Pages

Monday, December 17, 2012

.....බ්ලොග් කරුවන්ගේ ගෙට්ටු ගෙදර් එකට යමු නේද?....


කනින් කොනින් ඇහෙන එව්වා එහෙම නෙමෙයි, රියල් නිවුස් එකක් දෙන්න හදන්නේ ඕං.....

ඕය බ්ලොග් ලෝකේ තියෙනවනේ අන්න එකේ ඉන්න උන් ටික එක තැනකට සෙට් වෙන්නයි හදන්නේ ... 
                           ඒ කියන්නේ 2013 නිල බ්ලොග් ගෙට් එක
 (එහෙම කිව්වට කමක් නැති වෙයි කොහොමත් දෙවනි පාරටනේ මේ ගෙට් එක තියන්නේ ඒ නිසා නිල තමා කියලා හිතමු)

මන් දන්නවා මේක කියවන කොටම ඔබට පැන නැගෙන කාලීන ප්‍රශ්ණය 
බ්ලොග් යනු කුමක්ද?
ඒකට තියෙන පැහැදිලි සරල උත්තරය. 
දැන් ඔබ කියවන්නේ බ්ලොග් එකකි.
මේ පාර එක ගැන කියන්න කලින් ගිය පාර එක ගැන පොඩ්ඩක් කියලා ඉන්නම්කෝ. හැබැයි ඉතිං මාත් ඒකට නම් ගියේ නෑ දුක තමා.

 2012 ගෙට් එක සෙට් කලේ අර ලට්ට ලොට්ට ලියන පොඩ් එකා සමඟ බනියා නෙව උන්ගේ බල ප්‍රදේශය වෙච්ච ගාල්ලට තමා බ්ලොග් උන් සැට් උනේ.
 ගිහින් ඇවිත් පොඩි එකා දැම්මේ මෙන්න මේ පෝස්ට් එක ඔය නොදන්න අය බළලා ආව නම්.
ගාල්ලෙ ගෙට්ටුව කුමන්ත්‍රණයක්........ !!! අවසානයේදී පොඩි මෑන් පාපොච්චාරණය කරයි...

දෙවනුවට ෆොටෝ කෑලී දෙක තුනකුත් පෙන්නන් නමි .







ඔන්න ගිය සැරේ එකේ කථා ඉවරයි. දැන් තියෙන්නේ මේ සැරේ එකේ කථා

ගිය සැරේ ගාල්ල දුර වැඩියි කියලා ඔය නුවර පැත්තේ එහෙම ඉදන් නාහෙන් අඬපු අය හිටියලුනේ, ඒ නිසා මේ සැරේ ගෙට්ටුවේ සංවිධායක මහත්තුරු ඒ අය වෙනුවෙන් කාරුණික වෙලා කියනවනේ.....
හැමෝටම එන්න පුළුවන් විදිහට ගම්පහ තමයි 2013 බ්ලොග් කරුවන්ගේ ගෙට්ටුව සෙට් වෙලා තියෙන්නේ.

තියෙන දවස කියන්න අමතක උනාද මන්දා 2013 ජනවාරි 27 වෙනි ඉරිදට තමයි දින ගැනලා තියෙන්නේ ඒ නිසා එදාට ඔය අමතර වැඩ එහෙම දාගන්නව නෙමෙයි...ඕං මං කිව්වා දැන්ම.


ඔය ගෙට්ටු ගෙදර් එකට එන අයට නොමිලේ මඩ පෝස්ට් තුන හතරකට කරුණු හම්බ වෙනවලු.....

දැනටමත් සැහෙන්න කට්ටියක් එන්න ලෑස්ති වෙලාලු ඉන්නේ..... මමත් ඇතුළුව

ඔන්න මේ පාර නම් ගෙට්ටුව මිස් කරගන්න එහෙම එපා හොඳද...... 

2013 ගෙට්ටු ගෙදර් එක ගැන සෑමා රෙපා එහෙමත් දැනටමත් පොස්ට් දාලලු ඒවත් බැළුව නමි

සිංහල බ්ලොග් අවකාශය එදා සිට

සියළු බ්ලොග්කරුවන් පාරට බැසිය යුතු කාලයයි මේ...


ඔන්න එහෙනම් මං ගියා ගෙට්ටුවෙදි සෙට් වෙමු කස්ටිය........

ප.ලි:- වැඩි විස්තර සදහා සිරාගේ කාමරෙට ඇතුල් වන්න (මතක් කරලා ඇතුල් වෙන්න කලින් දොරට තට්ටු කරන්න)

ඔක්කොම සැට් වෙන ගම්පහ ගෙට්ටුව

32 comments:

  1. ඔන්න අපි නං එක පයින් ඈ.... එදාට හම්බ වෙමු...!

    ReplyDelete
    Replies
    1. එදාට නොන්ඩ් පනින්නෑලු අයියේ ඒ නිසා කකුල් දෙකෙන් ආවට කමක් නෑ

      Delete
    2. එහෙම නෑලුද? එහෙනං දෙපයින්ම එන්නං...

      Delete
  2. එහෙනම් ගෙට්ටුවේදි සෙට් වෙමු ඈ.

    ReplyDelete
  3. එහෙනම් ගම්පහ මල්වත්ත පිට්ටනියට ජනවාරි 27 වෙනිදා කස්ටියම සෙට් වෙන්නෝ ......

    ReplyDelete
  4. Replies
    1. සංවිදායක මහත්තයා කොහොමත් ඉන්නවනේ

      Delete
  5. කලින්ම කිව්වා එන්න වෙන්නේ නැහැ කියලා. :( මේ පාරත් තව අවුරුද්දකින් කල් යවන්න වෙනවා

    ReplyDelete
    Replies
    1. අපරාදේ ළහිරු කමක් නෑ ලබන සැරේ හමුවෙමු

      Delete
  6. බොක්කෙන්ම සුභ පතනවා ආ

    ReplyDelete
  7. ඔන්න නාඩියා නම් අනිවා එතන ඉදියි!!!

    ReplyDelete
  8. හුරේ සැට් වෙමු.

    ග්‍රවුන්ඩ් එක රෙඩී !

    ReplyDelete
  9. එන්න වෙන්නේ මට නම් නිවාඩු තිබුණොත් තමයි.ඒත් හැමදාමත් ඔබ සමඟයි.ජය වේවා!

    මනසින් දිවියට

    ReplyDelete
    Replies
    1. ඉරිදටත් වැඩද? කොහොම හරි එන්න බලන්න

      Delete
  10. ශා...මේ ලග පාතකනේ බොල...
    මම දවස් 365 හෙන් 250 ක් වත් ගම්පහ යන එකා...
    27 ත් නිවාඩු වගේ...
    එල එල ....

    ReplyDelete
    Replies
    1. එහෙනම් එදාට අනිවා සෙට් වෙමු

      Delete
  11. මම එන්නෙ නැතෝ... :(((

    ReplyDelete
  12. ම්ම්ම්. මමත් මුලින්ම තිබ්බ එකට ගියාට පස්සෙ එකකටවත් ගියේ නෑ. බලමු මේකට එන්න. :) වැඩි දුරක් නෑනෙ. බස් එකයි, කෝච්චියයි, ආපහු බස් එකයි. :)

    ReplyDelete

  13. අපි නම් එනෝ.. ,එදාට හමුවෙන තෙක් සෙට් එක :D

    ReplyDelete
  14. අලුත් බ්ලොග් කරුවන්ටත් අවසරදෝ????????????

    ReplyDelete
    Replies
    1. අලුත් පරණ භේදයක් නෑ යාළු. එන්නයි තියෙන්නේ. ජය...!

      Delete
    2. ඔන්න එන්ඩ කියලා හිතුවා විතරයි කෙහෙල්මල් විභාගයක් එදාටම පාත් වුණා. මම තාම සොයං රැකියානේග ගම්5ම තමයි පුලුවං වුණොත් එන්ඩ බලන්නං.

      Delete
    3. කොහොම හරි ට්‍රයි එකක් දාපන් එන්න එලම තමා

      Delete
  15. මේක Blog ලියන අයට විතරමද...එතකොට කියවන අය.....

    ReplyDelete
    Replies
    1. නෑ.. කියවන අයටත් එන්න පුළුවන්.

      Delete
  16. අපි අයෙත් ගාල්ලේ තියමුද

    ReplyDelete
  17. හුගා.....ක් කාලෙකට පස්සෙ මන් අවේ.... ගොඩාක් දේවල් වෙනස් වෙලා, අලුත් වෙලා...මටත් ආසයි "ගේට්ටුවට එන්න්" එත් ඒත් අක්‍රීය සාමාජිකයෙක් විදියට මන් ඉදල එකපාර මන් එන එක හරිද මන්දා :(

    ReplyDelete
    Replies
    1. අක්‍රීය සහ සක්‍රීය කියලා අපි බෙදිලා නෑ නේ සුදු පොඩ්ඩෝ කවදාකම හරි බ්ලොග් වලට සම්බන්ද වෙල හිටියනම් ඔබට මේ ගෙට් එක විවෘතයි

      Delete