම ලුහුබදින්නේ බොරුවක්, ආදරේ හැමදාම අපිට නොපෙනුණු අපි ලගම තියනවා.
ආදරේ කියන්නේ අපිට කවදාම හරි ලැබෙන දෙයක් නම්, ඇයි අපිට අපි ලගම තිබුනු ආදරේ නොපෙනෙන්නේ? .
ඒ ආදරේ එක හැගිමක් විතරක් නිසා,
ආදරේ අපි ඔය මවන තරම විසාල නොවන දෙයක් උනු නිසාවට.
අනේ මන්දා,
ආදරේ ගැන ලියපු අය ගයපු අය කොච්චරද,
රෝමියෝ ජුලියට්ලට ආදරේ කරන අය කොච්චරද,
ටයිටැනික් වෘතාන්තායේ ජැක් රෝසි කෙනෙක් වෙන්න ඒතරමට ආදරේ වැලද ගන්න හීන දකින අය කොච්චරදක්ද,
     ආදරේ කියන්නේ අපි මවා ගත්තු දෙයක්, ඒත් අපි හිතනවා ඒක ඉබේ ඇතිවන දෙයක් කියලා ඒක නිසයි අපි ආදරේ කියන දෙය බොරුවක් කියලා නොපෙනෙන්නේ.
        
       උඩ ඉදන් පහලට කියවගෙන එනකොට අපිලිවෙලක් දැනුනා නේද මුල, මැද ,අග සමිබන්ධ නෑ වගේ දැනුනා නේද? 
ඒක තමයි ආදරේ, ජිවිතේ, අපි හිතදේ,
මේ හැම දෙයක්ම එකට ගැලපෙන දේවල් නෙමෙයි.
ආදරේ, ජිවිතේ, අපි හිතදේ, කියන්නේ එකිනෙකින් වෙනස් වු මාතෘකා තුනක්. මේ එකකින්වත් තව එකක් පැහැදිලි කරන්න බෑ,
හැබැයි අපිට එකක් තුලින් අනිකක් හොයා ගන්න පුලුවන් වෙයි.
අපි ආදරේ කිය කියා කියන්නේ එකෙක් අනෙකාගෙන් බලාපොරොත්තුවන් දේවල් ටිකක් විතරයි.
උදාහරණයක් විදිහට, එයා මට ශක්තියක් වෙයි. ජිවිත කාලෙම මාත් එක්ක ලගින් ඉදියි. 
    ඉතින් ආදරේ කියන්නේ මොකද්ද ආදරේ කියලා හිතන්න වෙනවා,
වෙනම නමක් දිලා අපි වැලද ගෙන ඉන්නේ අපේ බලාපොරොත්තු සහ ඕනැ එපාකමි ටිකක් විතරයි.
       
        ආදරේ මෙහෙමයි අරහෛමයි කියලා මාත් එක්ක විවාදෙකට ඇවිත් වැඩක් නෑ, මම මුලදිම කියපු විදිහට මේ මම දකින විදිහ අනිත් අය තම තමන් කැමති විදිහට ආදරේ දැකපුවාවේ. මේ කාගෙවත් දැක්මක් වෙනස් කරන්න එවාට බලපැමිකරන්න හැදිමක් නෙමෙයි. මේ මගේ අනන්‍යයතාව ඒ කියන්නේ මගේ දැක්ම.