Pages

Saturday, December 22, 2012

........අම්මේ නුඹ මං දැකපු හීනයක්......


  

 අම්මා කියන වචනේ විහිළුවක්ද කියලා හිතිච්ච වාර ගාන මට හරියටම කියන්න බෑ ඒක ඒ තරම්ම වැඩියි. ඒක මුලින්ම මාව රිදෙව්වේ මම මොනිටිසෝරියේ දි, අවුරුදු විස්සකට කලින් කාලය කොච්චර දේවල් යට ගැහුවත් අම්මා කියන වචනෙත් එක්ක බැඳිච්ච කිසිම දෙයක් අමතක කරවන්න බැරි උනා, මුලින්ම අම්මා කියලා දැනගෙන හිටපු කෙනා එක පාරටම පුංචි අමිමා උනේ කොහොමද කියලා ඒ දවස්සවල හිතන්න මට ශක්තියක් තිබුනේ නෑ කරන්න පුළුවන් ලොකුම දේ වේල් තුන හතරක් නොකා අඬන එක විතරයි ඒත් ඒ ඇඬිල්ලට පුළුවන් උනේ අම්මා කියලා තවත් ආදේශකයක් ගෙනත් දෙන එක විතරයි. ඒ ආදේශක හැමදම තියෙන්නේ නෑනේ දෙවෙනි සැරේටත් අම්මා පුංච් අමිමා උනා මම ඒ දවස් වල පුංචි කියන වචනෙට තරම් වෛයිර කරපු තවත් දෙයක් නැති තරමි. අමිමා කියලා හැමවෙලාවෙම දැවටිලා හිටපු කෙනා පුංචි උනාම ඒ වචනෙට වෛයිර කරනවා ඇරෙන්න වෙන කරන්න තරමි දෙයක් මම ඒ දවස් වල දැන හිටියේ නෑ තුන්වෙනි සැරෙට ආපහු අම්මා කෙනෙක් හම්බ උනා, ඒ අමිමා ඇත්තම අමිමා උනත් අනේ මන්දා හිතට ලොකු අඩුවක් තිබුනා. ඒත් ඒ අඩුව මකලා ඇත්ත අමිමා විදිහට මගේ හිතේ නවතින්න එයාට බැරි උනා බැරි උනා නෙමෙයි ඇත්තටම නම් එයාට වෙලාවක් තිබුනේ නෑ, ඒක තමයි හරින වචනේ.
    තාත්තා, අම්මා කෙනෙක් ගැන මවපු හීන කුඩුපට්ටම් වෙලා තිබුන ඒ කාලේ තාත්තා කියෙන චරිතේ ගැන එච්චරම ලොකු දැනිමක් තිබුනේ නෑ. ඒ චරිත දෙකම ඇත්තටම නැති උනේ ඇයි කියලා හිතන කොට සල්ලිත් එක්ක මට පුදුම කේන්තියක් තියෙන්නේ ඕනීම කාලෙට නැතුව හැම දෙයක්ම විදදරාගන්න පුළුවන් මේ කාලේට ඒ චරිත දෙක මට හම්බ උනාට  ඒ අය එක්ක දැවටෙන්න හුරතල් වෙන්න දැන්මට බෑ ඒ අය මාව එහෙම හුරතල් කරන්න ලෑස්තිත් නෑ.
     අම්මේ දන්නවද මම ඔයාව හිතෙන් මවා ගත්තා මට ඕනීම විදිහට මම ආසම විදිහට ඊට පස්සේ ඔයාව මගේ හීනේ කරගත්තා හැමදාම ඒ හීනෙත් එක්ක මම කථා කලා මගේ හැම ප්‍රශ්ණයක්ම කිව්වා හිනේ අම්මත් ඒ හැමදේම අහන් හිටියා ඒ හිනේ අම්මට ඔයගේ රූපේ දුන්නා එහෙමයි ඔයාට පුරවන්න බැරි උන ඔයාගේ අඩුව මම ඔයා වෙනුවෙන් පිරෙවිවේ. අළුත් අම්මා, මගේ ඇත්තම අම්මා ඔයාට නිවාඩු නෑ කියලා මම දැනන් හිටියා. අනේ, මම ඒ ගැන දැනගෙන හිටියේ නැත්තමි අඬලා අඬලා මට ඔයාව ලඟ තියා ගන්න තිබුනා සතියකට සැරයක් මාව බලන්න ආවා. මම ටිකක් ලොකු උනා ඔයාගෙයි තාත්තගෙයි රස්සාවල වටිනා කම තෙරෙන්න ගත්තා අවාසනාවකට වෙන්න ඇති මම ලොකු උනා සතිය දෙක උනා මම තව ටිකක් ලොකු උනා සතිය මාසේ උනා හිතේ හයියට හීනේ අමිමා ඔයා වෙනුවට ලඟ හිටියා. එයා මගේ කඳුළු දැක්කා අමිමේ ඔයාගේ වචන ඔයා වෙනුවට හීන අමිමා දිහා බලන් මම හිතුවා. අමිමේ කොහොම උනත් නුඹ මගේ අම්මනේ මම අදටත් පුංච් කියන වචනෙට ආස නෑ ඒත් පුංච් වෙන්න කලින් හිටිය අම්මලාට ආදරෙයි. අනේ මන්දා ඔයාට විතරක් දෙන්න තිබුන ආදරේ බෙදුනද මන්දා ඒත් මොනා කරන්නද? අම්මේ ඔයා දැන් මගේ ළඟ ඉන්න කොට දෙන්න හුඟාක් ආදරේ මා ළඟ නැති වෙන්න පුළුවන්. ඒත් මම ආදරෙයි අම්මේ, අම්මත් එක්ක වැඩ්ය කථා නොකලට තරහා වෙන්න එපා. ඔයා කියලා මම හිතේ මවා ගත්ත ඔයාගේ රූපේ තියෙන් හීන අමිමා ඔයා වගේ නෙමෙයි. ඒයා මම කැමති විදිහට මට ආදරේ කරනවා. ඒත් ඒ ඔයා නෙමෙයිනේ ඒ අම්මා කියලා තමයි මම ඔයාව මගේ හිතට ගෙනාවේ ඔයා කථා කරන වචනයක් වචනයත් ගානේ ඒ හීන අම්මා විනාස වෙනවා කොහොද අම්මේ අවුරුදු ගානක් මං ළඟ හිටිය එයාව විනාස කරන්නේ. තාමත් මම හොරෙන් ඒ හීන අමිමා වෙනුවෙන් අඬනවා අම්මේ, ඒ අම්මා ඔයාගේ වචන වලින් දුර්වල වෙලා. මම ඔයා එක්ක කථා නොකර ඒ අම්මව ආපහු ශක්තිමත් කරනවා, ඔයාට දුකක් දැනෙයි අම්මේ මම හැමදාටම ඔයා ළඟ ඉන්නවා,  ඒත් හීන අමිමා නැති වෙලා ගිය දවසට මේ පුතත් නැතිවෙයි අමිමේ, මාව මෙච්චර කල් බලාගත්තේ ඒ හීන අමිමා, එයා මාව දාලා ගියොත් මගේ ළඟ කව්රුවත් නැතිවෙයි අමිමේ, මම ආස විදිහට කව්වරුවත් නැති වෙයි අම්මේ, මන් එයා එක්ක ඉන්නවා අම්මේ, බයවෙන්න එපා මම ඔයා ආස විදිහට ඔයා ළඟ ඉන්නම්. ඒත් වැඩ්ය කතා නොකර.

ප.ලි :- මෙය මව් සෙනෙහස හිටිස් සඳහා මාකට් කිරිමක් නොවේ. හුදෙක් හිතට දැනුනු දෙයක් සයිබර් පිටු අතර ලියා තැබීමක් පමණි....

7 comments:

  1. හ්ම් අම්මෙක්ගේ ආදරේ වෙන මොකකටවත් සම කරන්න බෑ බන්

    ReplyDelete
  2. උඹේ දුක පිට කිරීමක් කියලා අමුතුවෙන් අඟවන්න ඕන නැහැ බන්.

    ReplyDelete
  3. මොනවා කියන්න ද මන්දා....

    ReplyDelete
  4. හ්ම්.. අම්මා තරම් තමන්ගෙ දරුවෙකුට ආදරේ කරන්න වෙන කාටවත් බෑ

    ReplyDelete
  5. ඇත්ත බන්. අපි බලාපොරොත්තු උන ආදරය ලැබෙන්නතිව යනකොට අපි හීන ලෝකෙට යනවා. එහෙම හරි සතුටු වෙන්න.ඒත් එක එච්චර හොඳ දෙයක් නෙවෙයි. ඒත් හොඳ නෑ කිව්වත් ඒකට පුරුදු උන එකා අත් අරින්නෙත් නෑ කියලා මන් දන්නවා. මගෙත් කාලයක් තිබුනා බන් ඔහොම. ඉස්කෝලෙත් අතඇරලා දාලා.

    ReplyDelete
  6. ආදරය කියන්නේ ගනු දෙනුවක් බං...
    මම සමකය වටේ ලියන නලින්

    ReplyDelete