Pages

Thursday, August 16, 2012

......දේශීය නිෂ්පාදන ..කෆීර්.........



කීංංංං................ කීංංංං...................,
අම්මට සිරි යකෝ ගල්ෆ් යුද්දේ මැදද, මම ඉන්නේ මල කෙලියක්නේ, මම කොහොමද මෙතනට ආවේ
කීංංංංංංංංංංංංං............
කෆිර් එකක් කන ගාවින් ගියා තව පොඩ්ඩක් එහා මෙහා උනානමි කණ අතේ. මල කෙලියක් වෙන්නේ. මෙන්න ඒ ගමන එකෙක් පිහියක් අරන් එනවා අනින්න, හිටු තොට තෝ දන්නෑ යකෝ මං ගැන, ගමේ පොඩ් උන් සේරම බයයි මට තෝ මට හෙන කජ්ජක් නෙවෙයි ඩෝ...... ඉඳා............ 
 ඩිෂුමි............ වමෙන් එකයි ඩිෂූමි.............. දකුණෙන් එකයි
ඌයි................!!!!! බුදු අමිමෝ අත ඉවරයි......
මල හුට්ටප්පරයයි බිත්තියට නේද කෙලලා. තියෙන්නේ යකෝ ලස්සන කෑල්ලක්වත් හීනෙන් පේන්නේ නැතුව මොන මලදානයක් පේනවද මන්දා හීනෙන්. හැබැයි හිනෙත් නරකම නෑ මම හෙන නිර්භීත පොරක්, නැත්තමි අරුට අරහෙම කෙළලා අරියි යෑ උට දුන්නේ 
ඩිෂුම්......... ඌයි ....!!!
 ආයේ කෙලියා නේද බිත්තියට ඕක තමා අමිමාකියන්නේ මහ දවාලේ නිදා ගන්න එපා කියලා චාටර් හීන පේනවනේ,
කීංංංංංංංංංංංංං........................!!!!!!!!!!!!!
           මළහුට්ටප්පරයයි යකෝ ඇත්තටම කෆිර් එකක් එනවද. ටක් ගලා ඔළුව බදාගෙන ඇදෙන් බිමට පැනලා බිම දිගා උනා, කණ ගාවින්මයි සද්දේ ඇහුනේ මාව පහුකරන් ගියාද කොහෙද, හෙමිට ඔළු උස්සලා බැළුවා ෆෝටෝස් වලින් එහෙම දැකලා තිබුනට කෆීර් එකක් මෙච්චර ලඟට දැක ගන්න චාන්ස් එකක් ලැබුනමනේ.
       අයියෝ සල්ලි යකෝ මේ ඩෙන්ගුවෙක් නේ මම මේ බොක්ක කූල් කරගෙන දඟලනවා මේ යකා සද්දේ දාගෙන  ආතල් එකේ පියාඹනවා.
                කීංංංංංංංංංං..........
            තව එකෙක් කොහෙන්නද ඇවිල්ලා බිත්තියේ වැහුවා. මොනා උනත් වඳවේගෙන යන සතෙක්නේ මරන්න හොඳනෑ, පොඩ්ඩක් සූම් කරලා බලන්න කියලා ළඟට ගියා විතරයි, පුංචි ඉපිලුමක් ලබා ගෙන මූ මාරු උනේ නැතැ ඩෙංගු උනත් මූගේ සද්දෙයි ස්පීඩ් එකයි බළපල්ලකෝ පියාබන්න බිත්තියෙන් මෙහාට වෙනවා දකුණු ඇහැට දැක්කා හැබැයි වම් ඇහැ ගාවින් ගිය සද්දේ විතරයි පෙනුනේ නෑ.
    යකෝ කෝට් ගනන් දිලා කෆීර් ගෙන්නන්නේ මොකටද මේ තියෙන්නේ දේශීය නිෂ්පාදන, අධිවේගී ඩෙංගි කෆීර් අත් බෝම්බ දෙක තුනකුත් අරන් ඩෙංගුවෙක්  පිටේ නැග්ග නමි ඒක හීනෙට කරුනාණිධිටයි ඔබාමටයි ෂොට් එක දීලා මාරු වෙන්න තිබිබා. රේඩාර් එකට පහලින් යන නිසා ඒකට අහුවෙයි කියලා බයකුත් නෑ කරුණාට නමි රෙන්ඩ කරන්ඩ පාරට බහින වෙලාවක කෙලලා ඇරියැහැකි මොකෝ ඉන්දියාවේ උන් ටොයිලට් පාවිච්චි කරනවා කියලායෑ ඔබාමාත් කොටුවක් පනින වෙලාවක් බලලා වැඩේ දීගන්න බැරි වෙන එකක් නෑ
                  කීංංංංංංංංංං...........
      කාමරේ ජනේලෙන් ආපු ඩෙංගියෙක් ලඟ නමලා වංගුව අරන් කිහිල් යටින්  ගිහින් ඔළුව වටෙත් ගිහින් මගේ දිඟ නහය උඩට ලෑන්ඩ් කලේ නෑතැ. මාත් නොසෙල්වී බලා හිටියා මුන් ලේ ටිකක් බොන්න කලින් කරන වතාවත් ටික ලඟටම බලා ගන්න හම්බ උන චාන්ස් එක නෙව.
            ඔළුව දෙපාරක් කරනවලා ශූණ්ඩාව දෙපාරක් පිහදාලා බේස් බෝල් වල වගේ කකුළක් උස්සලා ගැන්ම අරන් ඇන්නා කට්ටෙන්.
                    ටිංංංංංං.............. 
      ශූණ්ඩාව රවුම් වෙලා ගියා ඒ වෙලාවේ තමයි මට මතක් උනේ උදේට මුණ හේදුවෙ නෑනේ තාම. මූ කොහේ හිල්කරන්නද ඔය කුණු තට්ටුව කොට්ටේ පුලුන් මුනේ තෙලුත් එක්ක එල බදාමයක් දාලා තියෙන්නේ මට බකස් ගාලා හිනාවක් ගියා මොනා උනත් පව් බුවී.............
“ඕයි මොකෝ හිනා වෙන්නේ“
මොකාද ඒ කව්ද කථා කලේ


මම ඕයි


කව්ද මම කියන්නේ


මම කියන්නේ මම බලනවා නහය උඩ


මලකෙලියයි ඩෙංගි නගා


ඩෙංගි නගා කව්ද ඩෝ නඟා උඹ වගේ නාකියෙක් කොහොමද මට නඟා කියන්නේ මට තාම දවස් දෙකයි

හරි හරි දුව කියන්නමි( අනේ මන්දා ඉතිං මදුරී උනත් ගෑණු ඔහොම්ම මයි) මොකෝ සීන් එක

බලනවා ලේ ටිකක් බීලා ගිහින් බිත්තරයක් දාගෙන පාඩුවේ ඉන්න කියලා ආවේ කොහෙද? මේකට කොන්කීට් දාලනේ ශූණ්ඩාවත් ඇද උනා මේක මදුරු හිමිකම් උල්ලංඝණය කිරිමක් මේකට වෘතීය සමිති ක්‍රියා මාර්ගයක් ගන්නවා

(මඳුරුවෝ බොයිද පැකට් ලේ කිව්වලු අප්පට බොල මුන්ටත් වෘතීය සමිති)

නංගී මේ වැඩ්ය සද්දේ දාන්න එපා හරිද මඳුරු කෑල්ලක් කියලා බලන්නේ නැතුව දෙනවා එකක් පේලේන් රොට්ය වගේ වෙන්න එක පාරින් නංගිගේ ජිවිත කතාවම මගේ අතේ ඇඳිලා තියෙයි එතකොට තව මදුරුවෝ බෝ වෙන එකත් නැතිවෙනවා


වැඩක් නෑ අයියේ අයියා ඊයේ විසිකරපු බෝතල් මූඩියේ බිත්තර දෙසිය තිස්දෙකක් දාලා තමා ආවේ ඇත්තම කියනව නමි දෙසිය තිස්දෙකක් දාන්න ගියේ ඊයේ බීපු හෝටලේ හරි නෑ ලේ නිකම් තාර වගේ බොන ජරාවටද කොහෙද මිනිස්සු ඉතිං හොද දෙයක් බොනවා කියලා යෑ


අඩේ මැඳිරිච්චි මිනිස්සුන්ට අනමි මනම් කියන්න එපා හරි නංගිලාව යවන්නේ රතු දත්ත පොතට හරිද

රතු දත් නම් කොහොමද දන්නෑ අයියේ අයිලා වගේ මෝඩ තැන් තැන්වල කුණු දාන උන්න ලංකාවේ ඉන්නකම් අපිටත් හෙටත් තියේවී


ඔන්න මට මඳුරු මාරයා ආවේස උනා හිටු උඹට
             චටාස්.......... ඌයි...........දඩිං.........ආව් ඔළුව 
         ඇඳ පල්ලට වැටුනා නේද?
                කීංංංංංංං .................
ආයෙත් මඳුරුවෙක් යකෝ හීනයක් නේද දැකලා තියෙන්නේ.....

ජිංජි පුතේ මොකෝ මේ කන්නෙත් නැතුව නිදාගෙන ඉඳලා නැඟිට්ට ගමන් ඊයේ විසි කරපු බෝතල් මූඩී ටික ඇහිදින්නේ

නෑ අමිමේ මේ............ මේකයි මේවයින් පොඩ් වැඩක් කරන්න තියනවා ඒකයි............෴

10 comments:

  1. Replies
    1. අඩේව් මඩ්ස්සා අහිංසක කොල්ලන්ට හූ........ කියන්න එපා හරී
      මන් උඹව හෙලා දකිනවා

      Delete
  2. පට්ට කතාව ඈ... අපේ රටේ වසංගත රෝග අංසෙට දියං මේක පබිලිස් කොරන්ඩ. නියමෙට වදිනවා කතාව. ජය...!

    ReplyDelete
    Replies
    1. ලියලා තියන භාෂාව පොඩ්ඩක් අවුල්නේ බං ඕවට දෙන්න
      ස්තුතියි මේ ඇවිත් ගියාට

      Delete
  3. සිරාම පෝස්ට් එකක්..නියමයි.... මමත් එකතු කරන්න ඕන බෝතල් මූඩි ටික...

    ReplyDelete
    Replies
    1. මූඩ් ටික එකතු කරන එක කොහොමත් හොඳයි පෑගුනොත් අවුලනේ
      තැන්කු ඇවිත් ගියාට

      Delete
  4. ඕක තමයි බන් මද පමණට අනුමත වෙන්න කියන්නේ ...

    ReplyDelete
    Replies
    1. අපි ඉතිං තිතට මත තියලනේ ඉන්නේ

      Delete
  5. අදයි ආවේ මේ පැත්තට.. එ කතාවත් හොදයි.. විනොදයත් එක්කම හොද පණිවිඩයකුත් දීලා තියනවනෙ...බ්ලොග් එක ලස්සනයි යාළු සිම්පල්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ශම්මී මේ පැත්තට ඇවිත් ගියාට

      Delete