Pages

Thursday, October 18, 2012

.......මට ඕනී ආදරේ කරන්න.........





ආදරය කියන්නේ මොකද්ද මට ඒකට අර්ථකතනයක් දෙන්නට බෑ  කොහොමටවත්, හැබැයි මාත් ඒ ආදරය කියන දෙය කලා කාලයක්ම ආදරය කියන දෙය ජිවිතේම කරගෙන. ඒත් මම ආදරය කියලා ලබන්න බලාපොරොත්තු වෙන දෙය කාගෙන්වත් ලබා ගන්න බැරි බව නමි මම දැනගත්තා. එක පාරක් නෙමෙයි පිට පිටම හුඟ සැරයක් මායාවකට අහු උනා. කාගෙන්වත් ආදරය කියන දේ නම් අශුමාත්‍රයක් වත් ලබා ගන්න බැරි උනා. ඒ හැම කෙල්ලම ආදරේ කියලා කියන්නේ වෙන මොනවදෝ දේවල් ටිකකට. සමහර අයට තමුසේ කියන වචනෙවත් ප්‍රශ්නයක්, උන්ට ඕනි උනේ කථා පොත්වල ඉන්න සුදු තීන්ත ගාපු ආදරවන්තයෝ සුදු, රත්තරං, වගේ බොළද වචන වලටයි උන් ආදරේ කලේ. උන්ට බැරි උනා උන්ගේ හීන ලෝක වලින් මිදිලා සැබැම මට ආදරය කරන්න. සමහර උන්ට ඕනී උනේ ලස්සන කොල්ලෙක් එක්ක පාරේ යන්න. එහෙම උන් සතියක් දෙකක් මාත් එක්ක ඉඳලා මටත් වැඩිය ලස්සන කොල්ලෙක් එක්ක ගියා. හැබැයි ඒ කෙල්ලන්ට නමි අමාරුවෙන් උනත් සමාව දුන්නා කැත දේවල් වලට කෙල්ලෝ කොහොමත් කැමති නෑනේ.  මම ඉතිං කොහොමත් එච්චර ලස්සන කොල්ලෙක්වත් කථා කර කර ඉන්න තරමි ප්‍රිය මනාප කොල්ලෙකුත් නෙමෙයි. ගිය උන් ගියාවේ කියලා මම උන්නා එකම එක ආදර කථාවක් වත් තිත තියලා ඉවර කලේ මම නෙමෙයි. උන්ම තමයි උන්ගේ ආදර කථාවට තිත තියා ගත්තේ සමහර ආදර කථා උන්ම පටන් අරගෙන උන් තියාගෙන ගිහින් උන්ම ඉවර කලා. උන් කියන්නේ මම මෝඩ කොල්ලෙක්ලු ,වෙන්න ඇති. හැබැයි සමාජට මම  කෙල්ලෝ මාරු කරන වල් කොල්ලෙක් උන් දන්නවද මට වෙන දේවල් කෙල්ලෝ හැමදාම උන්ගේ අහිංසක දුබලකමි ඇතුලේ උන්ගේ චාටර් දේවල් ටික හංග ගන්නවා.
   මම බලන් හිටියා මම ආදරේ කියන හැගිමට ආදරේ කරන එකියක් හරි එයි කියලා එතනින් තමයි මම මෝඩ උනේ. කාමරයක එකියක් එක්ක රිංගලා මාත් මගේ වැඩේ කරගෙන මාරු උනා නම් හරි. කොහෙද උපන් මෝඩ කමට ගියානේ මාත් ලව් කරන්න. නෙදකින්, කෙල්ලෝ ඔක්කොම එහෙමයි කියන්න මම ලෝකේ හැම කෙල්ලම ඒක්ක ලව් කරේ නෑනේ. කර ගත්ත ටික හොඳටම ඇති නිසා මාත් තිරනය කලා ආයේ ආදරය නොකර ඉන්න. හැබැයි ඊට කලින් ආපහු සැරයක් මම පහුකරගෙන ආපු චරිත ටික දිහා බැළුවා. මට දුක් වෙන්න තරම් දෙයක් මගේ අතින් වෙලා තියනවද කියලා. එහෙම උනොත් ඒක හරි ගස්සන්න හිතන්. පුහ්, ලෝකේ දැන් හරි දියුණුයි අතීතේ දිහා හැරිලා බලන උන් නෑ. උන් ආයෙත් උන්ගෙම ප්‍රේම ලෝක හදාගෙන මම මඟ ඉඳගෙන මොකද්ද මඟුලක් කරනවා .
ඒ මම හිතුවා මගේ මොකක් හරි වැරද්දක් ඇති නැත්නමි මෙහෙම  වෙයිද කියලා. නිකමට වගේ එක බත්පත බෙදා ගෙන කන හොඳම යෙහෙලියගෙන් ඇහුවා.
උඹෙන් ආදරේ ඉල්ලුවොත් උඹ මට ආදරේ කරනවද උඹ තරම් මාව දන්න වෙන එකියක්  නෑ මට ආදරේ කරපන්,
අනේ මෙහෙමත් මෝඩ මම. එකීත් අරුන්ගේ ජාතියෙම කෙල්ලෙක් කියලා මෙච්චර ආස්සරය කරලත් දැනගන්න බැරි උන හැටි. ඒකී හොයන ලස්සනවත් ගතිගුණවත් මං ගාව නැහැල්ලු අනික අතීතයත් හොඳනැහැල්ලු මගේ යකේ හිත හැදෙන්නවත් කියපන්කෝ මම දැන්ම ආදරයක් ගැන හිතලා නෑ බන් කියලා.
බළාගෙන යන කොට පිරිමි අපි නේ මෝඩ. කෙල්ල කලින් කාත් එක්ක හරි ලව් කරලා තිබුනට කමක් නෑ කියලා දෝතට ගන්නවා ඒත් මුන් ෂීක් විතරක්,
තනිකම හොදයි ලව් එක දුක් වැඩ් හින්දා කියලා හිතා ගත්තා ආයේ නම් එක කෙල්ලෙකුටවත් ඔය ලව් මඟුල කරන්න යන්නේ නෑ කියලා ෂේප් එකේ සුපුරුදු ලයිෆ් එකටම වැටුනා කොල්ලෝ ටිකත් එක්ක පොඩ් ෆන් එකක් දාලා පොඩ් අඩියක් හැන්දෑවට ගහලා ජිවත් වෙනවා කියලා කොහෙද?
යකෝ මුන්ට තියෙන්නේ දැවෙන ප්‍රශ්ණනේ. ඩෝප් වෙලා කට්ටියගේ කරටි කැඩෙන කොට මුන් සේරම අනංගයගෙන් ලව් ඩිග්රිය ගත්ත සිරා ඩයල්, මට ආදරේ කරන හැටි යාළුප්‍රේමයෙන් කියලා දෙනවා.
අඩෝ ජිංජියෝ ඔහෝම ලව් කරන නිසා තමයි බන් උඹට හැමදාම කෙල වෙන්නේ යකෝ කෙල්ල දාගත්තට පස්සේ සතියක් දෙකක් ඇතුලත කෙල්ලට ෂොට් එක දිපන් එතකොට එකිට කොහෙවත් වෙන එකෙක් එක්ක යන්න බැ ගියත් හැරෙන තෑපැලෙන් ආයේ උඹ ලඟ, යකෝ කෙල්ලොට ආතල් ටික දුන්නේ නැත්නම් ඒකි පිට යනවා. මෝඩ වෙන්න එපා ආයේ ලස්සන කෑල්ලකට ටෝක් කරලා දාගෙන ෂොට් එක දීපන්, ජිවිතේම මල් ආදරේ අපි ලග හැමදාටම ඒකිට හැරෙන්නත් බෑ උඹට හැරෙන්නත් බෑ ලව් ලව්ම තමා.

අනේ හු*යි නන්නානේ යකෝ එහෙම කරන්න ඕනී නමි මුන් වගේ ගොන් පරයන්ගෙන් උපදෙස් ගන්න ඕනීයැ. මාත් දන්නවා ඒක කරන්න, මට ඕනී උනේ ආදරේ කරන්න මිසක් ඒකියක් එක්ක නිදිවදින්න නෙවෙයි කියලා මුන්ට තේරෙන්නේ නැති හැටි.
අනික මට එහෙම එකක් කරන්න ඕනී නමි අමාරුවෙන් ලව් කර කර එකම කෙල්ලට ඕක කරන්න ඕනි යෑ සල්ලි දිලා ගණිකාවක් අරන් ඒකිත් එක්ක නිදි වදිනවනේ ඇයි යකෝ එතකොට මට පව් පිරෙන්නේත් නෑ ඒ ගෑණිගේ අතට කියක් හරි හම්බ වෙලා පවුලක බඩවල් තුන හතරක් හරි පිරෙනවනේ. එහෙම නැතත් ප්‍රපෝසල් එකකින් ලස්සන කෙල්ලෙක් හොයලා කසාද බඳිනවනේ එතකොට කොහොමත් මට ඔය වැඩේ නීත්‍යානුකූලව හැමදාම ඒකිට කරන්න පුළුවන්නේ .
මුන්ට මෙවිවා කිව්වාම කියන්නේ අළුත් පැකින් එකක් කඩලා ගන්න ආතල් එක ඕවගේ නෑ බන්
අනේ මුන්නම් මානසික ලෙඩ්ඩු අළුත් පැකින් කඩලා උගේ අහවල් එකේ ලේ ටිකක් ගාගත්තාම මුන්ට එන අමුතුම වින්ඳනේ මොකද්ද දන්නෑ. එකත් ඉතිං හැමදාම කරන්න පුළුවනෑ එක පාරයිනේ ඒ ලේ බින්ඳු දෙක තුනත් එන්නේ. ලේ බැංකුවෙන් ලේ පයින්ට් එකක් අරන් ගිහින් ෆ්‍රිජ් එක් තියාගෙන ටික ටික දාගෙන වැඩේ කර ගත්තනම් ඉවරයිනේ. එනවා මෙතන හොඳට ඉන්න උන්ගේ මොලේ අවුල් කරන්න හැම කොල්ලම වලත්තයෝ වෙන්නේ මුන් වගේ උන් නිසා තමයි නැත්නම් කොල්ලන්ගේ ඔළුවලට ඕනා උඩින් පාත්වෙනවා යැ.
අනේ මන්දා මගේ කරුමෙද කියලා මුන්ට තේරෙන්නෙත් නෑ කෙල්ලොන්ට තේරෙන්නෙත් නෑ මට ඕනී දේ
යකෝ මට ඕනී අහවල් එකේ සැප නෙමෙයි හිතට දැනෙන්න ඇත්තම ඇත්ත ආදරේ කියන හැඟිම විදින්න ආදරේ ආදරේ විඳිහටම විඳින්න උඹලා ඔය කියන දේ තියෙන්නේ ලිස්ට් එකේ ආදරේට හුගක් පහලින්


8 comments:

  1. එහෙම එකක් තියෙන්න එපාය දෙන්න. ආදරය කියන්නේ ආත්මාර්තකාමයේ ප්‍රතිපලයක් විතරයි..

    ReplyDelete
    Replies
    1. මෙච්චර දිගට ලියලා ලියලා කියන්න හදපු එක සරත් අයියා එක වාක්‍යයෙන් කියලනේ

      Delete
  2. අපි අරයට ආදරෙයි මෙයාට ආදරෙයි කියල කිව්වට අපි ඇත්තටම ආදරේ අපිට විතරයි..

    ReplyDelete
    Replies
    1. ඇත්ත අපි ආදරෙ අපිට විතරමයි.
      හුගක් ස්තුති ප්රමුදි කමෙන්ට් එකට මම මෙ පොස්ට් එකට කාන්තා පාර්ශයෙන් කමෙන්ට් වැටෙයි කියල බලපොරොත්තු උනෙම නැ

      Delete
  3. කෙල්ලෙක් බූට් එක තිබ්බම දැනෙන වේදනාව මාත් දන්නවා බන් ඒත් මටත් කියන්න තියෙන්නේ ආයේ කෙල්ලෙක්ව ආශ්‍රේ කරද්දී සිරා වෙන්න එපා.ටිකක් සෝදිසියෙන් බලපන් ඒ කෙල්ල හොඳ එකීයක්ද කියලා.හැම කෙල්ලම එක වගේ නැහැ කවදාහරි හොඳ අහිංසක කෙල්ලෙක් උඹට හම්බවෙයි.

    ReplyDelete
  4. මුලින් කෙල්ලගේ වටපිටාව හොයල බලන්න ඕනේ සියට සීයක් ගැලපෙන කෙල්ලෙක් හොයන්න අමාරුයි අපියි ගලප ගන්න ඕනේ

    ReplyDelete
  5. වර්ථමාන ආදරය අනුකරණයක්.අමා,මුතු වරුසා වැනි කථා වල චරිත වලට පණ පොවන්න හදන්නේ.අවබෝධයට වඩා ආදරය පෙන්නිමක් විතරයි.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  6. මාත් උඹේ බෝට්ටුවේම තමා බන්.

    ReplyDelete