Pages

Monday, August 13, 2012

......ආදරේ ගැන වෙන පැත්තකින් හිතුවොත් ???.......


කව්රු කොහොම මොන විදිහට දකින දෙයක්ද ආදරේ ,

අවිනිෂ්චිත ජිවිතේට සාපේක්ශ උනු ආදරෙත් අවිනිෂ්චිතම තමා ‍,

කියවලා අහලා දැකලා විතරක් නෙමෙයි විඳලවත් තවකෙනෙක්ගේ ආදරයක් ගැන කියන්නේ කොහොමද ?

            අපි ආදරය කරන කෙනා අපිට කොච්චර ආදරේද කියලා දැන ගන්න අහන ප්‍රශ්ණයක් .

ගෙදරින් කැමති උනේ නැතොත් ඔයා මොකද කරන්නේ  ?

උත්තරේ මොකක් උනත් අපිට අහන්න ඕනි උත්තරයක් තියනවා ඒ ගෙදර අයව අමතක කරලා හරි එයා අපිත් එක්ක එයි කියලා .

 

මමත් බලාපොරොත්තු වෙන උත්තරයක් තමා ඒ උත්තරේ.

   ඒත් ඒ කෙනා මට ආදර් කියන දේ කරන්න කලින් ආදරේ කලේ ඒ දෙමාපියන්ට එතකොට ඒ කෙනා තව ආදරයක් ළඟ පරණ ආදරයක් අතහැරපු කෙනෙක්  .

ආදරේ කරන  කෙනාගේ ආදරයයි, දෙමව්පියන්ගේ ආදරයි එකම තරාදියක දෙපැත්තේ තිබ්බොත්  දෙමව්පියන්ගේ පැත්ත පහල යනවා ඒ ආදරේ බර හොල්ලන්නවත් බෑ අපි  මුළු ජිවිතේම කියලා හිතා ගෙන ඉන්න ආදරෙට,

            හැමෝ ගැනම කියන්න බෑ මට ඒ මිනිස්සු විවිධාකාර නිසා. මම ආදරේ කරන කෙනා ඉදලා හිටලා එයාගේ අම්මටයි තාත්තටයි බොරුවක් කියලා හොර වැඩක් කරන කොට, මට නමි ඒ වැඩේ ආදරේ කියන හැඟිමෙන් වහලා දාන්න තරමි පොඩ් දෙයක් නෙමෙයි.

 ඒ දෙමව්පියෝ ළමයි ගැන දකින හීන ගැන හිතන කොට.  පිරිමි ළමයෙක් ඉන්න ළමයින්ගේ දෙමව්පියන්ට වඩා ගැහැණු ළමෙක් ඉන්න දෙමව්පියන් ඒ ළමයා ගැන දකින හීන ගොඩක් වැඩියි. මුලිකම දේ විවාහයකදි කොල්ලෙක් පැනලා ගියොත් ඒ දෙමවිපියන්ට ඇතිවෙන දුකට වඩා කෙල්ලෙක් පැනලා ගියොත් ඒ දෙමව්පියන්ට ඇතිවෙන දුක අතර ලොකු වෙනසක් තියනවා. මොකද ගැහැණු ළමයෙකුගේ දෙමව්පියෝ ඒ දරුවා ඉපදුන දවසේ ඉඳලා ඒයාගේ විවාහය ගැන හීන දකිනවා දැවැද්ද එකතු කරනවා රත්තරං බඩු හදනවා පිරිමි ළමයෙක් ඉපදුන දවසේ ඉඳලා දෙමවුපියෝ ඒ කොල්ලගේ විවාහය ගැන හිතන්නේ නෑ හිතන්නේ ඒ ළමයා සමාජයේ පිළිගැනීමක් ඇති චරිතයක් කරන්නේ කොහොමද කියලා.

කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත් දෙමවුපියෝ ළමයින්ට කොච්චර ආදරේද? පුංච් කාලේ ඉඳන් විඳපු දැනිච්ච ආදරේ මාසෙකින් දෙකින් අවුරුද්දකින් දෙකකින් ළඟට ආපු අමුතු ආදරේකට යටවෙන හැටි හරිම පුදුමයි.

මිනිසුන්ගේ හැඟිමි හරිම පුදුමාකාරයි කියන්නේ ඒකට වෙන්න ඇති. ආදරේ කියන්නෙත් හැඟිමක් ඒ නිසා ඒකත් හරිම පුදුමාකාරයි.

       ආදරේ කරන නොකරන එක හරිද වැරදිද කියලා නමි මම දන්නෑ? මොකද කොච්චර මේ දේ ගැන හිතුවත් මමත් ආදරේ කරන නිසා.

21 comments:

  1. පැහැදිලි සත්‍යය.. තමන්ගේ ආදරේ ඉස්සරහා දෙමව්පියන්ව අත්හරින එක මම කොහොමටවත් අනුමත කරන්නේ නැ..ඒත් හැබැයි මෙහෙම දෙයකුත් තියෙනවා.. සමහර දෙමව්පියන් මුදල් කියන සාධකය මත හොඳ කොල්ලන්ට/කෙල්ලන්ට අකැමති වෙනවා..අන්න එතකොට නම් මම කියන්නේ නැ අම්මලා කියන දේම අහන්න කියලා.. මොකද කසාද බැඳලා ඉන්න ඕනේ අපි නම් අපිට හරියන කෙනෙක් තෝරගන්න පුළුවන් වෙන්න ඕනේ. සල්ලි ඇතා නැතා...

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා ඒ ගැන නමි.
      ඒ අයගේ හිත් නොරිදා තිරණ ගන්න තමයි සම්යක්ප්‍රයෝග තියෙන්නේ එත කොම කාටවත් අපේ ආදරෙන් හානියක් නොවේවී...

      Delete
    2. රෙඩ් කිවුවදේට මාත් එකඟයි.... :)

      Delete
  2. අනේ මන්ද බං මේවා

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා කිව්වට ලව් කරන්න එපැ

      Delete
  3. මම අදමයි ආවේ අනිත්වා බලන්න ආයෙත් එන්නං

    ReplyDelete
  4. මම නම් කවමදාවත් යාලු වෙන කෙනා වෙනුවෙන් ගෙදර අයව අත අරින්නේ නෑ.මොකද මට ලොකු විශ්වාසයක් තියෙනවා අපේ ගෙදරින් දේකට අකමැති වුනොත් එහෙම වෙන්නේ වෙන්නේ සාධාරණ හේතුවකට කියලා.
    මිනිස්සු වෙනස් වෙනවා.ඒක තමා ඇත්ත.ඒ වුනාට කවදාවත් අම්ම,තාත්තා වෙනස් වෙන්නේ නෑ.
    අන්තිමට මොනා හරි වුනොත් මිනිහත් නෑ ගෙඅර අයත් නෑ.ඒ තත්වෙට වැටෙන්න මම කැමති නෑ..

    ReplyDelete
    Replies
    1. එක පැත්තක් ගත්තොත් අනෙක් පැත්ත නැති වෙනවා
      දෙපැත්තම තියා ගන්න පැළුවන්නමි තමා වඩා හොද එතකොටනේ අපි ජීවීතේ ජය ගත්තා වෙන්නේ

      Delete
  5. adare kiyanne.... ane manda bn api adare karanawa kiyalaye owa dannaganna.

    ReplyDelete
    Replies
    1. අවතාර් කෑල්ලක් සෙට් කරගනින් ඉක්මනට

      Delete
  6. ඔය ගැනනම් මටත් පොඩි පොඩි ගැටළු තියෙනවා. දෙමාපියන්ද? ආදරේ කරන කෙනාද? මං හිතන්නේ දෙපැත්තම එකතු කරන්න පුළුවන්නම් හොදයි...

    ReplyDelete
  7. අයි හේට් ලවු ස්ටෝරිස් !!!

    ReplyDelete
    Replies
    1. පට්ට ෆිල්ම් එකක් :)

      Delete
    2. පට්ට නේ සිරා ෆිල්ම් එක හැබැයි ඌත් අන්තිහට ලව් කොරනවා

      Delete
  8. මං හිතන්නේ මාත් ඉන්නේ ඔයා හිතන දේවලුත් එක්ක එකඟ වන මට්ටමේ....

    ReplyDelete
    Replies
    1. හැමදේම වෙන්නනේ හොඳටලුනේ .........

      Delete
  9. ලව් සීන් වලට මම නැත :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජාට මොන ලව්කිරිලිද හිතුනොත් ඉස්සුවා....සිරියහන් ගබඩාවේ තියා ගත්තා

      Delete
  10. ආදරයේදී ඒ දේ කරත් තමන්ගේ දරුවෝ ඒ විදියට ගියපු දවසට හැම දෙයක්ම තේරෙනවා එතකොට වෙන්න ඕනේ දේ වෙලා ඉවරයි.

    ReplyDelete