Pages

Tuesday, October 9, 2012

........පන්හිඳක දෝංකාරය.........





           හුදෙක් මා පෞද්ගලිකව කාලාන්තරයක් තිස්සේ එල්බගෙන සිටි මතයක් වනුයේ, ''සාර්ථක කතුවරයන් මිස අසාර්ථක කතුවරයන් ගෙන් කිසිම ප්‍රයෝජවත් යමක් කියවන්නාට නොවන බව''

                  එහෙත් සාර්ථක කතුවරයෙක් ඔහුගේ පන්හිද මගින් බිහිකල නිර්මාණයකින් මා දැරිය නොහැකි සිත්තැවුලකට පත්විය. ඒය මාගේ මානසික මට්ටම මත මදනම් ඌවක් උවද, එම සිත්තැවුල පලවා හැරිම කිසිම භෞතික දෙයකට කල නොහැක්කක් විය. මේ ජීවිතයෙන් පැන දිවිමට තරමි බරපතල ලෙස, ඔහුගේ පන්හිදේ ඝට්ටනයන් මා සිතුපතුලේ දෝංකාර දෙන්නට විනි. මා සිටි නිස්කලංක පරිසරයද තනිකමද මේ තත්වයට වඩාත් බලපාන්නට මඟහසර එළිකරන්නට ඇත.

         එහෙත් කලකට පෙර මා අඩක් කියවා අතහැර දැමු අසාර්ථක ලියවිල්ලක් මා නෙත ගැටුනේ යම් කිසි දේව ප්‍රාථීහාර්යකිනි. කතුවරයාගේ අසාර්ථක භාවය මත එය තවත් බොළඳ ලියවිලකි,  මා ප්‍රකෘති තත්වයේ සිටියා නමි එය එසේ විමට ඉඩතිබිනි.  පුදුමයකි කිවිම ආරමිභකර මොහොතකින් එම ලියවිල්ල තව දුරටත් බොළඳ නොවුනි. ආශ්චර්යකි, එය මා තුළ ආකාස්මිකව මතුවූ සිතුවිලි සියල්ල භක්ෂනය කර දැමු සැටියකි. තවදුරටත් මා තුල එම සිත්තැවුලට ඉඩනොමැත සිත්මඬල උදාසිණ කිරිමට ශ්‍රේෂ්ඨයෙකු අතින් බිහිවුනු අනර්ඝ ඖෂධයක් වැනිය.

             අවසන එම මතය තවදුරටත් මා සෙවනැල්ල තුළ ආරක්ෂා නොවේ. සෙවනැල්ල තුල සැඟවි සිටි දුෂ්ඨ බලවේගයන් හිරු රශ්මියේ දවා හලු කෙලෙමි. දැන් මා පවිත්‍රය අසාර්ථක යැයි හංවඩු ගැසු ලියැවිලි කිසිත් නොමැතිය සියල්ලෝම ශ්‍රේෂ්ඨයෝය.

8 comments:

  1. Ow ekama liyawillak ape maanasika thathwyan kihipagakadhee dhenenne ekinekata haathpainma wenaswa...niyameta wachana tika amunalaa malli...

    ReplyDelete
    Replies
    1. ඇත්ත වෙනි අයියේ එක පාරකට වඩා කියෙව්වත් කියවන දේක වට්නා කම රුදිලා තියෙන්නේ ඒ නිසා

      හොඳට වචන ටික ඇමිණිලා කියලා අහන්න ලැබීම සතුටක්..

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. කුමක් නම් කරන්නද, මිනිස් මනස නමි එසේමය, සෑම දෙයක්ම බෙදා වෙන්කරයි.
      ස්තුතීයි හර්ෂණී හුඟක්ම

      Delete
  3. සීතලට කොපි හොඳයි .. රස්නෙට සීත බීම. ඔය දෙක වෙනස් කළා වගේ පොතත් අපේ හිත ඒ වෙලාවට තියෙන ආකාරෙ අනුව රස වින්දනය කල හැකියි..

    ReplyDelete
  4. රස ව්න්දනය වෙනස් වෙන්නේ හිත නිසා බලා ගෙන යනකොට භෞතිකයයි අධ්‍යාත්මයෙයි වැඩ් වෙසක් නෑ

    ReplyDelete
  5. මෙලෝ රහක් නැති ඒවා වෙලාවකට උපරිමට දැනෙනවා.ගොඩක් ෆිල්ම්ස් එහෙම වෙන එකෙන්ම මම අත්දැකලා තියෙනවා.

    ReplyDelete
  6. ඉස්සර කරන්නම දෙයක් නැති උනාම අයිටීඑන් එකේ දෙමළ ‍ෆිල්ම් බලනවා....

    ReplyDelete