Pages

Monday, July 23, 2012

.....පුංච් කේස් එකක්..........



දැන් ජීවත් වෙන්නේ
පට්ට ගේමක් දීලා
හිත කියන්නෙම
මැරියන් කියලා
ඒත් මොළේ හිත එක්ක සටනක
මට ජිවත් වෙයන්ලු
මම වෙනුවෙන් නොවුනත්
මගෙන් යම් දෙයක් බලාපොරොත්තු වෙන අය වෙනුවෙන්
ඒත් මං දන්නවා
මගේ මොළේට වඩා
හිත ශක්තිමත් කියලා
දවසක මේ සටනින්
හිත දිනනවා
එදාට මට හිතට ඕනී දේ කරන්න වෙයි
එතකම් මං බලන් ඉන්නවා
මගේ දඩබ්බර හිත
මෙල්ල කරන්න පුළුවන්
කව්රු හරි ආවොත්
සමහරක් ව්ට හැමදේම වෙනස් වෙයි
ඒත් අනේ මන්දා
මේ දඩබ්බර හිත
මූ පට්ට ආඩම්බරයි
හිතේ දේවල් වෙනස් කරන් පුළුවන් කෙනෙක් ගැන දැනුනොත්
එයාට හිත අහලකින්වත් යන්න දෙන්නෑ
මොළේ කවදාවත් දැනන් හිට්යේ නෑ
හිත වෙනස් කරන්න පුළුවන් විදිහ
මොළේ උඹ හින්දා
හිත දවසක අපි තුන්දෙනාවම මරණවා

19 comments:

  1. මැරෙනවාට වඩා හොදයි කොහොමහරි ජීවත් වෙන එක

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වට අපි මැරෙන්න බයයිනේ බං

      Delete
  2. අෆ්ෆෙ... හා හා මෙයැයි නොකියා කිවුව දේ :ඩී

    ReplyDelete
    Replies
    1. මදාරටවත් තේරුමි ගියා නම් ඇති කාටවත් තේරුමි නොයයි දෝ කියලා බයෙන් හිට්යේ
      ස්තූතියි මේ පැත්තේ ආවාට

      Delete
  3. වෙලාවකට හරි මොලේ කියන දේ අහපන්

    ReplyDelete
    Replies
    1. සිතෙහි ඇති හැඟිම් පිලිබද ඇති අව්ශ්වාෂය නිසා සිතෙහි සියලු තීන්දු තිරණ මොලයට යවා ඒඩ්ට් කරවා ගන්නා බැවින් අන්තිමට ඉතිරි වන්නේ මොලයෙහි තීරණ යයි

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. කලන්තයක් වගේ ආව බං මේක කියවලා.... ඔන්න ඔහේ හිතට එන දෙයක් කරපං..හැබැයි අනිත් අයගේ පපුවට දැනෙන විදියට

    ReplyDelete
    Replies
    1. මී ගොඩස් හිතට එන දේ කරොත් කොහොමත් අනිත් අයගේ පපුවට දැනේවී
      ස්තූතියි මේ පැත්තට ආවාට

      Delete
  6. අම්මෝ මෙයාගේ මොලේට හිතෙන එව්වා.හිතුනට කමක් නෑ.ඕව ක්‍රියාත්මක කරන්ට යන්න එහෙම එපා.

    මටත් හිතුන U-Turn 1 පැත්තේ ඇවිත් යන්න.ලස්සනයි ඉබේ හිතිච්ච ඒවා.

    ReplyDelete
    Replies
    1. මොලේ කියන්නේ එකනේ එකට ඕනී හැමවෙලාවෙම මොනවා හරි හිතන්න

      ස්තූතීයි ගෙඩාරියක් මේ පැත්තේ ආවාට..

      Delete
  7. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  8. රජාගේ ලින්ක් එහෙකින් ආවේ කවි ටික මරු ඈ

    ReplyDelete
    Replies
    1. ස්තුතිය අවතාර් මේ පැත්තට ආවට.........

      Delete
  9. ජින්ජියටත් හිතෙන දේවල් අම්මප ...

    ReplyDelete
    Replies
    1. මේ ටික කියවලා මොන ***ක්ද මේ කියලා හිතිලා පව්නේ කොල්ලා යැයි සිති බොරුවට “ජින්ජියටත් හිතෙන දේවල් අම්මප ...“ කියලවත් ගියාට තැන්කිව් කිව්වා රොබින්

      Delete
  10. මරු!!! අමුතුයි!!! ලස්සනයි සංකල්පය!!

    ReplyDelete
  11. නොමැරී ඉන්න බලපන් එතකොටයි වීරයෙක් වෙන්නේ.

    ReplyDelete